ගලගෙදර කඳුළු ගඟක්
වෑන් රථයේ පැමිණි දරුවන් වෙනත් පාසල්වලට ඇරලවා අවසන් දරුවා පෙරපාසල වෙත භාරදීමට එද්දී අනතුර සිදුවී ඇත.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක මොරගහතැන්න වවුල්කැලේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (14 වැනිදා) උදැසන 7.30 ට පමණ සිදුවූ මාරක අනතුරින් පස් හැවිරිදි පෙර පාසල් දරුවෙක් සහ වෑන් රථ රියදුරු මිය ගියහ.
මෙම ශෝකජනක සිදුවීමෙන් පාදුක්ක ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව ඇති අතර සිදුවූ මාරක අනතුර දැක බලා ගැනීම සඳහා වැලනොකැඩී විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
වෑන් රථයේ පැමිණි දරුවන් වෙනත් පාසල්වලට ඇරලවා අවසන් දරුවා මෙම පෙරපාසල වෙත භාරදීමට එද්දී අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම මාරක අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් සියලු දෙනා වෑන් රථයේ සිටියේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පාදුක්ක ගලගෙදර පදිංචි රසිදු මල්සර නමැති පස් හැවිරිදි දරුවා සහ මාවතගම පදිංචි අංජන හේමන්ත නමැති 36 හැවිරිදි රියදුරු බව හඳුනාගෙන ඇත.
රසිදු මල්සර දරුවා රැගත් වෑන් රථය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කරද්දී කොළඹ කොටුව දක්වා ධාවනය වන බලවේග කට්ටල දුම්රිය පැමිණ තිබේ.
ඒ අවස්ථාවේ වෑන් රථය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය නොකරන ලෙස ප්‍රදේශවාසීන් කෑගසා ඇත. එහෙත් රියදුරු ඒ කිසිවක් ගණනකට නොගෙන වෑන් රථය දුම්රිය හරස් මාර්ගය වෙත ධාවනය කර තිබේ.
එහිදී දුම්රියේ ගැටුණු වෑන් රථය මීටර් 50 ක් පමණ දුරක් දුම්රිය එංජිමේ ඇමිණී ඉදිරියට ඇදී ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
පසුව ප්‍රදේශවාසීන් විසින් අනතුරට ලක්වූ වෑන් රථය තුළ සිරවී සිටි පෙරපාසල් දරුවා සහ රියදුරු දැඩි පරිශ්‍රමයක් දරා ඉන් පිටතට ගෙන රෝහල කරා ගෙන ගොස් තිබේ.
රෝහල් ගත කරන විටත් මොවුන් දෙදෙනාම මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
මෙම මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි කේ. ජී. මානෙල් නයනා මහත්මිය සිද්ධිය පිළිබඳව "දිවයින"ට මෙසේ පැවසුවාය.
කෝච්චිය එනවා මම ඈතදීම දැක්කා. පාසල් සේවා වෑන්එක රේල් පාර හරහා යයි කියලා මම හිතුවේ නැහැ. ඒත් වෑන් එක එක පාරටම රේල් පාර හරහා දැම්මා. මම අත්දෙක උස්සලා කෑගැසුවා දාන්න එපා කියලා ඒත් එක්කම දඩෝං ගාලා වෑන් එක කෝච්චියේ හැප්පුණා යෑයි නයනා මහත්මිය කියා සිටියාය.
පාදුක්ක සිඟිති කැකුළු පෙර පාසලේ ගුරුවරියක වන දිලංකා මධුභානි මහත්මිය සිද්ධිය පිළිබඳව මෙසේ පැවසුවාය.
අනේ මේ දරුවගෙ අම්මට දරුවා එක්කරගෙන හැමදාම එන්න බැරි නිසා එයා මේ වෑන් එකට දැම්මා දරුවා ගේන්න. එහෙම දාලා සතියක් ගියේ නැහැ පුංචි දරුවා හොරු අරගෙන ගියා වගේ......යෑයි මධුභානි මහත්මිය හැඬු කඳුළින් කියා සිටියාය.
හෝමාගම සහකාර පොලිස් අධිකාරි පී. ජී. විමලසිරි මහතාගේ උපදෙස් මත පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
divaina
අප්‍රියෙල් 20 වන දින සවස් යාමයේ දී බේරුවල රොක්ලන්ඩ් හන්දියේ මාගල්කන්ද අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී සිදුවූ දුම්රිය බස්රථ අනතුරින් පසුව එම සිද්ධිය වාර්තා කර තිබූ අන්තර්ජාල පුවතට පාඨකයන් තිදෙනෙකු විසින් දක්වා තිබූ ප්‍රතිචාර උපුටා දක්වමින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමි. "ජනාධිපතිතුමෝ දැන්වත් උණබම්බු ගේට්ටු දාලා හරි මේක නවත්වන්න", "දැන්වත් ඔතනට උණබම්බු ගේට්ටුවක් දාලා අනතුරු වළක්වන්න කටයුතු කරන්න. ප්‍රේමදාස මැතිතුමාගේ චින්තනයක් වුණාට ලැඡ්ජා වෙන්න එපා", "ප්‍රේමදාස මහත්තයා එක දවසෙන් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා. උණබම්බු ගේට්ටු. කොහෙද මේ ගොල්ලෝ ඒවා නවත්තල දැම්මා. දැන් පෙනෙනවානේ, කී දෙනෙක් මැරුණද පසුගිය කාලේ. දැන්වත් ඔය උණබම්බු ටිකක් හොයලා සමෘද්ධි කාරයෝ කීප දෙනක් පත් කරන්න මේ ගේට්ටු බලාගන්න" යනාදී ලෙස එම පුවතට පාඨකයන් අදහස් දක්වා තිබිණි.
දාන්න එපා.. දාන්න එපා.. කියා කෑගසද්දීත්
රියෑදුරා දුම්රිය හරස් මගට වෑන් රිය දමයි

http://www.elakiri.com/forum/showthread.php?t=1551802
*නැව් නැති port,plane නැති airport හදන අපේ රටේ සංවේදී නායකගෙ හිත උණු වෙලා දැන්වත් උණ බම්බු ගේට්ටු හරි දානවනම්.

දැන් ඉතින් මේකටත් driver ගේ වැරැද්ද කියලා උන් බේරෙයි.