ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

randext86

Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    Crime movies බලලා වැඩිවෙලා මගෙත් ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ කුකුලො. පේස්බුක් එකේ එවුනුත් පල් හෑලි ලියන හින්ද මටත් හිතුනා එලකිරියෙ පල් හෑල්ලක් ලියන්න.

    Plan එක - මුල් කොටස

    චෙක් වෙන්නෙ නැතිව උසාවියට ඇතුල් වෙන විදිහ, වෙපන් එක ඇතුලට ගේන විදිහ, ලොයර් කෙනෙක්ගේ ID එකක් හදාගත්ත විදිහ, වෙපන් එක ගානට වෙඩි තියපු එකාට hand over කරපු විදිහ, ගානට නූලට සංජීවට වෙඩි තිබ්බ විදිහ, ඔච්චර ගාඩ් එකක් තියෙන උසාවියෙන් දෙන්නම පිටවෙච්ච විදිහ ගැන බැලුවම පේනවා මේක සුපිරියට ප්ලෑන් කරපු ගේමක් කියල. හැබයි ඊට පස්සෙ වෙච්ච දේවල් පේන විදිහටම බලුවොත් හිතෙන්නෙ ප්ලැන් එක පට්ට චොර කියලා.

    Withdrawal එක

    මර්ඩර් වෙපන් එක එතනම දාල යනවා, වෙපන් එක දාගෙන ආපු පොත දාල යනවා. දෙකේම වෙඩි තියපු එකාගේ ඇඟිලි සලකුණු තියෙනවා. ඌ පලායන්නෙත් කිසිම විදිහකින් වෙස් වලාගෙන නෙමෙයි. පොලිසියට මාට්ටු වෙනකොට ඇඳගෙන ඉන්නෙත්හො ඳට හයිලයිට් වෙන විදිහේ ඇඳුමකුත්. මර්ඩර් එක දීලා පැය කීපයකින් ලොකු ගේමක් නැතුව පොලිසිය ඌව හොයාගන්නවා. බුවා අහුවුනාට පස්සෙත් බොහොම සැහැල්ලුවෙන් හිනා වෙවි ඉන්නවා වගේ පේනව. අහුවුනා කියලා ලොකු අවුලක් නෑ වගේ.

    මර්ඩර් එක දුන්නට පස්සෙ සිද්ද වුනු දේවල් බැලුවම මට මතක් වුනේ අශ්වයාගෙ චිත්‍රය. පස්ස කෑල්ල මර්ඩර් එක දෙනකන් ප්ලෑන් එක. ඉස්සරහ කෑල්ල මර්ඩර් එක දුන්නට පස්සෙ withdrawal ප්ලෑන් එක.

    0e6.png


    දැන් මම කියන්න යන්නෙ conspiracy theory එකක්. හරිද වැරදිද දන්නෙ නෑ, හැබැයි ඔච්චර හොඳට ප්ලෑන් කරපු ගේමක් මේ වගේ නිකන්ම ඔක්කොම සාක්ශි එක්ක චොර වුනා කියල හිතන්න අමාරුයි. එහෙම නැත්තන් මෙහෙම හිතන්න. මම මේ ගේම ප්ලෑන් කෙරුවනම් කරන්නෙ මෙහෙමයි.

    මුලින්ම, උසාවි සංකීර්ණයේ CCTV තියෙනවා කියලා දන්නවනෙ. එතකොට මිනීමරුවගේ මූන කොහොමත් exposed. හැන්ගිලා ගහපු ගේමක් නෙමෙයි. පොර නිකන්ම අහුවෙන්න බලාගෙන ඔහොම ජොබ් එකක් ගන්න එකෙක් කියල හිතන්න අමාරුයි. ඌ නිකන්ම වෙපන් එකක් අරගෙන හතර අතේ වනන පාතාලෙ ගොබිලෙක් නෙමෙයි. ආමි ට්‍රේනින් තියෙන එකෙක් (commando ලු). මීට කලිනුත් මර්ඩර් කීපයක් ගහපු එකෙක් ලු. එහෙම එකෙක් තුට්ටු දෙකට contract ගන්නෙත් නෑ. Special forces වල ඉඳලා පාතාලෙ ගේම් වලට සෙට් වෙන එවුන් ඒකෙන් ලැබෙන මුදල වගේම ත්‍රිල් එකකුත් ගන්නවා. Mission එකක් ප්ලෑන් කරලා, කල්යල් බලලා ටාගට් එකක් ගන්න එක උන්ට පුරුදු දෙයක්. ඒ වගේම එකෙන් ලොකු satisfaction එකක් ගන්නවා. එහෙම එවුන් මාට්ටු වෙන්න ලොකු chance එකක් තියෙන ජොබ්ස් ගන්නෙත් නෑ.

    දෙවෙනි එක, මර්ඩර් වෙපන් එක. ඇයි රිවෝල්වර් එකක් පාවිච්චි කෙරුවෙ? ඔය පොත අස්සෙ ලේසියෙන්ම 9mm පිස්ටල් එකක් ගේන්න තිබුනා. රිවෝල්වර් එකේ දාන්න පුලුවන් බුලට් 6යි. එතකොට අනිවාර්‍යයෙන් චාන්ස් 6යි තියෙන්නෙ, හරියට තියාගන්න බැරි වුනොත් ෆේල්. 9mm එකක් ගෙනාවනම් එහෙම අවුලක් නෑ.

    ඒකෙම ඊලඟ කෑල්ල. ඔය බිම වැටිල තිබ්බ රිවෝල්වර් එක මර්ඩර් වෙපන් එක කියල ශුවර්ද? 9mm එකකින් තියල ඔය රිවොල්වර් එක දාල ගියා වෙන්න බැරිද? ඒක ඔප්පු වෙන්නෙ post mortem එකේදි. ඇඟ ඇතුලෙ තියෙන උන්ඩ වලින් සහ බිම වැටිලා තියෙන කොපු වලින් හරියටම බලන්න පුලුවන් මොන ජාතියෙ වෙපන් එකකින්ද තියලා තියෙන්නෙ කියල. මම ප්ලෑන් කෙරුවනම් කරන්නෙ 9mm එකකින් තියල, රිවොල්වර් එක දාල යනව. ඒකේ ඇඟිලි සලකුනුත් නෑ. උසාවියෙදි මිනීමැරුම ඔප්පු කරනවා නම් මර්ඩර් වෙපන් එක ඕනා.

    තව, උසාවි ශාලාව ඇතුලෙ cctv තියෙනවද කියලා මම දන්නෙ නෑ. එහෙම නැත්තන් ඇසින් දුටු සාක්ශි ඕන වෙනවා. ඔය වගේ කලබලකාරි තැනක කාටවත් හරියට මිනීමරුවා අඳුනගන්න පුලුවන් කියල හිතන්න අමාරුයි. උසාවියෙන් එලියේ අරූ අවිදින footage තිබ්බා කියලා ඒක මිනීමැරුම ඔප්පු කරන්න සාක්ශියක් නෙමෙයි. ඒ කිසිම එකක පොරගෙ අතේ වෙපන් එක ගෙනාපු පොත නෑ.

    මගේ තියරියට අනූව ඔතන මර්ඩර් වෙපන් එක නෑ, ඇඟිලි සලකුනු නෑ, ඇසින් දුටු සාක්ශි නෑ, මිනීමැරුම ඔප්පු කරගන්න විදිහක් නෑ.

    එහෙම බැලුවම වෙඩි තියපු එකාට රටින් පනින්නවත් හැන්ගිලා ඉන්නවත් උවමනාවක් නෑ. පොලිසියෙන් ගහල පාපොච්චරනයක් ලියාගත්තත්, උසාවි දැම්මත් මිනීමරුම ඔප්පු කරන්න ඒව සාක්කි නෙමෙයි.

    එහෙම ප්ලෑන් එකක් තිබ්බ නම් අහුවෙන එකත් ප්ලෑන් එකේ කොටසක්. එහෙමන්නම් පොලිසියට අහුවුනා කියලා අරූට ලොකු අවුලක් නෑ, පැනික් වෙන්න දෙයක් නෑ. හිනා වෙවී ඉන්න තියෙන්න.

    අශ්වයගෙ චිත්‍රේ ඔලුව පැත්ත බලි කුරුටුවක් වගේ පෙනුනට චිත්‍රේ ඇඳපු එකා ඒක ඒ විදිහටම හිතල ඇන්ඳා වෙන්න පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,912
    113
    එකමත් එක රටක
    තුවක්කුව නම් වැටුන වෙන්න පුලුවන් බන් කලබලේට . ඕක ඇහිද ඇහිද ඉන්නේ නැතුව යන්න ඇති .
    අනික තඩි පොතක් උස්සන් දුවන්න ඕන නෑ නේ . මූ පොතෙන් තුවක්කුව අරගෙන කොට් එක අස්සට දාගෙන අරු ලගට යන්න ඇති . ඌ ලගට ගිහින් පොත් අරින්න ඉන්නේ නැතුව ඇති .

    කතාවක් යනවා වැඩේ බාර දුන්නු එකාම මූ ගැන ඔත්තුව දීල මට්ටු කරා කියලා ඉතුරු සල්ලි දෙන්න වෙනවට .
    ඒක නම් වෙන්න ගොඩක් ඉඩ තියනව . :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Meke summary eka dana kenata 50 reload ekak denava !

    ප්ලෑන් එක – මුල් කොටස:

    • උසාවියට නොමිලේම ඇතුල්වීම: ලොයර්ගේ ID එකක් හදලා, උසාවිය ඇතුළට වෙපන් එක ගෙනා විදිහ
    • ගේමෙ ප්‍රධාන අදියර: වෙඩි තියන මොහොත, වෙපන් එක ලබාදීම, ගාඩ් මැදින් ආරක්ෂිතව පිටවීම
    • සුපිරියට සැලසුම් කල ප්ලෑන් එකක් වගේ පෙනීම: උසාවිය තුළ ගාඩ් ලොකු ප්‍රමාණයක් තිබුණත්, කිසිවෙකුට සැකයක් නොයෙදුනා

    Withdrawal – මිනීමැරුමට පසු ක්‍රියාවලිය:

    • මිනීමැරුම් වෙපන් එක ඇතුළටම දාල යනවා
    • වෙඩි තියපු පොතද අතහැර දමනවා
    • ගෝලයාගේ ඇඟිලි සලකුණු තියෙන සාක්කි තිබුනත්, කවදාවත් වැළකීම් නොකර එකම ඇඳුමෙන්ම පොලිසියට මාට්ටු වීම
    • මිනීමැරුමෙන් පැය කීපයකට පසු පොලිසියට අලුත්ම තොරතුරු කිසිවක් නැතුවම මිනීමරුවා හඳුනා ගැනීම
    • ගෝලයා මාට්ටු වීමෙන් පසු පසුතැවිල්ලක් නැතිව හිනා වෙමින් සිටීම

    සැක සහ විකල්ප අනාවැකිය:

    • අශ්වයාගේ චිත්‍රය මතක් වීම: මිනීමැරුමට පෙර සැලසුම් කල කොටස, මිනීමැරුමෙන් පසු සිදුවූ withdrawal කටයුතු වෙන්ව පෙනීම
    • මෙය සම්පූර්ණයෙන්ම අසාර්ථක සැලසුමක්ද?
      • මෙතරම් සැලසුම් කල ගේමක් නිසා සාක්කි නිකන්ම හෙළිවෙයිද?
      • මිනීමරුවා අහුවීමද සැලසුමේ කොටසක්ද?
      • උසාවිය තුළින් පිටවීමේ හැකියාව තිබුනද, මිනීමරුවා කිසිදු වාර්තාවක් නොමැතිව පිටවීමට උත්සාහ කළේ නැත්තේ ඇයි?

    විශේෂ විමර්ශනය:

    • CCTV: මිනීමරුවාගේ මුහුණ අවස්ථාවෙදි පෙනී සිටීද?
    • වෙපන් එක:
      • රිවෝල්වර් එකක් ඇයි? මිනීමැරුමට වඩාත් පහසු හා භාවිතයට ලේසි 9mm පිස්ටල් එකක් වෙනුවට
      • රිවෝල්වර් එක මිනීමැරුම් වෙපන් එකද? 9mm එකකින් වෙඩි තියලා, සන්ධාන කිරීමට වෙනත් වෙපන් එකක් දමා ගියද?
    • සාක්කි සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය:
      • CCTV නැතිනම්, සාක්කි මිනීමරුවාගේ මුහුණ හඳුනා ගත්ද?
      • මිනීමැරුම ඔප්පු කරන්න තිබුණු සාක්කි මොනවාද?
    අවසන් වශයෙන්, මිනීමරුවා මාට්ටු වීමද සැලසුමේ කොටසක්ද?

    • පොලිසියට මාට්ටු වීමෙන් පසු ඔහු පැනක් වීමක් නොකළේ ඇයි?
    • මිනීමැරුමෙන් පසු කිසිදු සැලසුමක් නොතිබීමක් ද?
    • නොසිතූ සැලසුමක් නොවී, මිනීමරුවා නිශ්චිතවම අහුවීමේ සැලසුමක් තිබුණාද?
    මේ සියල්ල සලකා බැලූ විට, මෙය නිකන්ම අසාර්ථක සැලසුමක්ද, නැතිනම් ඉතා නිවැරදිව සැලසුම් කළ සහ "අහුවීම" ද ඇතුළත් සැලසුමක්ද යන්න තීරණය කිරීමට ඉඩක් තියෙනවා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,452
    113
    එබුසේ නිල ප්‍රලාශයක් තාම දීලානෑ

    තාම විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා
     
    • Like
    Reactions: NRTG

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    තුවක්කුව නම් වැටුන වෙන්න පුලුවන් බන් කලබලේට . ඕක ඇහිද ඇහිද ඉන්නේ නැතුව යන්න ඇති .
    අනික තඩි පොතක් උස්සන් දුවන්න ඕන නෑ නේ . මූ පොතෙන් තුවක්කුව අරගෙන කොට් එක අස්සට දාගෙන අරු ලගට යන්න ඇති . ඌ ලගට ගිහින් පොත් අරින්න ඉන්නේ නැතුව ඇති .

    කතාවක් යනවා වැඩේ බාර දුන්නු එකාම මූ ගැන ඔත්තුව දීල මට්ටු කරා කියලා ඉතුරු සල්ලි දෙන්න වෙනවට .
    ඒක නම් වෙන්න ගොඩක් ඉඩ තියනව . :rofl:
    The thread author's theory is like sherlock's, Your are reply for the above dialog is like Lestrade's.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    It was planned by elite. Initially they transferred STF commander. Then they brought bugger to the court even when there has been no scheduled hearing. Killer knew where to sit and how to proceed inside the court. Means he had help from inside. Connect these dots you find the person behind it. :D
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    It was planned by elite. Initially they transferred STF commander. Then they brought bugger to the court even when there has been no scheduled hearing. Killer knew where to sit and how to proceed inside the court. Means he had help from inside. Connect these dots you find the person behind it. :D
    EK sherlock society:)
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිල නොවන වාර්තා සඳහන් කරන්නේ ඔහුට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයන් විසින්ම මොහු පලායාම සම්බන්ධයෙන් ඔත්තුවද ආරක්ෂක අංශ වෙත වෙත මුදාහැර ඇති බවකි.

    https://irinewslk.com/aluthkade-murder-1-core-contract/

    අහුවෙන එකත් ප්ලෑන් එකේම කොටසක්.

    Episode 2 එකේදී මූ ඇතුලේ ඉන්න සාක්ෂිකාරයෙක් මරණවා

    Episode 3 අනුර මූව ආයුධ හොයන්න එක්ක යනවා

    Episode 4 ජෙප්පෝ රනිල් එක්ක ඩිනර් එකක් ගන්නවා

    Episode 5 රනිල් ආපහු ජනාධිපති 😆
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මට අනුව නම් එස්කෙප් ප්ලැන් එක චොර...:cautious:
    උබ කියල තියෙන විදියට නිදහස් වෙන්න චාන්ස් තියාගෙන ගෙම් එකක් ප්ලැන් කරන්නෙ නම් නැතිවෙයි කියලා මට හිතෙන්නෙ
    මොකක් හරි නොගැලපෙන සීන් එකක් තියෙනවා...:rolleyes2:
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    නිකන් එකෙක් නෙවේ නෙ බන් මරල තියෙන්නෙ ඔය වගේ එකෙක් මරල plan එකේම කොටසක් හැටියට අහු වෙන් නෑ කීයටවත්. මොකද දන්නව මාට්ටු උනොත් නීතියෙන් ගැලවුනත් ඔය මරපු එකාගෙ සහචරයන් ගෙන් ගැලවිල්ලක් නෑ කියල.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Mechara gemak deela ahu una eka nam sakay ikmanta, eka wage dennek wenna bari da ? karapu eka ratin panala athi dan
     
    • Like
    Reactions: NRTG