ගාල්ලේ ටින් මාළු කම්හලට මාළු චීනෙන්
පසුගියදා ජනාධිපතිවරයා විසින් වීවෘත කරන ලද ලංකාවේ ප්‍රථම රජයේ ටින් මාළු කර්මාන්ත ශාලාව වෙත අවශ්‍ය මාළු තොග චීනයෙන් ගෙන ඒමට රජය කටයුතු කර ඇත.
එසේම මෙහි සමාරම්භක දිනයේදී දේශීය නිෂ්පාදන නගා සිටුවීම උදෙසා මෙම මාළු කර්මාන්ත ශාලාව ආරම්භ කල බවට මාධ්‍ය ප්‍රකාශ ද සිදුවුනි...
එහෙත් රුපියල් ලක්ෂ 840 ක වියදමින් තැනු මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය මාළු සඳහා චීනය සමග ගිවිසුම් අත්සන් කර ඇත.
මේ සඳහා අප කල විමර්ශනයේදී හෙළිවුණේ චීනයෙන් ගෙන්වන්නේ ලින්නා මත්ස්‍යයන් වන අතර අදාළ කර්මාන්ත ශාලාවේ වසරකට නිෂ්පාදනය කරනු ලබන ටින්මාළු සඳහා ලින්නා මාළු මෙට්‍රික් ටොන් මිලියන එක්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වනු ලබන බවයි.
මෙහිදී අපට පැන නගින ගැටලුව නම් දේශීය නිෂ්පාදන නගා සිටුවීමට කියා ඉදිකළ මෙම මාළු කර්මාන්ත ශාලාවට චීනයෙන් මාළු ගෙන්වීමට වුවමනාද යන පැනයයි..
ඒ මන්ද යත් අපගේ ලංකාව වටා ඇති නොගැඹුරු මුහුදු තීරයේ විශාල වශයෙන් ලින්නා මාළුන් සිටියදී චීනයට මාළුන් සඳහා විශාල වශයෙන් දේශීය මුදල් ආයෝජනය කිරීමට සිදුවීමයි..එසේම දේශීය ධීවර ප්‍රජාවට ලැබිය යුතු රැකියා මාර්ගයක් ද මෙයින් අවහිර වී යාම ඔවුනටද සිදු කරන බලවත් අසාධාරණයක් බවයි !