ගමිපහ රත්නාවලී බාලිකා

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගමිපහ රත්නාවලී බාලිකා

    මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රථිඵල වල විභාග දෙපාර්තමේන්තු කාර්‍යය දර්ශක අගය අනුව ගමිපහ රත්නාවලී බාලිකා විද්‍යාලයට මුළු දිවයිනෙන් ප‍්‍රථම ස්ථානය හිමි වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

    පසුගිය 2010 සහ 2011 යන වර්ෂ දෙකේදීම දිවයිනේ සමස්ථ ප්‍රථිඵලයේ ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට මෙම විදුහල සමත් විය.

    මේ පිළිබඳව ගමිපහ රත්නාවලී බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන එච්.ඒ.එච් ජයවර්ධන මහත්මියගෙක් කළ විමසීමකදී ඇය පැවසූවේ 2012 අපොස සාපෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාම ඉතා උසස් අන්දමින් විභාගය සමත්ව උසස්පෙළ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් පසුගිය දෙවතාවේදීම මෙන් මෙවරත් විභාග ත්‍දපාර්තමේන්තු කාර්ය දර්ශකයට අනුව තම විදුහලට ප‍්‍රථම ස්ථානය අත්පත් වී ඇතැයි සිතන බවය.

    මෙම විදුහලේ තෙපුලි උමේෂා කරුණාවල්ලභ සහ ආර්.එමි දුල්මිණි වත්සලා රත්නායක සිසුවියක් දෙදෙනා පිලිවෙලින් සමස්ත දිවයිනෙන් හයවන ස්ථානයත් ගමිපහ දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රථම ස්ථානයත්, දිවයිනෙන් හත්වන වන ස්ථානයත් දිස්ත‍්‍රික්කයෙන් දෙවන ස්ථානයත් හිමි කර ගැනීීමට සමත්ව ඇත.

    විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාගක් සිසුවියන් 224 දෙනෙකු ඒ සාමාර්ථ හතකට වැඩියන් ලබා ගෙන ඉතාමත් ඉහළ ප‍්‍රථිඵල පෙන්වීමට සමත්ව ඇත.
    මේ අතුරින් ඒ සාමාර්ථ නවයක් බැගින් ලබා ගැනීමට සිසුවියන් 126 දෙනෙකද, ඒ සාමාර්ථ අට බැගින් ලබාගැනීමට සිසුවියන් 63 ක්ද, ඒ සාමාර්ථ හත බැගින් ලබාගැනීමට සිසුවියන් 35 දෙනෙකුද සමත්ව ඇත.

    සියළු විෂයන් සමත්වීමේ ප‍්‍රතිශතය සියයට සීයකි. මින් ආගම විෂය සඳහා විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාහ ඒ සාමාර්ථ ලබා ගැනීම විශේෂත්වයක් වන අතර සිංහල භාෂාව විෂය සඳහා සිසුවියන් 293 දෙනෙකු ඒ සාමාර්ථ ලබාගෙන ඇත.

    ගණිතය සඳහා ඒ සාමාර්ථ ලබාගෙන ඇති සිසුවියන් ගනන 249ත් වන අතර විද්‍යා විෂය සඳහා ඒ සාමාර්ථ ලබා ගත් සිසුවියන් ගනන 226 කි.
    220 දෙනෙකු ඉංග‍්‍රීසි විෂය සඳහා ඒ සාමාර්ථ ලබාගෙන ඇති අතර ඉතිහාසය විෂය සඳහා 218 දෙනෙකුද ඒ සාමාර්ථ ලබාගෙන ඇත.

    මෙලෙස විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට හැකිවුයේ අඩු සාධන මට්ටමේ දරුවන් හඳුනාගෙන ඔවුන්ට විශේෂ ව්‍යාපෘති තුළින් අමතර ඉගැන්වීම කිරීමෙන් ඔවුන්ගේ සාධන මට්ටම් ඉහළට ගත් නිසා බවද විදුහල්පතිනිය කීවාය.

    පොහොය දින, සෙනසුරාදා දින ඇතුළු සියලූ නිමාඩු දිනයන්හි සිසුවියන් සඳහා පැසැල තුළදී අමතර පන්ති පවත්වා ඉගැන්වූ බවත් මැයි මාසය අවසන් වන විට සියළුම විෂයන්ගේ විෂය නිර්දේශයන් උගන්වා අවසන් කොට පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍ර කිරීමෙන් අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදු බවත් කීය.

    මේ සඳහා පාසැලේ 6-11 අංශ භාර වී.පී ශ‍්‍රියානන්ද මහතා ඇතුළු සමස්ත ගුරු මන්ඩලයේ ඉතා කැපවීමෙන් කටයුතු කළ බවද කීය.



    DSCF6737.gif

    DSCF6754.gif

    DSCF6756.gif

    DSCF6740.gif

    DSCF6753.gif





    from lankadeepa
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    Island ranking walath Gampaha Rathnavali sehena cometition ekak denawa. A/Ls walath science wala lankawenma 3rd da koheda school eka. eththatama Gampahata sathutu wenna puluwan e gena hithala. CMB schools ekka baya nethuwa compete karanna puluwan level ekaka eyala innawa.