පොඩි වැඩ කීපයකට.. කොළඹ කොටුවේ ගිහින් හිටියෙ.. ඉතින් ඊට පස්සේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුම කරලා තිබුනෙත් නෑ.. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පැත්තේ යන්න හිතුවා. කොටුව රේල්වේ ස්ටේශමට ගිහින් , එවෙලේ යන්න තිබ්බ කුරුනෑගල යන මන්දගාමි කෝච්චියට නැග්ගා. පැයකින් පස්සේ ගම්පහ ස්ටේශමෙන් බැහැලා. එතන කඩේකින් කෙටි කෑමකුත් කාලා, ගූගල් මැප් බැලුවා. එතන ඉදලා ගාඩන් එකට කි.මි 1.2 ක් විතර පෙනුන නිසා බස් එකක නොයා වටපිට බල බල පයින්ම මල්වත්තට ගියා. මීට අවුරුදු 10 කටත් කලින් මම මෙහෙට ඇවිත් තියනවා.... ටිකට් කවුන්ටරෙන් රු.236 ක ටිකට් එකක් අරන් උයන ඇතුලට ගිහින් ඇවිදින්න පටන් ගත්තා. මුලින්ම ලංකාවේ මුල්ම රබර් ගස තිබ්බ තැන බලා ගන්න පුලුවන්.. දැන් නම් ගහ නෑ.. 1988 දි විනාශ වෙලා. මුල් කොටසක් පේන්න තියනවා. ගස් , පැලෑටි, මල් පැල වලින් පිරුනු උයන පුරාම මම ඇවිද්දා.. ළමයින්ට සෙල්ලම් කරන්න ඔන්චිලි ආදී දේවල් තියන කොටසකුත් තියනවා... වාඩි වෙලා ඉන්න තැන් ගොඩක් තියනවා.. හංස බෝට්ටු පදින්න, ලස්සන පොඩි වැවකුත් මෙහි තියනවා. ගෘහස්ථ මල් පැල ඇති ස්ථාන ඇතුලු ලස්සන දේවල් ගොඩක් තියනවා. ගොඩක් කපල් තමයි එන්නෙ... එත් පවුලේ සැමට බලන්න පුලුවන් දවස ගත කරන්න හොද තැනක්...පැය 2 ක් විතර ඇවිදලා මම පාරට ඇවිත් මිගමුවේ ඉදලා එන බස් එකක ඇවිත් ගම්පහ ටවුමට ආවා. ගම්පහ-මිනුවන්ගොඩ පාරේ යන ඕන බස් එකක, ගම්පහ ඉදලා මෙතනට එන්න පුලුවන්...ඉතින් මම ටවුමෙන් දවල්ට කෑම කාලා. කොළඹ යන 200 බස් එකේ ඇවිත් කිරිබත්ගොඩට ඇවිත් ගෙදර අවා.
.
මේ උද්‍යානයේ සුන්දරත්වය බලන්න.. මේ කෙටි වීඩීයෝව බලන්න..
.
..
1876 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙම උද්‍යානය, රබර් වගා කිරීම සඳහා හදලා තියෙන්නෙ.. 19 වැනි සියවසේ හිටවපු ගස් කිහිපයකුත් තාම මෙහි තියනවලු. අක්කර 43 ක් විතර විශාල උද්‍යානයක්.. විශේෂ වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම රබර් ගස රෝපණය කළේ මෙම උද්‍යානයේ..
.
* පසුගිය සියලුම සංචාරයන් බලන්න Index >>>
.
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Henarathgoda Botanical Garden