ගව ඝාතනය නවත්වන්න

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දැන් මොකක්ද උබේ ලිස්ට් එකේ පලවෙනියට තියෙන්නෙ..
නෑ. උඹලනෙ මේ ප්‍රශ්නෙ අල්ලගෙන දඟලන්නෙ? ඉතින් උඹම කියපන්:P
 
madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මචන්ලා...... ලංකාවේ ගව ඝාතනය නවත්වන්න ප්‍රායෝගිකව මොනවද කරන්න පුලුවන්???:confused:
    මේ සම්භන්දව දන්න කියන අය ත්‍රෙඩ් එකට අදාලව පමණක් කමෙන්ට් කරන්න.:rolleyes:

    ලින්ඩා

    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ . . .

    මෙවැනි කතා ඔබත් අසා ඇතිවාට කිසිම සැකයක් නැත.

    "මේ කෙන්දරේ හැටියට නම් මේ දරුවට ගොඩක් ලොකු අපලයක් තියෙනවා . . . ඒ අපලෙන් ගැළවෙන්න නම්, කිරි හරකෙකු මරණයෙන් බේරා ගන්න ඕනෑ.”

    ‘‘කිරි හරක් දහ දෙනෙකු මරණින් බේරා ගැනීමේ මහා පුණ්‍ය කර්මය.”

    සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවල දී සිදුවන්නේ, ඝාතනය සඳහා මස් මඩුවට විකුණූ ගවයෙකු, මස් මඩුවේ මුදලාලි විසින් පවසනු ලබන වටිනාකම ගෙවා, මරණින් නිදහස් කර ගැනීමයි.

    බරපතළ රෝග පීඩාදීන්ගෙන් පෙළෙන අවස්ථාවල දීද, විශේෂයෙන් කිරි හරකෙකුට අභය දානය ලබා දී, පින් අත් කර ගන්නා ලෙසට අප හට නොයෙක් අවස්ථාවලදී උපදෙස් ලැබෙනු ඇත.

    එහෙත්, මරණයට නියම වූ කිරි හරකකු මරණින් මුදා ගැනීමේ සත් ක‍්‍රියාව පිටුපස, පිනට දහමට ලැදි සිංහල බෞද්ධ ජනතාව ගසා කන තවත් ප්‍රෝඩාකාරී ක‍්‍රියාවලියක් තිබෙන බව ඔබ දන්නවා ද ?

    ආවට ගියාට හොඳ සිහියෙන් තොරව, කලබලේට පින් කර ගන්න යන්නේ නැතිව, පහත සඳහන් කරනු ලබන කරුණු පිළිබඳව මනා සිහියෙන් යුතුව කටයුතු කරන්නෙකු හට, ශතයක්වත් වියදම් නො කර, කිරි හරක් මරණින් මුදවා ගැනීමේ පුණ්‍යකර්මයට දායක වන්නට පිළිවන් බව ඔබ දන්නවා ද ?

    ඒ මෙසේ ය . . .

    මස් පිණිස ඕනෑම ගවයෙකු ඝාතනය කිරීම සඳහා ‘ගෝ ඝාතකයෝ’ ආඥා පනතේ සහ පළාත් පාලන අණ පනත්වල සඳහන් විධි විධාන ප‍්‍රකාරව, අදාළ පළාත් පාලන ආයතනයේ සභාපතිගෙන් හෝ නගරාධිපතිගෙන් ඒ සඳහා බලපත‍්‍රයක් ලබා ගත යුතුව ඇත.

    එම බලපත‍්‍රය ලබා දීමේ දී,

    අදාළ සතාගේ අයිතියේ නිරවද්‍යතාවය, වයස, ස්ත‍්‍රී පුරුෂභාවය, එළහරකෙක් ද මීහරකෙක් ද යන වග සහ සතාගේ නිරෝගීකම යන කරුණු කාරණා නිත්‍යානුකූලව තහවුරු කර ගත යුතුව ඇත.

    මෙම ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරික්ෂක, හා පශු වෛද්‍යවරයා සම්බන්ධ වනු ඇත.

    කෙසේ වෙතත්, පැටවුන් ලැබිය හැකි වයසේ සිටින කිරි හරක්, මස් සඳහා ඝාතනය කිරීම ශ‍්‍රී ලංකාව තුළ නීතියෙන් තහනම්ය.

    ඒ සඳහා බල පැවැත්වෙන අණ පනත්වල සඳහන් විධි විධානයන් මෙසේය.

    අදාළ ගවයා එළදෙනකු, මීහරකෙකු හෝ එම වැස්සියක් නම්,

    2 1988 අංක 46 දරන පනතෙන් සංශෝධනය වූ, 1958 අංක 29 දරන සත්ව පනතේ 2 වගන්තිය සහ ප‍්‍රධාන පනත යටතේ සාදන ලද, 1962/08/20 දින 13268 අංක දරන රෙගුලාසියේ 7 වගන්තියෙන් නියම කර ඇති අවශ්‍යතා සපුරා ඇත්ද යන්න විමසා බලා පළාත් පාලන ආයතනය විසින් සෑහීමකට පත්වේ නම්, 6 වැනි නියෝගය යටතේ (ගෝ ඝාතකයෝ ආඥා පනතේ) අවසර පත‍්‍රයක් නිකුත් කළ යුතු බව සඳහන් වේ. (මෙම රෙගුලාසිය, 2000/03/14 දින අංක 1123/7 රෙගුලාසියෙන් ද, 2009/11/26 දින අංක 1629/17 රෙගුලාසියෙන් ද සංශෝධනය වී ඇත.)

    1962/08/20 දින 13268 අංක දරන නියෝගයේ 7 වගන්තියෙන් නියම කර ඇති අවශ්‍යතා.

    කිසියම් එළදෙනෙකු, මීහරකෙකු හෝ එම වැස්සියක් ඝාතනය කිරීම සදහා පළාත් පාලන ආයතනයක් විසින්, අදාළ සතා,

    # විකලාංග සහිත ද
    # අභිජනන කටයුතුවලට නුසුදුසු බවටද
    # සී සෑම කළ නො හැකි බවටද
    # වයස අවුරුදු 12 ඉක්මවා ඇති බවටද
    # ස්පර්ශයෙන් බෝවන ලෙඩක් නැති බවටද
    # ගර්භිණීව නො සිටින බවටද,
    # සතා විසූ ස්ථානයේ සිට 3 km අර්ධ විෂ්කම්භය ඇතුළත, සහතික කරන දිනට මාස 3 පෙර කිසිදු බෝ වන ලෙඩක් නො තිබූ බවටද

    ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරිතුමා විසින් සහතික කල යුතුය.

    ඊට අමතරව, පහත සඳහන් ලිපිලේඛන පළාත් පාලන ආයතනයට භාර දිය යුතුය,

    # ප‍්‍රවාහන බලපත‍්‍රය
    # ගව වවුචරය

    ඉහත සඳහන් කරුණු අඩුම තරමින් එකක්වත් සැපිරීමට අපොහෙසත් වුවහොත් 6 වැනි නියෝගය යටතේ අවසර පත‍්‍රයක් නිකුත් නො කළ යුතු බව සඳහන් වේ.

    මේ අනුව, ඉහත කී, කොන්දේසි සියල්ලෙන් ම කිරි හරකුන් මස් පිණිස ඝාතනය කිරීම, ශ‍්‍රි ලංකාව තුළ නීති මඟින් වළක්වා ඇත.

    එළ හරකුන් මැරීම නීති විරෝධියි. වහාම ක‍්‍රියාත්මක වන්න.

    එබැවින් දැනටමත් නීතියෙන් අභය දානය ලබා ඇති කිරි හරක්, ලොකු මුදලක් විය පැහැදැම් කර, බේරා ගැනීම පසෙකලා, අප කළ යුත්තේ ඉහත කී නීති රෙගුලාසිවලට පටහැනි ලෙස, එසේ ඝාතනය සඳහා කිරි හරකුන් සූදානම් කර ඇති ස්ථානය සහ තැනැත්තා පිළිබඳව, පොලීසියට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීමයි. 119 අංකයට දැනුම් දී, අදාළ නීතිමය කරුණු කාරණා පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කර, එකී නීතිමය ප‍්‍රතිපාදන උල්ලංඝනය කෙරී තිබෙනවා නම්, එම කිරි හරකාට කිසිදු මුදලක් වියදම් නොකරම, නීත්‍යානුකූලව අභය ලබා දිය හැකි ය.

    අවශ්‍යය නම්, නීතිඥවරයෙකුගේ සහය ද ලබා ගත හැකියි. හැබැයි එවන් අවස්ථාවල දී නිසි ලෙස නීතිය ක‍්‍රියාත්මක කොට, මේ පුණ්‍යකර්මයට දායක වීම අදාළ නිලධාරීන්ගේද යුතු කමක් වනු ඇත.

    ගවයින් මස් පිණිස ඝාතනය කිරීම අප හට මහත් පිළිකුල් සහගත සහ පවුකාර ක‍්‍රියාවක් වුවද, සුද්දන් විසින් පැන වූ නීතිරීති ප‍්‍රකාරව, එය තව දුරටත් නිත්‍යානුකූල වන බැවින්, ආගමික සාමයේ නාමයෙන් ඇහැ කන පියා ගෙන සිටින්නට අපට සිදුව ඇතත්, එකී සහ පහත සඳහන් නීති පිළිබඳ දැන සිටීමද ඔබට වැදගත් වනු ඇත.

    * ගවයෙකු ඝාතනය කිරීම සඳහා බලපත‍්‍රයක් ලබාගත් පසු, අදාළ ගවයා ඝාතනය කිරීමට පළමු ගෝ ඝාතක පනතේ 15 වගන්තිය යටතේ නිසි බලධාරියා විසින් නියම කරන ලද කිසියම් පහසු ස්ථානයක ඝාතනයට ප‍්‍රථම පැය 24ක් තුළ ගවයන් මහජනයාට පෙනෙන සේ ප‍්‍රසිද්ධියේ තැබිය යුතුය.

    * 14 වගන්තියට අනුව, නිසි බලධාරියා නියම කරන ස්ථානයේ දී හෝ පොදු ගෝ ඝාතන ස්ථානයක දී සහ උදේ 6 හා සවස 6 අතර ඝාතනය සිදු කිරීම කළ යුතුය. කෙසේ වෙතත් මේ ආඥා පනතේ සඳහන් විධි විධානයන් එළුවන්, ඌරන් වැනි සතුන් මස් පිණිස ඝාතනය කිරීම සඳහාද අදාළ වේ.

    මේ නීතිය පිළිබඳව දන්නා ගව ඝාතකයින් කරන්නේ, අපල විපත් දුරු කර ගැනීම සඳහා කිරි හරකෙකුට අභය දීමේ පුණ්‍යකර්මය කර ගැනීමට අවශ්‍ය යැයි කියා තමන් හමුවට පැමිණෙන අහිංසකයා වෙනුවෙන්, තමන් හෝ තම ඥාතීන්, ඇති කරනු ලබන එළදෙනකු රැගෙන විත් ලොකු ගාණක් යටි මඩි ගැසීම බව අවධාරණය කරමි.

    මෙකී මූලික නීතිරීති පවා නොතකා, මේ දහම් දිවයිනේ අනන්තවත් මස් පිණිස කිරි හරකුන් ඝාතනය කෙරෙනවා වුවත්, නීතියේ සහ දැනුවත් ඔබගේ කනින් රිංගන්නට කට්ට කපටි වෙට්ට පිත්තලයන්ට ඉඩ දෙන්න එපා.

    මෑතක දී පුවත්පත්වල පවා පළ කෙරුණු එක්තරා පුවතකින් කියවුණේ, තම කන කර උකස් කර කර එළදෙනක් සහ උගේ පැටියාව බේරා ගත් උතුම් තරුණියකගේ පුවතකි.

    මේ පුවත විමසා බැලීමේ දී පෙනෙන්නට තිබෙන බරපතල කාරණා වන්නේ එකී එළදෙන සහ පැටියාව ඝාතනය කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති විසින් බල පත‍්‍රයක් ලබා දී තිබුණා ද ? ලබා දී තිබුණා නම්, එසේ ඝාතනයට සුදුසු බවට නිර්දේශ ලබා දුන්නේ කවුද ?, තම පැටියාට කිරි දෙමින් සිටි එකී එළදෙන තවදුරටත් පැටවුන් බිහි කරන්නට බැරි, අබල දුබල, සී සෑම කළ නො හැකි, වයස්ගත එළදෙනක් බවට අදාළ කොට්ඨාසයේ පශු වෛද්‍යවරයා සහතික කර තිබුණා ද ? එසේ නම් ඒ කෙසේ ද ? මේ කාරණා ටික විමසා බැලූවා ද ? යන්න ගැටලූ සහගත ය.

    ඉහත කාරනා මෙහි ලියා තැබුවේ කිසිවෙකු හෝ අපහසුතාවයට පත් කිරීමට නො වන බවත්, නූතන කච්ඡපුට පරපුරේ ඇත්තන් අපේ කනෙන් රිංගන්නේ අපගේ නොදැනුවත්භාවය නිසා බව අවධාරණය කිරීමට බවත් සැලකුව මනාය.

    උපුටාගැනීමකි . .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආගම පැත්තකට දාපන්කො, එතකොට ආර්ථික පැත්තෙන් ගත්තම මේ කර්මාන්තයෙ හිටපු අයට මොකද වෙන්නෙ එයාලගෙ දරු පවුල්වලට මොකද වෙන්නෙ? ඔක්කොම බැලුවම එතනත් 10000ක් විතර ඉන්නවා:oo:
    එහෙම බැලුවොත් කසිප්පු පෙරන උන්ගෙ පවුල් පිටින් බලපුවම ලක්ශ ගානක් ඇති.. කුඩු විකුනන උන් බලපුවම දහස් ගානක් ඇති.. ඉතින් එව්වා තහනම් නේද මේ රටේ.. එහෙම එක එකා ගෙ රස්සාවල් බේරගන්න කියලා අසම්මත දෙවල් රටේ කරන්න පුලුවන්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Virus ekak hadala harakta gahanna ona mas kapu gaman kapu eka marenna! Ehema nathuwa mona nithi dhammath horen hari kanawa.
    අඩෝ මෙන්න අයිඩියානම් අයිඩියා,:P:P, වයිරස් ගැහුවෙ නැතත් බොරුවට මාසයක්වත් පත්තරේ සල්ලි දීලා ආටිකල් දැම්මනම්, මේක සීමාකරන්න තිබුනා:yes::yes::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම බැලුවොත් කසිප්පු පෙරන උන්ගෙ පවුල් පිටින් බලපුවම ලක්ශ ගානක් ඇති.. කුඩු විකුනන උන් බලපුවම දහස් ගානක් ඇති.. ඉතින් එව්වා තහනම් නේද මේ රටේ.. එහෙම එක එකා ගෙ රස්සාවල් බේරගන්න කියලා අසම්මත දෙවල් රටේ කරන්න පුලුවන්ද?
    කොහොමත් ඒවා නීතිවිරෝධියි, සත්ව පාලනය නීතිවිරෝධිවෙන්නෙ කොහොමද කියපන්, ඔය දෙක එකට සමාන කරන්න පුලුවන්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ. උඹලනෙ මේ ප්‍රශ්නෙ අල්ලගෙන දඟලන්නෙ? ඉතින් උඹම කියපන්:P
    එකටම කරන්න ඔනා මහ එකාව සහ පවුල ආයෙ ගිරුවාපත්තුවට යවන්න ඔනා.. ඒත් එක වෙන්නෙ නැනෙ, ඒක නිසා ලිස්ට් එකෙන් කැපුවා ඒක.. ඊට පස්සෙ තියෙන්නෙ ලයිට් බිල.. ඒක උද්ගිශනය කලාට වැඩක් උනේ නැ.. ආහ්.. ඔන්න ඒකත් කැපුවා.. ඊලගට ඔහොම ඔහොම ප්‍රශ්න තියනවා විසදන්න බැරී.. ඔහොම ගිහින් එක තැනක් එනවා මේ ප්‍රශ්නෙට.. අන්න විසදන්න පුලුවන් ප්‍රශ්නයක්.. මේ යන්නෙ ඒක විසදන්න තමා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආගම පැත්තකට දාපන්කො, එතකොට ආර්ථික පැත්තෙන් ගත්තම මේ කර්මාන්තයෙ හිටපු අයට මොකද වෙන්නෙ එයාලගෙ දරු පවුල්වලට මොකද වෙන්නෙ? ඔක්කොම බැලුවම එතනත් 10000ක් විතර ඉන්නවා:oo:
    ඒවට විසඳුම් ඉතින් ආණ්ඩුවෙන් දෙන්න ඕනි..ජීවත් වෙන්න සත්තු මරනව කියන්නෙ හොඳ වැඩක් කියල ඒ මිනිස්සුන්ටයි නඩත්තු වෙන සාමාජිකයොන්ටයි හිතෙනවද මන්ද ඊට වඩා හොඳයි වත්තෙ මොනාහරි වවාගෙන ජීවත් වෙන එක!:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකටම කරන්න ඔනා මහ එකාව සහ පවුල ආයෙ ගිරුවාපත්තුවට යවන්න ඔනා.. ඒත් එක වෙන්නෙ නැනෙ, ඒක නිසා ලිස්ට් එකෙන් කැපුවා ඒක.. ඊට පස්සෙ තියෙන්නෙ ලයිට් බිල.. ඒක උද්ගිශනය කලාට වැඩක් උනේ නැ.. ආහ්.. ඔන්න ඒකත් කැපුවා.. ඊලගට ඔහොම ඔහොම ප්‍රශ්න තියනවා විසදන්න බැරී.. ඔහොම ගිහින් එක තැනක් එනවා මේ ප්‍රශ්නෙට.. අන්න විසදන්න පුලුවන් ප්‍රශ්නයක්.. මේ යන්නෙ ඒක විසදන්න තමා..
    ඕක මේ ගිනිතියාගෙන විසඳන්න පුලුවන්ද?:rofl:

    ලොකුම කේස් එක තමයි ඇයි මහ එකාගෙ පවුල පන්නන එක පලවෙනි තැනට ආවෙ කියන එක, මචන් දැනටත් ලන්කාවෙ උන්ට දීලා තියෙන නිදහස වැඩියි, ඒ නිසා තමයි උඹලට කමෙන්ට් දාන්න පුලුවන්,
    :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමත් ඒවා නීතිවිරෝධියි, සත්ව පාලනය නීතිවිරෝධිවෙන්නෙ කොහොමද කියපන්, ඔය දෙක එකට සමාන කරන්න පුලුවන්ද?

    ස්ත්වපාලනය කියන්නෙ හරක් මරන එකද? ඔක අවුලක් නැ ඔස්ටලියාව එන්ගලන්තෙ ප්‍රන්ශේ.. ඒත් මේ රටේ පැවතීගෙන ආපු සන්ස්කෘතියක් තිබුනා.. රොබට් නොක්ස් ගේ පොතේ තියනවා මිනිහා ලන්කාවෙ ඉන්න කාලෙක නත්තලකට කට්ටිය සෙට් වෙලා හරකෙක් මරාගෙන කැවලු.. ඔක අරන්චි වෙලා ගමේ සින්හල මිනිස්සු බොහොම පිලිකුල් කලාලු.. අන්න ඒ වගේ සමාජෙකින් පැවතෙන් රටකට ඔබින නොහොබින දේවල් තියනවා.. හරක්මස් කියන්නෙ නොකැවොත් මැරෙන දෙයක් නෙමෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක මේ ගිනිතියාගෙන විසඳන්න පුලුවන්ද?:rofl:

    ලොකුම කේස් එක තමයි ඇයි මහ එකාගෙ පවුල පන්නන එක පලවෙනි තැනට ආවෙ කියන එක, මචන් දැනටත් ලන්කාවෙ උන්ට දීලා තියෙන නිදහස වැඩියි, ඒ නිසා තමයි උඹලට කමෙන්ට් දාන්න පුලුවන්,
    :P
    ම්ම රජයේ සේවකයෙක් නෙමෙයි.. පවතින රජය විවෙචනය කරන්න මට අයිතිය තියනවා.. ඒ ප්‍රශ්නේ එකටම ආවෙ නැ මීට අවුරුදු 3-4කට කලින්.. ඒ කාලේ තිබුන ප්‍රශ්න එක්ක..ඒත් දැන් කාලේ හරි වෙන පවුලකට රට් කන්න දෙන්න..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒවට විසඳුම් ඉතින් ආණ්ඩුවෙන් දෙන්න ඕනි..ජීවත් වෙන්න සත්තු මරනව කියන්නෙ හොඳ වැඩක් කියල ඒ මිනිස්සුන්ටයි නඩත්තු වෙන සාමාජිකයොන්ටයි හිතෙනවද මන්ද ඊට වඩා හොඳයි වත්තෙ මොනාහරි වවාගෙන ජීවත් වෙන එක!:rolleyes:
    මහත්තය ඔබ තුමා දන්නවද වී වගාකරද්දී කෘමිනාශක ඉහල සත්තු කීදාහක් මරනවද කියල. ඉතින් එතනත් වෙන්නෙ විශාල සත්ව ඝාතනයක්.. කියන තරම් ලේසියට ඒ මිනිස්සුන්ට වෙන දේවල්වලට යොමුවෙයි කියලා හිතන්න අමාරුයි, :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ස්ත්වපාලනය කියන්නෙ හරක් මරන එකද? ඔක අවුලක් නැ ඔස්ටලියාව එන්ගලන්තෙ ප්‍රන්ශේ.. ඒත් මේ රටේ පැවතීගෙන ආපු සන්ස්කෘතියක් තිබුනා.. රොබට් නොක්ස් ගේ පොතේ තියනවා මිනිහා ලන්කාවෙ ඉන්න කාලෙක නත්තලකට කට්ටිය සෙට් වෙලා හරකෙක් මරාගෙන කැවලු.. ඔක අරන්චි වෙලා ගමේ සින්හල මිනිස්සු බොහොම පිලිකුල් කලාලු.. අන්න ඒ වගේ සමාජෙකින් පැවතෙන් රටකට ඔබින නොහොබින දේවල් තියනවා.. හරක්මස් කියන්නෙ නොකැවොත් මැරෙන දෙයක් නෙමෙයි..
    ඉස්සර මිනිස්සු හරක් මස් කෑවෙ නෑ කියලද කියන්න හදන්නෙ? ඒක සන්ස්කෘතියක් වෙලා තියෙන්නෙ හින්දු අයට අපිට නෙමෙයි. ඒවගේ දේවත්වයෙන් සලකන්න උවමනාවකුත් නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ම්ම රජයේ සේවකයෙක් නෙමෙයි.. පවතින රජය විවෙචනය කරන්න මට අයිතිය තියනවා.. ඒ ප්‍රශ්නේ එකටම ආවෙ නැ මීට අවුරුදු 3-4කට කලින්.. ඒ කාලේ තිබුන ප්‍රශ්න එක්ක..ඒත් දැන් කාලේ හරි වෙන පවුලකට රට් කන්න දෙන්න..
    ඒ අයිතිය නැති රටක ඉපදුනානම් උඹත්.... මොනා කියයිද?:rofl:

    ඒක නෙමෙයි හරක් විතරක් මරන්න එපා කියන්නෙ ඇයි? කිරි බොන නිසාද?
    :baffled::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහත්තය ඔබ තුමා දන්නවද වී වගාකරද්දී කෘමිනාශක ඉහල සත්තු කීදාහක් මරනවද කියල. ඉතින් එතනත් වෙන්නෙ විශාල සත්ව ඝාතනයක්.. කියන තරම් ලේසියට ඒ මිනිස්සුන්ට වෙන දේවල්වලට යොමුවෙයි කියලා හිතන්න අමාරුයි, :P

    පලා කොල මලවගෙන කැවත් ඒකෙ ඉන්න ක්ශුද්‍ර ජීවියො මැරෙනවා.. එහෙමයි කියලා මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ නැ ලන්කාවෙ.. පවක් වෙන්නෙ තමන්ගෙ චෙතනාව අනුව.. කතොලික හො මුස්ලිම් හො යුරොපිය මනුස්සයෙක් හරක් මස් කැවා කියලා අපිට කියන්න බැ ඒ මනුස්සයා අපාගත වෙනවා හො නොවෙනවා කියලා.. මොකද ඒ මනුස්සයො අදහන දර්මය සහ ඇදහිල්ල වෙනස්.. අපිට සාපෙක්ශව ඔවුන් කර්ම විපාකය නොදන්නවා වෙන්න පුලුවන්, ඒත් අප දන්නවා බෞද්දයන් හැටියට මේක පාපයක් බව.. අන්න ඒ ටිකම ඇති දැන දැන් පව් කරලා අපාගත වෙන්න..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර මිනිස්සු හරක් මස් කෑවෙ නෑ කියලද කියන්න හදන්නෙ? ඒක සන්ස්කෘතියක් වෙලා තියෙන්නෙ හින්දු අයට අපිට නෙමෙයි. ඒවගේ දේවත්වයෙන් සලකන්න උවමනාවකුත් නෑ.
    කන්න ඇති.. ඒත් සමස්තයක් හැටියට සින්හල සන්ස්කෘතිය ගව මස් අනුබවය පිලිකුල් කලා.. හරකා නෙමෙයි කුකුලත් පව්.. රොමේ ගොඩනැගුවේ එක දවසකින් නෙමෙයි.. එකින් එක විසදන්න උත්සහ කරමු..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තෙරුනෙ නැ මචන්.. කොහොමද කිරි බිව්වම හරක් මැරෙන්නෙ?? :oo::baffled:

    මේකයි කතන්දරේ. මම මේ කියන්නේ පාරේ නිදැල්ලේ ඉන්න හරකෙක් ඇදන් ගිහින් මස්කරල කන එක නෙමෙයි. :dull: එළකිරි සඳහා එළදෙනුන් ඇතිකරන්නන් එළදෙනට පැටිය හම්බවුනගමන් තීරණයකරනව පැටියව මරණවද තියාගන්නවද කියල. පිරිමි පැටියෙක් හම්බවුනොත් බොහෝදුරට මසට මරනව. ගැහැනු සතෙක් හම්බවුනොත් බොහෝදුරට තියාගෙන ඉක්මනින් ලොකුකරගෙන ඒ කාලේ වෙනකොට කිරි නිශ්පාදනය අඩු එළදෙනක් මරන්න නියමකරල අලුත් සතා කිරි නිශ්පාදනයට යොදාගන්නව. ගවයෙකුගේ ආයුකාලය අවුරුදු 20ක් වුනාට කිරි එළදෙනකගේ ආයුකාලය අවුරුදු හතරකින් නිමකරනව. ඒ කාලය ඇතුලත එළදෙන පැරව් තුන්දෙනෙක් බිහිකරනව:(. ඕක ඉතින් චක්‍රයක්. නවත්වන්න ඕනනම් කිරි, කිරි සම්භන්ද ආහාර වර්ජනයකරන්න ඕන. මම මස් කන් නෑ ඒත් කිරි චීස් කනව. ඒනිසා මම වෙනුවෙනුත් හරක් මැරෙනව. :baffled::(

    අවුරුදු හතරට පස්සේ කිරි නිශ්පාදනය ධාරිතව අඩුවන එළදෙනුන් උන්ගේ ජීවිතකාලයේ ඉතිරි අවුරුදු පහලොව කන්න දීල තියාගෙන මැරුනම වලදාන එක අපි අපේ ගෙදර හදන හරකෙකුට කලාට මේක ලාබ ලබන කර්මාන්තයක් විදියට කරන අයට ඒ දේ ප්‍රයෝගික නෑ...... මස් කන් නැතිව වර්ජනය කරත් ඒ අය කිරි නිශ්පාදනය පවත්වාගන්න අනිවාර්‍යයෙන්ම ඒ සත්තු මරනව.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පලා කොල මලවගෙන කැවත් ඒකෙ ඉන්න ක්ශුද්‍ර ජීවියො මැරෙනවා.. එහෙමයි කියලා මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ නැ ලන්කාවෙ.. පවක් වෙන්නෙ තමන්ගෙ චෙතනාව අනුව.. කතොලික හො මුස්ලිම් හො යුරොපිය මනුස්සයෙක් හරක් මස් කැවා කියලා අපිට කියන්න බැ ඒ මනුස්සයා අපාගත වෙනවා හො නොවෙනවා කියලා.. මොකද ඒ මනුස්සයො අදහන දර්මය සහ ඇදහිල්ල වෙනස්.. අපිට සාපෙක්ශව ඔවුන් කර්ම විපාකය නොදන්නවා වෙන්න පුලුවන්, ඒත් අප දන්නවා බෞද්දයන් හැටියට මේක පාපයක් බව.. අන්න ඒ ටිකම ඇති දැන දැන් පව් කරලා අපාගත වෙන්න..

    හරි, එහෙනම් හොඳ චේතනාවෙන් මස් කන එකත් වැරැද්දක් නෙමෙයි කියලා ගන්න පුලුවන්,, මොකද චේතනාව පදනම් වුන නිසා,:rolleyes:

    මොකද, අපි මස් කනකොට, හරකව මරපු හැටි, උගෙ අම්මට මොකදවුනේ? උගෙ පැටියට මොකදවුනේ කියලා හිත හිත මස් කන්නෙ නෑ,එහෙම නේද? ඇත්තටම එහෙම හිත හිත මස් කන්වනම් අන්ගොඩ තමයි නවතින්න වෙන්නෙ.
    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කන්න ඇති.. ඒත් සමස්තයක් හැටියට සින්හල සන්ස්කෘතිය ගව මස් අනුබවය පිලිකුල් කලා.. හරකා නෙමෙයි කුකුලත් පව්.. රොමේ ගොඩනැගුවේ එක දවසකින් නෙමෙයි.. එකින් එක විසදන්න උත්සහ කරමු..
    පිලිකුල් කරලා වැඩක් නෑ ප්‍රායෝගික නැත්නම්? එක්කො කනවා නැත්නම් නෑ. කියද්දි මෙහෙම කරද්දි මෙහෙම කියලා දෙබිඩි වැඩකරන්න බෑ. හැමෝම එක මතේකට එන්න ඕන.:rolleyes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Mama harak mas kalama naha a unata chicken kanawa. Ithin mama harak mas kana unta mukuth kiyanna yanne naha mamath mas kana nisa.