ගරිල්ලා මාකටිං GUERILLA MARKETING

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ගරිල්ලා මාකටිං GUERILLA MARKETING


    [FONT=&quot]:love::love:ගරිල්ලා මාර්කටින් :love::love:[/FONT]

    search
    search
    [FONT=&quot]ගිය සතියේ දවසක හිරු එකේ ගියා මේ චිත්‍රපටිය. මීට කලින් internet එකෙන් low quaulity කොපියක් බාගන තමයි මම බැලුවේ. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මේක හදනකොට අපි ඉස්කෝලේ පොඩි පංතිවල. සටන් විරාමේ කාලෙද කොහෙද .[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේක බලද්දී මට හිතුණු දෙයක් තමයි අද තියෙන දේශපාලනයටත් මේක කොච්චර ගැලපෙනවද කියල. විපක්ෂ නායක ග්‍රෙගරි මැකාති කියන කරන දේවල් ගොඩක් සමානයි අද ආණ්ඩුවට. :eek:ඒ වගේම චිත්‍රපටිය හදන කාලෙ වැඩිය කරලියට ආවේ නැති වුනාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ crowd එක motivate කරල ගන්න ඇක්ෂන්, දියසේන මැතිතුමාගේත් සුපිරියට තියනවා.:yes::yes: film එක බලපු නැති වුන්ට මේ මොන #@$ද කියල හිතෙනවනම් හොයාගෙන බලපල්ලා. තේරෙයි.;)[/FONT]

    [FONT=&quot]film එක රසවිදින එක තමන්ගේ වැඩක්නේ. මෙතන කතාව කොටලා වැඩක් නැහැනේ. ඒත් චන්ද්‍රසිරි මහත්මයා මේකෙන් මතුකරන අපූරු කරුණු කාරණා කීපයක් තියනවා.[/FONT]


    [FONT=&quot]දේශපාලනය [/FONT]

    [FONT=&quot]“ සංස්කෘතිය ආරක්ෂා කරන්ඩ නම් අපි සංස්කෘතිය විකුනන්න ඕනි ”. මේ ආදර්ශ වාක්‍ය නම් අද හිටු කියලා ක්‍රියාත්මක වෙනවනේ. ඒ වගේම රෙද්ද බැනියම ඇඳගෙන, රට ජාතිය ආගම වෙනුවෙන් පෙරට එන , ආපු උදවිය තමාගේ පුද්ගලික ජීවිතේදී කොච්චර වෙනස්ද කියන එකත් අපේ රටේ මිනිස්සුන්ට අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පුදුම කාරණාව තමයි, එදත් අදත් දේශපාලනය අතර ලොකු වෙනසක් නැහැ.[/FONT]

    [FONT=&quot]ගරිල්ලා මාර්කටින් [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මිහිහෙක්ව promote කරන්න වගේම , කඩලා බිඳලා දාන්න මාධ්‍යට පුළුවන්. පත්තර , TV , ගුවන්විදුලිය විතරක් නෙවෙයි, gossip කියන්නෙත් සුපිරිම මාධ්‍යක්. මිනිස්සුන්ගේ සයිකොලොජියට ගැලපෙන විදියට , කුණු රසය තියන දේවල් සපයලා මීඩියා වලින් රට පාලනය කරන හැටි ගොඩක් වෙලාවට අපිටම තේරෙන්නේ නැහැ.:sorry::sorry:[/FONT]




    Schizophrenia[FONT=&quot] / භින්නෝන්මාදය [/FONT]

    [FONT=&quot]මේක නම් ඇත්තෙන්ම වඩාත් කතා කලයුතු දෙයක්. ලංකාවේ මිනිස්සුන්ට මානසික රෝග හැදීමේ ප්‍රවනතාව වැඩි වෙලා. සියදිවි නසා ගැනීමෙන් ඉහලින්ම ඉන්නවනේ. අංගොඩ මානසික රෝහලට ගියොත්, වැඩිපුරම මිනිසුන්ව බිල්ලට අරගෙන තියෙන්නේ [/FONT]Schizophrenia[FONT=&quot], bipolar disorder සහ විශාදය වගේ ඒවා.
    [/FONT]

    [FONT=&quot]භින්නෝන්මාදය කියන්නේ අඩු insight එකක් තියන ලෙඩක්. ඒ කියන්නේ ලෙඩා ගොඩක් වෙලාවට දන්නේ නැහැ තමන්ට මානසික අසනීපයක් තියන බව. එයා හිතන්නෙ එයාට පේන , ඇහෙන හැම දෙයක්ම ඇත්ත ලෝකයේ වෙන දේවල් බව. මේ නිසා බොහෝ වේලාවට ලංකාවේදී එක්කෝ මානසික රෝහලකට කොටු වුන හෝ anti psychotic බෙහෙත් මතම යැපෙන ජීවිතයක් ගත කරන්න වෙලා.[/FONT]


    [FONT=&quot]film එකේ තිසරගේ චරිතයෙන් මේ රෝගයේ ස්වභාවය ගැන හොඳ නිරූපනයක් කරනවා.[/FONT]


    [FONT=&quot]ගොඩක් අය “ the beautiful minds “ බලල ඇති. ඒක පහුගිය අවුරුද්දේ රිය අනතුරකින් මියගිය, ජෝන් නෑෂ් නම් නොබෙල් ත්‍යාගලාභී ගණිතඥයාගේ ජීවිත කතාව. ඒ වගේ අසනීපයක් තියාගෙන අලුත් theoryයක් ලෝකයට ගේන්න පුළුවන් වුනා සහ පවුල් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වුනා කියන්නේ, අපි මානසික රෝගීන් දිහා බලන විදිය වෙනස් කළ යුතු බවයි.:yes:[/FONT]


    [FONT=&quot]චන්ද්‍රසිරි මහත්මයා බෙහෙත් සහ ව්දුලිය ඇල්ලීමෙන් එහාට ගිය විසදුමක් යෝජනා කරනවා. ඒ තමයි රෝගය මතු වීමට හේතුව සොයාගෙන ඒක address කරන එක. ඕනිම මානසික ලෙඩක් ඕනිම කෙනෙකුට අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. එතකොට පිස්සා සහ පිස්සු නැති මිනිසා වෙන් කරන්නේ කවුද ?:growl::growl: අසනීපයට අදාළ criteria සම්පුර්ණ වුනාම ?
    [/FONT]



    [FONT=&quot]ස්වාමීන් වහන්සේ නමක් බණ දේශනා කරනකොට ප්‍රශ්නයක් අහනවා .” අපි දැන් මේ ඉන්නේ සිහිනයක නෙවෙයි කියලා කොහොමද කියන්නේ ? ” ලෝකෝත්තර වශයෙන් වෙනත් තේරුමක් තිබුනත් , අපේ ජීවිත වලටත් මේක අදාළ කරගන්න පුළුවන් .[/FONT]


    [FONT=&quot]නෑනා / මස්සිනා [/FONT]



    [FONT=&quot]මේ දෙන්නාගෙ තියෙන බැඳීම ගැන ඉතින් කොච්චර කයි කතන්දර ගෙතිල තියෙනවද ? ඒත් දැන් නම් ඒ ප්‍රවණතාව ගොඩක් අඩු වෙලා වගෙයි. තැලසීමියා වගේ ලෙඩ වලට තියන බයද, නැත්නම් නෑනට / මස්සිනාට උණ ගැනෙන්න හොඳ අත්තක් අල්ල ගැනීමේ අදහසද දන්නේ නැත .[/FONT]
    [FONT=&quot]චිත්‍රපටිය සමාජයට සද්-පණිවුඩයක් දෙන්න හදන එකක් නෙවෙයි . “ වෛරයෙන් වෛරය නොසන්සිදේ “ “ සාධාරණය සැමවිටම ජයගනී “ වගේ ඒවා. ඒත් මේක අපේ ලෝකයම අපිට පෙන්වන කන්නාඩියක්. බලල නැත්නම් බලන්න. අපිවම පෙනේවි සමහරවිට.[/FONT]