යාලුවනේ පොඩි උදව්වක් ඉල්ලන්නයි ආවෙ...
මාගෙ බිරිඳ සති 15ක ගැබිනියක්.
සති 14 ඉවර වෙන්න කලින් එයාට බ්ලීඩ් උනා.
එයාට වයස අවුරුදු 36.
අවධානම් කියලයි ඩොක්ටර් කිව්වෙ වයස නිසා.
අපි චැනල් කලේ ගාල්ලෙ ප්‍රියංකරී අමරදිවාකර වෛද්‍යතුමිය.
එයාට බ්ලීඩ් උනාම ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලෙ නැවැත්තුවා.
එතනදි ස්කෑන් කලා. දරුවට වගේම වෝටර් බෑග් එකට කිසි හානියක් වෙලා නැහැ කියල කිව්වා.
ඉන්ජෙක්ෂන් එකක් දුන්නම ලේ නැවතුනා.
දවසට පෙත්ත ගනනෙ සති 14ක් බොන්න දුන්නා. පෙත්තක් රුපියල් 77.
ඉතිං ඉස්පිරිතාලෙ ඉන්න කාලෙ ගියේ රෝද පුටුවෙ.
ගෙදර එක්කන් ආවම ඩොක්ටර් කිව්වා ;
*. දුර ගමන් යන්න එපා
*. වාහන වල යන්න එපා
*. ෆුල් රිලැක්ස් එකේ ඉන්න කියලා.
ටොයිලට් එකට යන්නයි, කන්නයි, මුහුන හෝදල නාන ඒවට විතරක් ඇඳෙන් බහින්න කියලා.
දැන් ප්‍රශ්නෙ;
*. එයාට දවස් 1 1/2කින් කක්ක ගිහින් නැහැ. තටමන්න හොඳ නැති නිසා එයා අවුලෙන්.
මොන වගේ කෑමද එයාට දෙන්න ඕන. එළවළු, පළතුරු
*. ක්ලිනික් යනකොට වැලිගම ඉඳල යන්න තියෙන්නෙ. මොන වගේ වාහනයකද යන්න ඕන. අප්‍රේල් 11 කෝපරේටිව් එකේ චැනලින් එක.
අපිට බය වෙන දෙයක් නිසා නෙවි, එයාගෙ ගර්භාශය පහත් වෙලා කියල ඩොක්ටර් කිව්වලු.
විහිළුවට ගන්න එපා. පුලුවන් කෙනෙක් උදව් කරන්න. උදව්වක් වේවි කියල හිතන කෙනෙක් බම්ප් කරන්න.
තෙරුවන් සරණයි