මේ ත්‍රෙඩ් එකේ පක්ෂව සහ විපක්ෂව කරුණු කියල තියෙනවා. මගේ අදහස හැටියට නම් සමහර කාරණා වලදී මේ පිළිවෙත නීති ගත කලාට කමක් නැ කියන එකයි. දැන් මගේ දෙමව්පියන් මතක් කරලා බනින්න කලින් මේවා
පොඩ්ඩක් හිතල බලන්න.
1. ස්ත්‍රී දූෂනයකදී . - දූෂණයට ලක්වන්නේ හුඟක් වෙලාවට අඩු වයස් දැරියන් (16-19), මන්ද මානසික තත්ත්ව වලින් පෙලෙන අය හෝ අබාධිත අය. සාමාන්‍ය අසරණ කාන්තාවනුත් මේ අපරාධයට ලක් වෙනවා. දූෂකයා උපත්
පාලන ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. බොහෝ වෙලාවට ලංකාවේ නිසි ලිංගික අධයාපනයක් නැති නිසා කාන්තාව ඊළඟට කලයුතු දේවල් ගැන දන්නේ නැහැ. අනාරක්ෂිත ලිංගික එක්වීමක්දී ලබා ගතයුතු උපත් පාලන පෙති වර්ග
(පොස්ටිනොර් -2 ) යනාදිය . එහෙම අවස්ථාවකදී ය ගැබ් ගැනීමේ අවදානමක් තියෙනවා. එසේ ගැබ්ගතහොත් තමන් ට සිදුවු අපරාදයක් වෙනුවෙන් ඇයගේ මානසික වද වේදනා වලට අමතරව තව දුරටත් ඇය දරුගැබක් දර
දරුවෙකු මෙලොවට බිහි කල යුතුද? කලින් කිව්වා වගේ ඇය අඩු වයස් / අබාදීත නම් එවන් තත්වයක් යටතේ ඇගෙ දරුවා බිහිකිරීමට / හදා වඩා ගැනීමට ඉඩ දිය යුතුද?
එපා නම් ළමා නිවාසයකට දෙන්න , දරුවෝ නැති කෙනෙකුට දෙන්න කියන එක මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ නෙවෙයි. ලංකාවේ ළමා නිවාස වල තත්වයන් සහ ඒවායේ සිදුවන කටයුතු ගැන සැහීමකට පත් වෙන්න
බැහැ. සමහරක් වේලාවට එවැනි නිවාස තුල සිටින දැරියන් අපයෝජනයට ලක්වෙනවා නැවත නැවතත්.
2. දෙමව්පියන්ට සුවනොකල හැකි රෝග තිබෙන විට - මවට ඒඩ්ස් වගේ රෝගයක් තියෙන වෙලාවට අනිවාර්යෙන්ම දරුවටත් ඒ රෝගය හැදෙනවා. ඒඩ්ස් රෝගය සෑදීම මවගේ වැරද්දක් නොවෙන්න පුළුවනි. ඇයගේ උවමනාවකින්
තොරව සිදුවූ ක්‍රියාවලියකදී (දූෂණය වීම / සැමියාගෙන් / රුධිර පාරවිලයනය ) ඇයට මේ රෝගය හැදුනා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක අපි කුමක් කලයුතුද ? අසරණ දරුවෙක් බිහි කල යුතුද දන දැනම?
3. ජානමය විකෘතිතා වලින් පෙලෙන විට.- මගේ බිරිඳ කියන විදිහට ලංකාවේ හිතනවටත් වඩා ජානමය රෝග සහ ගැටළු තිබෙනවා. බොහෝ වෙලාවට දරුණු අන්දමේ විකෘති වලින් පෙලෙන දරුවන් බිහි වෙනවා. අවාසනාවකට ලංකාවේ අකම පවුලේ දරුවන් කීපදෙනෙක් ම ව්කෘතිතා වලට ලක් වුනාට පස්සේ තමයි මේ අය කරුණු කාරනා හොයල බලන්නේ. ලංකාවේ දැනට දරුවා බිහිවීමට කලින් පරක්ෂ කර බලන්න පුළුවන් එවැනි විකෘතිත තිබේ ද නැද්ද කියල. එත් එහෙම අවුලක් තිබ්බත් කරන්න දෙයක් නැ දැනට තිබෙන නීතිය අනුව . අපි ඒ වගේ දරුවෙක් බිහි කරන්න ඕනෙද දන දැනම ?
4. අනපේක්ෂිත ගැබ් ගැනීමක් - විවාහ වූ යුවලකට උනත් එවැනි දෙයක්වෙන්න පුළුවන් කුමන උපත් පාලන ක්‍රමවේදයක් භාවිත කලත්. දැනටමත් දරුවන් සිටින එත් තව දරුවෙක් හදාගැනීමට නොහැකි අවස්ථා තිබෙනවා (ආර්ථික /සෞඛ්‍ය ගැටළු ). ඒ වෙලාවට දන දැනම මුළු පව්ලේම අනාගතය අඳුරැ කරගත යුතුද?
අපේ රටේ තාමත් මිනිස්සු ආකල්පමය අතින් පසුගාමී කොටසක්. තාමත් අවජාතක දරුවන් / තනි මව්වරුන් (single parent) දිහා බලන්නේ වපර ඇහින්. ඉතින් ඒවගේ වෙලාවට මවත් දරුවත් මැරි මැරී උපදිනවා මුළු ජීවිත කාලය පුරාම. සමහර විටෙක දරුණු අපරාධ කරුවන් බිහි වන්නේ මෙවැනි පරිසර වලින් වෙන්න පුළුවන්. නොවිදිමත් ලෙස ගබ්සා කිරීමෙන් මව් මරණ කීයක් වෙනවද?
මේ වගේ අවස්ථාවල ගබ්සා කිරීමට ඉඩ දීම ද අපරාදය නැත්නම් නොකර විඳවීමට ඉඩ හැරීමද ?
මේ ඔක්කොම් හිතන්න ඕනේ දේවල්.