ගැලපෙන TV එකක් ගමුද?

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගැලපෙන TV එකක් ගමුද?


    ගැලපෙන TV එකක් ගමුද?

    ledtv.jpg



    ඔන්න ඉතින් අදත් Style ආව නුලක් අරගෙන. :yes:
    අද මම ඔයාලට කියල දෙන්න යන්නේ TV නැත්නම් Television ගැන.කට්ටිය හිතනවා ඇති උපන් දා ඉදන් බලන එකේ මොනවා කියල දෙන්නද කියල. :P
    අපි එහෙමනම් අතීතයෙන් පටන් ගමු..:yes:

    වර්ෂ1925 දී ජෝන් ලොගී බෙයාඩ් මෙයා තමයි මුලින්ම රුපවාහිනිය හදල තියෙන්නේ. (පොර නැත්තනම් උබලට මොන එලකිරිද) :lol: මෙහිදී කෑතෝඩ කිරන නලයක් භාවිතා කරමින් කලු සුදු රූපයක් නිර්මාණය කර ගන්නා ලදි.මෙහි තිරය කවාකාර ස්වරූපයක් ගත් නිසා දෘශ්‍ය කෝණය (Viewing Angle) ඉතා පටු විය. (මන්තර ආච්චිලගේ මායා බෝලේ වගේ)
    :oo:


    johnlogiebaird04.jpg
    johnlogiebairdinventoro.jpg



    ඉන් පසු තාක් ෂණයේ දියුණුවත් සමග අඩු ගෑඹුරකින් (Depth) යුත් රූපවාහිනි වෙලද පොලට පෑමිනියේය. මේවා 'ස්ලිම් ෆිට්' (Slim Fit) රූපවාහිනි ලෙස හැදින්වෙන අතර සාමාන්‍ය රූපවාහිනියක ගෑඹුර මෙන් 60-70% අතර වේ. විශාල තිර සහිත රූපවාහිනී යන්ත්‍ර සදහා ඉල්ලුම වෑඩි වීමත් සමගම ප්‍රක්ෂේපණ රූපවාහිනී (Projection TV) වෙලදපලට පැමිනි අතර මේවා ඉතා විශාල මෙන්ම මිල අධික විය.


    මිලගට කරලියට පිවිසුනේ ලොව ප්‍රථම පැතලි පැනල ( Flat Panel) රූපවාහිනිය වන 'ප්ලාස්මා රූපවාහිනියයී. මින් පසු නිපදවුයේ දැනට භාවිතයේ පවතින (LCD) රූපවාහිනිය සහ ජනප්‍රිය වෙමින් පවතින (LED 3D) රූපවාහිනි යන්ත්‍රයි.


    LCD TV කියන්නේ මොනවද?

    ගොඩක් කට්ටිය අහන ප්‍රශනයක් තමා මේ LCD කියන්නේ මොනවද LCD, LED අතර තියෙනවා වෙනස මොකක්ද කියලා.


    LCD TV LCD රුපවාහිනී..


    LCD හෙවත් Liquid Crystal Display රුපවාහිනී තමයි මුලින්ම වෙළද පොලට පැමිණි TFT තිරයක් සහිත රුපවාහිනිය වන්නේ. මෙහි Liquid Crystal යනු රසායනික ද්‍රවයකි. මෙහි සැපයුම් වෝල්ටීයතාවය මත මෙය හරහා ගලන ආලේකය පාලනය කල හැක.

    What_is_TFT-LCD.jpg


    ඒ වගේම තමයි LCD රුපවාහිනිවල Backlight ලෙස යොදා ඇත්තේ CCFL වර්ගයේ බල්බ්ය.

    මේවා තිරස් ආකාරයට backlight පැනලයේ සවිකර ඇත. රුපවාහිනිය ක්‍රියා කරන අවස්ථාවේදී මේ සියල්ල දැල්වේ. දර්ශනයට අවශ්‍ය ආලෝකය සැපයීම මෙමගින් ඉටු කරයි.

    ccflpanel.jpg
    ccflon.jpg


    එහෙනම් LCD වල කතාව ඉවර කරලා LED වලට බහිමු..:yes:

    LED TV (LED රුපවාහිනි)

    LED හෙවත් (Light Emitting Diode)රුපවාහිනි වල මුලික සිද්ධාන්තේ වන්නේ LCD වල ක්‍රමයමයි. නමුත් මෙහි Backlight බල්බ් වෙනුවට වෙනුවට යොදා තිබෙන්නේ LED විශාල සංක්‍යාවක් යොදා ගත් panel එකකි. මෙහි විශේෂත්වය වන්නේ දර්ශනයේ සොබාවය අනුව බල්බ දැල්වීම සිදු වේ. එනම් දර්ශනයේ අදුරු ස්ථාන වලදී බල්බ නිවීමත් ආලෝක ස්ථාන වලදී දැල්වීමත් සිදු වේ. මෙමගින් දර්ශනයේ ඉතා තීව්ර බවක්
    (contrast ratio) ලබාගත හැක.

    images


    කට්ටියට වැදගත් දෙයක්..
    දැන් හැමෝගෙම ආසාව වෙලා තියෙන්නේ LED TV එකක්. 3D TV එකක්. නැත්නම් Smart TV එකක්.. ඉතින් කොල්ලනේ හැමෝටම කියන්න ඔය TV උන කොච්චර තිබ්බත් ඔය Chines කටුවලට කර ගහන්න එපා.
    ඒ වගේම තමා බ්‍රෑන්ඩ්ඩඩ් කියල පිට රටින් උස්සගෙන එන ඒවා ගන්න යන්නත් එපා. පිට රටින් ගෙනවානම් ලංකාවේ Service warranty තියෙන එකක් ගනිල්ලා. නැත්නම් ලංකාවේ පිළිගත් ආයතනයකින් ගනිල්ලා.
    ගොඩක් වෙලාවට TV වලට 1 Year warranty එකක් තමා තියෙන්නේ සමහරු අමතර මුදලක් අරගෙන වගකීම් කාලය දීර්ග කරනවා. ගානක් අතින් ගියත් කමක් නැ. එහෙම එකක් දාගනිල්ල.

    මම මෙච්චර කියවන්නේ මොකද කියල සමහරු හිතනවා ඇති..
    මේකයි මචන්ලා හේතුව. ඔය TV එකක තියෙන්නේ ප්‍රදාන කොටස් 3 යි.

    Power Supply
    Mother Bord
    Display Panel

    Power Supply එක රෙපෙයාර් කරන්න පුළුවන්. Mother Bord එක රෙපෙයාර් කරන්න අමාරු උනත් Replace කරන්න පුළුවන්. හැබැයි ගොඩක් TV වල Display Panel එක හොයා ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට ලෙඩ එන්නෙත් Display එකේ තමයි. බැරි වෙලාවත් Display එකට කෙල උනොත් බඩුම තමා. අලුතින් දැම්මත් 12000 කට එහා ගානක් යනවා. ඉතින් උබල ගන්න කලින් ටිකක් හිතපල්ලා.. :yes:

    ඉලෙක්ට්‍රොනික් පිලිබදව ප්‍රශ්න ඔයාලට තියෙනවනම් පොස්ට් එකක් හරි
    මට PM එකක් හරි දාන්න. :yes:

    Thread එක ඔයාලට වැදගත් කියල හිතෙනවනම් Comment එකක් දාල Rep එකක් දීල යන්න.. :)
    its my style

    දන්නවද Blu-ray ගැන?
    කෙල්ලෙක් සෙට් කරගන්න
    ~Digital~Camara~ගැන...
    මරිසි වැඩ..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    maxxa thrad bro rep ++

    pattai.. rep 9+
    B4SqP.gif

    ela ela good post..:D




    patta mchn.rep +++++

    good post.. tks.

    කමෙන්ට් කරපු රෙප් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.. :yes::yes: