ගැටලුවක්!! පිලිතුරක් අවශ්‍යයි 😶

nimzperera0

Member
Nov 5, 2020
7
20
3
අපි පන්සල් ගිහින් දෙයක් දෙන්න කියලා ඉල්ලනවා. අපි පල්ලි ගිහින් අපිට හොදට නිරෝගිමත්ව ඉන්න ඕනේ කියලා ඉන්නවා. ඇත්තටම ගොඩක් ආගමට ලැදි අය ඒවා තමන්ට දැන් ලැබේවි කියලා විශ්වාසෙන් හිතාගෙන හිතින් සතුටු වෙනවා.

මෙතනදි වෙන්නේ the law of attraction නෙමෙයිද? අපිට අවශ්‍ය අපි නිතරම සිතන , අපට ලබාගත යුතු දේ අපි නිතර නිතර හිතුවහම එතනින් විශ්වයට යන දෙයක් නිසා අපේ සිතුවිලි සත්‍ය වෙනවද ??🤔
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්තටම ඉල්ලපුව හම්බුනානං ඔහොමයි හම්බුවෙන්නේ කියල හිතන්න තිබුන ඒත් කොච්චර හිතුවත් පැතුවත් හම්බුවෙන්නේ නෑ නෙ ඒකනෙ වැඩේ :baffled:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සත්‍ය වෙන්න එහෙම හම්බෙන්න ඕනෙනේ ඔයි .. උබට එහෙම හම්බෙනවද ඉල්ලුවම :ROFLMAO: :LOL:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,123
    5,429
    113
    තමං වපුරපු දේවල් තමා තමංට ලැබෙන්නෙ. law of attraction කියල ඒක ගැන imagine කරගෙන හිටියට දෙයක් ලැබෙන්නෙ නෑ. ඒකට වැඩ කරන්න ඕන. එහෙම කලත් තමන්ට දේවල් ලැබෙන්නෙ තමං කරල තියන කුසල ශක්තිය මත. පන්සල් ගිහින් බෝධි පූජාවක් තියල මොනවහරි ඉල්ලුවහම ලැබෙන්නෙ ඒ බෝධි පූජාව නිසා තමන්ට හැන්ගිල තියන කුසල් මතු වෙන නිසා. කුසලයෙන් ලැබෙන ආනිසන්ස තමා ආයුෂ වර්ණය සැපය බලය. මේ හතර ඇතුලෙ ඔය හැමෝම ලබාගන්න හිතන් ඉන්න දේවල් තියනව. අයුෂය කියන්නෙ නීරෝගීකම වර්ණය කියන්නෙ ශරීරය සැපය කියන්නෙ ඉතින් සල්ලි යාන වාහන බලය කියන්නෙ අනෙක් අය අතර තමන්ට ඉහලින් ඉන්න පුළුවන් වෙන එක. ඒ කියන්නෙ පිරිස් බලය. මේ හැම දේම ලැබෙන්නෙ දානයේ ආනිශංශයෙන්.
    ඉතින් පිං කරන්න දන් දෙන්න එතකොට එතකොට අපේ තියන පින මතු වෙලා එනව.
     
    • Like
    Reactions: Gwynbleidd

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,136
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පන්සලකට ගියොත් මේ ජීවිතේම සෝවාන් ඵලය ලැබෙන්ඩ කියල පාර්ථනා කරපන්.
    ඒක ලබාගන්න එක දුෂ්කර උනත් ඒ ප්‍රාර්ථනාව හොඳ උපතකට කුසලයක් වෙයි.