ගාලු යන්න උදවුවක්

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගාලු යන්න උදවුවක්

    මම ලබන සතියේ ගාලු යන්න ඉන්නේ. ඒකට ඒ පැත්තේ ඉන්න/ ගිහින් තියෙන යාලුවන්ගෙන් උදවු ඕනි. මෙහෙමයි ට්‍රිප් එක සංවිධානය කරලා තියෙන්නේ.

    මගේ විදේශිය යාලුවෝ දෙන්නෙක් එක්ක ඔක්කොම 4 දෙනයි. මහනුවර ඉදන් හයිවේ ඇවිත් පලවෙනි දවස හික්කඩුවේ නතර වෙනවා. බෝට්ටු සවාරිය යන්න හිතාගෙන ඉන්නේ හික්කඩුවේදී. දෙවැනි දවසේ හික්කඩුවේ දී පිටරට යාලුවෝ දෙන්නව කොච්චියෙන් ගාලු එන්න සලස්වලා මම ගාල්ලට පරණ පාරේ එනවා. ඒ දවස ගාලු කොටුවයි උණවටුනයි කරන්න හිතාගෙන ඉන්නේ. හවස් උනොත් ගාල්ලේ නතර වෙලා පහුවෙනිදාට නුවර එනවා.

    යාලුවනේ මට දැනගන්න ඕන හික්කඩුවේ / ගාල්ලේ නතර වෙන්න හොඳ හෝටල් මොනවද කියලා. මුහුද අද්දර නම් හොඳයි. අපි ලොකු බජට් එකකට යන්නේ නැහැ. ඒත් ටිකක් සේෆ් තැනක් හොඳ තැනක් වෙන්න ඕනි. බෝට්ටු සවාරිය කරන්න හොඳ කොහෙද? හික්කඩුව - ගාල්ල කෝච්චි ටයිම් කොහොමද? හික්කඩුවේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට යන්නේ කොහොමද? තව ඒ පැත්තේ බලන්න දේවල් මොනවද තියෙන්නේ?
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machan puluwan nam madu gage yanna.. maru
    unawatune nam ona taram place ati nawatinna. galle ma nisa owaye idala naha :D