ග්‍රීක අර්බුදයෙන් පාඩමක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ග්‍රීසියෙ වාමාංශික සිරීසා පක්ෂය 2009 කාලෙ ඡන්දෙක ගන්නේ 4%ක් වැනි ඡන්ද ප්‍රතිශතයකි. 2008 ආර්ථික අර්බුධය ග්‍රීසියට නන්නපෝල් වෙන්න බලපෑ නිසා විරැකියාව දිගින් දිගට ඉහල යාම, මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතිවීම, තරුණ දිවිනසාගැනීම් වැඩිවීම ආදිය සිදුවිය. ග්‍රීක තරුණයන් බුරුතු පිටින් රට හැර යන්නට පටන් ගත්හ. ග්‍රීසියෙ බලයේ සිටි රජයන් විසින් යුරෝපා සංගමයේ බලවත් රටවල් සහ බැංකු වල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද උපදෙස් පරිදි 2010 සිට ග්‍රීසියෙ සුභසාධන පද්ධතිය ක්‍රමාණුකූලව ගලවා දැමුවෝය. මිනිස්සුන්ගේ රැකියා ආරක්ෂණ නීතිරීති ලිහිල් කෙරුණි, විශ්‍රාම වැටුප් කපා හැරුණි, බෝනස් සහ අතිකාල දීමනා කපා හැරුණි, වැටුප් වර්ධක ආදිය සීමා කෙරුණි, පොදු සේවාවන් සඳහා වුණු මුදල් කපා හැරුණි, රාජ්‍ය ආයතන දාස් ගණනක් පුද්ගලීකරණය කිරීමට නිර්දේශ වුනි... මේවාට කියන්නේ austerity measures (පටි තදකරගැනීම්) කියාය. කොහෙදෝ රටක බැංකු පකීර්ලා ටිකක් කල සෙල්ලමක් නිසා ග්‍රීසියට දඬුවම් කෙරුණු අතර "ග්‍රීකයෝ කියන්නේ අති කම්මැලි අලස ජාතියක්" යයි පෝසත් ජර්මානුවන් ආදීන් කියා සිටියහ.

    දිගින් දිගට ක්‍රියාත්මක කල පටි තදකරගැනීමේ ව්‍යායාමයන්ගෙන් හෙම්බත් වුනු ග්‍රීක ජනතාව දැඩි බලාපොරොත්තු සහිතව 2009දී ඡන්ද 4% මට්ටමක සිටි සිරීසා පක්ෂය 2015දී බලයට පත් කරගත්හ. සිරීසා පක්ෂය බලයට ආවේ පටි තදකරන austerity ව්‍යායාමයට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙමිනි. එහි ආකර්ෂණීය මුදල් ඇමති වුනු ආර්ථික විද්‍යාඥ යානිස් වරුෆාකිස් අවිචාරශීලී පටි තදකරගැනීමේ ගොන්කම ගැන ප්‍රසිද්ධියෙ දැඩිව විවේචනය කලේය. ග්‍රීසියේ ඇති කිසිදා ගෙවා ඉවර කල නොහැකි ණය කන්දරාව කපා හැරිය යුතු බවත්, එසේ කපා හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම ග්‍රීසියට පමණක් නොව ණය හිමියන්ටත් වඩා වාසිදායක බවත්, එසේ කපා නොහැරියහොත්, ග්‍රීක රජය විදිහට ඔවුහු ඒකපාර්ශ්විකව ණය බොල් ණය යයි ප්‍රකාශ කරන බවත් ඔහු කියා සිටියේය. යුරෝපා සංගමය සහ මූල්‍ය අරමුදල මේ කිසිවකට එකඟ නොවූ අතර, පුද්ගලික සාකච්ඡාවලදී පමණක් එවක මූල්‍ය අරමුදලේ ප්‍රධානී වූ ක්‍රිස්ටියන් ලග්‍රාඩ් වැනි අය මේ පටි තදකරගැනීමේ ව්‍යායාම නිරර්ථක සහ හානිකර බව පිළිගත් බව වරුෆාකිස් පසුව කියා සිටියේය.

    මේ ගැටුමට විසඳීමක් නොවුනු තැන සිරීසා රජය ග්‍රීක ජනතාවගෙන් ජනමතවිචාරණයක් හරහා ප්‍රශ්නයක් ඇසීය: "මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය විසින් අපේ ණය වලින් අපිව බේරාගැනීමේදී අප වෙත පටවන කොන්දේසි (පටි තදකරගැනීම) අප පිලිගත යුතුද?". ග්‍රීක ජනයා එක හඬින් "නැත" යයි කියා සිටියෝය (මෙහි අනුගමනය වන්නේ ග්‍රීසිය යුරෝ මුදල් ඒකකයෙන් හෝ යුරෝපා සංගමයෙන්ම ඉවත් වීමට ජනතාව කැමැත්ත පලකල බවයි). මේ සියල්ලටම විරුද්ධව යමින් ඊලඟ සතියේදී පෙර තිබුණාටත් වඩා දරුණු පටි තදකරගැනීම් සහිත බේරාගැනීමේ පැකේජයකට ග්‍රීක රජය එකඟ වී අත්සන් කල අතර, ඊට කලින් මුදල් ඇමති වරුෆාකිස් ඉල්ලා අස් විය. පසු කලෙක වරුෆාකිස් කී ලෙස සිරීසා පක්ෂයේ මේ මහා පාවාදීමට හේතුව පක්ෂයේ නායකයාගේ කොන්දක් නැතිකම නිසා වූ දේශපාලන වැරදි තීරණයක් යයි කීය (වෙනත් දේ අතර).

    කතාව මේකයි. අවුරුදු හයකට පෙර 4% සිටි ග්‍රීසියේ සිරීසා පක්ෂය බලයට ආවේ ඇයි යන්න සිරීසාව හොඳින් දැන සිටියේය. එය උන්ගේ මහා පෞරුෂයක් හෝ අමුතු හොඳක් නිසා සිදුවූවක් නොව, ග්‍රීක ජනතාවට එකකට පසු එකක් රජයන් සහ මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ඇරපු ඇරිල්ල නිසා වැදුණු චාන්ස් එකකි එය. ඔවුන් බලයට ඇවිත් කරන්න යන්නේ කුමක්ද යන්න ගැන අති සුපැහැදිලු නොවුනද, නිශ්චිත අදහසක් ඔවුන්ට විය. ඔවුන් තීරණාත්මක මොහොතක වැරදි දේශපාලන තීරණයක් ගත්හ. නමුත් තිබුණු විකල්පයද සුන්දර නැත.

    සිරීසා ජයග්‍රහණය ඒ වෙලාවේ ග්‍රීසියේ සහ පිටත බලාපොරොත්තුවේ මොහොතක් විය. නමුත් වසරක් යන්නට පෙර කලින් තිබුණාටත් වඩා දරුණු පටි තදකරගැනීමේ ව්‍යායාමයක් ග්‍රීක ජනයා මත මුදාහැරියේ ඒ සිරීසාවමය. වරුෆාකිස් කියන විදිහට යුරෝපා සංගමය සහ මූල්‍ය අරමුදල ග්‍රීක ජනයාට සහ එනයින් අනෙක් ලෝක ජනයාට පාඩමක් ඉගැන්වීමට මේ මහඟු අවස්ථාව භාවිතා කලේය. ඔවුන් සිරීසා රජය බලයෙන් පහකිරීමට හමුදා කුමන්ත්‍රණ නොකල අතර (එවන් බියක් එකල විය), ඒ වෙනුවට උන් ලවාම සිය ප්‍රොජෙක්ට් පෙරටත් වඩා බලවත්ව දියත් කිරීම මගින් බලාපොරොත්තුවම මරා දැමූහ.

    වෙන කොහෙද රටවල වෙන්න සිරීසා පක්ෂවල නායකයන් 80%ක් ගැන කියති. මුන් තවම ණය ගැන කරන්නේ මොකද තියා IMF එකට යනවාද නැද්දවත් හරියට කියා නැත. පොර ටෝක්ස් එමට අතර දසමයක ප්‍රතිපත්තියක් දැක්මක් කොන්දක් පෙනෙන්න නැත. ඒ නිසා අර්බුදය නිසා ස්වීප් එක ඇදෙනකං බලා සිට එය තමන්ගේ මාර මෙව්වා එකක් වගේ සිහින ලයින් වල ඉන්න ලෝකල් ඩුප්ලිකේට් සිරීසාලාට හුරේ දමන්න මට හිතෙන්නෙ නැත. අඩුම තරමෙ ලෝකල් වරුෆාකිස් කෙනෙක් වත් සිටියානම් හිතට සැනසිල්ලකි.

    ප.ප.ලි. අනික් පක්ෂ ගැන කිසිවක් ලියන්නෙ නැත්තේ උන් වැඩකටම නැති නිසාය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ග්‍රීසියෙ තරම් අවුල් නැතුව ඇති තාම, ග්‍රීසියෙ 2020 ණය ඩොලර් බිලියන 398, ජනගහණය ලංකාවෙන් බාගයයි

    ලංකාවෙ දැනටත් ණය ඩොලර් බිලියන 60 වගේ නේ
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    You cannot compare Greece to Sri Lanka because Greece uses euro . Therefore their salaries did not get depreciated like ours . Their unemployment was high and government defaulted on debt payments.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    You cannot compare Greece to Sri Lanka because Greece uses euro . Therefore their salaries did not get depreciated like ours . Their unemployment was high and government defaulted on debt payments.
    This is not so much a comparison as it’s a recounting of sequence of events to bring forth a certain point (penultimate paragraph). The particulars are indeed different.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිස්සුන්ට සීනි බෝල පොරොන්දු දෙන පක්ශයක් වැඩක් නෑ
    අර්බුදයේ තිත්ත ඇත්ත ඇති සැටියෙන් කතාකරන පක්ශෙකට විතරයි මේකෙන් ගොඩ ඒමක් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: War Fighter

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මිනිස්සුන්ට සීනි බෝල පොරොන්දු දෙන පක්ශයක් වැඩක් නෑ
    අර්බුදයේ තිත්ත ඇත්ත ඇති සැටියෙන් කතාකරන පක්ශෙකට විතරයි මේකෙන් ගොඩ ඒමක් කරන්න පුලුවන්
    ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ .
    මිනිස්සු උද්ගෝෂණ කරන්නේ රාජපක්ෂලාව එලෙව්වට පස්සේ එයාලට සහනයක් ලැබේවි කියල හිතල .
    කව්රු ආවත් සහන දෙන්න විදියක් නැහැ කියල මිනිස්සු තේරුම් අරං නැහැ .
    මේ උදාහරණෙ දාල තියෙන දේම ලංකාවටත් ලගදීම වෙනවා .
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ .
    මිනිස්සු උද්ගෝෂණ කරන්නේ රාජපක්ෂලාව එලෙව්වට පස්සේ එයාලට සහනයක් ලැබේවි කියල හිතල .
    කව්රු ආවත් සහන දෙන්න විදියක් නැහැ කියල මිනිස්සු තේරුම් අරං නැහැ .
    මේ උදාහරණෙ දාල තියෙන දේම ලංකාවටත් ලගදීම වෙනවා .

    මැද පාන්තිකයන්ගෙ යම් ස්ථරයක් මේ කාරණා පිළිබඳව දැනුවත් බවයි මගෙ හැඟීම. මම යන එන තැන් වල මිනිස්සු කතා කරන දේවල් උඩ බලද්දි. අනිත් ජනතාව ගැනයි ගැටලුව.

    කොහොමත් රීෆෝම්ස් වල සහනයක් වෙන්න ඕනෙ පහළ පන්තිවල මිනිස්සුන්ට. ඒකත් විශේෂයෙන්ම ඩොලර් උපයන්න මොනම හරි දායකත්වයක් මෙතෙක් දුන්න සහ දෙන සෙට් එකට. අපි මැද පාන්තිකයො මෙතෙක් කල් කලේ උන්ගෙ ඩොලර් වලින් රයිඩ් කරපු එක නිසා අපිට ටොපි සෙට් වීම කොහෙත්ම අසාධාරණ නැත.

    හිතපන්කො ෆොරීන් එක්ස්පෝට් වල ලොකු ප්‍රමාණයක් නියෝජනය කරපු තේ කම්කරුවොන්ගෙ 1000 පඩිය වැඩි කරන්නවත් අපි කීයෙන් කීයද කතා කරේ. අපිට කෙළ වෙද්දි පාරට බැස්සට. මේව තමා තක්කඩිකම් කියන්නෙ.
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මම නම් කියන්නෙ ඉකොනොමික් සහනයක් ලැබුනත් නැතත් මිනිස්සු උද්ඝෝශණය කරන එක හොඳයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මම නම් කියන්නෙ ඉකොනොමික් සහනයක් ලැබුනත් නැතත් මිනිස්සු උද්ඝෝශණය කරන එක හොඳයි.

    ඉතාම හොඳයි, මමත් සහභාගී වෙනව. හැමෝම
    සහන වෙනුවෙන් නෙමෙයි පාරට බහින්නෙ. මම තවත් කැමතියි ඉක්මනින්ම බලාපොරොත්තුවෙන යම් ජයග්‍රහණයක් ඇරගෙන නිර්දේශපාලනික වීම අවසන් වෙනවනම්.

    මම කොහෙවත් කියල නෑ ප්‍රොටෙස්ට් කරන්න එපා කියල ඈ, තොපි නොකිව්ව ඒව හිතාගන්න එපා.

    ඔය රටේ bonds වලට සල්ලි දැම්ම එකෙක් හිටියා මට නම මතක නෑ

    ඒකෙන් භාණ්ඩාගරය ලාභයකුත් ලැබුව මතකයි 🙂
    (සාකැසම් සිංහලු)
    ------ Post added on Apr 5, 2022 at 6:42 PM
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,375
    113
    මැදමහනුවර
    ග්‍රීසියෙ තරම් අවුල් නැතුව ඇති තාම, ග්‍රීසියෙ 2020 ණය ඩොලර් බිලියන 398, ජනගහණය ලංකාවෙන් බාගයයි

    ලංකාවෙ දැනටත් ණය ඩොලර් බිලියන 60 වගේ නේ
    ඒකයි කියන්නේ අජන්ත සර්ගෙ ප්‍රස්තාරෙ හරියටම හරි නෑ කියලා. මේක ගොඩ ගන්න පුළුවන්
    මිනිස්සුන්ට සීනි බෝල පොරොන්දු දෙන පක්ශයක් වැඩක් නෑ
    අර්බුදයේ තිත්ත ඇත්ත ඇති සැටියෙන් කතාකරන පක්ශෙකට විතරයි මේකෙන් ගොඩ ඒමක් කරන්න පුලුවන්
    දැනට විකල්පය AKD