නීතිමය වශයෙන් සීමාසහිතව කියන්නේ ස්ත්‍රී දූෂණයකදී සිදුවන ගැබ් ගැනීමකට, ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම, මවගේ ජීවිතයට හානියක් වෙන අවස්ථා (දැනට නීතියෙන් වලංගුයි) වගේ තත්ත්වයන වලදී පමණක් ගබ්සාවට අවසර දීම...
සිමසහිතව කරන එක අනියම් අයුරින් කිසිම විදියකින් භාවිත කරන්න බැ...
1) මෙතන සිමාසහිතව බලය හම්බවෙන්නෙ කොහාටද? - බලය හිමිවෙන්නේ උසාවියට... උසාවිය තමයි තීරණය කරන්නේ ගබ්සාවට අවසර දියයුතුද නැද්ද කියන එක...
2)එතකෙට සිමාසහිතව ගබ්සාවක් කරනවා නම් නීතියෙන් අවසර ගතයුතුතුද? - ඔව්.. පැහැදිලිවම උසාවි නියෝගයක් යටතේ පමණක් ගබ්සා නීතිය බලාත්මක කරන්න ඕනේ.. දැන් උබලට හිතෙයි අවරුදු ගානක් නඩුව ඇදිල ඉවර වෙද්දී ළමයි 5ක් හම්බෙන්න කල් ඇතිනේ කියල... නැ එකට විකල්ප තියෙනවා...
3) නැතිනම් බලය කාට හරි හිමිවෙනවා?. අධිකරණයෙන් ගබ්සාවට අවසර දුන් පසුව පිළිගත් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් ගබ්සාව කරගැනීමේ නිදහස ගැබ් ධාරකයාට ලැබෙන්න ඕනේ...
ඊලග කාරණාව තමයි නීතියෙන් රිංගල ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව තමයි මවගේ ජීවිතයට හානියක් වෙන අවස්ථාවලදී කියන එක... ඒක දැනටමත් නීතියෙන් වලංගුයි... අනිත් දෙක කවම කවදාවත් කිසිම කිසි විදිහකින් අනිසි ලෙස පාවිච්චි කරන්න බැ... ඒ නිසා ඒ දෙක නීතිගත කරා කියල එකේ අනියම් භාවිතය පිළිබද කිසිදි අවදානමක් නැ...