පඩය කිවුවම ඉතින් නිකන් මොකද්ද මොකද්ද වගේ නේද? ඒක නිසා වෙන්ටෑ, ප්‍රසිද්ද ලේකන වලදි පඩේට අධෝවායූ... වගේ නම් බාවිතා කොරන්නෙ... ඒත් ඉතින් කටට හුරු පුරුදු වචනෙනෙ ඉතින් පඩේ කියන්නෙ... කාක් කාක්.... ගාන නිසා කාක්කට කාක්කා කියල කියනව වගේ "පෘ...[ක්..හ්]..." ශබ්දයක් එන නිසා පඩේට "පුං" කියල කියන උදවියත් ඉන්නවා... කොක වෙතත් පඩේ සවුන්ඩ් එක හරියටම ලේකන ගත කරන්ට පුලුවන් විදියේ අකුරු සැට් එකක් නම් නෑ... හරියට නිකන් සිංහල භාසාවෙ z ශබ්දය නෑ වගේ.... ඔය පඩ සවුන්ඩ් එක ගැනත් මං සිංහල පඩම් ඉගන ගන්න වෙලාවෙ බාල්දි පෙරලල ඇති අම්බානෙට... ඒත් තාමත් කාගෙන්වත් උත්තරය්ක් ලැබිලනම් නෑ... නැති නිසා මං හදා ගත්තු අකුරු කුලකේ තමා පෘ...[ක්..හ්]... කියන්නෙ... ඒකත් ඉතින් හරියටම ගැල පෙන්නෙ නෑ නොවැ...
ඉතින් පඩේ කොච්චර අප්‍රසන්න දෙයක් උනත් ඒකින් හැදුනු ප්‍රස්තාව පිරුළු, ආත්තෝපදේශ එහෙමනම් එමටයි. "හීනෙන් පඩයක් ගියත්.....", "පඩේකට ගනන් ගන්නෙ නෑ...." ඔයවගේ ආත්තෝපදේශ අතරේ, "ගඳ පඩ හඬ නැත.. හඬ පඩ ගඳ නැත", "කපුවට යන්නෙ හදුන් පඩනේ" වගේ ප්‍රස්තාව පිරුළුත් තියෙනවා... හැබැයි අවාසනාවක මහත කියන්නෙ ඒගේ ප්‍රස්තාව පිරුළු, ආත්තෝපදේශ අපේ සිංහල ගුරුවරු, ලේකකයො පඩේකට ගන් ගන්නෙ නැති එක තමා.... ඔන්න ඔකයි අද පඩේට ගිය කල... .... හැක් හැක්... . ඕකේ තියෙන්නෙ ඉති CH4 , H2S වායු සංකලනයක් නොවැ...
ඇත්තටම පඩේ ඇතිවෙන්නෙ කොහොමද??? ඔය ප්‍රශ්නෙ නම් සමහරක් විට ඔයාලට ඇතිවෙලාත් ඇති. එක හොදයි. ඇඟේ සිද්ද වෙන විවිධ ක්‍රියාවලි ගැන අවබෝදයක් තියෙන එක ඇත්තටම හොද දෙයක්.. එත් හෙනේ කියන්නෙ මේවගේ සුළු දෙයක්වත් කියල දෙන්න තරම් හැකියාවක් අපේ විද්‍යාව ගුරුවරුන්ට නැති එක. මෙහෙම දෙයක් ළමයෙක් ඇහුවොත් ගුරුවරයා හිතන්නෙ කින්ඩියක් කියල.. අනික් එක ඉතින් මේවගේ දෙයක් කියල දෙන්ට යන ගුරුවරයට අනික් ගුරුවරු චොදනා කොරනව ළමයින්ට කුණුහරුප කියල දෙනවා කියල.. කොක කොහොමවෙතත් හැමොන්ගෙම වැරැදි තියෙනවා... ළමයට දහදිය දාන විදිය සෙලබස් එකේ තියෙනවා.. කදුළු පිටවෙන එක ත් තියෙනවා.. කන්දක් නගින කොට කන් අගුල් වැටෙන්න හේතුවත් තියෙනවා.. ඒත් මේ සරළ ක්‍රියාවක් වෙන පඩේ සෙලබස් එකට නෑ... හැබැයි ඔය කලින් කියපු ක්‍රියාවලි ටික ගුරුවරයා කියල දිය යුතුමයි කියල නීතියක් නෑ. මොකද අදාල පාඩම ඉවර උනාම ඔයවගේ දෙයක් විග්රහ කරගැනීමේ හැකියාව ළමයට ලැබෙන්ට ඔනි... සමහරක් විට එහෙම හිතල පඩේ ගැනත් සෙලබස් එකට නොදැම්ම වෙන්ට පුලුවන්...
ඕන් මං ඊළගට අලුත් වෙන විශය නිර්දේශෙටවත් ආහාරජීරන ක්‍රියාවලිය යටතේ පඩේ ගැන දැමේවා කියල ඕන් ප්‍රාර්තනා කොරනවා... (හැබැයි ඔක ගැන කියල දෙන්ට ගිහින් ගුරුවරුන්ටත් බඩේ අජීරණ ඇති වෙන්ට ඉඩ තියෙනවා..)
ඉතින් මෙච්චර කියවන මත් පඩේ ඇතිවෙන්නෙ කොහොමද කියල නොකීවොත් ඒක අඩුපාඩුවක් නේ... හැබැයි ඕන් මේ කියන්නෙ කවුරුත් මට කියා දිපු දෙයක් නෙවේ... කලින් කිවුවත් වගේ අදාල පාඩම ඉවරවෙනකොට මට ලැබුනු කුසලතාවයෙන් මංම හදාගත්තු කල්පිතයක්...
අපි කවුරුත් දන්නවනේ බ්ලූමැන්ඩල් කුණුකන්ද... පහුගිය දවස් වලත් වාර්තා උනානේ ඕකේ තැනින් තැන පිපිරීම ඇති උනා කියල. දැන් පරදවා වටහා ගන්නට එපා ඒවගේ පිපිරීමක් තමයි පඩේ කියෙන්නෙ කියල... මං නිකන් උදා හරනෙකට ගත්තේ.. ඔතනදි ක්රීයා කරී වෙන වායු දෙකක් තමයි CH4 සහ H2S කියන්නෙ. CH4කියන්නෙ ඉතින් අපි කවුරුත් දන්න ජීව වායුව. ඉතින් ඔය වායු සන්කලනයක් තමයි පඩේ ඇතුලෙ තියෙන්නෙ. අන්ත්රය දිගේ කාපුව එනකොට ඒවයෙ තියෙන පෝශ පදාර්ත උරා ගැනෙනවත් එක්ක අපද්‍රව්‍ය සාන්ද්‍රනය වැඩි වෙනවා.. ඒකෙ අතුරු ප්‍රතිපලයක් විදියට CH4 , H2Sවායු නිදහස් වෙනවා... එහෙම උනයි කියල ඒවා පිටවෙලා යන්ට විදියක් නෑ. ඒක නිසා ඒවා අන්ත්රය තුල රැදෙනවා.... කෑම කොටස් පහලට තල්ලු වීමත් එක්ක ඒ රැදිල තියෙන වායු තෙරපිල පීඩනය වැඩි වෙනවා... ඉතින් කෑම කොටස් අතරින් පුන්චි හො පිටවෙලා යන්ට තැනක් ලැබුනු ගමන් ඒක පිටවෙලා යනවා...එතකොට සද්දෙ එනවිද්ය...?? ඒකත් හරි සරළ දෙයක්.. මතක් කරන්ට අර අපි හිච්චි කාලෙ උන බට ව්අලින් හදපු තුවක්කුව... හැබැයි මාත් තාම උන බට වලින් හදලනම් නෑ. ම්ම්ම්.. අර පන්තියෙ පිටිපස්සෙ ඉදගත්තු දාට පෑන ගලෝල හදන්නෙ...ඒවගේ ජිරි බිරිස් එකක් මතක් කරගන්ටකො... (එහෙම අත්දැකීමක් නැත්නම්, දෙපැත්ත ගලවන්න පුලුවන් පනක් අරන් දෙපැත්ත ගලෝල දාන්න.. පස්සෙ එක කෙළෑවරකට කෙළවලින් පොගෝපු කඩදාසි ගුලියක් හිරකරන්ට. අනික් පැත්තෙනුත් ඒවගේ කෙළෑවලින් පොගොපු කඩදාසි ගුලියක් ඇතුල් කරලා පෑන් බටේ දාල ඒක ගුලියක් ඇතුලට තල්ලු කරන්ට. ටික ටික තල්ලු කරල හයියියෙන් පෑන් බටේට ගහන්ට.. සැ යු. බිම ගහන පැත්ත නෙවෙ අනික් පැත්තේ කාවුරුත් සිටීමෙන් වලකින්න..) ඉතින් ඒහෙම පඑන පොප් හඩ වගේ ට්හමා පඩෙත්.... කල පොගොපු කඩදාසි දෙකට ජීරණය ඌ ආහාර කොටස් දෙක්... මැද පඩ වායුවා... හැක් හැක්.. අපි 8දිද කොහෙද ඉගැන්නුවෙ සොබාදහමෙන් අපි කොරප් දේවල්.. මිනිස් කකුලෙ තියෙන වක්රාකාර හැඩේ, කොපි කරල පාලම් හැදුවා... කුරුල්ලගෙ හැඩේ කොපි කොරල ප්ලේන් හැහුවා... ඒත් පඩේ කොපි කරල හදපු අර සෙල්ලම් තුවක්කුව ගැන කියන්නෙ නෑ... කොහෙ කියන්නද..? සාමාන්‍ය පෙලින් ප්රජනය පාඩම අයින් කරන්ට කියල ගුරුවරු ඉල්ලීම් කරද්දි 8 පන්තියට පඩේ උගන්නන දුන්නොත් ගුරුවරු සියදිවි මෙවුව කොරගනී....
ප.ව..
නූතන සමාජය තුල පඩයට අත්ව ඇති කුඩම්මාගෙ සැලැකිල්ල ඉවසා ගැනීමට නොහැකිව තමා ඔන් ලිවුවෙ..
Last edited:
එල එල +2 

