ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රට යන අතට ගියොත් අපි ඔක්කොම වලේ මචෝ. රට හරි අතට යවල අපිත් ඒ එක්කම යමු. අපි ඒක නොකලොත් අපි වෙනුවෙන් ඒක කරන්න වෙන කෙනෙක් නෑ.
    :yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    අනිවාර්යෙන්ම ලිංගික අධ්‍යාපනය දියුනු කරන්න ඕනෙ. ඒකින් 80% විතර අනවශ්‍ය ගැබ් ගැනීම නවත්තන්න පුලුවන්. නමුත් 100% බෑ. එතකොට ඉතිරිවන ප්‍රතිශතයට ඒ වගේම අංගවිකල වැනි කළල වෙනුවෙන් තියෙන රැකවරණය කුමක්ද? මවුපිය සෙනෙහස අහිමි දරුවන් රටට බරක් විය හැකියි. ඒ වගේම මේක වක්‍රයක් විදියට යනව. සමාජෙට වෛරකරන දරුවන් බිහිවෙනව ඒ අනුව ඔවුන් හොරු මංකොල්ලකාරයො වෙනව. ඊලගට උන් කෙල්ලනව දූශනය කරනව. ඒදුශනයෙ ප්‍රතිඵලය විදියට තවත් සමාජ වෛරකාරයෙක් බිහිවෙනව. ඌත් මංකොල්ලකාරයෙක් වෙනව. ඌත් දිනක කෙල්ලෙක් දූශනය කරනව. මේ සරලව බන් කිව්වෙ. පොඩ්ඩක් සමාජෙට ගිහින් බලන්න. :(

    පිස්සුද බන්...එහෙම උපදින උන් අපරාද කාරයො වෙන්නෙ නෑ..මොකද අපේ රට හෙන සදාචාරයක් තියෙන රටක්නෙ මේ රටේ මිනීමරුවො ස්ත්‍රී දූශකයො නැහැ..අඩු ගානෙ හොරෙක්වත් නෑනෙ...ඉන්නෙ උබල අපි වගේ ගබ්සාව නීතිගත කරන්න ඕනෙ (සීමා සහිතව.)කියන අවජාතක මිනීමරුවො ටිකක් විතරයි...ආගම ඉස්සරහට දාගෙන වෙන ජාතිකයන් දඩයමේ යන උන් මිනී මරුවො නෙවෙයි...උන් සමාජ ශෝධකයො අපි පඩත්තල පාහරයො...අපි වගේ උන්ට හිටුවා පස් ගහලත් මදි..:yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මෙහෙමයි මචන්. මොකක් හරි නීතියක්, හරි අලුත් තාක්ෂනයක් හරි මිනිස්සුන්ට අඳුන්වල දෙනකොට ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ලන්කාවෙ කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ෆෝන් ආවා මොකදවුනේ? ඉන්ටනෙට්/ෆේස්බුක් ආවා මොකදවුනේ? අන්තිමට මේවා රටේ අලුත් ප්‍රශ්න බවට පත්වුනා. අඩුම තරමෙ ලන්කාවෙ නීතිය ගැනවත් ලන්කාවෙ මිනිස්සුන්ට හරි හමන් අවබෝධයක් නැහැ. උසාවියට ගියාම කඩපු නීතිය මොකක්ද කියලවත් සමහර වැරදිකාරයො දන්නෙ නැහැ. මේව ටික හරියට සාමාන්‍ය භාෂාවෙන් මිනිස්සු අතරට ගෙනියන්න ඕන.අපේ රටේ ගුරුවරු 8 වසර සෞඛ්‍ය පාඩම් ටිකවත් උගන්නන්නෙ නැහැ. මිස්ලට ලැජ්ජයිලු. කොහොමහරි ලින්ගික අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය වෙන්න ඕන. ග්‍රාමසේවකලව දම්මවල ලින්ගික අධ්‍යාපනික පොත්, උපත්පාලන ද්‍රව්‍ය,පෙති ගෙවල් ගානෙ ගිහින් 18 ට වැඩි අයට බෙදල දෙනව වගේ දේවල් කරන්න තියෙනව. එහෙමවුනොත් ගබ්සාව හුඟක් අඩුවෙනව. හැබැයි මේ දේවල් එක්ක ගබ්සාව නීතිගත කරන්නත් වෙනව. මොකද සමහර විෂේශ අවස්ථා තියෙන නිසා. අනිත් රටවල්වල ඒව කරන හැටි දැක්කම ලන්කාව ගැන ලැජ්ජයි. ලන්කාව පිරිහෙන්න මූලිකම සාදකය ඔය ලන්කාවෙ මුල් බැහැල තියෙන සන්ස්කෘතිය. ඒක බමුනු මතවලින් පිරිල තියෙන්නෙ. ඒවගේ සන්ස්කෘතියක් මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන හිතන්නෙ නැහැ.අපේ මිනිස්සු මෙච්චර අපේම සන්ස්කෘතියට ගරහන්නෙ ඒ වෙනුවට වෙන දේවල් වැලඳ ගන්නෙ ඒ නිසා.ඔය අවුරුදු දහස් ගනන් තියෙන ආකල්ප එහෙම වෙනස් වෙන්නෙ නැහැ විවෘත ආර්තිකේ ආපුගමන් හැන්ගිලා තිබ්බ කුනු ටික එලියට වැටුන.:P

    අද ලෝකෙම යන්නෙ ධනවාදී පැත්තකට,එතනදි දුර්වලය බරක් වෙනව.දරුවො විතරක් නෙමෙයි හුඟක් වෙලාවට වැඩිහිටියොත් බරක් වෙනව. ඒ නිසා යම්කිසි විපරීත ගමනක් තියෙන්නෙ. අලුත් ක්‍රමේ ඇතුලෙ ඉඩ තියෙන්නෙ ස්වයන් පාලිත මිනිසාට මිසක් නීති දාලා මිනිස්සුන්ට නෙමෙයි. බටහිර රටවල්වල මිනිස්සු හුඟක් දුරට ස්වයන් පාලිත තත්වෙට ඇවිත් ඉන්නෙ. අපි යන්න ඕන ඒ පැත්තට මිසක් අරක එපා මේක එපා කියලා නීති දාගෙන ඉන්න හම්බයො පැත්තට නෙමෙයි. හොඳ හික්මීමක් තියෙන මිනිහට නීති තිබුනත් එකයි නැතත් එකයි.තමන්ගෙ ක්‍රමේට ජීවත්වෙනව. ඒත් නීති දාගෙන ගැටගහගෙන ඉන්න මිනිස්සු ඒ නීති අස්සෙන් රින්ගල තව තව වැරදි කරනව. ලන්කාවෙ එක දවසක් නීතියක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද?:rofl:

    ඔන්න ඕක නිසා තමයි ලන්කාවෙ අපි සන්ස්කෘතිය, ආගම් ඔලුවෙ තියාගෙන හිරගෙවල් අරිනකොට. කිසිම සන්ස්කෘතියක් නැහැයි කියල අපි බනින රටවල් වල හිරගෙවල් වැහෙන්නෙ.:cool:

    ඇත්තටම නීතියක් ගේනකොටම සීයට සීයක් සර්ව සාධාරන විදියට කරන්න බැහැ. ඔය කියන විදියට එහෙනම් අපරාධකාරයොත් මරණ එක වැරදි වෙන්න ඕන. ආගම්වාදී කෝනයෙන් බලල නීති දාන්නෙ හම්බ රටවල්වල, ලන්කාව එතනට යන්න ඕන නැහැ. ආගම වෙනයි නීතිය වෙනයි. දෙකම වෙන වෙනම තියෙනකම් පිරිසිදුකම රැකෙයි.
    :yes::yes::yes::yes::yes:

    ලන්කවේ ගොඩක් පසුගමි අදහස් බෞද්ද සන්ස්කෘතියෙන් අපුවා නෙවෙයි, හොඩක් මෙවගේ දෙවල් ලන්කවෙ ජනතව අතරට ඇවිල්ල තියෙන්නේ හින්දු හා බටහිර අක්ක්‍රමනයෙන් අපු වික්ටොරියනු සන්ස්කෘ තියෙන් ආපු පසුගමි අදහස්. ඔවා ගැන විවෘර්ත විවදයක් තියන්න ඔන, එත් එක හරි අමරුයි මොකද අපි ඔයවගේ දෙවල වලදි කඩු පොලු උස්සන් එන්නේ.
     
    • Like
    Reactions: hector@troy

    thanujaka

    Well-known member
  • jeewathwenna hamoma asai bn. Ehenam pilika, thawa honda karanna bari leda thiyena minissu polimata suicide karaganna epai. E lamayage jeewithe theeranaya karanna api mokkuda

    ඒ දෙක සහමුලින්ම වෙනස් තත්ත්වයන දෙකක් මචං...
    පිළිකා හැදුනු මිනිස්සූ, වෙනත් හොද කරන්න බැරි ලෙඩක් හැදුනයි කියන මිනිස්සු නිකම්ම ඉන්නව නෙමෙයි නේ බන්... බෙහෙත් අරන් මොනවා හරි කර කර ජීවත් වෙන්න ආපහු ගේමක් ගහනවනේ බන්... මම කියන්නේ එහෙමවත් බලාපොරෝත්තුවක් නැතුව සදාකාලිකව අසරණව ජීවත් වෙන්න ඇයි එහෙම අය බිහිකරන්නේ කියල....

    ඊලග කාරණාව තමයි උබ ඔය කියන විදිහට පසුකාලීනව ලෙඩ හැදිලා දුක් විද විද ජීවත් වෙන අයට නීත්‍යානුකූලවම තමන්ගේ ජීවිතය අතහරින්න අවසර දීලත් දැන් ලෝකේ නීති හැදිලා තියෙනවා..
    එකට කියන්නේ euthanasia කියල... දැන් ලෝකේ ගොඩක් රටවල් වල මේකට අවසර දීල තියෙනවා... උදාහරණයක් විදිහට Belgium වල මේක නීතීගතයි... එහෙ යම්කිසි ලෙඩක් හින්ද වේදනාවෙන් දුක් විදින කෙනෙක්ට පුලුවන් තමන්ගේ දිවිනසාගන්න නීත්‍යානුකූලව ( එක කරන පිළිවෙලක් තියෙනව හැබැයි)

    ලෝකේ රටවල් අද ඒ තරං නීතියෙන් ඉස්සරහට ගිහිල්ල මචං... නීති හදන්නේ ආතල් එකට නෙමෙයි නේ... සමාජ අවශ්‍යතා සම්පූර්ණ කරන්නමයි...නීතිය දැඩි වෙන්න ඕන මචං... එත් නීතිය සෘජු වෙන්න හොද නැ.. සමාජ අවශ්‍යතා එක්ක ඒවා නම්‍යශීලී වෙන්න ඕනේ....

    දැනටමත් ළමයාගේ ජීවිතය තීරණය කරන්න අම්මට අවස්ථාවක් තියෙනවා infanticide කියන තත්ත්වය යටතේ කියන එක මම කලින් පොස්ට් එකක පැහැදිලි කරලා තියෙනවා...
    මේක ඒ නීතියම තවත් ඉස්සරහට ගෙනයාමක් විතරයි.... අනික මං කලින් කිව්වා වගේ දැනට ගබ්සා නීතියේ තියෙන අඩුපාඩුත් මේ හින්ද මග හරවගන්න පුළුවන් ඉතා සාර්ථකව..
     
    thanujaka

    Well-known member
  • ජොනී බට්ට;16922366 said:
    අම්මගේ ජීවිතේට හානියක් වෙනවනම් විතරක් ගබ්සාව කමක් නෑ කියමු (හානියක් කිව්වේ අම්ම මැරෙයි නම් හරිය). හැබැයි ඉතින් අංගවිකල ළමයි ගබ්සාව නීතිගත කරයි, දුශනේ වුනානම් ගබ්සා කරන්න පුළුවන් කියයි... හිමින් සැරේ ඕන එකෙක්ට කරගනින් කියයි. ඕකට තමයි ඔය එන්න හදන්නේ, ගණිකා වුර්තියත් එහෙම්මම නීතිගත කරානම් අපේ උන්දලට මල් හතයි :rofl:

    ගබ්සාව හොදයි කියල වේදනාවෙන් බෙරිහන්දෙන උන් ටිකනම් හැබැයි NGO ගොබිලයො ටිකකුයි, අවජාතක පුත්තු ටිකකුයි. උන්දලට මෙව්වා තේරෙන්නේනම් නැ කොහොමත්

    මං උබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නන් මචං උබ මට ඒකට උත්තරයක් දෙනවද....:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැනට තියෙන නීතියේ රාමුව ඇතුලෙ හෙමින්සරේ ඩොකෙක් අල්ලාගෙන ගබ්සා කිරීම කරන්න පුළුවන් යහමින් සල්ලි තියෙන කෙනෙකුට... එක නිසාම තමයි මම කියන්නේ මේකට අලුතින් පණතක් එන්න ඕනේ කියල ඒ අඩුපාඩුව වහල... එතකොට ඔය පැති බරවිල්ලක් නැ... විදිමත්ව හදන අලුත් පණතකින් ඔය අවස්ථා තුනේදීම 100% නීතිය හරහා රිංගීම නතර කරන්න පුළුවන්...100%ක්ම...

    ඔව් මේ නීතිය මං මේ කියනවට වඩා වෙනස් විදිහකින්න් ආවොත් කෙස් එක අවුල් වෙනවා තමයි...
    නමුත් බන් අපේ රටේ තියෙන්නේ ඉතින් කොහේ හරි රටකින් කොපු ගහපු නීතිනේ...
    ගබ්සා නීතිය වලංගු අනිත් රටවල ගබ්සා නීතිය හැදිලා තියෙන්නේ ඔය කරුණු 3 පදනම් වෙලා තමයි... සො අපේ රටෙත් එක වෙනස් වෙයි කියල නං මං හිතන්නේ නැ....
    හැබැයි වෙනස් උනොත් නං ඉතින් එක ඛේදවාචකයක් වෙනවා...

    ඔව් මචං මරණ එක පවු තමයි... ඒ වගේම ජීවිත කාලයක් විදව විදව ජීවත් වෙන එකත් පව්... එක අපි හිතන තරං සරල නැ ලොවෙත්...

    මේ කාරණා දෙකම අපි හිතන තරම් සරල නැහැ බං.:dull:එතකොට අපිට එකඟ වෙන්න බැහැනේද මේ දැන් සිමාසහිත ඉදිරිපත් කරන යම් කරුණුත් එක්ක.....?‍අපිට දැන් කතා කරපු කරනා බැලුවම මෙහෙමයි කියලා නිගමනයක් විතරයිනේ අපි කරලා තියෙන්නේ.....නිති ගත කිරිමෙන් අපිට වෙන යහපත/අයහපත ගැන පොඩ්ඩක් හොයළා බලන්න වෙනවා බං:D:oo:.මට පෙනවිදහට යහපත් නැහැ:oo:.අනික් 100% වෛද්‍ය පරිකශන නැහැ අංගවිකලද කියලා කියන්න පුළුවන්.මම දැන් යළුවෙක්ට කොල් එක්ක දලා ඇහුවා.නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ.නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුර‍ට.:D

    දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය ‍එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම:confused:?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වු‍නොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ:Dවෙන සීන් එකක් නැත.:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431

    නීතියෙදි නූපන් දරුවා ජීවිතයක් කියල සලන්නෙ නැහැ. ඒක නිසා මේක කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි

    අනිත් එක හැම දේකම නරක පැත්තක් තියෙනව. ඒ නිසා ඔය විදියට නරක විදියට දැකලා සේරම අතාරින්න ගියොත් නිගන්ට නාත පුත්තල වගෙ හෙලුවෙන්ම ඉන්න වෙන්නෙත්.:P

    ඊලඟට තමන්ගෙ ජීවිත කාලෙ තුලදි අකර්මන්‍ය වෙන උදවියව බලාගන්න වෙනම සේවාවක් පිහිටවන්න ඕන. එහෙම කලාම ඒ අය නිසා අනිත් අයගෙ ජීවිතවලට එන බලපෑම අඩුයි.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මේ කාරණා දෙකම අපි හිතන තරම් සරල නැහැ බං.:dull:එතකොට අපිට එකඟ වෙන්න බැහැනේද මේ දැන් සිමාසහිත ඉදිරිපත් කරන යම් කරුණුත් එක්ක.....?‍අපිට දැන් කතා කරපු කරනා බැලුවම මෙහෙමයි කියලා නිගමනයක් විතරයිනේ අපි කරලා තියෙන්නේ.....නිති ගත කිරිමෙන් අපිට වෙන යහපත/අයහපත ගැන පොඩ්ඩක් හොයළා බලන්න වෙනවා බං:D:oo:.මට පෙනවිදහට යහපත් නැහැ:oo:.අනික් 100% වෛද්‍ය පරිකශන නැහැ අංගවිකලද කියලා කියන්න පුළුවන්.මම දැන් යළුවෙක්ට කොල් එක්ක දලා ඇහුවා.නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ.නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුර‍ට.:D

    දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය ‍එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම:confused:?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වු‍නොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ:Dවෙන සීන් එකක් නැත.:yes:

    නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ

    අතහරින මවුවරු නැහැ නෙමෙයි මචං... අතහරින්න බැ... කැමති උනත් අකැමති උනත් හදන්නම ඕනේ..එකයි තියෙන ප්‍රශ්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයින්ව හදාගන්න කැමති අම්මලට එකෙන් බාධාවක් වෙන්නේ නැ නේ...
    කැමති අයට හදාගන්න පුළුවන්... නමුත් දැන් තියෙන නීතියෙන් එහෙම හදාගන්න අකමැති අම්මලට පවා ලමයින්ව හදාගන්න බල කරනවා... එකේ ප්‍රතිපලයක් විදිහට තමයි කාණු මුල්ලේ බෝක්කු අයිනේ, අංගවිකල නිවාස වල ළමයි දුක් විදින්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයි හදන්න කැමති අයට කිසි බාධාවක් වෙන්නේ නැ... අකමැති අයට කරන බල කිරීමයි නතර වෙන්නේ...

    නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුර‍ට

    ඔව් බොහෝදුරට එහෙම වෙනවා වෙන්න පුළුවන්... එතකොට එහෙම නොවෙන කොටසට.. අන්න ඒ කොටසට නීතිමය සරණක් අවශ්‍යයි කියලයි මම කියන්නේ...

    ඔව් යම් යම් සමාජමය කරුනුත් මිනිස්සු එකතැන් වෙන්න පුළුවන්... ඒ ගොල්ලොත් ව්දව විදව ඉන්න එකේ මෙගොල්ලන්ටත් එහෙමම ඉන්න දෙමු කියන එක කොච්චර අසාධාරණද බන්..
    සහනයක් දෙන්න පුල්වන් තැනදී සහනයක් දෙන්න ඕනෙයි කියලයි මම කියන්නේ....
    අනික පිරිස අඩුවෙන තරමට තමයි පසුකාලීනව ඒ තත්ත්වෙට පත්වෙන අයගේ සුබසාධන මට්ටමත් දියුණු වෙන්නේ.... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ යට ලැබෙන සුබසාධනයත් ඉහල යන්නේ නැනේ... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවන මට්ටම තවත් පහල යන එක... කට්ටිය අඩු උනාම තමයි එයාලගේ සුභසාධන මට්ටමත් ඉහල යන්නේ... එකයි මම කියන්නේ ඒවගේ සදාකාලිකව අබාධිතව සාමාජ ගත වෙන පිරිස අඩුකරන්න පුළුවන් අවස්ථාවෙදී උචිත ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියල...
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පිස්සුද බන්...එහෙම උපදින උන් අපරාද කාරයො වෙන්නෙ නෑ..මොකද අපේ රට හෙන සදාචාරයක් තියෙන රටක්නෙ මේ රටේ මිනීමරුවො ස්ත්‍රී දූශකයො නැහැ..අඩු ගානෙ හොරෙක්වත් නෑනෙ...ඉන්නෙ උබල අපි වගේ ගබ්සාව නීතිගත කරන්න ඕනෙ (සීමා සහිතව.)කියන අවජාතක මිනීමරුවො ටිකක් විතරයි...ආගම ඉස්සරහට දාගෙන වෙන ජාතිකයන් දඩයමේ යන උන් මිනී මරුවො නෙවෙයි...උන් සමාජ ශෝධකයො අපි පඩත්තල පාහරයො...අපි වගේ උන්ට හිටුවා පස් ගහලත් මදි..:yes::yes::yes:
    පණ්ඩිත ටෝක් දාල කෑගහපු උන් දැන් පැත්ත පලාතෙ එන්නෙ නෑ. :P එන උනුත් කියාගන්න දේවල් නැති උත්තර දැක්කෙ නෑ වගේ ඉන්නව. :rofl: ඒ ගමන් එකම දේ ආයිආයිත් කියෝනව. :lol: දැන් ඉතිං ඕවට රිටන් එක වෙන ත්‍රෙඩ් එකකින් ලබෙනකම් ඉන්න තමා තියෙන්නෙ.
    :sorry: පිලිගන්නෙ නැති එකාට ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ නෑ. :dull: උන්ට කියල තේරුමකුත් නෑ. :cool: අපි ගියා. :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පණ්ඩිත ටෝක් දාල කෑගහපු උන් දැන් පැත්ත පලාතෙ එන්නෙ නෑ. :P එන උනුත් කියාගන්න දේවල් නැති උත්තර දැක්කෙ නෑ වගේ ඉන්නව. :rofl: ඒ ගමන් එකම දේ ආයිආයිත් කියෝනව. :lol: දැන් ඉතිං ඕවට රිටන් එක වෙන ත්‍රෙඩ් එකකින් ලබෙනකම් ඉන්න තමා තියෙන්නෙ. :sorry: පිලිගන්නෙ නැති එකාට ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ නෑ. :dull: උන්ට කියල තේරුමකුත් නෑ. :cool: අපි ගියා. :D

    සිරා කතාව මචන්:yes::yes::yes::yes:...ඔන්න උබත් යන එකේ මමත් යනවා...හොද පිලිතුරක් දීල තිබුනොත් විතරක් මම ආයෙ උත්තර දෙනවා..නැතිව මගෙ වචන නාස්ති කරගන්න යන්නෙ නෑ..:cool:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒ දෙක සහමුලින්ම වෙනස් තත්ත්වයන දෙකක් මචං...
    පිළිකා හැදුනු මිනිස්සූ, වෙනත් හොද කරන්න බැරි ලෙඩක් හැදුනයි කියන මිනිස්සු නිකම්ම ඉන්නව නෙමෙයි නේ බන්... බෙහෙත් අරන් මොනවා හරි කර කර ජීවත් වෙන්න ආපහු ගේමක් ගහනවනේ බන්... මම කියන්නේ එහෙමවත් බලාපොරෝත්තුවක් නැතුව සදාකාලිකව අසරණව ජීවත් වෙන්න ඇයි එහෙම අය බිහිකරන්නේ කියල....

    ඊලග කාරණාව තමයි උබ ඔය කියන විදිහට පසුකාලීනව ලෙඩ හැදිලා දුක් විද විද ජීවත් වෙන අයට නීත්‍යානුකූලවම තමන්ගේ ජීවිතය අතහරින්න අවසර දීලත් දැන් ලෝකේ නීති හැදිලා තියෙනවා..
    එකට කියන්නේ euthanasia කියල... දැන් ලෝකේ ගොඩක් රටවල් වල මේකට අවසර දීල තියෙනවා... උදාහරණයක් විදිහට Belgium වල මේක නීතීගතයි... එහෙ යම්කිසි ලෙඩක් හින්ද වේදනාවෙන් දුක් විදින කෙනෙක්ට පුලුවන් තමන්ගේ දිවිනසාගන්න නීත්‍යානුකූලව ( එක කරන පිළිවෙලක් තියෙනව හැබැයි)

    ලෝකේ රටවල් අද ඒ තරං නීතියෙන් ඉස්සරහට ගිහිල්ල මචං... නීති හදන්නේ ආතල් එකට නෙමෙයි නේ... සමාජ අවශ්‍යතා සම්පූර්ණ කරන්නමයි...නීතිය දැඩි වෙන්න ඕන මචං... එත් නීතිය සෘජු වෙන්න හොද නැ.. සමාජ අවශ්‍යතා එක්ක ඒවා නම්‍යශීලී වෙන්න ඕනේ....

    දැනටමත් ළමයාගේ ජීවිතය තීරණය කරන්න අම්මට අවස්ථාවක් තියෙනවා infanticide කියන තත්ත්වය යටතේ කියන එක මම කලින් පොස්ට් එකක පැහැදිලි කරලා තියෙනවා...
    මේක ඒ නීතියම තවත් ඉස්සරහට ගෙනයාමක් විතරයි.... අනික මං කලින් කිව්වා වගේ දැනට ගබ්සා නීතියේ තියෙන අඩුපාඩුත් මේ හින්ද මග හරවගන්න පුළුවන් ඉතා සාර්ථකව..
    uba yaksha kathawak ne ban kiyanne. Rape wela pregnant wena lamayage physically kisima aulak naha. Ethakota ee lamaya issarahata awajathakayek wela widawai kiyala hithala abort karala danna oni. Mara tharkayakne bn
     
    thanujaka

    Well-known member
  • uba yaksha kathawak ne ban kiyanne. Rape wela pregnant wena lamayage physically kisima aulak naha. Ethakota ee lamaya issarahata awajathakayek wela widawai kiyala hithala abort karala danna oni. Mara tharkayakne bn

    මං කොහෙද බන් එහෙම කතාවක් කියල තියෙන්නේ... මේ ත්‍රෙඩ් එක පුරාවටම කිසිම තැනක මම කියල නැ අවජාතකව ඉපදෙන ළමයි විදවනවා ඒ හින්ද ඇබෝර්ට් කරන්න ඕනේ කියල...
    මං කොහෙහරි තැනක එහෙම දෙයක් කියල තියෙනවනං මට එක පෙන්නපන්කෝ මුලින්ම....

    රේප් වෙලා හටගන්නා කලලයක් ඇබෝර්ට් කරන්න නීතියෙන් අවසර ලැබෙන්න ඕනේ කියන එක මම පිලිගන්නවා... සහ ඒ සදහාම අනන්‍ය වූ තර්කත් තියෙනවා...

    ළමයි වගේම දෙමව්පියොත් විදවන හින්ද ඇබෝර්ට් කරන්න අවසර දෙන්න කියල මම කියන්නේ අවමානසිකත්වය හෝ අංගවිකල බාවය කියන අවස්ථා දෙකේදී පමණයි...
    මේ කියල තියෙන කිසිම දෙයක් පටලව ගන්න එපා....
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    uba yaksha kathawak ne ban kiyanne. Rape wela pregnant wena lamayage physically kisima aulak naha. Ethakota ee lamaya issarahata awajathakayek wela widawai kiyala hithala abort karala danna oni. Mara tharkayakne bn

    ipadenna inna eka gana hithanna kalin , ara rape wecha gani gana hithapan
    aa kella aurudu 14 , 15 ka wage podi wayasekedi ohoma rape wela pregnant
    unoth aa kellage jeevitheyma ivarai
    kohewath inna wal parayek karpau wedakata aa kella pali naha ney
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ

    අතහරින මවුවරු නැහැ නෙමෙයි මචං... අතහරින්න බැ... කැමති උනත් අකැමති උනත් හදන්නම ඕනේ..එකයි තියෙන ප්‍රශ්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයින්ව හදාගන්න කැමති අම්මලට එකෙන් බාධාවක් වෙන්නේ නැ නේ...
    කැමති අයට හදාගන්න පුළුවන්... නමුත් දැන් තියෙන නීතියෙන් එහෙම හදාගන්න අකමැති අම්මලට පවා ලමයින්ව හදාගන්න බල කරනවා... එකේ ප්‍රතිපලයක් විදිහට තමයි කාණු මුල්ලේ බෝක්කු අයිනේ, අංගවිකල නිවාස වල ළමයි දුක් විදින්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයි හදන්න කැමති අයට කිසි බාධාවක් වෙන්නේ නැ... අකමැති අයට කරන බල කිරීමයි නතර වෙන්නේ...

    නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුර‍ට

    ඔව් බොහෝදුරට එහෙම වෙනවා වෙන්න පුළුවන්... එතකොට එහෙම නොවෙන කොටසට.. අන්න ඒ කොටසට නීතිමය සරණක් අවශ්‍යයි කියලයි මම කියන්නේ...

    දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය ‍එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම:confused:?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වු‍නොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ:Dවෙන සීන් එකක් නැත.:yes:

    ඔව් යම් යම් සමාජමය කරුනුත් මිනිස්සු එකතැන් වෙන්න පුළුවන්... ඒ ගොල්ලොත් ව්දව විදව ඉන්න එකේ මෙගොල්ලන්ටත් එහෙමම ඉන්න දෙමු කියන එක කොච්චර අසාධාරණද බන්..
    සහනයක් දෙන්න පුල්වන් තැනදී සහනයක් දෙන්න ඕනෙයි කියලයි මම කියන්නේ....
    අනික පිරිස අඩුවෙන තරමට තමයි පසුකාලීනව ඒ තත්ත්වෙට පත්වෙන අයගේ සුබසාධන මට්ටමත් දියුණු වෙන්නේ.... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ යට ලැබෙන සුබසාධනයත් ඉහල යන්නේ නැනේ... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවන මට්ටම තවත් පහල යන එක... කට්ටිය අඩු උනාම තමයි එයාලගේ සුභසාධන මට්ටමත් ඉහල යන්නේ... එකයි මම කියන්නේ ඒවගේ සදාකාලිකව අබාධිතව සාමාජ ගත වෙන පිරිස අඩුකරන්න පුළුවන් අවස්ථාවෙදී උචිත ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියල...
    ......සියළු කරුණු වල යම් යම් අනතරගථයක් තියනවා වැරදි සහ නිවැරදි කියන එක .50/50 කියන කතාව.:Dමේ ප්‍රශන අද ඉයේ ඉදන් තිබ්ච්ච ප්‍රශන්යක් නෙමෙයි බං.බොහො රටවලත් මේ ප්‍රශ‍නයේ දෙපැත්තක් තියනවා.

    උඹෙ යම් කරනු පිළිගත්තා කියලා හිතමුකො.නමුත් මම අනික කාරණා පිළිගන්නේ නැහැ.:dull:මම ඉන්නේ මගෙ මතයේ මචන් එක අයේ වෙනස් වෙන්නෙ නැහැ:dull:.උඹ ඉන්න උඹෙ මතයේ.මිනස්සු විවිධයි විශමයි කියනවානේ:D.මාත් ත්‍රෙඩ් එකෙන් අයින් වෙන්නම් එහෙනම්,දිවයින පත්තරය‍ට
    වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුභසිංහ මහතා ලියු ලිපයක් උපුටා දකවමින්.මෙක මම හිතන්නේ මේ ලිපිය එළකිරියෙ ගියා.:dull:
    මව්කුස පෝරකයක්‌ කරනු කිම!

    baby.jpg

    මම දැන් ඉන්නේ දිව්‍යලෝකයේ. මට ගොඩාක්‌ ඕනෑ කලා අම්මගේ චුටි සුරතල් දුව වෙන්න. මට තාමත් හිතාගන්න බැහැ මොකද වුණේ කියලා.

    මම ගොඩාක්‌ සතුටු වුණා මම ජීවත් වෙන බව දැනෙන්න වුණාම. මම හිටියේ චුටි කළුවර ඒත් ගොඩාක්‌ සුවදායි තැනක. මම දැක්‌කා මගේ අත්වල හා කකුල් වල චූටි ඇඟිලි හැදිලා තිබුණා. මම ටිකින් ටික ලොකු වෙමින් හිටියේ හරිම සතුටකින්. ඒත් මම ඉන්න තැනින් එළියට එන්න නම් තව ගොඩාක්‌ කල් තිබුණා. ඉතින් මම වැඩිපුරම කළේ නිදාගන්න එක හා සිහින මවන එක. මම හැදෙන්න පටන් ගත්ත මුල් දවස්‌වල ඉඳන් මට අම්මත් එක්‌ක ලොකු ආදරණීය බැඳිමක්‌ තිබුණා. මට ලොකු ආරක්‌ෂාවක්‌ ඇතිබව දැනුණා.

    ටික දිනකට පස්‌සේ අම්මේ, මට ඇහුණා අම්මා අඬනවා. එතකොට මමත් අම්මත් එක්‌ක ඇඬුවා අම්මේ. අම්මා ඒක දන්නේ නැහැ නේද? සමහර දිනවල අම්මා හයියෙන් කෑගහලා ඇඬුවා. මට ඇහුණා තාත්තත් ආපිට හයියෙන් මොනවද කියලා කෑගහනවා. මට ගොඩාක්‌ දුක හිතුණා. මම බලාපොරොත්තුවෙන් හිටියා මගේ අම්මා ඉක්‌මණින් සතුටින් ඉන්නවා දකින්න. මට හිතාගන්න බැරිවුණා මගේ අම්මා මේ තරම් දුකින් ඉන්නේ ඇයි කියලා, අඬන්නේ ඇයි කියලා. මට මතකයි දවසක්‌ අම්මා දවස පුරාම ඇඬුවා. මගේ හිත මගේ අම්මා ගැන ගොඩාක්‌ දුක්‌වුණා. මට හිතාගන්න බැරිවුණා අම්මා ඇයි එදා ඒ තරම් අසතුටකින් හිටියේ කියලා.

    අම්මේ, එදා හරිම භයානක දෙයක්‌ සිද්ධ වුණා. හරිම භයානක භුතයෙක්‌ මම හිටිය උණුසුම් සුවදායි තැනට ඇතුළු වුණා. මම හරියට බය වුණා. මම හයියෙන් කෑගැහුවා. ඒත් අම්මා මගේ උදව්වට ආවේ නැහැනේ. ඒ ඇයි මගේ අම්මේ? සමහරවිට අම්මට මම කෑගහනවා ඇහෙන්න නැතුව ඇති නේද? ඒ භයානක භුතයා හෙමින් හෙමින් මම ළඟටම ආවා. මම දිගින් දිගටම පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. "අම්මේ, අම්මේ මාව බේරාගන්න අම්මේ. භුතයෙක්‌ මාව අරන් යන්න හදනවා. අම්මේ මට උදව් කරන්න අම්මේ" කියලා මම හොඳටම පණ නැතිවෙනකම්, තවත්නම් බැහැ කියලා හිතෙන තරම් කැගැහුවා.

    එතකොටම ඒ භුතයා මගේ චූටි අතපය ඇදලා ගලවන්න පටන් ගත්තා. මට ඉවසන්න බැරි තරම් ගොඩාක්‌ රිදුණා මගේ අම්මේ. ඒ වේදනාව ගැන කියන්න වචන නැහැ.

    අනේ මම අඬලා කිවා, ආයාචනා කලා, මට හිරිහැර කරන්න එපා කියලා. මම කාටවත් වරදක්‌ කරලා නැහැනේ. ඇයි මට මෙහෙම කරන්නේ කියලා ඇහුවා. ඒත් ඒ භුතයා ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.

    මට හයියෙන් කෑගැහුණා අම්මේ භුතයා මගේ චූටි දකුණු කකුල ගලවලා ගන්න කොට ගොඩාක්‌ වේදනාවෙන් සිටිය මම ටිකින් ටික මිය යමින් හිටියා. මම දැනගත්තා ආයේ කවදාවත්ම මට මගේ අම්මගේ මුහුණ බලන්නවත්, "ආදරෙයි මගේ චුටි පැටියෝ" කියලා මගේ අම්මා මාව සිපගන්නව දකින්නවත් ලැබෙන්නේ නැති බව.

    මට ඕනැ කරලා තිබුණා අම්මේ අම්මාගේ ඔක්‌කොම දුක්‌ කදුළු ඈත් කරලා සතුටින් තියන්න. ඒකට මම ගොඩක්‌ දේවල් සැළසුම් කරලයි තිබුණේ. දැන් මට ඒ දෙවල් මොකුත් කරන්න වෙන්නේ නැහැ අම්මේ. මගේ හීන ඔක්‌කොම බිඳිලා විසිරිලා ගියා, ඒ ගැන මගේ හිතේ ඇති වුණු වේදනාව අනිත් ඔක්‌කොටම වඩා ලොකුයි අම්මේ. මට ඔක්‌කොටම වඩා ඕනෑ වෙලා තිබුණේ අම්මාගේ චූටි, ලස්‌සන සිඟිති දෝණි වෙන්න. අම්මත් එක්‌ක සුරතල් වෙන්න, අම්මට තුරුල් වෙලා උණුසුම් වෙන්න. ඒත් දැන් වැඩක්‌ නැහැ. මම වේදනාවෙන්ම මිය යමින් හිටියා.

    මට හිතාගන්න පුළුවන් එකම දේ එයාලා මගේ අම්මට කරන්න ඇති භයානක දේවල් විතරයි. නැත්තම් මගේ අම්මා ඒ භුතයාව එලවලා මාව බේරාගන්නා බව මම දන්නවා අම්මේ.

    මට ඕනැ කළා අම්මේ මම යන්න කලින් මම මගේ අම්මට ගොඩාක්‌ ආදරෙයි කියලා කියන්න. ඒත් අම්මේ අම්මට ඇහෙන්න, තේරෙන්න, ඒක කියන්නේ කොහොමද කියලා මට තේරුණේ නැහැ.

    ඊට පස්‌සේ ඉක්‌මණින්ම මම මිය ගියා. මට දැනුණා මම ඉහළට එසවෙනවා. සුර දූතයෙක්‌ ඇවිත් මාව ඔසවන් ලස්‌සන ලොකු තැනකට ගියා. ඒ වෙනකොටත් මම අඬමින් හිටියේ. ඒත් මට කිසිම වේදනාවක්‌ දැනුණේ නැහැ. ඉන්පස්‌සේ මාව ලස්‌සන පුදුමාකාර තැනකට අරන් ගියා. ඒ දිව්‍ය ලෝකය බව මම පසුව දැනගත්තා. මම සුරදූතයාගෙන් ඇහුවා කවුද මාව මේ විදියට ගොඩාක්‌ වද දීලා මරලා දැම්මේ කියලා. එයා කිවා ඒ "ගබ්සාව" කියලා. මට ගොඩාක්‌ දුක හිතුණා මට දැනුණු වේදනාව මතක්‌ වෙලා. මම දන්නේ නැහැ අම්මේ "ගබ්සාව" කියන්නේ මොකක්‌ද? කියලා. ඒත් මම හිතනවා ඒ අර භයානක භුතයාගේ නම වෙන්නැති කියලා.

    මගේ ආදරණීය අම්මේ, මේ ලිපිය ලිවේ මගේ අම්මට මම ගොඩක්‌ ආදරේ බව කියන්න, මට අම්මගේ සුරතල් දුව වෙන්න කොයිතරම් උවමනාවක්‌ තිබුණ ද කියලා කියන්න. මම ගොඩාක්‌ උත්සාහ කළා ජීවත් වෙන්න. මට ජීවත්වෙන්න ඕනැකම තිබුණත් මට ඒකක කරගන්න බැරිවුණා. අර භුතයා ගොඩාක්‌ බලවත්. එයා මගේ චූටි අතපය ගලවලා, ඊට පස්‌සේ මගේ ඇඟේ ඉතිරි කෑලිත් ඉරලා ගලවලා ගත්තා. ඒ නිසා මට තවදුරටත් ජීවත්වෙන්න බැරිවුණා. මම අම්මා එක්‌ක ඉන්න අන්තිම මොහොත දක්‌වාම උත්සහ කළා. මට මියයන්න උවමනාවක්‌ තිබුණේ නැහැ අම්මේ.

    අම්මේ, අර "ගබ්සාව" කියන භූතයාගෙන් පරිස්‌සම් වන්න. මම මගේ අම්මට ගොඩක්‌ ආදරෙයිනේ. ඒ නිසා මම කැමති නැහැ මගේ අම්මට මම වින්ද වේදනාව විඳින්න වුනොත් එහෙම. ඒ නිසා අම්මේ පරිස්‌සමින් ඉන්න.

    මා ඔබේ ආදරණීය

    චූටි දුව.

    ගබ්සාවන් මඟින් මරා දමනු ලබන දහස්‌ සංඛ්‍යාත කළලයන්ට කථා කළ හැකි නම්, දෙව්ලොව සිට ලිපියක්‌ එවිය හැකිනම්, ඒ සියළු දෙනාම පාහේ කියනු ඇත්තේ ඉහත කථාවම නොවේද? ධර්මද්වීපය ලෙස ප්‍රකටව පැවති අපේ රට මේ අන්දමින් කාටවත් වරදක්‌ කර නොමැති අහිංසකයින් දහස්‌ ගණනක්‌ මරා දමන තරමට පිරිහුණේ කෙසේද? ලොව කිසිදු ආගමකින් අනුමත නොකරන "ගබ්සාව", ලංකාවේ නිතිගත කිරිමට සැරසෙන්නේ කෙසේද?

    ගබ්සාවක්‌ කර ගැනීමට කාන්තාවක්‌ යොමුවීමට හේතු රාශියක්‌ ඇත. දරිද්‍රතාවය, අවිවාහකව ගැබ්ගැනිම්, අනියම් සබඳතා නිසා ගැබ්ගැනිම්, දුෂණයට ලක්‌ වීම නිසා ගැබ්ගැනීම්, පවුල් සැළසුම් ක්‍රම අසාර්ථක විම නිසා ගැබ්ගැනීම් සහ තමන්ගේ අනාගත සැළසුම් සඳහා ගර්භණීභාවය බාධාවක්‌ වීම හේතුවෙන් ගබ්සා කරගැනීම් වැනි හේතුන් මේ අතර ප්‍රමුඛ වෙනවා.

    ලංකාවේ දැනට ගබ්සා කිරීම නීතිවිරෝධී බැවින් මෙම අවශ්‍යතාව ඇති අය යොමුවන්නේ නීතිවිරෝධීව ගබ්සාව සිදු කරන පුද්ගලයන් හා මධ්‍යස්‌ථාන වෙතය.

    ගබ්සාවන් සිදුකරන පෞද්ගලික රෝහල් සහ මධ්‍යස්‌ථාන සමහරක මෙය සිදු කරන්නේ වෛද්‍යවරුන් විසිනි. නමුත් බොහෝ මධ්‍යස්‌ථාන වල වෛද්‍ය විද්‍යාව ගැන කිසිවක්‌ නොදත් ව්‍යාජ වෛද්‍යවරුන් විසින් මෙම කාර්යය කරනු ලැබේ.

    එසේම සමහර ප්‍රදේශවල ගබ්සාවන් සිදුකරනා පිරිමි සහ ගැහැණු සිටිති. විශේෂයෙන්ම වතුකරය ආශ්‍රිතව මෙවන් වයසක කාන්තාවන් දැකිය හැක. බොහෝ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්‌ථානවල ගබ්සාවන් සිදුකිරීම සදහා නවීන උපකරණ භාවිතා කළත්, ගම් ප්‍රදේශවල ඉහත පුද්ගලයන් ගබ්සාවන් සිදු කරන්නේ ඉතා ග්‍රාම්‍ය ආකාරයටය. ගැබ සහිත කාන්තාවගේ ගර්භාෂයට එඬරුකෝටු බයිසිකල් ස්‌පෝක්‌ කම්බි වැනිදේ ඇතුලත් කර ගැබ තුල දරුවා විනාශ කිරීමක්‌ මෙහිදි සිදු කරයි. මෙය ඉතා භයානක වන්නේ එමගින් ගැබතුළ දරුවා විනාශ වනවා පමණක්‌ නොව එම කාන්තාව බරපතල ලෙස රෝගී වී මියයාමට ඇති දැඩි අවදානමයි. විෂබීජ හරණය නොකළ ඉහත ද්‍රව්‍යයන් කාන්තාවගේ සිරුර තුලට ඇතුළු කිරීම මඟින්, භයානක විෂබීජ රාශියක්‌ අනිවාර්යයෙන්ම ඒ සමඟ ඇතුළු වේ. නිර්වායු පරිසරයක්‌ තුල, රුධිරය මත ගුණනය වන එම විෂබීජ භයානක රෝග තත්වයක්‌වන .Septicaemia. රෝගය ඇති කරයි. තමන් නීති විරෝධි ගබ්සාවක්‌ කරගෙන ඇති බැවින් අදාළ කාන්තාව අධික උණ, රුධිර වහනය, උදරයේ දැඩි වේදනාව වැනි රෝග ලක්‌ෂණ තිබුණත් රෝහලකට පැමිණ ප්‍රතිකාර ලබා ගැනිමට පැකිලේ. එවිට අවසන් මොහොතේ රෝහලට පැමිණීම මත රෝගීයාගේ ජීවිතය දැඩි අවදානමකට ලක්‌වේ. එසේම, එසේ ප්‍රතිකාර සඳහා පැමිණියද ඔවුන් තමන් ගබ්සාවක්‌ කර ගත් බව පිළිනොගැනීම නිසා රෝගය සොයා ගැනීමට වෛද්‍යවරුන්ට කාලයක්‌ ගත වීමද මෙවන් ජීවිත බේරා ගැනීමේදී ප්‍රශ්නයක්‌ව පවති.

    මීට අමතරව ගැබ්ගත් මුල් අවධියේදිම ගබ්සාවට ලක්‌ කිරිම නිසා අධික රුධිර වහනයක්‌ සිදු වී එම මවගේ ජීවිතය නැතිවිමේ අවදානමයක්‌ද පවති. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව ගර්භාෂය තදින් සංකෝචනය වී රුධිරනාල අවහිර කර, රුධිර වහනය නවත්වයි. මේ සදහා සිරුරේ නිපදවෙන "ඔක්‌සිටෝසීන්" හෝමෝනය වැදගත් වේ. මෙම හෝමෝනය මුල් අවධියේ කළලයක්‌ සහිතව වූ ගර්භාෂය මත ක්‍රියාත්මක නොවේ. එවිට රුධිරය ගැලීම නැවැත්වීමට නොහැකි වීම නිසා, එම කාන්තාවගේ ජීවිතය බේරා ගැනිම සදහා ගර්භාෂය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සිදු වේ.

    එසේම ගර්භාෂය සිදුරු වීම සහ රුධිර කැටි මඟින් පැලෝපීය නාල අවහිර වීම සිදුවිය හැක. එමගින් එම කාන්තාව වදභාවයට පත් වීමේ අවදානමක්‌ද පවතී. රුධිර කැටි, ශීරා තුලට ඇතුළු වී ඉහලට ගමන් කොට පෙනහළු වල සිරවීම මඟින් ද එම කාන්තාව ජීවිතක්‌ෂයට පත්වීමේ හැකියාවක්‌ පවති.

    නෙගටිව් වර්ගයේ රුධිරය ඇති කාන්තාවක්‌ මෙලෙස ගබ්සාවක්‌ කරගැනීමේදි කළලයේ රුධිර ගණය පරීක්‌ෂා නොකරන බැවින් එම කළලය පොසිටිව් රුධිර ගණයට අයත්ව තිබුණේනම් එම රුධිරය කාන්තාවගේ රුධිරය හා මිශ්‍රවී පොසිටිව් රුධිර ගණයට එරෙහි ප්‍රතිදේහ කාන්තාවගේ රුධිරයේ වර්ධනය වීම මඟින් පසුකාලිනව දරුවන් ගැබ් තුලම මියයැමේ ප්‍රවණතාවයක්‌ පවතී.

    ගබ්සාවන් කිරීම සදහා රුපියල් 5,000.00 සිට 70,000.00 දක්‌වා පමණ මුදලක්‌ අය කරනු දක්‌නට ලැබේ. කළලයට වයස වැඩිවීමත් සමග අය කරන මුදලද වැඩිවේ.

    ගබ්සා මධ්‍යස්‌ථානවල ගබ්සාවන් සිදු කරන පිරිමි පුද්ගලයන් බොහෝ විට රූමත් කාන්තාවන් පැමිණි විට, ගබ්සා කිරීමට කලින් ඔවුන් දූෂණයට ලක්‌කරනු ලබන බවට තොරතුරු ඇත. ගබ්සාව නීතිවිරෝධී බැවින්, සහ ගබ්සාව සිදුකරගත යුතු බැවින් අතවරයට ලක්‌ වන කාන්තාවන් ඒ පිළිබදව පොලීසියට පැමිණිලි නොකරන බැවින් මෙම පුද්ගලයන් අඛණ්‌ඩව මෙම ක්‍රියාව සිදුකරගෙන යනු ලැබේ.

    මෙවැනි ක්‍රියාවන් මඟින් මෙන්ම නිසි පරිදි විෂබීජ නාශනය නොකළ උපකරණ භාවිතය නිසා රුධිරය මඟින් සම්ප්‍රේෂණය වන AIDS වැනි භයානක රෝග පැතිරීමේ අවදානමක්‌ ඇත.

    මේ සියලුම හේතූන් නිසා ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු යෑයි සමහර අය විශේෂයෙන් කාන්තා සංවිධාන යම් හඩක්‌ නඟන බව පෙනී යයි. කාන්තාවන්ගේ සිරුර ගැන තීරණ ගැනීමට කාන්තාවට අයිතියක්‌ ඇති බව ඔවුන් තර්ක කරයි. එය සැබවි. එහෙත් කාන්තාව තුල වැඩෙන, කාන්තාවගෙන් ස්‌වායත්ත වූ ජීවියා මරා දැමීමට කාන්තාවට අයිතියක්‌ තිබේද? වැඩිහිsටියන් කරන ක්‍රියාවන් හේතුවෙන් මේ ලෝකයේ කාටවත් වරදක කර නොමැති අහිංසක ජීවයක්‌ විනාශ කිරිම සාධාරණීකරණය කළ හැක්‌කේ කෙසේද? මෙයට තිබෙන එකම විසදුම මෙය පමණක්‌ද?

    කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ගැබ් ගැනීමේ සරු කාලය වන්නේ මාසයකටම දින 06 ක්‌ පමණි. ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක්‌ පැය 24 ක්‌ ජීවත් වේ. ශුක්‍රානුවක ආයු කාලය පැය 72 කි. සජීවී ඩිම්බයකට සජීවී ශුක්‍රානු හමු වූ විට පමණක්‌ ගැබ් ගැනීමක්‌ සිදු වේ. එනම්, ඩිම්බයක්‌ මෝචනය වීමට දින 03 කට ප්‍රථම සහ ඩිම්බ මෝචනයෙන් පැය 24 ක්‌ ඇතුළත ලිංගික සම්බන්ධතාවක්‌ පැවැත් වූ විට ගැබ් ගැනීමේ දැඩි සම්භාවිතාවයක්‌ පවතී. ඩිම්බකෝෂයකින් ඩිම්බයක්‌ පිටවීෙමිsදි කාන්තාවගේ සිරුරේ උෂ්ණත්වය මද වශයෙන් ඉහල නගින අතර, නියමිත දිනගණනකට අනූව ඔසප් චක්‍රය සිදුවේනම්, ඩිම්බයක්‌ මෝචනය වන දිනය වන්නේ චක්‍රයට ගතවන සම්පූර්ණ දින ගණනින් දින 14 ක්‌ අඩු කළ විට එන දිනයයි. උදාහරණයක්‌ ලෙස දින 28 ක ඔසප් චක්‍රයක්‌ ඇති අයකුගේ ඩිම්බයක්‌ මෝචනය වන්නේ 14 වන දවසේය. දින 30 ක චක්‍රයක්‌, නම් 16 වන දිනයේය. එවිට පහසුවෙන් මෙම "සරු කාලය" ගණනය කර ගත හැක.

    එසේ වුවද කලාතුරකින් අනෙක්‌ දිනවලදීද ගැබ් ගැනීමේ යම්සම්භාවිතාවයක්‌ ඇති බැවින් නිතර ලිංගික සම්බන්ධතා පවත්වන යුවලක්‌ නම් අඛණ්‌ඩව උපත් පාලන ක්‍රම වේදයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. එසේම හදිසියේ සිදුවන ලිංගික සම්බන්ධතාවයකට පසුව, නැතහොත් ලිංගික දූෂණයකට ලක්‌ වූ වහාම හදිසි උපත්පාලන පෙති, සිදුවීමෙන් පැය 72 ක්‌ ඉක්‌මවා යාමට ප්‍රථමව භාවිතා කිරීම මගින් ගැබ්ගැනීමක්‌ පහසුවෙන් වලක්‌වා ගත හැකි වෙනවා. මෙම හදිසි උපත් පාලන පෙති දිවයිනේ ඕනෑම ෆාමසියකින් රු100 කට වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගත හැක. එහි පෙති 02 ක්‌ අඩංගු වන අතර එක්‌ පෙත්තක්‌ හැකි ඉක්‌මනින් පානය කර අනෙක්‌ පෙත්ත ඉන් පැය 12 කට පසුව පානය කළ යුතුය. මෙය ඉතා සරල, සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රියාවක්‌ බැවින් මෙම දැනුම පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකිය. ලංකාවේ සියලුම ගම්මාන වල වින්නඔq මාතාවන් සිටින අතර දියුණු සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් පවතී. සියලුම ගම්මානවල කාන්තා සමිති සහ යෞවන සමාජද ඇත. එබැවින් මෙම දැනුම ගැබ්ගැනීමේ වයස්‌වල පසුවන දරුවන් ඇතුළු සියළු දෙනාටම ලබා දීම පහසුවෙන් කළ හැකි නොවේද? එමඟින් මෙලෙස ගබ්සාකර ගැනීම් අවම කර ගත නොහැකිද?

    යම් යම් කොන්දේසි මත හෝ ගබ්සාව නීතිගත කිරීම සුදුසු දැයි තීරණය කිරීම නැවත සිතා බැලිය යුත්තේ එමගින් නීති විරෝධීව සිදු කරන ගබ්සාවන් තවත් කරගෙන යාමට නීතියේ සිදුරක්‌ සාදන බැවිනි. එසේ අත්‍යවශ්‍යම නම්, ඒ සදහා තීරණය ගත යුත්තේ මහාධිකරණයයි. මක්‌නිසාදයත් මිනිස්‌ ජීවියකුට "මරණ දඬුවම" දිය හැක්‌කේ අධිකරණයට පමණක්‌ බැවිනි. එවිට එම ගැබ දරන කාන්තාව තම කුසතුල සිටින දරුවාට එරෙහිව සිදු කරන පැමිණිල්ල පිළිබදව විමසා බලා එම දරුවා වරදකරු බවට අධිකරණය තීරණය කළහොත්, එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන්ට නියම කරනු ඇත.

    එසේ වුවද මේ කිසිවක්‌ තේරුම්ගත නොහැකි ගැබ තුල සිටින දරුවා තමන්ගේ මවට අසීමිතව ආදරය කරනු ඇත. "අම්මේ, මට ඕනැ හලායන්න කලින් මගේ අම්මාට මම ගොඩක්‌ ආදරය කළ බව කියන්න". දෙව්ලොවින් ආ ලිපියේ වු සටහන මේ ලිපිය අවසන් කරන මොහොතෙත් මගේ සිතේ ඇති කරන්නේ තද බල කම්පනයකි. දයාබර මවුවරුනි, ඔබටත් එය එලෙසම දැනෙනවා යයි විශ්වාස කරමි.

    වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුභසිංහ
    M.B.B.S. (Peradeniya)

    උපුටා ගැනිම divaina.com​
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹලා ගබ්සාව නීතිගත කරන්න කියලා කියන්නෙ කොහොමද? තවත් ජීවිතයක් නැති කරන්න උඹලට අයිතියක් තියෙනවද? උඹලා ජීවත් වෙලා ඉඳගෙන තවත් එකෙක් මරන්න අනුබල දෙන්නෙ ඇයි? නූපන් දරුවෙක් නීතියෙන් මනුස්සයෙක් විදිහට පිළිගත්තෙ නැතත්, උඹලාගෙ හිත දනන්ව නේද ඉපදෙන්නට අවස්තාවක් දුන්නොත් ඒ කලලය වැඩිලා මනුස්සයෙක් වෙයි කියලා. එහෙම දැනගෙන උඹලා කොහොමද ඒක මරන්න අනුබල දෙන්නෙ? ඇයි වැඩිහිටියන්ගෙ පව් නූපන් දරුවන් පිටින් යවන්න හදන්නෙ? :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෙහෙමයි මචන්. මොකක් හරි නීතියක්, හරි අලුත් තාක්ෂනයක් හරි මිනිස්සුන්ට අඳුන්වල දෙනකොට ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ලන්කාවෙ කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ෆෝන් ආවා මොකදවුනේ? ඉන්ටනෙට්/ෆේස්බුක් ආවා මොකදවුනේ? අන්තිමට මේවා රටේ අලුත් ප්‍රශ්න බවට පත්වුනා. අඩුම තරමෙ ලන්කාවෙ නීතිය ගැනවත් ලන්කාවෙ මිනිස්සුන්ට හරි හමන් අවබෝධයක් නැහැ. උසාවියට ගියාම කඩපු නීතිය මොකක්ද කියලවත් සමහර වැරදිකාරයො දන්නෙ නැහැ. මේව ටික හරියට සාමාන්‍ය භාෂාවෙන් මිනිස්සු අතරට ගෙනියන්න ඕන.අපේ රටේ ගුරුවරු 8 වසර සෞඛ්‍ය පාඩම් ටිකවත් උගන්නන්නෙ නැහැ. මිස්ලට ලැජ්ජයිලු. කොහොමහරි ලින්ගික අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය වෙන්න ඕන. ග්‍රාමසේවකලව දම්මවල ලින්ගික අධ්‍යාපනික පොත්, උපත්පාලන ද්‍රව්‍ය,පෙති ගෙවල් ගානෙ ගිහින් 18 ට වැඩි අයට බෙදල දෙනව වගේ දේවල් කරන්න තියෙනව. එහෙමවුනොත් ගබ්සාව හුඟක් අඩුවෙනව. හැබැයි මේ දේවල් එක්ක ගබ්සාව නීතිගත කරන්නත් වෙනව. මොකද සමහර විෂේශ අවස්ථා තියෙන නිසා. අනිත් රටවල්වල ඒව කරන හැටි දැක්කම ලන්කාව ගැන ලැජ්ජයි. ලන්කාව පිරිහෙන්න මූලිකම සාදකය ඔය ලන්කාවෙ මුල් බැහැල තියෙන සන්ස්කෘතිය. ඒක බමුනු මතවලින් පිරිල තියෙන්නෙ. ඒවගේ සන්ස්කෘතියක් මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන හිතන්නෙ නැහැ.අපේ මිනිස්සු මෙච්චර අපේම සන්ස්කෘතියට ගරහන්නෙ ඒ වෙනුවට වෙන දේවල් වැලඳ ගන්නෙ ඒ නිසා.ඔය අවුරුදු දහස් ගනන් තියෙන ආකල්ප එහෙම වෙනස් වෙන්නෙ නැහැ විවෘත ආර්තිකේ ආපුගමන් හැන්ගිලා තිබ්බ කුනු ටික එලියට වැටුන.:P

    අද ලෝකෙම යන්නෙ ධනවාදී පැත්තකට,එතනදි දුර්වලය බරක් වෙනව.දරුවො විතරක් නෙමෙයි හුඟක් වෙලාවට වැඩිහිටියොත් බරක් වෙනව. ඒ නිසා යම්කිසි විපරීත ගමනක් තියෙන්නෙ. අලුත් ක්‍රමේ ඇතුලෙ ඉඩ තියෙන්නෙ ස්වයන් පාලිත මිනිසාට මිසක් නීති දාලා මිනිස්සුන්ට නෙමෙයි. බටහිර රටවල්වල මිනිස්සු හුඟක් දුරට ස්වයන් පාලිත තත්වෙට ඇවිත් ඉන්නෙ. අපි යන්න ඕන ඒ පැත්තට මිසක් අරක එපා මේක එපා කියලා නීති දාගෙන ඉන්න හම්බයො පැත්තට නෙමෙයි. හොඳ හික්මීමක් තියෙන මිනිහට නීති තිබුනත් එකයි නැතත් එකයි.තමන්ගෙ ක්‍රමේට ජීවත්වෙනව. ඒත් නීති දාගෙන ගැටගහගෙන ඉන්න මිනිස්සු ඒ නීති අස්සෙන් රින්ගල තව තව වැරදි කරනව. ලන්කාවෙ එක දවසක් නීතියක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද?:rofl:

    ඔන්න ඕක නිසා තමයි ලන්කාවෙ අපි සන්ස්කෘතිය, ආගම් ඔලුවෙ තියාගෙන හිරගෙවල් අරිනකොට. කිසිම සන්ස්කෘතියක් නැහැයි කියල අපි බනින රටවල් වල හිරගෙවල් වැහෙන්නෙ.:cool:

    ඇත්තටම නීතියක් ගේනකොටම සීයට සීයක් සර්ව සාධාරන විදියට කරන්න බැහැ. ඔය කියන විදියට එහෙනම් අපරාධකාරයොත් මරණ එක වැරදි වෙන්න ඕන. ආගම්වාදී කෝනයෙන් බලල නීති දාන්නෙ හම්බ රටවල්වල, ලන්කාව එතනට යන්න ඕන නැහැ. ආගම වෙනයි නීතිය වෙනයි. දෙකම වෙන වෙනම තියෙනකම් පිරිසිදුකම රැකෙයි.

    හොඳයි උඹ ඔය කියන විදිහෙ ගබ්සාව නීතිගත කරලා සාර්ථක වැඩපිළිවෙලක් ඇති කරලා, ඒ රටේ මිනිස්සුන්ට ආඩම්බර හිතෙන විදිහෙ, අපේ රට ගැන ලජ්ජා හිතෙන විදිහෙ රටකට උදාහරනයක් දෙන්න බලන්න.

    උඹේ වැරදි වැටහීමක් තියෙනව. අපේ නියම හෙළ සoස්කෘතියෙ උඹ කියනව වගේ බමුණු මත නෑ. මනුස්සයෙක්ට මනුස්සයෙක් විදිහට මිසක් වෙන විදිහකට සැළකිල්ලක් හෙළයන් අතර තිබුනේ නෑ.

    ලෝකෙ ධනවාදය හරහා යන්නෙ වලට නම් අපිත් උන් එක්කම ගිහින් වලේ වැටෙන්න අවශ්‍ය නෑනෙ. අපිට බාහිර ලෝකෙන් වෙන්වෙලා ඉන්න බැරි නිසා ඒ ක්‍රමය අපේ රටේ විදිහට හැඩගහගෙන අපේ ස0ස්කෘතියට ගැලපෙන් විදිහට සකස් කරගන්න අපි දැනගත යුතුයි. ඔය ධනවාදී ස0කල්ප දරන බොහොමයක් රටවලට රකින්න කියලා සoස්කෘතියක් නෑ. උන්ගෙ ඉතිහසෙම අවුරුදු සියගානයි. ඒ උන් ඒකත් මහ ඉහලින් උන්ගේ දරුවන්ට උගන්නනවා. උන් උන්ට තියෙන මෑ ඇටේ වගේ සoස්කෘතියත් රකිනව. උඹලට අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඒතුළින් ගොඩනැගිච්ච ස0ස්කෘතියක් තියෙනව. ඒව ඇතිවුනේ ඒ මුළු කාල පරාසයේම පරිනාමයක් විදිහට. ඒවට පයින් ගහල උඹලට අවුරුදු සීයකට දෙසීයකට වඩා ඉන්න හම්බෙන්නෙ නෑ. හොඳ උදාහරනෙ තමයි වී වගාවට විස බෙහෙත් ගහලා දැන් අනුරාදපුර පැත්තෙ වතුර ටිකක් බොන්න බැරුව ඉන්න එක. ධනවාදයට අනුව වැඩි අස්වැන්නක් ගන්නය කියලා අපේ රටට ආවේනික වී වර්ග අතෑරල වැඩි පළදාව දෙන වෙනත් වී වර්ග හිටෙව්ව. ඒවට ස්වභාවිකව අපේ පරිසරයෙ පවතින්න බෑ. ඉතින් බෙහෙත් ගැහුව. දන් වතුරත් විස වෙලා. පේනවනේ ධනවාදෙ කියලා විපරීත විදිහට තමන්ගෙ දේට පය්න් ගහල ගිහින් කරගත්තු දේ?

    අපේ රටේ අපේ සoස්කෘතියට ගරහන්නෙ අපේ සoස්කෘතිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන්. උන් තමයි එළියට පැනල උන්ගේ මෝඩකම ගැන නොදන්නා නිසාම කෑ ගහන්නෙ. අපේ සoස්කෘතිය ගැන දන්න එවුන් ඒක රකිනවා මිසක් ගැරහිල්ලක් කරන්නෙ නෑ. ප්‍රශ්ණය නම් එන්න එන්නම සි0හල ස0ස්කෘතිය අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කිරීමයි. ඒකටත් හේතුව රටක ස0ස්කෘතියේ වටිනාකම නොදත් අමනයින් අධ්‍යාපන ක්‍රමය දක්කන්න දැමීමයි.

    විවෘත ආර්ථික ක්‍රමය දැම්මහම එලියෙන් ආපු කුනු අපේ රට ඇතුලට ආව මිසක් රට ඇතුලෙන් එලියට එන්න කුනක් තිබුනේ නෑ. උඹේ දැනුමේ පට්ට ලෙස අඩුපාඩු තියෙනව. විවෘත ආර්ථික ක්‍රමය එදා හිටපු මෝඩ දේශපාලකයො ඔහේ මේ රටට ගෙනැල්ල අතෑරිය මිසක් ඒක අපේ රටට හරියන විදිහට සැකසූ ආර්ථික ක්‍රමයක් කලේ නෑ. ඊට කලින් ආණ්ඩු කරපු අය රටේ ක්‍රියාත්මක කරපු අසාර්ථක ස0වෘත ආර්ථික ක්‍රමයෙන් බැටකාපු මිනිස්සු විවෘත ආර්ථික ක්‍රමය බදාගත්තා. ගෙනාපු එවුන් වත්, බදාගත්තු එවුන් වත් දැනගෙන හිටියෙ නෑ තමන් සෙල්ලම කරන සතා මොකාද කියල. අද ලoකාවෙ ගෙවුම් ශේශය හැමදාම රින. අපි හැමදාම ණයයි. ණයට අරන් පිටරටින් බඩු ගෙනැල්ලා කාලා ඉන්න රටක් වෙලා. තමන්ගේ බඩගෝස්තරේ එදා එදාට රැකගන්න එකද බන් ධනවාදෙ කියන්නෙ? ආර්ථික ක්‍රම ගැනත් තව ඉගෙන ගනින්. උඹ හිතා ඉන්න එක නෙවෙයි නියම ධනවාදෙ. අපි ධනවාදී නම් අඩුම ගානෙ අපි පිටරටින් ගෙන්නන් තරමට වත් අපි නිශ්පාදන පිටරට පටවන්න ඕන. නැත්නම් ඒක ධනවාදයක් නෙවෙයි ණයවාදයක්.

    උඹ මේ රටේ ඉන්නව නන් උඹ දන්නවනෙ මේ රටේ මිනිස්සු නීතිය ගණන් ගන්නෙ නෑ. අපේ රටෙ එවුන් නීතියට දාන වoගු දන්නෙ මේ රටේ එවුන්ම විතරයි. මේ රට මේ තත්වෙන් වත් තියෙන්නෙ මේ රටේ මිනිස්සුන්ව ආගමෙන්, සoස්කෘතියෙන් කරලා තියෙන පාලනය නිසයි. ඒ දේවල් නිසා රටේ මිනිස්සුන්ට හරි වැරැද්ද ගැන හැඟිමක් ලැබිල තියෙනව. නීතිය පණ මදි නිසා තමයි අපේ අයියලා නීතියෙන් රිoගලා යන්නෙ. උඹ හිතාගෙන ඉන්නෙ අනිත් පැත්තට.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • යම් යම් කොන්දේසි මත හෝ ගබ්සාව නීතිගත කිරීම සුදුසු දැයි තීරණය කිරීම නැවත සිතා බැලිය යුත්තේ එමගින් නීති විරෝධීව සිදු කරන ගබ්සාවන් තවත් කරගෙන යාමට නීතියේ සිදුරක්‌ සාදන බැවිනි. එසේ අත්‍යවශ්‍යම නම්, ඒ සදහා තීරණය ගත යුත්තේ මහාධිකරණයයි. මක්‌නිසාදයත් මිනිස්‌ ජීවියකුට "මරණ දඬුවම" දිය හැක්‌කේ අධිකරණයට පමණක්‌ බැවිනි. එවිට එම ගැබ දරන කාන්තාව තම කුසතුල සිටින දරුවාට එරෙහිව සිදු කරන පැමිණිල්ල පිළිබදව විමසා බලා එම දරුවා වරදකරු බවට අධිකරණය තීරණය කළහොත්, එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන්ට නියම කරනු ඇත.

    මමත් කියන්නේ මෙන්න මෙ ටිකම තමයි...
    මාත් කියන්නේ අධිකරණමය ක්‍රියාමාර්ගයක් මගින් මේක කරන්න අවසර ලැබෙන්න ඕනේ කියල...
    වෙනසකට තියෙන්නේ මේ මගින් ගබ්සාවන් තවත් කරගෙන යාමට නීතියේ සිදුරක්‌ සාදන බව මේ වෛද්‍යවරයා තදින් විශ්වාස කරන එක.... නමුත් යම්කිසි කෙනෙක් පෙන්වල දෙනවනං එහෙම මේ ගබ්සා නීතියෙන් රිංගල යන්න පුළුවන් තැනක් මට, මම පෙන්නනවා ඒක වහන විදිහ...
    අනික මේ දොස්තර කියන්නේ ළමයා වරදකරු බවට කියල තීරණය කරලා මරනවනං මරන්න කියල...
    මම කියන්නේ ළමයා වරදකරු කරනු වෙනුවට ළමයා යම්කිසි බලහත්කාරයක ප්‍රතිපලයක් විදිහට සලකා ගබ්සාවට ඉඩදිය යුතුයි කියල... අනික මේ වෛද්‍යවරයා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ බොහොම පටු කෝණයකින් බලල... අවමානසිකත්වය, අංගවිකල කළල පිහිටීම වැනි අවස්ථා ගැන මේ වෛද්‍යවරයා කතාකරලවත් නැ...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මං කොහෙද බන් එහෙම කතාවක් කියල තියෙන්නේ... මේ ත්‍රෙඩ් එක පුරාවටම කිසිම තැනක මම කියල නැ අවජාතකව ඉපදෙන ළමයි විදවනවා ඒ හින්ද ඇබෝර්ට් කරන්න ඕනේ කියල...
    මං කොහෙහරි තැනක එහෙම දෙයක් කියල තියෙනවනං මට එක පෙන්නපන්කෝ මුලින්ම....

    රේප් වෙලා හටගන්නා කලලයක් ඇබෝර්ට් කරන්න නීතියෙන් අවසර ලැබෙන්න ඕනේ කියන එක මම පිලිගන්නවා... සහ ඒ සදහාම අනන්‍ය වූ තර්කත් තියෙනවා...

    ළමයි වගේම දෙමව්පියොත් විදවන හින්ද ඇබෝර්ට් කරන්න අවසර දෙන්න කියල මම කියන්නේ අවමානසිකත්වය හෝ අංගවිකල බාවය කියන අවස්ථා දෙකේදී පමණයි...
    මේ කියල තියෙන කිසිම දෙයක් පටලව ගන්න එපා....
    Me para Salaka balena eka kondesiyak oka.
    Awamanasikathwaya kohomada bade innakota adunaganne ? Anith eka angawikala bawaya unath bade innakota adunaganna puluwan seemawak athuwa. kothanin ehatada abort karanna puluwan kothanin ehatada bari kiyana eka loku prashnayak
     
    Similar threads