පසුගිය කාලේ මේ ආසන වලට ඇවිත් ජනතාවට නොයෙකුත් පොරොන්දු දුන්නා. මේක ධර්මද්වීපයක් කරනවා කිව්වා. අපිත් බලන් හිටියා නමයක් පාර්ලිමේන්තුවට ගිය නිසා මේක ධර්මද්වීපයක් වෙයි කියා. ඒ ධර්මද්වීපයක් කරන්නම් කියා ගිය කණ්ඩායම මන්ත්‍රී තනතුරට මුලින්ම කාර් පෝමිට් නවයක් අරගත්තා. ඒ නවය ලක්ෂ 450කට විකුණුවා.
ඊට පසුව ගත්තා බෞද්ධයා නාළිකාව දමන්න රූපවාහිනී බලපත්‍රය. ඒක රුපියල් ලක්ෂ 1250කට නගිල් විජේසූරියට විකුණුවා. ඕකයි ගහපු ධර්ම රාජ්‍යය.
මේ කඩුවෙල ප්‍රදේශයේ තියනවා හරියට වැසිකිළියක්වත් නොමැති පන්සල්. ඒවාට එක රුපියල් දහයක්වත් දීලා නෑ.
දැන් දේශ පේ‍්‍රමියෙක් වෙන්න රුපියල් සියය ගණනේ එකතු කරනවා. කෝ අර හම්බකරපු මුදල්. මොහු ඕස්ටේ්රලියා පුරවැසියෙක්. ආණ්ඩුව පෙරළුණු ගමන් ඊට පහුවදා ඔහු ඕස්ටේ්රලියාවේ.
බෞද්ධ රාජ්‍ය පිළිබද පුරසාරම් දොඩවන චම්පික රණවක පසුගිය 2011 සැප්තැම්බර් 09 දින කැසිනෝ පනතට පක්ෂව අත් උස්සා ඡන්දය ලබාදුන්නා. එදිනම මහ වැස්සක් කඩා හැලී පාර්ලිමේන්තුව ජලයෙන් යටවුණා.
http://www.infosrilankanews.com/2014/03/blog-post_9324.html