~~~ ගල් ගුහාවක මධු සමය ~~~~
ගල් ගුහාවක සිට දින පහක් මධු සමය ගෙවූ යුවලක් අද අළුයම කටුවන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කටුවන හුලංකන්ද වනාන්තරයේ පිහිටි ගල්ගුහාවක සිටියදී අදාළ තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය ප‍්‍රකාශ කළේය.
ඔවුන් බාල වයස්කරුවන් වන අතර තරුණියගේ වයස අවුරුදු පහළොවකි. තරුණයා දාහත්වන වියේ පසුවේ.
ගල් ගුහාවේ ගත කල දින පහක කාලයේදී ඔවුන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් ලබා දී ඇත්තේ තරුණයාගේ පියා විසින් බවද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් තරුණියගේ දෙමාපියන් පොලීසිය වෙත පැමිණිලි කර ඇත්තේ දින ගණනාවක සිට තම දැරිය අතුරුදන් බවටයි. ඒ අනුව මෙහෙයුම් ආරම්භ කළ පොලීසිය අද අළුයම මෙම බාලවයස්කාර යුවල ගල් ගුහාවේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනාම කටුවන රුක්මල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන්ය.
මිරර් නිවුස්
දැන් කට්ටිය හෝටල් ගාස්තු ඉතිරි කරගන්න ගල් ගුහා හොයා ගනියි.

17 