ගාල්ලේ ටින් මාළු කම්හලට මාළු චීනෙන්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ගාල්ලේ ටින් මාළු කම්හලට මාළු චීනෙන්

    පසුගියදා ජනාධිපතිවරයා විසින් වීවෘත කරන ලද ලංකාවේ ප්‍රථම රජයේ ටින් මාළු කර්මාන්ත ශාලාව වෙත අවශ්‍ය මාළු තොග චීනයෙන් ගෙන ඒමට රජය කටයුතු කර ඇත.
    එසේම මෙහි සමාරම්භක දිනයේදී දේශීය නිෂ්පාදන නගා සිටුවීම උදෙසා මෙම මාළු කර්මාන්ත ශාලාව ආරම්භ කල බවට මාධ්‍ය ප්‍රකාශ ද සිදුවුනි...

    එහෙත් රුපියල් ලක්ෂ 840 ක වියදමින් තැනු මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය මාළු සඳහා චීනය සමග ගිවිසුම් අත්සන් කර ඇත.


    මේ සඳහා අප කල විමර්ශනයේදී හෙළිවුණේ චීනයෙන් ගෙන්වන්නේ ලින්නා මත්ස්‍යයන් වන අතර අදාළ කර්මාන්ත ශාලාවේ වසරකට නිෂ්පාදනය කරනු ලබන ටින්මාළු සඳහා ලින්නා මාළු මෙට්‍රික් ටොන් මිලියන එක්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වනු ලබන බවයි.


    මෙහිදී අපට පැන නගින ගැටලුව නම් දේශීය නිෂ්පාදන නගා සිටුවීමට කියා ඉදිකළ මෙම මාළු කර්මාන්ත ශාලාවට චීනයෙන් මාළු ගෙන්වීමට වුවමනාද යන පැනයයි..


    ඒ මන්ද යත් අපගේ ලංකාව වටා ඇති නොගැඹුරු මුහුදු තීරයේ විශාල වශයෙන් ලින්නා මාළුන් සිටියදී චීනයට මාළුන් සඳහා විශාල වශයෙන් දේශීය මුදල් ආයෝජනය කිරීමට සිදුවීමයි..එසේම දේශීය ධීවර ප්‍රජාවට ලැබිය යුතු රැකියා මාර්ගයක් ද මෙයින් අවහිර වී යාම ඔවුනටද සිදු කරන බලවත් අසාධාරණයක් බවයි !

    tinmaalu.jpg

     
    නඩුත් හමුදුරුවොන්ගේ..
    බඩුත් හමුදුරුවොන්ගේ..

    අපි නම් හාල් පිටි කිලෝ 1 කින් ඉදිආප්ප 350 ක් තම්බලා ඒ ටික විකුණලා හම්බෙන ගානෙන් 2500/= කින් මාසයක්ම ජිවත් වෙනවා..
    ඉතුරු ටික ස්විස් ගිණුමේ ඉතුරු කරනවා..
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    therumak nee desheeya dewal walin nipadawanna puluwannam me karana de hoday,eth pitaratata salli yana thawath magulak thama me,directly ho un directly wenne dheewara janathawata kelawena eka witharay
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සමහර විට ඕක මෙහෙම වෙන්න ඇති. ඔය නිෂ්පාදනාගාරය හදන්න ඇත්තේ චීන රජයේ ණය ආධාර ඇතිව වෙන්න ඇති, චීන්නු අපිට ණය දෙන්නේ ආදරයට නෙමෙයි, එයාලා මොනවා හරි ගිවිසුමකට අනුව තමයි අපිට ණය දෙන්නේ, ඔතනදි වෙලා ඇත්තෙත් ඒ දේම වෙන්න ඇති ණය දෙනකොට එයාලගේ මාළු යම්කිසි කාල පරිච්චේදයකට අපි මිලදී ගන්නවා කියලා අත්සන් කරන්න ඇති, චීන්නු උනත් මීයක් කඩන්නේ අත ලේව කන්න නෙමෙයිනේ.