ගල්කිස්සේ ලොවීනා ඇත්තද?

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අපෝ බන් වීඩියෝ එකේ ටයිම් වැඩි කරගන්න තටම තටම කියවන කොට එපා වෙනවා. කියන්න තියන දේ වටේ යන්නේ නැතුව කියල දාන්න. එහෙම නැති උනොත් බලන එවුන්ට එපා වෙනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපෝ බන් වීඩියෝ එකේ ටයිම් වැඩි කරගන්න තටම තටම කියවන කොට එපා වෙනවා. කියන්න තියන දේ වටේ යන්නේ නැතුව කියල දාන්න. එහෙම නැති උනොත් බලන එවුන්ට එපා වෙනවා.
    ඔව් බන් හුත්ත මන් බැලුවෙත් නෑ.
    මේක කියවපන්.


    ශ්‍රී ලාංකිකයෙකුගෙන් ‘ගල්කිස්ස මහ හෝටලය’ කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් ඒ ගැන නොදන්න කෙනෙක්, එය දැකලා නැති කෙනෙක් හමුවෙන්නෙ කලාතුරකින්. වසර 200කටත් වඩා පැරණි, දෙහිවල ගල්කිස්ස වෙරළ තීරයට ගියාම කුඩා කඳු ගැටයක විරාජමානව වැජඹෙනු පෙනෙන මෙය ශ්‍රී ලංකාව කියන පුංචි දිවයින ජාත්‍යන්තර අවදානයට යොමු කරවන්නේ එම හෝටලයේ තත්වය, සේවාව හා නාමය නිසා පමණක් නෙවෙයි; එම ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පයත්, උරුමයත්, ඉතිහාස කතාවත් ඕනෑම දෙස් විදෙස් පුද්ගලයෙකුගෙ සිත් සතන් ඇද බැඳ තබාගන්න නිසා. අපි කවුරුත් දන්න පබිලිස් සිල්වා මහත්මයාත් මතක් නොකරම බැහැ නේද?

    ඇත්තෙන්ම මේ මන්දිරය ඉදි වෙන්නට ප්‍රධාන ම හේතුව බ්‍රිතාන්‍ය – ලංකා ඉතිහාසයේ ඇසෙන සුන්දරම ආදර කතාවක්. මේ ආදර කතාව නිසාම මෙම ගොඩනැඟිල්ල එක්තරා විදියකට ශ්‍රී ලාංකීය ටජ් මහල හැටියට හඳුන්වන්නත් පුළුවන්.

    තෝමස් මෙට්ලන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණීම​

    ශ්‍රී ලංකාවේ පළමුවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් 1805 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ඉවත් කරනු ලබනවා. මෙයට එක් විශේෂ හේතුවක් වෙන්නේ 1803 උඩරට අල්ලා ගැනීමේ සටන අසාර්ථක වීමයි. ඒ වෙනුවට ඔවුන් පත් කර යවන්නේ වයස අවුරුදු 46 ක් වූ අවිවාහක, ප්‍රියමනාප පුද්ගලයෙක් වූ තෝමස් මේට්ලන්ඩ්වයි. 1805-1811 කාලයට පත් කර එවූ ඔහු සැලකුණේ පිරිසක් මෙහෙයවීමට ඉතාම හොඳ හැකියාවක් ඇත්තෙක් ලෙසින්. එසේම ඔහු හොඳ සාහිත්‍ය රසයක් ඇත්තෙක් ලෙසද සැළකුණා.

    බ්‍රිතාන්‍යයන් නම් මොහුගෙන් බලාපොරොත්තු වුණේ නෝර්ත් ට වඩා කාර්යයක්ෂ්ම ලෙස සේනා සංවිධානය කිරීම හා පහත රට දේශීය ජනතාවගේ සිත දිනා ගැනීමයි.

    https://assets.roar.media/Sinhala/2017/09/1.cover-.jpg

    ශ්‍රීමත් තොමස් මේට්ලන්ඩ් (timesofmalta.com)
    ලංකාවට පැමිණෙන දින මේට්ලන්ඩ් වෙනුවෙන් පවත්වනු ලැබූ උත්කර්ෂවත් පිළිගැනීමේ සාදයේදී විවිධ දේශීය සංස්කෘතිකාංග සහිත නැටුම් ගැයුම් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරින් අවිවාහක මේට්ලන්ඩ්ගේ සිත නැවතුණේ දුටුවන්ගේ සිත මන්මත් කරවන නෙත් සඟලක් ළඟ: නැටුම් දර්ශනයකට සිය පියාගේ නැටුම් කණ්ඩායම සමඟ උත්සවයට එක්ව සිටි ඇය ලොවීනා අපොන්සුවා. ඇයට තිබුණේ සිංහල රොඩී හා පෘතුගීසි මිශ්‍රණයක්. සිංහලයා සතු තලෙළු හා දීප්තිමත් සමත්, තද කළු කෙස් කළඹ හා දුඹුරුවන් නෙත් සඟලත්, පෘතුගීසීන්ගෙන් ලැබුණු යුරෝපීය ශරීරය හා මුහුණේ පිහිටීමත් ඇයව අසාමාන්‍ය ලෙස සුන්දර කර තිබුණා.

    https://assets.roar.media/Sinhala/2017/09/1.cover-.jpg

    තෝමස් මේට්ලන්ඩ් හා ලොවීනා ප්‍රේමයට ඇඳි සිතුවමක් (thetorpidturtle.blogspot.com)
    ලොවීනාට වහ වැටුණු මේට්ලන්ඩ් ආණ්ඩුකාර තුමා ඇයව සොයාගෙන යනවා. ඔහු දකින්නේ කොළඹ නගරයෙන් සැතපුම් 10ක් පමණ ගාල්ල දෙසට වන්නට තිබුණු ලිහිණියාගල නම් මුහුදුබඩ ස්ථානයක මෙම රූමතිය දිය නාමින් සිටින ආකාරයයි. ඔහු වහාම සිය නිල මැදුර එම ස්ථානයේ පිහිටි ගල් පොත්ත මත ඉදි කිරීමට තීරණය කරනවා.

    ළිහිණියා කන්ද ලැවීනියා කන්ද වෙයි​

    මැදුර ඉදි වන කාලයේදී මේට්ලන්ඩ් නවාතැන් ගෙන සිටින්නේ කොළඹ නගරය තුළයි. කෙසේ හෝ ලොවීනා මුණ ගැසෙන ඔහු ඇයගේ සිත දිනා ගැනීමට සමත් වෙනවා. කාටත් හොරෙන් දෙදෙනාගේ ආදර කතාව දළු ලා වැඩෙනවා. නිතරම පාහේ ලොවීනා හෙවත් ලැවීනියා ගේ පියාට අයත් නැටුම් කණ්ඩායම බාල් නැටුම් සන්ධ්‍යා සාදවලට ගෙන්වා ගැනීමට මේට්ලන්ඩ් ක්‍රියා කරනවා. මේ ආකාරයට කාගේවත් බාධාවකින් තොරව සුන්දරව ඔවුන්ගේ ආදර කතාවේ මුල් පරිච්ඡේදය ගත වෙනවා.

    නමුත් සුදු ආණ්ඩුකාරවරයෙකුත්, රොඩී රැහැක තරුණියකත් අතර පෙම් පළහිලව්ව කණට වැටීමෙන් රොඩී රැහේ උදවියවත්, සමස්ථ ලාංකිකයින්වත්, බ්‍රිතාන්‍ය වැසියන් හා කිරීටයත් සතුටට පත් නොවන බව මේට්ලන්ඩ් දැනගෙන සිටියා. එම නිසා ඔහු මැදුර ඉදි කරන විට තව අපූරු සැලැස්මක් ඊට ඇතුලත් කළා. එනම් තමන්ගේ මැදුරේ වයින් ගබඩාවක සිට ලොවීනා සිටින රොඩී ‘ගුබ්බෑයමේ’ ළිඳ අසළට රහස් උමං මාර්ගයක් පිළියෙල කිරීමයි.

    ඉතා ඉක්මණින්ම මැදුර ඉදි වූ පසු දෙදෙනාට නිතරම රහසින් හමු වීමට අවස්ථාව උදා වෙනවා. මේ කාලය ඉතා ශෘංගාරාත්මකව ගත වෙනවා. මැදුරේ ලිපිනය යොදන විට මැදුර පිහිටි ස්ථානය වන ලිහිණියා ගල හෝ ලිහිණියා කන්ද වෙනුවට තමන්ට හුරු කටවහරට අනුව ලොවීනා යන්නට සමානව උච්චාරණය වන “ලැවීනියා කන්ද” යන අර්ථය අැති ‘Mount Lavinia’ නම යොදන්නට මේට්ලන්ඩ් අමතක කරන්නේ නෑ.

    https://assets.roar.media/Sinhala/2017/09/1.cover-.jpg

    ගල්කිස්ස මහ හෝටලයේ පැරණිම ඡායාරූපයක්- (mountlaviniahotel.com)

    ආදරයට කණකොකා හඬයි​

    කාලයාගේ ඇවෑමෙන් රහසක්ව තබාගත් මේ සම්බන්ධය පිළිබඳව ලංකාවේ සිටින පහළ නිළධාරීන් කණ වැකෙන අතර වැඩි කල් යන්නට මත්තෙන් මේ ගැන බ්‍රිතාන්‍යයේ වගකිවයුතු නිලධාරීන්ගේත් අවධානය යොමු වෙනවා. උඩරට අල්ලා ගැනීම සඳහා තමන් යැවූ ආණ්ඩුකාරවරයා ඒ කාරණාව පසෙක තබා ප්‍රාදේශීය ස්ත්‍රියක් සමඟ පෙමින් වෙලීම ඔවුන් කිසි ලෙසකින්වත් ඉවසන්නේ නෑ. නමුත් තෝමස් මේට්ලන්ඩ් සැබවින්ම අවිවාහකයෙක් වීමත්, මේ පිළිබඳ ආරංචිය පැතිරීම බ්‍රිතාන්‍ය කිරීටයට කැළලක් වීමත් නිසා නීතිමය පියවර ගනු වෙනුවට වෙනත් යමක් කිරීමට ඔවුන් තීරණය කරනවා. සාමාන්‍ය මාරුවක් සේ පෙනෙන පරිදි ඔවුන් මේට්ලන්ඩ් ව මෝල්ටාවට මාරු කර යවන්නේ එ් අනුවයි.

    මේ පණිවිඩය ලැබීමෙන් මේට්ලන්ඩ් අතිශය කනස්සල්ලට පත් වෙනවා. 1811 දී ඔහු ශ්‍රී ලංකාවෙන් පිට වන්නේ ලොවීනාට තමන් කිසිම දිනක විවාහ නොවන බව පොරොන්දු වෙමින්. එම පොරොන්දුව අකුරටම ඉටු කළ ඔහු 63 වියැතිව 1824 මිය යන තුරුම අවිවාහකව පසු වෙනවා. සිය පෙම්වතා අහිමි වුණු ශෝකයෙන් ලොවීනා සිය දිවි නසාගත් බව ද සමහර ජනප්‍රවාදවල සටහන් වී තිබෙනවා. සුන්දර අාදර කතාවක් කුරිරු ලෙස නිම වන්නේ එ් අාකාරයෙන්.

    මේට්ලන්ඩ් යුගයෙන් පසු මැදුර​

    ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ්ගෙන් පසු රොබට් බ්‍රවුන්රිග්, එඩ්වඩ් පැජට් හා එඩ්වඩ් බාන්ස් යන ආණ්ඩුකාරවරු මෙම මන්දිරය සිය නිල නිවස හැටියට භාවිතයට ගන්නවා. පසුකාලීනව මෙම මන්දිරය ශ්‍රී ලංකාවේ ඉහළම හෝටලයක් වන ‘ගල්කිස්ස මහ හෝටලය’ බවට පත් වන අතර රොඩී ගුබ්බෑයම පැවති කුඩා ගම්මානය ගල්කිස්ස නගරය බවට පරිවර්ථනය වෙනවා. නිධානයක් ඇති ගලක් අනුසාරයෙන් ගල්කිස්සට සිය සිංහල නාමය ලැබුණද ඉංග්‍රීසීන් මුල සිටම හුරු පුරුදු නිසා භාවිත කළ ‘Mount Lavinia ‘ නාමය අදටත් පවතිනවා.

    1920 පමණ වන විට මෙට්ලන්ඩ්ගේ රහස් උමං මාර්ගය වසා දැමීම සිදු වන අතර අද වන විට උමඟේ කොණක තිබූ වයින් ගබඩාව හෝටලයේ ප්‍රධාන මුළුතැන් ගෙය හැටියට පාවිච්චියට ගැනෙනවා. තෝමස් මේට්ලන්ඩ් රැස්වීම් පැවත්වූ කාමරය අදටත් හෝටලයේ කාර්ය මණ්ඩලය විසින් ආරක්ෂා කරගෙන තිබෙනවා. අද ගාල්ලට දිවෙන ද්විත්ව දුම්රිය මාර්ගය දිවෙන්නේ මේ උමඟ කොටස් දෙකකට වෙන් කරගෙනයි.

    https://assets.roar.media/Sinhala/2017/09/1.cover-.jpg

    එදා උමඟේ දොර තිබූ වයින් ගබඩාව අද ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන මුළුතැන් ගෙයයි. (mountlaviniahotel.com)
    ගල්කිස්ස මහ හෝටලය සහිත මැදුර දෙවන ලෝක යුද්ධ කාලයේදී රෝහලක් හටියටත් උපයෝගී කරගෙන තිබෙනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන ලංකාවේ රූපගත වූ ‘ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ දර්ශන පෙළක්ද මෙහි රූගත කොට තිබෙනවා. අදටත් මෙම මන්දිරය සවිශක්තියෙන් යුතුව ලිහිණියාගල මත වැජඹෙන්නේ නිර්මල ආදරයක මහිමය ලොවට හඬගා කියමින්.

    අපට ලැබුණු දේවල්​

    https://assets.roar.media/Sinhala/2017/09/1.cover-.jpg

    ලිහිණියාගල මත අදටත් ලැවීනියා ගේ මැදුර විරාජමානව හිඳී (lanka-houses.com)
    මේට්ලන්ඩ් – ලොවීනා ප්‍රේම කතාව අවසානයේ ඔවුන් දෙදෙනාටම ලැබුණේ දුකක් වුණත් ශ්‍රී ලංකාවට හා ජනතාවට නම් ඉන් වාසි කීපයක්ම සැළසුණා. ඉන් ප්‍රධානම කාරණාව ඉහත පැවසූ මහා මන්දිරයක් ජාතියට තිළිණ වීමයි. ඊට අමතරව මේට්ලන්ඩ් පෙර තරම් විශාල බදු බරක් ජනතාව පිට පැටෙව්වේත් නෑ.

    තවත් ජනප්‍රවාදයේ එන කතාවක හැටියට එකල උඩු කයට වස්ත්‍ර ඇඳීම තහනම්ව සිටි අඩු කුලේ ජනතාවට එම අයිතිය ලබා දුන්නේ ලොවීනාගේ ඉල්ලීමක් පිට මේට්ලන්ඩ් ආණ්ඩුකාර තුමා බව සඳහන් වෙනවා. මේ ආදර කතාව ලංකාවේ පමණක් නොව එකල බ්‍රිතාන්‍යයේද ඉතා ප්‍රසිද්ධ කතාවක් බවට පත්ව තිබුණා.

    ඉතින් ගල්කිස්ස මහ හෝටලයට යන දවසක මේ කතාන්දරයට වැදගත් වුණු තැන් නරඹන්නත් අමතක කරන්න එපා.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    අපෝ බන් වීඩියෝ එකේ ටයිම් වැඩි කරගන්න තටම තටම කියවන කොට එපා වෙනවා. කියන්න තියන දේ වටේ යන්නේ නැතුව කියල දාන්න. එහෙම නැති උනොත් බලන එවුන්ට එපා වෙනවා.
    Playback Speed eka 1.25 t dapan ban
     
    • Like
    Reactions: BreakingNews

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ගල්කිස්ස kiyana nama hadune kohomada kiyana eka pahadili nane..
    mount lavinia nam kathawata anuwa ok

    thawamath loviniage holmana thiyenawalu galkissa baudda balika widyalaye..
    ehelu lovinia issara indala thiyenne.. eka buildimaka balcony ekata hotale hondin penawali