ග්‍රීක් කතාවක්.
මම මේ කතාව ලියන්න හිතුවෙ අපේ oxide සහෝදරයා දාපු කතා පෙළක් නිසා. ඒකෙ තිබුන එක කතාවක් විස්තර ඇතුව කියන්න ඕන කියල හිතුන.
http://www.elakiri.com/forum/showthread.php?t=1594137එයා ඒ ත්‍රෙඩ් එක දැම්මෙ නැත්නං මම මේක දාන්නෙත් නෑ. ඉතින් මේ කතාවටත් ගෞරවය එයාට හිමියි.
හැම දෙනාම අහල ඇති ඉලියඩ් කියන කතාව ගැන. ට්‍රෝයි කියන චිත්‍රපටියේ එන්නෙ ඒ කතාව තමයි. ඔය යුද්ධය අවුරුදු දහයක් පැවතුනා. ගොඩක් ග්‍රීක් වීරයෝ ට්‍රෝයි වලම මැරුණා. ඉතුරු අය ජයග්‍රාහී විදිහට තම තමන්ගේ ගෙවල් වලට ගියා.
එතන හිටපු එක වීරයෙක් තමයි ඔඩිසියස් කියන්නෙ. එයා ගේ ගම තමයි ඉතාකා. එයත් ඉතින් තමන්ගේ නැවට නැගල සෙබළු ටිකත් එක්ක ගෙදර යන්න පිටත් වුනා. ඒත් ඒ වෙනකොට දෙවිවරු තීරනය කරලා තිබුනේ එයාට ගෙදර යන්න දෙන්නේ නෑ කියල. ඒක නිසා ඔඩිසියස් ට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුනා. එයින් එකක් තමයි මේ කියන්න යන්නෙ.
ඔඩිසියස් දේව උදහස නිසා මුහුදේ අතරමං වෙලා එහාට මෙහාට යමින් ඉද්දි එක දවසක් සේන්දු වුනා ලස්සන රටකට. ගොඩ බැස්ස විතරයි මොනවද දැක්කෙ? පලතුරු ගස් සහිත ලස්සන කොළ පාට පරිසරය. බැටළුවෝ හැම තැනම. ඉකමන්ටම ඒ ගොල්ලෝ බැටළුවෝ මරලා දෙවියන්ට කොටසක් පුජා කරලා බඩ පිරෙන්න කෑව. ඊට පස්සේ මොනවගේ දුපතක් ද මේක කියල බලමු කියල ඇවිදින්න ගියා. ගියේ ඔඩිසියස් සහ තව හය දෙනෙක්. අනිත් අය නැවේ තියලයි ගියේ.
ටිකක් දුර යද්දී දැක්ක මහා විශාල ගල් ගුහාවක්. මේගොල්ලෝ ඇතුලට ගියා. ගිහින් බලද්දී මෙන්න තියනවා උතුරන්න කිරි පුරවපු විශාල භාජන, චීස්, පලතුරු, මහා විශාල ඇඳක්, ඔහොම දේවල්. මේ ගොල්ලොන්ට තේරුණා මේ ඇවිත් ඉන්නේ විශාල යෝධයෙකුගේ ගෙදෙට්ට කියල.ආපහු යන්න කියල හැරුන විතරයි මෙන්න එනවා විශාල එකැස් යෝධයෙක්. මහා විශාල ඝර්ජනයක් දාගෙන ආපු ගමන් ම ඔඩිසියස් ගේ මිනිහෙක් අල්ලලා ගැහුවා පොලවේ. මොලේ කෑලි විසි වුනා. ඊට පස්සේ අරන් කෑලි වලට ඉරල කෑවා. කාල බඩ පුරවන් ඇහුව "තොපි කවුද?" කියල. ඔඩිසියස් කිව්වා මගේ නම "කවුරුවත් නෙවෙයි" කියල. (Nobody කියල). "අපි ඔබතුමාගේනිවසට ආවේ අනතුරක් කරන්න නෙවෙයි. ඔබතුමාට පොඩි තෑග්ගකුත් අරගෙනයි ආවෙ." එහෙම කියල තමන්ට බොන්න ගෙනිච්ච වයින් බෝතලයක් දුන්න.
යෝධයා වයින් බෝතලේ බිව්වා. වයින් රහ වැටිච්ච යෝධයා කියනවා, " දැන් ඉතින් 'කවුරුවත් නෙවෙයි' යි මම යි යාළුවො. ඒ හින්ද මම උඹට උදව්වක් කරනවා." ඔඩිසියස් ඇහුව මොකද්ද උදව්ව කියල. යෝධයා කිව්වා "මම උඹව අන්තිමටම මරන්නම්" කියල.
ඔඩිසියස් දැනගත්ත මේ ඇවිත් ඉන්නෙ සයික්ලොපීස් කියන යෝධයින්ගේ රටට කියල. මේ ගොල්ලෝ කිසිම අනුකම්පාවක් නැති අය. ඔඩිසියස් මොකද කරේ තව වයින් බෝතලයක් දුන්න බොන්න. මේකත් බීපු යෝධයා නින්දට වැටුන එයාගේ මහා විශාල ගිනි මැලේ ළඟ. හැබැයි ඊට කලින් විශාල පර්වතයක් උස්සල දොර වැහුව. එයාගේ බැටළු රංචුවත් මේ විශාල ගුහාව ඇතුලෙ තමයි රෑට ඉන්නේ.
යෝධයාට නින්ද ගියහම ඔඩිසියස් විශාල ඉන්නක් ගින්නෙන් අරන් යෝධයාගේ තනි ඇහැ ට ඇන්නා. යෝධයා මරහඬ තලාගෙන නැගිට්ටා. ඒත් දැන් පේන්නෙ නැහැ. යෝධයා කට්ටිය අල්ලන්න එහාට මෙහාට පනිනවා. මිනිස්සු ටික ත් පැන පැන බේරෙනවා. ඔය අතරෙ යෝධයා කෑ ගහනවා වේදනාවෙන්. "මෙන්න මරනවෝ මෙන්න මරන්න හදනවෝ" කියල. ඔය සද්දෙ ඇහිලා වටේ ඉන්න අනිත් යෝධයෝ දුවගෙන ඇවිත් එලියෙ ඉඳන් අහනවා " පොලිෆීමුස්, කවුද කවුද උඹව මරන්න හදන්නේ ?" කියල. යෝධයා කියනවා " කවුරුවත් නෙවෙයි, කවුරුවත් නෙවෙයි" කියල. (Nobody is killing me) එතකොට එලියෙ ඉන්න උන් " කවුරුවත් නෙවයි නං ඔන්න ඔහේ නිදා ගනින්. අපිට කරදර නොකර" කියල යන්න ගියා.
ඔන්න ඉතින් පහුවදා එලිය වැටුන කියමුකෝ. ඔඩිසියස් ලට යන්න තියෙන්නේ දොරෙන් විතරයි. පොලිෆීමුස් මේගොල්ලෝ යනවට බැටළුවෝ එලියට දාන්නෙ එක එකා. අතගාල තමයි යවන්නේ. ඔඩිසියස් කල්පනා කරා මොකද කරන්නේ කියල. මිනිහ කරපු වැඩේ තමනුයි ගොලයෝයි ඉතා විශාල බැටලුවන්ගේ බඩ යටින් එල්ලිලා බැඳ ගත්ත. පොලිෆීමුස් බැටළුවෝ අත ගෑවට බඩ යටට අත තිබ්බේ නෑ. ඉතින් ඔන්න ඔහොම ඔඩිසියස් බේරිලා නැවට ගියා. ගිහින් නැව දියත් කරලා කෑ ගැහුවා " පොලිෆීමුස් මම යනවා. කවුරුහරි ඇහුවොත් උඹේ ඇහැ නැති වුනේ කොහොමද කියල කියපං ඉතාකා වල ඔඩිසියස් ඒක කරේ කියල" කියල. පොලිෆීමුස් විශාල පර්වතයක් උස්සල මුහුදට ගැහුවා. ඒක නැවේ නොවැදුනාට ඒකෙන් ඇති වෙච්ච දිය වළලු වලට තව පොඩ්ඩෙන් නැව ආපහු දූපතට යනවා. නමුත් කොහොම හරි බේරිලා යන්න ගියා.
ඒත් සයික්ලොපීස් කියන්නෙ මුහුදට අධිපති පොසයිඩොන් දෙවියන්ගෙ ළමයි. ඉතින් දෙවියන්ගෙ ළමයෙකුට හානි කරපු හින්දා ඔඩිසියස් තවත් අමාරුවේ වැටුනා. ඒක වෙනම කතාවක්.
හෝමර් ගේ "ඔඩිසි" වීර කාව්‍යයෙනි
අංගුලිමාල ගේ පරිවර්තනයකි

Last edited: