ගල් ගසා මැරීම

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේ දවස්වල ගල් ගහල මරණ එක ගැන කතා වෙන හින්ද මම හිතුව ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියල

    ගල් ගසා මැරීම යනු?

    824.jpg


    ගල් ගහල මරණයට පත් කිරීම කියන්නෙ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් යම් පුද්ගලයෙක් ගල් වලින් ගහල මරණයට පත් කරන එක. ගල් ගහල මරණ එක අනාදිමත් කාලයක ඉඳල සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායක් ලෙස විවිධ රටවල් භාවිතා කරල තියෙනව. උදාහරණයක් විදිහට ගත්තොත් පුරාණ ග්‍රීසියෙ මිනී මැරුම් වලට, ගණිකාවන්ට හා අනාචාරයේ හැසිරුන අයට දඬුවමක් හැටියට ගල් ගහල මරණ එක යොදාගෙන තියෙනව. යුදෙව්වන්ගෙ සංස්කෘතියෙත් මෙම දඬුවම් ක්‍රමය පැවතිල තියෙනව.

    දැනට ගල් ගසා මැරීමේ දඬුවම භාවිතාවන රටවල්

    විවාහක පුද්ගලයන් අනාචාරයේ හැසිරීමට දඬුවමක් හැටියට ගල් ගසා මරණ එක නීත්‍යානුකූලව ඇෆ්ගනිස්ථානයෙ, ඉරානයෙ, නයිජීරියාවෙ ( ප්‍රාන්ත 36න් තුනෙන් එකක පමණ ), පකිස්තානයෙ, සුඩානයෙ හා එක්සත් අරාබි එමීර් වල භාවිතා වෙනව. කොහොම උනත් නයිජීරියාව, ඉරානය හා පකිස්තානය යන රටවල් වල ආන්ඩුව මගින් මෙම දඬුවම් ක්‍රමය නියම නොකරන නමුත් ගල් ගසා මැරීම විවිධ ජන කොට්ඨාශ මගින් ක්‍රියාවට නංවල තියෙන අවස්ථා වාර්තාවෙල තියෙනව.

    දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය

    RTEmagicC_d9571d3aec.jpg.jpg


    මෙහිදී පිරිමි පුද්ගලයෙක් නම් ඔහුගේ ඉණ දක්වාත්, කාන්තාවක් නම් ඇගේ පපුව දක්වාත් පොළවේ වලක් හාරල වලලනව. ඒ වගේම තමයි යොදා ගන්න ගල් වලටත් නියමිත ප්‍රමාණ නියම කරල තියෙනව. ඒ කියන්නෙ පහරවල් එකකින් හෝ දෙකකින් මරණයට පත් කරන්න පුලුවන් විශාල ගල් වගේම මරණයක් ගෙන දෙන්න නොහැකි ඉතා කුඩා ගල් කැටත් යොදා ගන්න බැහැ. ගල් ගහන්න කැමත්තෙන් ඉදිරිපත්වෙන පිරිසක් යොදා ගන්නව. කොහොම උනත් වැරදිකාරයට දඬුවම ක්‍රියාත්මක වෙන වෙලාවෙ වලෙන් ගොඩ ඇවිල්ල බේරිල යන්න පුලුවන් උනොත් ඔහු හෝ ඇයව නිදහස් කරනව. නමුත් පිරිමි කෙනෙක්ට බේරිල යන්න පොඩි හරි අවස්ථාවක් තිබුනත් කාන්තාවකට නම් ඒක කරන්න අමාරුයි.

    කොහොම උනත් මේක ඉතාම වේදනාකාරී මරණයක්. සමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් අතර ප්‍රාමාණයකදී මරණය සිද්ධ වෙනව කියල තමයි කියන්නෙ. ලෝකෙ තියෙන හැම මානව හිමිකම් ආයතනයක්ම මෙම දඬුවම් ක්‍රමය ඉතා මිලේච්ච දඬුවමක් විදිහට හැඳින්නුවත් තවමත් මෙය ඉහතින් සඳහන් කරපු රටවල භාවිතා වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: ncdisa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කොහොමද බන් වෙන මනුස්සයෙක්ට මෙහෙම රිද්දන්නේ. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඔය දඬුවමට ඉංශ්‍රීසියෙන් කියන්නෙ කොහොමද..?

    නයිජීරියාව, සූඩානය මුස්ලිම් රටවල්ද..?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචං ඔය දඬුවමට ඉංශ්‍රීසියෙන් කියන්නෙ කොහොමද..?


    හිට් රොක් ටීල් දේත් :sorry:
    stoning කියලා ආවේ ගුගල් එකෙන්.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචං ඔය දඬුවමට ඉංශ්‍රීසියෙන් කියන්නෙ කොහොමද..?

    නයිජීරියාව, සූඩානය මුස්ලිම් රටවල්ද..?

    Stoning kiyala machan. Nigeria wala machan dan muslim godak innawa. Sudan walath ehemai. E muslim minissu thamayi oya godak terrorist wada karanne e ratawala
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Stoning kiyala machan. Nigeria wala machan dan muslim godak innawa. Sudan walath ehemai. E muslim minissu thamayi oya godak terrorist wada karanne e ratawala
    ඒ කියන්නෙ ඔය රටවල් කලින් මුස්ලිම් නෙමේද..?

    හිට් රොක් ටීල් දේත් :sorry:
    stoning කියලා ආවේ ගුගල් එකෙන්.
    තෑන්ක්ස් මචං..
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කොහොමද බන් වෙන මනුස්සයෙක්ට මෙහෙම රිද්දන්නේ. :(

    පොඩ්ඩක් ඔය ගල් ගහල මරණ විඩීයෝ එකක් බලපන්කො මචන්. ගල් ගහන මිනිස්සු ආතල් එකක් ගන්න ඒක කරනව වගේ බන් හිතෙන්නෙ. කාලකන්නි
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඒ කියන්නෙ ඔය රටවල් කලින් මුස්ලිම් නෙමේද..?

    මෙහෙමයි මචන් ඉස්සර ඔය රටවල් සුද්ද යටත් කරගෙන හිටපු කාලෙ කතෝලික ආගම තිබුනෙ. ඒත් දැන් දැන් ඉස්ලාම් ආගම පැතිරෙනව. දැන් ටික කාලෙකට කලින් නරිජීරියාවෙ කතෝලික මිනිස්සු වගය්ක් පන පිටින් පුච්චල මරල තිබුන බන් ඉස්ලාම් අන්තවාදියො සෙට් එකක්
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බම්ප් රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ල. කරුමෙ කියන්නෙ ඔය රටවල ගෑනු ඕනෙ තරම් වැරදි කරනව. ඒත් ලංකාව වගේ පොඩි රටවලින් ගිහින් වැඩ කරන අයට තමයි ඔය දඩුවම් ගොඩක් වෙලාවට දෙන්නෙ
     

    dickensian

    Well-known member
  • බම්ප් රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ල. කරුමෙ කියන්නෙ ඔය රටවල ගෑනු ඕනෙ තරම් වැරදි කරනව. ඒත් ලංකාව වගේ පොඩි රටවලින් ගිහින් වැඩ කරන අයට තමයි ඔය දඩුවම් ගොඩක් වෙලාවට දෙන්නෙ

    no that's wrong... they treat every lady equally..
    that's how they control their fucking buffoon ladies with their virile kinesis...:no: