ගම්පහ කෙමිස්ට්‍රි සර් සහ වර්ණපාල තියරිය

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,476
    36,425
    113
    මැදමහනුවර
    ගම්පහ කෙමිස්ට්‍රි සර් සහ වර්ණපාල තියරිය

    ගම්පහ කෙමිස්ට්‍රි සර් සහ වර්ණපාල තියරිය

    z_p36-fishing.jpg


    වර්ණපාල තියරියේ ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා. ඒ කියන්නෙ මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක්.

    වර්ණපාල මහත්තයා ඇහැට කනට පේන කොල්ලා කාලෙ. පේරාදෙනිය කැම්පස් ‍එකේ ඉගෙනගන්න කාලෙ තමන්ගේ බැච් එකේම හිටිය ලස්සන කෙල්ලෙක් ගැන පොඩි අදහසක් වර්ණපාලගෙ හිතේ තිබුණලු. ඒත් ඒ ගැන කෙල්ලගෙන් අහන්න ටිකක් පස්ස ගැහුවලු. කොහොමහරි එක එක විදියෙ උපක්‍රම දාල උත්සහ කරලා බැලුවලු ගෑණු ලමයව යාළු කරගන්න. ම්ම්හ්... කෙල්ල නෙවෙයිලු කැමතිවුණේ. ඒ හැම සැරේකදිම ලැබුණු උත්තරේ වුණේ "අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

    ඒත් වර්ණපාල නෙවෙයි උත්සහය අතෑරියෙ. ඔන්න ඔය සිද්ධිය තමයි වර්ණපාල තියරියට පදනම වෙන්නෙ. ඉතින් වර්ණපාල කරපු වැඩේ තමයි මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම තනියම "වර්ණපාල .. හීහී වර්ණපාල .. හූ හූ වර්ණපාල" කියලා අර ගෑණු ළමයාට ඇහෙන්න කෑගහනවා. තව වර්ණපාලගෙ යාලුවෝ දෙතුන්දෙනෙකුට කියලත් මේ වැ‍ඩේම කෙරෙන්න සැලැස්සුවා. ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැහැලු. එහෙම කියලා වර්ණපාල වැඩේ අතෑරලත් නැහැ, ගෑණු ළමයා යන යන තැන කෑගහනවලු. මේ කියන ගෑණු ළමයා යන්නෙ එන්නෙත් වර්ණපාල ඉන්න හොස්ටල් එක ළඟින්ලු. ඉතින් ගෑණු ළමයා එද්දි වර්ණපාල වැට අස්සෙ හැංගිලා යාළුවෝ කෑගහන විදියට කියනවලු "ආ... වර්ණපාල! අන්න වර්ණපාලගෙ කෙල්ල යනවෝ! ඔය යන්නෙ වර්ණපාලගේ කෙල්ල නේද හී හී.. ආව් ආව්" කියලා. ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ ගෑණු ළමයගෙ නමයි එකට දාලා පොස්ටරේකුත් ගහලා. ඒ අතරෙදි අර හැමතැනදිම කෑගහන වැඩෙත් අතෑරලා නැහැ. ටික කාලයක් යද්දි කැම්පස් එක පුරා ම ප්‍රසිද්ධ වුණේ ඒ ගෑණු ළමයා වර්ණපාලගේ පෙම්වතිය විදියට. අන්තිමේට වර්ණපාලත් එක්ක යාළු නොවී බැරිතැනටම ආවලු. ගෑණු ළමයාට මේක මහා කරදරයක් වෙලා තිබුණත්, අන්තිමේ ටිකෙන් ටික වර්ණපාල ගැන හිතේ ඉඩක් වෙන්කරගන්න වුණාලු !

    vzFLLlul.jpg

    මහාචාර්ය විශ්වා වර්ණපාල

    කොහොමින් කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා. යාලුවෝ ටිකට හිතාගන්නවත් බෑ. "වර්ණපාලගේ තියරිය" විදියට හැමතැනම ප්‍රසිද්ධ වුණේ මේක තමයි. වර්ණපාල කොහොම හරි පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කියන ගෑණු ළමයම තමයි. ඒ කියන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වුණෙත් ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයමයි !


    උපුටා ගැනීම :
    http://yeslahiru.blogspot.com/2012/07/blog-post_11.html



    7EkGV2kl.png

    o9iz6Jvl.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආහ් මේ පාන්ඩුවෙ ගොසිප් යන්තරේ...ඉක්මනටම වැඩට බැහැල වගේ...