කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,263
    113
    97
    හෝමාගම
    මේක මේ ඊයෙ පෙරේද ගියපු එකක්, Devils Stair Case, හැමෝම අහලත් ඇති, ගිහිල්ලත් ඇති.
    කියන්නෙ scene හයික් එකක් විදියට පහුගිය කාලෙ ජනප්‍රිය වෙච්ච රූට් එකක්.

    එක end එකක්, ඔහිය - Hortain Plains පාරෙත්, අනිත් end එක ඔහිය - කලු පහන පාරෙත් තියනවා.
    පල්ලම බහින එක ලේසි නිසා , මම තීරනය කරා ඔහිය ස්ටෙසන් එකෙන් පට්න් අරන් පල්ලම බැහැල, කලු පහන හන්දියට එන්න. මුලු දුර කිමි 20ක් වගෙ.

    සීග්‍ර බෑවුමක් එක්ක සිග් සැග් , ගල් ගොඩවල් පිරිච්ච පාරක්, කොයි කාලෙ හැදුනද දන්නෙ නෑ.

    බයික් එකෙ තමයි යන්න හිටියෙ, ඒත් අන්තිම මොහොතෙ පයින්ම අදින්න තීරනය කරා, වෙලාවට එහෙම කරෙ, නැත්නන් සයිලන්සර් බෙන්ඩ් එක අතේ තමයි අරගෙන එන්න වෙන්නෙ
    හැබැයි බයික් වල ගියපු උදවියත් ඕන තරම් හිටිය.

    මම ඒ නිසා, හපුතලෙට වෙනකන් බයික් එකෙක් ගිහිල්ල, හොටෙල් එහෙක ඒක දාල, හපුතලෙ ඉදන් ඔහියට ට්‍රේන් එකෙ ගිය.


    ඔහිය stattion එකෙන් බැහැල වතුර බෝතල් 2හෙකුයි, බිස්කට් එහෙකුයු මල්ලෙ දාගෙන, පටන් ගත්ත කන්ද නගින්න,
    ස්ටෙසන් එකෙ ඉදන් කිමි 4-5ක් වගෙ ආවම, මෙන්න තියනව,


    ආරම්බක ස්තානය.






    අද ටිකක් මීදුම වැඩීය් වාගෙර්, අවුලක් නැ. බොහොම ලස්සනය් ඉතින්
    මීදුම ඇගෙ හැපෙනව, එක එක පාට මල් පාර දෙපැත්තෙ. වම් පැත්තෙ පත බෑවුම
    ඈත පේන කදු, වලාකුලුත් එක්ක හිරිකඩ වැටෙනව, අදුරු අහස, සීතල එක්ක, කුරුල්ලො, කෑගහනව

    විනාඩි 5ක් යන කොට වැස්ස පටන් ගත්ත, මුවා වෙන්න ගසක් නැ, මන් ඉතින් තෙමිච්ච බල්ල වගෙ ඔහේ යනව. ෆීලින් එක මාරයි ඇහ්.

    සද්ද නෑ, වාහන නෑ, කොට කලු සින්හලු නෑ, තනිකරම හොර්ටන් ප්ලෙන්ස් වන රැජිනිය :love:

    විස්තර කරන්න වචන නෑ ඉතින්, මට කවි ලියන්නත් බෑනෙ
    පල්ලෙහා තියනව ගැලරිය, පොටෝ කෑලි ටික එතනින් බැලුවෑකි.

    පාරෙ මුල් කිමි 1 විතර, ගල් ගොඩවල්ම තමයි. එතන ඉදන් ඒත් ගල් ගොඩවල්, මඩ සහ හෝදගෙන ගිය කබුල් ගල් පාරවල්.
    මීදුම හුලගට ගහගෙන ගියාම මෙහෙම පේනව


    සිග් සැග් රූට් එක.





    ආතල් ආතල්,
    හුලන් හමනව, වහිනව, මීදුම හැපෙනව, මන් තෙමි තෙමි යනවා, බලු බල්ලෙක් නෑ, විස්තරයක් වත් අහගන්න.

    කිමි 3ක් වගෙ ගියාම නිකන් අතෑරල් දාපු තේ ඉඩම් වගෙ තියනව. තැනින් තැන කලු සින්හලු කෑම්පින් සයිට් ගහපුව එහෙම තියනව,
    කෝම හරි කිමි 7ක් වගෙ ගියාම , පඩිපෙල ඉවර වෙලා ඔහිය-කලුපහන පාරට වැටුන
    එතන් ඉදන් තමා කෙලිය. තව යන්න කිමි 12ක් වගෙ තියනව

    උඩ මුල් හරිය ලස්සන උනාට, පහල එහෙම නෑ, තනිකරම ඇතෑරපු තේ ඉඩම්,


    හොදගෙන ගිය ගල් පාරවල්.

    මේක මෙහෙම තිබ්බට තේ ෆැක්ටරියකට යන පාරක්. මුන් මේකෙ කොහොම යනවද මන්ද.







    වතු ජීවිත






    මට අනේ කියල හිතුන, මෙව්ව මොන ජීවිතද
    කිසිම අනාගතයක් නෑ, වත්තටම දියවෙලා මැරිල යනව.


    හුන්ඩු වාගෙ ගෙවල්, මිනිස්සුයු, බල්ලොයි, එලුවොයි, කුකුල්ලු එක පොදියට ලැගල ඉන්නව
    ලමයි, මිනිස්සු මන් දිහා බලන් ඉන්නව, මන් උන් දිහා බලල හිනා උනාට උන් හිනා උනෙ නෑ

    ඉරිච්ච ජැකට් බෑයකුයි, එඩ්නිමයි, සර්ට් එකයි ඇදගෙන තෙමි තෙමි යන පිස්ස මොකාදා කියල බලන්න ඇති.

    ඔන්න කඩයක් හම්බුන, ලැයිම් පේලියක් පටන් ගන්න තැන. එතනින් තේ එකක් බොන්න අප්පිරිය හිතුනත්, මන් නිකන් ගොඩ වෙලා තේ එකක් ඉල්ලුව.


    ගනේශ් (AKA කසිප්පු සප්ලයර්)



    වත්තෙ මුලින් වැඩ කරපු එකෙක්, නන්දසෙන වෙසිගෙ කාබනික තේ විප්ලවය නිසා, වල් නාසකයි, පෝරයි හිග උනාට පස්සෙ, කඩන දලු ප්‍රමානෙ මදි නිසා
    පොරට වැඩ නෑ. ඌ දැණ් කරන්නෙ කසිය පෙරන එක.

    පොරගෙ විලාපය, ( කැඩුන සින්හලෙන් )

    ' මේකෙන් තමා ගේමක් ගහන්නෙ බොසා, නැතුව කෝමද ජීවත් වෙන්නෙ. දලු නැ කඩන්න, වත්තෙන් කියන දවසට්ට කිලො 10ක් නැත්නන් ගෙවන්නෙ නෑ කියල.
    දැන් මෙහෙ ගොඩක් එවුන් හපුතලෙ/ ඔහිය/ බලන් ගොඩ පැති වල ගෙවල් වල වැඩට යනව. අපේ ජීවිත අපායක් බොසා. මම කෝම හරි ගේමක් ගහලා, ලමයි බලන්ගොඩ නවත්තල
    උගන්නව, උන්ට මෙහෙ ජීවිතයක් නෑ, බොසා මේව ඉන්ටනෙට් එකෙ දාන්න, පේස්බුක් දාන්න. මේ පරවල් හදා දෙන්න කියන්න, ලෙඩෙක් අරන් යන්නවත් වීල් එකක් මෙහෙට එන්නෙ නෑ පාරවල් නිසා.'

    තේ එකට සීනි දාල නහුතෙට.

    මම ආව එන්න. ඔන්න කිමි 5ක් වගෙ ලන් උනාම බමරකන්ද පේනව. හොටෙල් / ගෙවල් එහෙමත් තියනව, පාරත් හොදයි
    බමර කන්ද බලන්න ගියෙ නෑ, දිය ඇල්ල පටන් ගන්න තැනට යන්න පුලුවන්. මගෙ දුනු බැහැල, එන්ජිමත් බොයිල් කරන්න ඔන්න මෙන්න නිසා
    මම ආව එන්න. හවස 6 වගෙ වෙද්දි තව කිමි 3යි තියෙන්නෙ කලුපහන හන්දියට. කලුවරයි/ ආයෙ වැස්ස. ඒ මදිවට මීදුම.


    මගදී වීල් එකක් සෙට් උනා, ඌ 1000ක් ඉල්ලුව කිමි 3ක් යන්න
    ඌට හුකා ගන්න කියල, මම ආව එන්න.

    මේන් රෝඩ් එකට එනකොට හොද ගනන්. වෙලාව 7.30ය් වගෙ.
    මෙතන ඉදන් හොටෙල් එකට තව කිමි 17ක් තියනව.

    හම්මට ඔන්න ආව අන්ක 98 කොලබ - ඔක්කම්පිටිය සී ටී බී රාජයා.
    වෙලාවට කලුවර උනෙ, දවල් නන් බස් එකට වැද්දගන්නෙ නෑ.


    ‍යන කෙනෙකුට Tips


    *පල්ලම බහින එක ලේසියි
    *බයික් වල යන්න ඉතාම අමාරුයි, ගලෙන් ගලට පැන පැන යන්න වෙන්නෙ. ඊටත් මතරව ඒහම් ගියාම වලවල් බේරනව මිසක් පරිසරෙ රස විදින්න වෙන්නෙ නෑ
    *උදෙ 10ට වත් නගින්න / බහින්න පටන් ගන්න
    *කූඩැල්ලො ඉන්නව
    *බොන වතුර/ කෑම අරන් යන්න, කිසිම තැනක් නෑ මොකක්වත් ගන්න
    *බලාගෙන අඩිය තියන්න, කකුල පෙරලුනොත් හු# තමා


    අම රය්ඩර්






    Gallery


    https://imgur.com/gallery/jQwnmUK
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,538
    2
    48,721
    113
    ඔය ලයිම් වල ඉන්න උන්ටද සක්කිලි කියන්නේ,
    නැහැ සක්කිලි කියන්නේ ඉන්දියාවේ කසළ ශෝධක කුලයක්

    https://joshuaproject.net/people_groups/16600/IN

    Today, some of the Chakkiliyan in south India are educated, occupying administrative positions both in private and public sectors. But most of the Chakkiliyan have a low standard of living and a low literacy rate. They work as leather workers or "night soil" removers. Night soil is a respectable term for human waste.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,263
    113
    97
    හෝමාගම
    ඔය ලයිම් වල ඉන්න අයටද සක්කිලි කියන්නේ,

    ඇයි බන් එහෙම කියන්නේ, indiaයා වෙන් ආපු නිසාද

    නෑ නෙහ්
    සක්කිලි කියන වචනෙ කොහොම ආවද නන් දන්නෙ නෑ

    හැබැයි, ඉස්සර ජනාකීර්න පැතිවල, තිබිල තියනව බාල්දි වැසිකිලි කියල ජාතියක්.
    බොක දැම්මම ඒව යන්නෙ බාල්දියකට.

    අන්න ඒක අස් කරන්න හිටපු දෙමල මිනිසුන්ට කියල තියනව 'සක්කිලි 'කියල