ගයාන් අපිට උබව ඕන

Status
Not open for further replies.

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ගයාන් අපිට උබව ඕන

    මරුසිරා අපේ සෙට් එකේ හිටපු සාමජිකයෙක් තමයි ගයාන්, දවස් කීපයකට කලින් තමයි මටත් දකින්න හම්බුනේ පත්තර වලින් කොල්ල පොලිසියෙන් අල්ලලා කියලා. මට තාම ගයියා එක්ක හරියට කතා කරගන්න චාන්ස් එකක් සෙට් උනේ නැහැ, අවුරුදු 20ක කොල්ලෙක් වැලිකට ලැග්ගාම උගේ මානසිකත්වය කොහොමද කියලා කාටත් තේරෙනවනේ.

    මම Root_X , හිතුව මිනිහා වෙනුවෙන් මම මේ දේ කරන්න ඔනේ කියලා , ඒ තමයි ඇත්ත කියන එක.

    මුල ඉදන්ම තමන්ගේ ඇත්ත නම ගම බය නැතුව රෙදි අස්සේ හැන්ගුනේ නැති ගයාන් අපිට ගොඩක් වැදගත් දේවල් කියලා දුන්න , ලක්ශ ගනන් දීල කෝස් කරන්න බැරි කොල්ලො ලංකාවේ ඉන්නවා ,

    Ethical / White Hat Cyber Security ගැන අපිට පොර සිංහලෙන් විඩියෝ විදිහට සහ ලිපි විදිහට කියලා දුන්නා. පිටින් මේවා ඉගෙන ගන්න ගියානම් ලක්ශ ගනන් සල්ලි , බොරුනම් බලන්නකෝ.


    http://www.innobuzz.lk/exploit-writing.html
    http://www.innobuzz.lk/ethicalhacking.html

    http://www.cicra.lk/CIE/php/CSCU.php
    http://www.cicra.lk/CIE/php/CAST.php

    http://www.cicra.lk/CIE/php/LPT.php
    http://www.cicra.lk/CIE/php/C-HFI.php
    http://www.cicra.lk/CIE/php/C-EH.php


    මේ ටිකක් විතරයි, තව ගොඩක් එහෙන්ම තියනවා.

    මේවා සල්ලි දීලා කරන කට්ටියට ප්‍රශ්නයක් නැහැ , නමුත් නිකන් කියලා දුන්න ගයියා හිරේ. අනික පොර පැහැදිලි කරා හැම දෙයක්ම පුදුම විදිහකට , පොරගේ ලිපියක් කියවපු පොරක් , විඩියො එකක් බලපු පොරක් කවදාවත් තේරුනෙ නැහැ මචන් කියලා ලියලා නැහැ. කවදාවත් අනුන්ගේ වෙබ් අඩවියක් හෝ වෙනත් පුදගලයෙක්ට හානි කරන්න කියලා දුන්නේ නැති පොර දැන් හිරේ ලගින්නේ මොකටද ? අපිට දන්න දේ කියලා දුන්නටද ?.

    Software Development , Web Server Management , Ethical / White Hat Cyber Security , Tips & tricks සහ මිනිහා දන්න ඔක්කම වගේ දෙවල් අපිත් එක්ක බෙදාහදා ගත්ත පොරක්, හැමදාම අපිට ගෙනත් දුන්නේ අලුත් දෙයක් , කොහෙන්වත් උස්සලා ලිපි ලිව්ව හෝ විඩියෝ හදපු පොරක් නෙවෙයි. සල්ලි සත පහක් හම්බකරේ නැහැ පොර , පොරට ඔනේ උනේ ඌ දන්න දේ අනික් හැමෝටම කියලා දීලා මේ සයිබර් අවකාශය තුල වෙසෙන අයගේ දැනුම දියුනු කරන්න , දන්න දේ බෙදාහදා ගන්න.

    ලංකාවට කීපවරක්ම රටරට වල ගිහින් කීර්තිය ගෙනාපු පොරක් මේ, ලංකාවේ තරඟ වලට ගියොත් පලවෙනි ස්තානය ලබාගත්ත කොල්ලෙක් මේ. දැන් වැලිකඩ , හේතුව තමයි ගයියා නිකන් කියලා දුන්න නිසා මේක රජයේ ආරක්ශාවට ප්‍රශ්නයක් , නමුත් සල්ලි දීලා මේක ඉගෙන ගන්න කට්ටියගෙන් ප්‍රශ්නයක් නැතුව ඇති. කවදාවත් වෙබ් අඩවි හැක් කරගන්න ඉගැන්නුවේ නැති අපේ කොල්ලා අද හිරේ .. නමුත් සල්ලි දීලා වෙබ් අඩවිත් හැක් කරන්න ඉගෙන ගන්න කට්ටිය එලියේ, සල්ලි වලට මේවා උගන්වන කට්ටියත් හොදයි.

    යාලුවනේ මේක සාධාරණද ?

    ගයාන් කියන්නේ ඔය අනික් ලංකාවේ ඉන්න ගොබ්බ හැකර්ලා වගේ පොරවල් වෙන්න ගිහින් ගූ උන පොරක් නෙවෙයි, ඔය කෑගහන අනික් ලංකාවේ ලොකු හැකර්ලා සෙට් එක අහු උනේ කොහොමද දන්නවද ? , http://ha.ckers.org/fierce/ ඔන්න ඔය වෙබ් අඩවියේ තියන ටූල් එකෙන් වෙබ් සයිට් ස්කෑන් කරලා ඇනොනිමස් හැකර්ස්ලා වෙන්න ගිහින්. :D

    මෙන්න ඔය නම ගිය ගෑගහන කට්ටියගේ විස්තරේ :
    http://outcastlife.wordpress.com/2012/05/11/rooting-the-anonymous-part-2-hackerzmafia/
    http://outcastlife.wordpress.com/2012/05/15/who-is-this-anonymous-zonta/
    http://outcastlife.wordpress.com/2012/06/12/anonymouslk-case-closed/

    ගයියා හැකර් කෙනෙක් කියලා කවදාවත් කටක් ඇරලා කිව්වෙත් නැහැ ඔහු එහෙම කෙනෙක් වෙන්න හැදුවෙත් නැහැ , උගේ පඩ ශෝ නැහැ , දෙයක් කෙනෙක් දන්නේ නැත්තම් බොක්කෙන් කියලා දුන්න කොල්ලෙක්. 2008 ඉදන් ඔහු හොද ගුරුවරයෙක්. ඔහු කවදාවත් හැන්ගුනේ නැහැ නම් අස්සේ , දන්න දේ හෑමොත් එක්කම බෙදා හදාගත්ත හිත හොද පොරක. ලොකේ දකින්න දුර්ලඹ ඝනයේ Cyber Security සොෆ්ට්වෙයා ලියපු කොල්ලෙක් , කොටින්ම මිනිහා ලියපු සමහරක් සොෆ්ට්වෙයා වගේ සොෆ්ට්වෙයා එකක්වත් මම කලින් දැකලා තිබුනේ නැහැ .. ඒක නිසාම වෙන්න ඔනේ පොර ලොකේ රටවල් වල පැවැත්වුන තරඟ වල දස්කම්පාලා ලංකාවට කීරිතිය ගෙනාවේ.

    මරුසිරා කියන්නේ ලංකාවේ රාජයේ වෙබ් අඩවි හැක් කරන්න කියලා දීපු තැනැක් නෙවෙයි ඔය පත්තරේ අයියලා කියනවා වගේ , අපි කතා කරේ White Hat / Ethical ක්‍රම ගැන , Unauthorized Remote Targets අපි කවදාවත් අපි ගාවගත්තේ නැහැ අපි යමක් කියලා දෙද්දි.කොටින්ම වෙබ් සයිට් හැක් කරන හැටි අපි කවද්ද කියලා දුන්නේ ? අපි Online User Agreement එකක් සකස්කර තිබුනේ මම වෙබ් අඩවියෙක් ගන්නා දැනුම ඔබ වැරදි ආකරයකින් පාවිච්චි කරොත් එය ඔබේ වගකීම සහ දවත් නොයෙකුත් වගන්ති එකතු කරලා ... අපේ වෙබ් අඩවියට කෙනෙක් එකතු වෙන්නේ මේකට එකඟ වෙලා ....

    යාලුවනේ සී.අයි.ඩී එකේ සහ අනෙකුත් මම නඩුවට සම්බන්ද මහත්වරු කවුරුහරි නොමගට යොමු කරලා,වැරදි තොරතුරු දීලා. ගයියා කවදාවත් සල්ලි වලට සොෆ්ට්වෙයා විකුනුවේ නැහැ , ඔහු වෙබ් අඩවි හැක් කරන්න කියල දුන්නෙත් නැහැ ,පත්තරේ තියන විදිහට මේ වැරදි නොකරපු ගයියා කොහොමද හිර ගෙදරට ගියේ ? සාක්ශි කොහෙන්ද ගයියා මේවා කරා කියන්න ,,, ඔහු ගැන අපි දන්නවා අපිත් එක්කම හිටපු නිසා.

    අපි ගයියා වෙනුවෙන් මේ ප්‍රශ්න වලින් ඉක්මනින් ගොඩ එන්න කියලා ප්‍රාර්ථනා කරමු.
    කවුරු උබට බැන්නත් , මචන් උඹ සල්ලි නැති අපිට ඉගැන්නුවා , දන්න දේ බෙදාහදා ගත්තා , අපි නොදන්න , ඇහට නොදැකපු බොහෝ දේ අපි උබෙන් ඉගෙන ගත්තා 2008 ඉදන්. අපිට ලක්ශ ගනන් දෙන්න ඔනේ උනේ නැහැ මචන් උඹ නිසා.

    උඹ අපිට වීරයෙක් මචන්.
    ලංකාව වෙනුවෙන් උඹ මේ වයසේදි කරපු සේවය ගැන අපි ආඩම්බර වෙනවා
    බුදු සරණයි !

    උබත් ඇමරිකාවේ හිටියා නම් උබේ ගෙදර ඉස්සරහ අද facebook , google, NSA, yahoo , NASA එකෙන් පවා ඇවිල්ලා ඉදී...මොනා කරන්නද මේක ලන්කාවනේ..:no::no:


     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල..:baffled:
    ඔහොම තමා බන් ගණන් ගන්න එපා ඕව.. black hat white hat කියන්නෙ තොප්පිද කියල අහන උන් වෙන්න ඇති ඕවයෙ ඉන්නෙ.. :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo: mama yanawaa kiwuoth mata pm 1k wath ena ekak naha:rofl:
    මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල..:baffled:
    ඔහොම තමා බන් ගණන් ගන්න එපා ඕව.. black hat white hat කියන්නෙ තොප්පිද කියල අහන උන් වෙන්න ඇති ඕවයෙ ඉන්නෙ.. :rolleyes:
    :baffled:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල..:baffled:
    ඔහොම තමා බන් ගණන් ගන්න එපා ඕව.. black hat white hat කියන්නෙ තොප්පිද කියල අහන උන් වෙන්න ඇති ඕවයෙ ඉන්නෙ.. :rolleyes:

    සිරාවට බන්..මිනීමරුවෝ ලමා අපචාර කරුවෝ නිදහස් වෙන රටක මොන නීතියක්ද බන් :angry:
     
  • Apr 2, 2013
    819
    69
    28
    උබත් ඇමරිකාවේ හිටියා නම් උබේ ගෙදර ඉස්සරහ අද facebook , google, NSA, yahoo , NASA එකෙන් පවා ඇවිල්ලා ඉදී...මොනා කරන්නද මේක ලන්කාවනේ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.