නියමයි යාලුව.. ඔයා ඩීප් වෙල් කිට් එකක් ගෙදරදිම හදාගෙන.. කඩෙන් ගන්නවනම් මේකක් 4500ක් වගේ වෙනව.. හැබයි මේ ක්‍රමේදි ටැන්කිය පිරින්න ටිකක් වැඩි වෙලාවක් යනව...
නෝර්මල් හෝස් පවර් 1 මෝටර් එකකින් වතුර අදින්නේ අඩි 25 වගේ ගැඹුරක ඉඳල..
ලිඳ ඊට වඩා ගැඹුරු නම් අපිට උඩ ඉඳල මෝටරෙන් වතුර ගන්න බැරි වෙනව.. මේ වගෙ වෙලාවට අපිට මෝටර් එක ටිකක් ලිඳ ඇතුලට බස්සල අපේ වැඩේ කරගන්න පුලුවන්..
ගොඩ්ක් ලින් වල මම දැකල තියෙනව මේ විදියට මෝටරේ රඳවන්න ආදාරක ලිඳ අතුලෙ හදල තියෙනව.. එහෙම නැත්නම් අපිට දම්වැලක් මගින් මෝටරේ ලිඳ අතුලෙ එල්ලන්නත් පුලුවන්..
එහෙමත් නැත්නම් වතුරෙ ගිල්ලන submersible කියන මෝටර් එකක් යොදා ගන්නත් පුලුවන්.. හෝස් පවර් 1 මේ submersible පම්ප් එකකින අඩි 100ක් ඉගලට වතුර තල්ලු කරන්න පුලුවන්..
මේ මෝටර් එකක් 9000ක් වගේ මිලකට ගන්නත් පුලුවන්... විශේශම දේ තමා මේ මෝටර් වල හුල්න් අදිමක් නෑ.. ලිඳේ වතුර මට්ටම පහල බැස්සම මෝටරේ ඔටෝ ඕෆ් වෙන ස්විච් එකකුත් මේකෙ තියෙනවා..
දැන් මම කියන්නම් ඔයා හදල තියෙන ඩිප් වෙල් කිට් එකට යන වියදම හරියටම..
ටී 2 යි = 100
බෝල් වෑල්ව් 3 යි = 690
වෑල්ව් සොකට් 6යි = 180
බෙන්ඩ් 4 යි = 180
ත්‍රෙට් සිල් 2 යි = 60
ගම් = 60
කියත් පටි1 = 10
අඟල්1 බට1 යි = 170
එකතුව = 1450
මෙම මිල ගනන් බෝල් s-lone වෑල්ව් සඳහා වන් අතර.. චයිනා බෝල් වෑල්ව් යොදා ගැනීමෙන් තව 210 කින් මෙම මුදල අඩු කර ගත හැක..