මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිලිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍යමණ්ඩලයට පෙනුනා.
https://lankacnews.com/ඩොලර්-බිලියන-2-5ක-ණයක්-ගන්න-7ක/
https://lankacnews.com/ඩොලර්-බිලියන-2-5ක-ණයක්-ගන්න-7ක/