උඹ කියපු දේ මං නෑ කියන්නේ නැහැ. උඹ කියපු දේත් සාධාරණයි... මං දැන් ටිකකට කලින් වෙන මේ වගේම thread එකකට දාපු කොටස මේකටත් දාන්නම්.. මේ මුස්ලිම් එවුන්ට අදිනවා එහෙම නෙවේ ඔන්න.. නිකන් කියන්නේ.. මට හිතුන දෙයක්...
රටවල්, ජාතින් හැම දේ ගැනම මොහොතකට අමතක කරලා, මොහොතකට නිරපේක්ෂව හිතන්න.... මොකටද මේ මිනිස්සු ගහ ගන්නේ කියලා? තමන්ට කවදාවත් අයිති නැති, අනාගතේ අයිති වෙන්නෙත් නැති, කෙළවරක් හොයන්න බැරි සංසාර ගමනේ, ඉතා සුළුම සුළු කාලයකට නතර වුනු නවාතැනක් වෙනුවෙන්.... ජිවත් වෙලා ඉන්න තියෙන්නෙත් අවුරුදු 80ක් විතර. පරාජිතයා මොනවද අහිමි කර ගත්තේ? මුකුත් නෑ. ජයග්රාහකයා මොනවද ලබා ගත්තේ? මුකුත් නෑ. මේ මහා පොලව කාටද අයිති? කාටවත් නෑ. ඔය භූමියට අතීතයේ මිනිස්සුත් කොච්චර නං සටන් කරන්න ඇද්ද? මේ ලෝක ඉතිහාසයේ මිනිස්සු කොටි කියක් ඔය භුමිය තමන්ගේ කියාගෙන මරාගන්න ඇත්ද? කෝ දැන් ඒ අය? ඒ අය නෑ! දැන් ඒ භූමියට වෙන පිරිසක් මරා ගන්නවා. අන්තිමේදී.. හැමෝම මැරිලා යනවා... තමන් විජයග්රහණය කල පොළවටම පස් වෙලා.... නමුත්, මහ පොලව හැමදාම ඒ විදිහමයි ......
anyway.. TFS (+4)





