ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි 😲

Nima98

Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    මූ කාගේ හරි ළණුවක් කාලා වෙන්න පුලුවන් බන්. දන්නේ නෑද්ද ලන්කාවේ මිනිස්සු ගිණි තියන්න ශූරයෝ l
    tamil minissu Ptt aggressive bn
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,827
    113
    නිව්ස් එකක තිබ්බා මූ කියනවා කියලා ළමයා ඉස්කෝලේ කොල්ලෙක්ගේ කියලා. මෑරුණ ගෑණු කෙනා ටීච කෙනෙක්ලු. කවුරු හරි පත්තු කරපු ගින්නක්ද දන්නේ නෑ.
    මම දන්න ඉස්කෝලෙක මීට අවුරුද්දකට කලින් ඩෑන්සින් ටීචර් කෙනෙක් පොඩි කොල්ලෙක් එක්ක රූම් ගිහින්, ඊටපස්සෙ ඉස්කෝලෙ උඩ කුරුඳු යායවල් තියනව, ඒව අස්සෙ රිංගල ඒම අහු වෙලා හෙන සීන් එකක් ගියා

    ඒ ටීචර්ට ස්ථාන මාරුවක් ද කොහෙද හම්බුනා
    කොල්ල ගැන නම් ආරංචියක් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,033
    10,352
    113
    කෙල්ලො, ගෑණු එක්ක කතා කරන්න ගියාමනම් මටත් පට්ට තරහක් එන්නෙ. අපි කොච්චර logically ඔප්පු කරත්, proof එක්ක පෙන්නුවත් මුන් පිලිගන්නෙත් නෑ. ඒ මදිවට අන්තිමට අපිට වැරැද්ද දානවා.

    කොහොම උනත් තව ජීවිතයක් ගැන තීරණය කරන්න අපිට බෑ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මූ කාගේ හරි ළණුවක් කාලා වෙන්න පුලුවන් බන්. දන්නේ නෑද්ද ලන්කාවේ මිනිස්සු ගිණි තියන්න ශූරයෝ නේ
    බුද්ධ කාලෙත් ඕවම වෙලා තියනව

    දඹදිව සොළොස් මහා ජනපද යටතේ පාලනය සිදු වු කාල වකවානුව තුල විශාලාවේ ලිච්ඡවීහු ද ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනයේදි අප හට දැකගත හැක. එම ලිච්ඡවිහු මුල් කොටගත් කතා පුවතක් මෙහි කතා පුවත ලෙස දක්වයි. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුට දාව (සමහර මූලාශ්‍ර තුල මහා කල්පය මුල සිටි ආර්ය වංශික රජෙකු ලෙස දක්වා ඇත.) සිය දේවිය විසින් බිහිකරන ලද දරුවා මස් වැදැල්ලක් ලෙසින් බිහිවූ අතර එය රාජ්‍යයට කිලුටක් යැයි සිතා රන් කරඬුවක බහා ගංගා නම් ගගේ පා කර යවන ලදි. දිය මත පාව එන ඔරුවක බහාලූ රන් කරඬුව දුටු ගංගාව අසල වැඩ හිදින තාපසයෙක් මෙය කුමක්දැයි වික්ෂිප්තව එම කරඬුව තාපසාරමයෙහි තැන්පත් කලේය. දිනක් තාපසතෙම මෙය බලන කල රන්පැහැයෙන් දිස්වන කුමරෙක් සහ කුමරියක් මෙහි සිටිනු දැක ඔවුන් ව වැඩෙන තෙක් බලා ගන්නා ලදි. දිප්තිමත් විනිවිද පෙනෙන සමක් සහිත වූයෙන් ලිච්ඡවි යන නම් ලැබ පසුව ඔවුන් දෙදෙනාගෙන් ලිච්ඡවි වංශය විශාලා මහනුවර හි ආරම්භ වු බව පැවසේ.

    මෙසේ ආරම්භ වූ ලිච්ඡවි රාජ වංශය සත්සිය සත්දහසක් රජුන් රජකල බව පැවසේ. එම වංශයේ එක් රජ කෙනෙක් ලෙස රජ කල සංඛපාල රජුගේ දේවිය අසුපාල/ආයුපාලී(විවිධ නම් වලින් විවිධ අවස්ථා වල සඳහන් කර ඇත)නම් විය. දිනක් රජතුමාට කුරු රට යුධයට යන ලෙස හසුන් පත් ලැබිණි. තම බිසව, දාසිය මෙන්ම මහ ඇමති ආදි පිරිස මාලිගය තුල තබා රජුන් සේනාව සමඟ යුධයට ගිය අතර ඒ වන විට බිසව ගැබ් ගෙන තිබූ බව රජු දැන සිටියේ නැත. කාලය ගත වත් ම බිසවට මී අඹ කෑමට දොළ දුකක් ඇති වූයෙන් මී අඹ අවාරයේ වුවද, අකලට පලගත් ගසක මී අඹයක් මහ ඇමති විසින් සපයා දුන්නේය. බිසව ඉතා සතුටින් මී අඹය වැළඳුව අතර දාසිය ද මී අඹ කොටසක් ඉල්ලුවත් ඇයටද නොදී තනියෙන් ම වැලඳු බැවින් දාසියට ද්වේශ සිතක් හටගන්නා ලදි. යුධයෙන් පැරදි එන රජු පෙරමගට ගොස් මහ ඇමතිට දාව බිසවට දරු ගැබක් හටගෙන ඇති ලෙසට දාසිය කේලමක් කීවාය. එයින් කෝපයට පත් රජු කිසිදු විභාගයකින් තොරව මා හට අවනත නොවූ මැය පුබ්බේරිය/කැබැල්ල රුකක එල්ලා එක කඩුපහරින් දෙපලු වන ලෙස මරා දමන ලෙසට නියෝග කලේය. කුමරා කුස තුල සිටියදීම දෙපලු කර මරන ලද බිසවගේ දේහය විශාල සුළඟක් හමා එම පලු දෙක හා වී කුමරා යක්ෂයෙකු ලෙස උපත ලදි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,894
    113
    ප*යාගල
    sorry.com
    මූ කාගේ හරි ළණුවක් කාලා වෙන්න පුලුවන් බන්. දන්නේ නෑද්ද ලන්කාවේ මිනිස්සු ගිණි තියන්න ශූරයෝ නේ
    අපොයි ඔව් ඔහොම ලනු කන උන් ඉන්නවා. මම කොහේහරි දැක්කා ඌ ගෑනිවයි ලමයවයි එලවලා. ඊටපස්සෙ DNA Test එකක් කරලා තමයි ආයෙ බාරගෙන තියෙන්නෙ
     
    • Wow
    Reactions: malakadss

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    මූ කාගේ හරි ළණුවක් කාලා වෙන්න පුලුවන් බන්. දන්නේ නෑද්ද ලන්කාවේ මිනිස්සු ගිණි තියන්න ශූරයෝ නේ
    ඒකත් හරි තමයි, ඒ වගෙම දැන් ඉන්න ගෑනුත් ෂුවර් නෑ බන්. කොහොම වුනත් මරපු එක හෙන පවු. එලෙව්වනං එකක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    අනියම් ඇසුරු ආරවුලකින් පසු ගැබිනි බිරිඳ නැති කොට, හිස රැගෙන පොලිසියට බාර වූ සැමියා.

    ඉතා කම්පනීය හා සංවේදී සිදුවීමක් වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ අද (ජූනි 3 ) උදෑසන වාර්තා විය. සිය ගැබිනි බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව, ඇගේ හිස පොලිතීන් බෑගයක දමාගෙන පුලියන්කුලම පොලිස් ස්ථානයට පැමිණ තමන් විසින්ම බාර වූ සැමියෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

    අද උදෑසන පුලියන්කුලම පොලිස් ස්ථානයට යතුරුපැදියකින් පැමිණි තරුණ පුරුෂයෙක් තමා අතැති පොලිතීන් බෑගය තුළ සිය බිරිඳගේ හිස ඇති බවත්, ඇයව ඝාතනය කර ශරීරය වනාන්තර ප්‍රදේශයක හැර දමා ඇති බවත් පවසා ඇත. මෙයින් කම්පනයට පත් පොලිස් නිලධාරීන් වහාම අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව, මියගිය කාන්තාවගේ සිරුර සින්නපූවරසන්කුලම් අසල පිහිටි වනාන්තර ප්‍රදේශයකින් සොයාගෙන ඇත.

    මෙම සිදුවීමේ ගොදුර වූයේ අනන්තර්පුලියන්කුලම් නොච්චිකුලම් හි පදිංචි, වයස අවුරුදු 32ක් වූ සුකිර්තරන් ස්වර්ණලතා නම් ගුරුවරිය යි. ඇය ගැබිනි මවක් බව වාර්තා වේ. ඇය වවුනියාව උතුරු ප්‍රදේශයේ රජයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කර ඇත.

    සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුල් පැවති බව වාර්තා වේ.

    අද උදෑසන නොච්චිකුලම් ප්‍රදේශයේ සිට දෙදෙනාම යතුරුපැදියකින් පුලියන්කුලම දෙසට ගමන් කර ඇත. ඒ අතරතුරදී සින්නපූවරසන්කුලම් අසල වනාන්තර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු වී ඇතැයි සැක කෙරේ.

    සිදුවීමට සම්බන්ධ සැකකරු යාපනය ප්‍රදේශයේ කො.සුකිර්තරන් නම් පුද්ගලයා බව හඳුනාගෙන ඇති අතර, ඔහු තමන් විසින්ම පොලිස් ස්ථානයට පැමිණ ඝාතනය සිදු කළ බව පිළිගෙන ඇත.

    වඩාත් විස්තරාත්මක තොරතුරු වලට අනුව, මානිප්පායි ප්‍රදේශයෙන් පැමිණි සැමියා, අදාළ ගුරුවරිය සමඟ පෙම් සබඳතාවයකින් පසු විවාහ වී ඇත. කෙසේවෙතත්, ගුරුවරිය වෙනත් තරුණයෙකු සමඟ සබඳතාවයක් පවත්වා ගෙන ගිය බවට සැමියා චෝදනා කර ඇති අතර, මේ හේතුවෙන් දෙදෙනා අතර නිරන්තර ආරවුල් ඇති වී ඇත. දින කිහිපයකට පෙර, දෙදෙනා තම ගැටලු විසඳාගෙන සමඟිව සිටි නමුත් තරුණයා නැවත සිද්දිය ඇවිස්සීමෙන් පසු මෙම වියවුල හටගෙන ඇත.

    ගුරුවරිය සමඟ සබඳතාවයක් පැවැත්වූ බව කියන තරුණයා, ඔවුන් දෙදෙනා සමීපව සිටින ඡායාරූප සැමියාට යවා ඇත්තේ පසුගිය දිනකදීය. මෙයින් කෝපයට පත් සැමියා, බිරිඳගේ සහෝදරයාට ද මේ බව දන්වා ඇත.

    පසුව, මෙම ගැටලුව පොලිස් ස්ථානයක දී විසඳා ගැනීමට හැකි බව පවසමින්, ඔහු බිරිඳව කැඳවාගෙන පොලිසියටද ගොස් ඇත. එම ගමන එන අතරදී, නයිනාමඩු වනාන්තර ප්‍රදේශයේදී බිරිඳගේ ගෙල කපා ඝාතනය කර, හිස වෙන් කොට ප්ලාස්ටික් බෑගයක දමා, පුලියන්කුලම් පොලිස් ස්ථානයට පැමිණ ඇත.

    සැකකරු තම බිරිඳව මරා නයිනාමඩු වනාන්තරයේ දමා ඇති බව පැවසීමෙන් පසු, පොලිසිය මෘත ශරීරය සොයා ගැනීමේ මෙහෙයුමක නිරත වී අවසානයේ සිරුර සොයාගෙන ඇත. පුලියන්කුලම පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

    පොලිසිය විසින් දැනට කරන ලද මූලික පරීක්ෂණවලට අනුව, මෙම ඝාතනයට හේතුව අනියම් සබඳතාවයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසයි. සැකකරු බිරිඳගේ හිස සහිත යතුරුපැදිය පුලියන්කුලම් පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙන විත්, ස්ථානාධිපතිවරයාට සහ අනෙකුත් නිලධාරීන්ට සිදු කළ අපරාධය පිළිබඳව දැනුම් දී පොලිසියට භාර වී ඇත.

    මෙම සිදුවීම ප්‍රදේශයේ පදිංචිකරුවන් තුළ දැඩි කම්පනයක් හා භීතියක් ඇති කර ඇත. විශේෂයෙන්ම ගැබිනි මවක් වූ පාසල් ගුරුවරියක මෙලෙස ඝාතනය වීම ප්‍රදේශවාසීන් අතර දැඩි කනගාටුවට හේතු වී ඇත.

    මෙම දරුණු ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දිගටම පැවැත්වෙන අතර, ඝාතකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

    (උපුටනයකි).

    img_683eb6f7d5e88-463x600.webp
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි


    සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලීසියට පැමිණි පුවතක් වාර්තා වෙයි.

    වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේදී අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර සැමියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලීසියට පැමිණ භාරවී ඇත.

    වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර බිරිඳගේ සිරුර ලදු කැලෑවක් අසල තිබීයදී සොයාගෙන ඇත.

    සිද්ධියෙන් ඝාතනයට ලක්වූ කාන්තාව නොච්චිකුලම ප්‍රදේශයේ ගුරුවරියක් වන 32 හැවිරිදි සුගීර්තරන් ස්වර්ණලතා නම් වෙයි.

    සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුලක් පවතින බවත් පොලීසිය පවසයි.
    සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
    දෙමළුනේ ඉතින්...හරි මෝඩ පගයෝ උන්
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    මු දෙමළ ද සිංහල ද අදාළ නැහැ... මල උපරිමයෙන්ම පැන්නාම ඕනෑම පුද්ගලයෙක් සතෙකු වෙනවා...මට ලාවට මතකයි සිංහල පොරක් මල පැනලා හොර ගැනියෙක්ව කැලි කැලි වලට කපලා traveling bag එකක දාන් අරං ඇවිල්ලා සින් එකක් ගියා ටික කාලෙකට කලින්...
     
    Last edited:
    • Sad
    Reactions: Nidarshana_k

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සෙල්ලම මේ ලොන්තයාගේ පයිය කපලා දාන්න ඕනේ. කාලකන්නිය බඩුවක් ගෑහුවා නම් සද්ද නෑතිව ඉදපන්. ඈයි ගිණි තියන්නේ

    දින කිහිපයකට පෙර, දෙදෙනා තම ගැටලු විසඳාගෙන සමඟිව සිටි නමුත් තරුණයා නැවත සිද්දිය ඇවිස්සීමෙන් පසු මෙම වියවුල හටගෙන ඇත.

    ගුරුවරිය සමඟ සබඳතාවයක් පැවැත්වූ බව කියන තරුණයා, ඔවුන් දෙදෙනා සමීපව සිටින ඡායාරූප සැමියාට යවා ඇත්තේ පසුගිය දිනකදීය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    Divorce nokara mona magulata maranna giyada, minissu wihin windawanna mara kamathi neda?