ගහලා ගන්නද හදන්නේ?

Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..
මෙහි සිටින අපේ යාළුවන් මේ ගැන යමක් කියනවද?
(මෙය මෙහි පලකරන්නේ දැඩි හිත් වේදනාවෙන්.අපේ වටිනා-පැරණි සාමාජිකයන් සමහර අය කාර්‍යබහුලයි-සමහර අය නිසි ඇගයීමක් නොමැතිකමින් උදාසීනයි.)සියල්ලටම වඩා මේ නවක සාමාජිකයන් ගීත ඉල්ලන පිළිවෙල හා මේ නව ප්‍රහාරාත්මක ක්‍රමවේදය ගැන ඔබේ හැඟීම කුමක්ද?(මෙහි පහත දක්වා ඇත්තේ පුංචිම පුංචි නිදසුනක් පමණි)

Quote:
Originally Posted by schandra
Hi friends, some people share files but put passwords. What is the point of putting passwords and sharing specially in a public forum like this. Surely they are not generous... :frown::frown:

I am glad to all those who generously share nice songs with others without putting restrictions. :):):). Thank you so much for being so benevolent...:):):)

I doubt those people who put passwords whether they really share songs. Anyone can upload some junk, put a password and claim "I shared this song that song so and so..." No one really knows what it is... :dull:

When even asked some people don't provide passwords... either they even can't remember or they have uploaded some crap.... I am sorry to tell you this...:frown::frown::frown:


දැන් මෙතනට එන අය %99ක්ම අළුත් අය.(පහුගිය මාස දෙකේදී පළමු පෝස්ට් එකෙන්ම මෙතනට ආ අය ගැන මම වාර්තාවක් හදලා තියනවා)පළමු පෝස්ට් එකෙන්ම තර්ජනය කරලා වගේ ඉල්ලන්නේ.ඒ ඇවිල්ලා ඉල්ලන්නේ වෙන කොහේවත් හොයාගන්න නැති-බැරි සිංදු.අලුතෙන් සමහර අය සිංදුවලට මුරපද දාලා තියන නිසා තමයි ඔය හොරෙන් සිංදු ගත් අයට එළකිරි ID එකක් හදාගෙන එන්න වෙලා තියෙන්නේ.ඒ වගේ අකෘතඥ-ආත්මාර්‍ථකාමී නොමිනිස්සු නිසා අපේ වටිනා සහෝදරයන් මේක දාලා යන තැනට ඇවිල්ලා ඉන්නේ.පාස්වර්ඩ් දාලා හෝ නොදා සිංදු දෙන්නේ යම් අගයකිරීමක් ගැන හැඟීමක්(වටිනා ගීත-පොදු ගීත)ඇතිවයි.
බණ කියන්න-ඉංග්‍රීසියෙන් හෑල්ලු කරන්න පෙර අනුන්ගෙන් නොමිලේ යමක් ලබා ගන්නේ කෙසේද යන සරල ධර්‍මතාවය වත් ඉගෙන ගන්න.ඔබ මිනිසෙක් නම්,එකිනෙකාට- එකිනෙකාගේ අයිතියට ගරු කරන්න.විවෘත සමාජ අඩවියක් වූ පලියට සියල්ල නොමිලේ-හොරෙන් ගැනීමේ දුෂ්ඨ විපාකය දැන් තේරෙනවා නේද?

__________________



:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
පාස්වර්ඩ් දැමීම ගැන මගේ නම් කැමැත්තක් නැති උනත් මෙහෙම කතාවක් නම් අනුමත කරන්න බෑ
මෙයාගෙ කතාවෙත් යම් ගතයුත්තක් තියෙනවා ... ඒ උනාට ඒක කිව යුතු විදිහ මේක නෙමේ :no:
දෙයක් ඉල්ලනකොට ඉල්ලන්න ඕනි විදිහක් තියෙනවා ... ඒ වගේම ඒක ගත්තට පස්සෙ දුන්න කෙනා කරපු කැපවීමට ස්තූතියි කියන වචනය හරි කියන එක හුගක් වටිනවා... ඒක දුන්න කෙනාට ආත්ම තෘප්තියක්
මන් මේ කල්පනා කළේ මේ ප්‍රශ්නෙ ගිය දුර :oo:


සහතික ඇත්ත මේ කතාවම තමා මන් මේ ගැන මුලින්ම කතා කරනකොටත් අපේ කට්ටියට කියන්න ත්ත්සාහ කරේ ... ඒත් සමහර අයගෙ දෙපාරක් නොහිතා දාන අධිමානසික කමෙන්ට් වලට දුන්නු පිළිතුරු නිසා සමහර අයට සිත් රිදීම් ඇති වෙන්නැති ... ඒ ගැන මට කණගාටුයි
ඔබ පාස්වර්ඩ් ප්‍රශ්ණය ගැන සෘජු මතයක සිට දැක්වූ අදහස් මට මතකයි.ඒ ගැන දැන් කව්රුවත් කතා කරන එක නවත්තලා -කැමති අය කැමති විදිහට ඒක කරගෙන යනවා. ඒ අයගේ කැමත්ත සහ අයිතිය ගැන මට නම් පුද්ගලිකව යමක් කියන්න බෑ.
මම මේ අහන්නේ ගීත ඉල්ලීම් වල දැන් තියන ප්‍රචන්ඩ-ප්‍රහාරාත්මක ක්‍රමය ගැනයි.මේ ගැන අවබෝධයක් ගන්න පහුගිය පිටු කීපයක් කියවන්න ඕන)විශේෂයෙන්ම පළමු පෝස්ට් එකෙන්ම.සමහරු ගීතය ඉල්ලලා ගිහින් දවස් ගානකට පස්සේ ඇවිත් දෝෂාරෝපනය කරනව-මම ඉල්ලුව එක කෝ? ඒ මේක නෙවෙයි වගේ දේවල්. බොහෝ වෙලාවට එතන ඉන්න එකම කෙනා තනිවෙනවා. අනිත් තැන්වල ඉන්න කව්රුවත් ඒ ගැන කතා කරන්නෙ නෑ.

(මට සමාවෙන්න ඕන මේ වගේ මාතෘකා ඇදල ගත්තට ඒවට පිළතුරු සපයන්න වෙලාවක් නැති කම ගැන. එහෙත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට මෙය හරවත් තැනකට ගෙන ආ හැකියි නේ)
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ශම්මි මේ ගැන කතා කරපු එක ගැන මම සතුටු වෙනවා.ඇත්ත,සිංදුවක් හොයා ගන්න ගියාම තමා ඒ කෙනා ඒකේ අපහසුව දන්නේ.එහෙම හොයා ගෙන ඒක අප්ලෝඩ් කලාට පස්සේ ස්තුතියි කියන්නෙ නැතුව අරන් යනවා.ඉතින් එහෙම වුනාම හිතට දැනෙන්නේ පුදුම වේදනාවක්.ඔය සිද්දිය නිසා අපේ සමාජිකයි කිහිපදෙනෙක් අතර මත බේද පවා ඇති උනා.ඉතින් මම කියන්නේ ස්තුතියි කියන එක බලෙන් ලබා ගන්නත් බෑ.ඒක හිත ඇතුලෙන් එන්න ඕනේ.තම තමන් ඒ අනුව ක්‍රියා කරනවා නම් මේ ප්‍රශින මුකුත් නෑ.... :)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සහතික ඇත්ත මේ කතාවම තමා මන් මේ ගැන මුලින්ම කතා කරනකොටත් අපේ කට්ටියට කියන්න ත්ත්සාහ කරේ ... ඒත් සමහර අයගෙ දෙපාරක් නොහිතා දාන අධිමානසික කමෙන්ට් වලට දුන්නු පිළිතුරු නිසා සමහර අයට සිත් රිදීම් ඇති වෙන්නැති ... ඒ ගැන මට කණගාටුයි

    aththenma
    mekata EK eke SL OLD HITS ekata adare aya wshayen yamak kare nathnam ape membors la gananawkata prayojanawath wuna e wagema thwath godaaak ayata thamange pawula wage danuna sthanayak nati wenna puluwan...
     

    nwnbs

    Member
    ඔය වගේ දේවල් මම ගොඩක් දැක්ක. හැමදාමත් ස්තුතියි කියන්නෙ මහගෙදර පවුලේ අයම විතරයි... (දැන්නම් සමහර අලුත් එක්කෙනෙක් දෙන්නෙකුත් ස්තුති කරනව මං හිතන්නෙ)
    තමං ලඟ නැති තමං ගොඩාක් ආස කරන ගීතයක් ලැබුනාම ඒකෙන් ලැබෙන සතුට කියල නිම කරන්න බෑ... මට නම් එහෙම උනාම ස්තුතියි විතරක් කියලත් මදී... ඒ වගේම එහෙම දෙයක් තව කෙනෙකුට ලබා දීලා ලැබෙන සතුටත් කියල නිම කරන්න බෑ... ඒ සතුට තවත් වැඩිවෙනව ඔය ස්තුතියි කියන වචනය ඇහෙනකොට... ඒත් දීල කාල පුරුදු නැති මිනිස්සු ඉන්න සමාජයක ඔය වචනය අහන්න ටිකක් අමාරුයි... ඇත්තටම ඔයාල කරන්නෙ පුදුම සේවයක්... ඒකට මගේ ආචාරය...