ගැහැණු vs පිරිමි මොළය..
ලිපියක් ගේන්නෙ සෑහෙන්න කාලෙකින් වගේම කාලයක් තිස්සෙ ලියන්න හිතන් හිටපු කාරණාවක් මේක.. ඔය නැන්දම්මගෙ ලේලිගෙ, යාළුවන්ගෙ නෑදෑයින්ගෙ වැඩපලේ කඩපිලේ ප්‍රශ්න අතරේ මේකත් ඔළුවෙ කොනකට දාගන්න..

මීට අවුරුදු 3කට කලින් මං සහභාගී උණ Coaching, Mentoring and Counselling ඒ කියන්නෙ උපදේශන සම්බන්ධ ට්‍රේනිං එකකදි තමා මේ වීඩියෝ එක මුලින්ම දැක්කෙ.. පස්සෙ කාලෙකදි මගේ ජීවිතේ හුඟක් අවස්ථා බැලන්ස් කරගන්න මට උපකාරී උණ තියරි එකක් මේක..

මේ කතාව කියන්නෙ මාර්ක් ගන්ගර් කියන motivational speaker (අභිප්‍රේරණ කථිකයා).. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපලේ ඉහලම ඉල්ලුමක් තියෙන විවාහය හා පවුල පිළිබඳ දේශන පවත්වන්නෙක්..
ඔහුට අනුව ස්වභාවයෙන්ම පිරිමි මොළය සකස් වෙලා තියෙන්නෙ පෙට්ටි (box) විදිහට.. ඒ කියන්නෙ එයාලගෙ ඔලුවෙ තමන්ගෙ ජීවිතේට අදාළ හැමදේකටම වෙන්වෙච්ච පෙට්ටියක් තියෙනව.. බිරිඳට එකක්, පවුලට එකක්, අම්මට එකක්, රැකියාවට එකක්, ලිංගික ජීවිතේට එකක්, විනෝදාංශවලට එකක්.. වගේ එකී නොකී හැම එකකටම එක ගානෙ.. ඔය ඔක්කොම බොහෝම පරිස්සමට එකකට එකක් නොගෑවෙන්න තැන්පත් කරලයි තියෙන්නෙ ඔය ඔළුගෙඩිය ඇතුලෙ.. මොකක්හරි එක කාරණාවක් සම්බන්ධ දෙයක් වෙනකොට එයා ඒ අදාල පෙට්ටිය බොහෝම පරිස්සමට එලියට අරන් විවෘත කරගන්නවා.. ඒකට අදාල රාජකාරිය කරනවා.. ආයෙත් පරිස්සමට වහල ඇතුලට දානව. කිසිම වෙලාවක පෙට්ටි දෙකක් එකපාර අරින්නේනම් නැත.. ඔය නිසා තමයි අපි ගෙවල් වල වෙන ඔය පුංචි පුංචි රංඩු සරුවල් වැඩි හරියක් වෙන්නෙ.. "බිරිඳ : ඇයි ඔයා ඔෆිස් ගියාම මට කෝල් කරන්නෙ නැත්තෙ..? " ඉතිං හත්දෙවියනේ සාධාරණයිනෙ.. මිනිහ රැකියා පෙට්ටිය ඕපන් කරගෙන ඉන්න වෙලාවට අනිත් පෙට්ටි ගැන අවධානයක් නෑනෙ.. ඒක තමයි හැටි..

අනිත් වැදගත්ම කාරණය.. ඔය පෙට්ටි අතරෙ මෑන්ස්ට තියෙන ලොකුම හොඳම සහ වඩා කැමතිම පෙට්ටිය තමයී... ගර්ල් ෆ්‍රෙන්ඩ් නැත්තම්.. වයිෆ්....
අපෝ නෑ.. එයාලට තියෙනව මුකුත්ම නැති හිස් පෙට්ටියක්. Nothing box.. ඒක තමයි එයාලගෙ ෆේවරිට්.. TV එක දාගෙන remote control එක අතට අරගෙන ඔහේ කිසිම හැඟීමකින් තොරව channel මාරු කර කර ඒ දිහා බලං ඉන්න හස්බන්ඩ් ල දැකල ඇති නේද.. ආන්න ඒකයි කතන්දරේ.. ඒ හස්බන්ඩ් වෙන කෙනෙක් ගැන හෝ ඔයාට කියන්න කැමති නැති දෙයක් හිතනව නෙමෙයි.. එයාලට පුළුවන් කිසිම දෙයක් නොහිතා ඔහේ හිස් හිතකින් වෙලාව ගත කරන්න.. අඩුමගානෙ ගැහැණු අයට හිතන්නවත් පුළුවන්ද මුකුත්ම දෙයක් නොහිතා ඉන්න එක තප්පර 30 ක් ගැන? ඔට්ටුයි බෑ ඒ මේන්න මේ නිසා.. 
ගැහැණු මොළේ කියන්නෙ හරියට ලොකූ පැටලුනු නූල් බෝලයක් වගේ.. හැමදේම හැමදේටම සම්බන්ධයි.. අම්ම, තාත්තා, හස්බන්ඩ්, ළමයි, පවුල, යාලුවො, අධයාපනික වැඩ වගේ ඔක්කෝම එකකට එකක් connected..
හැමවෙලාවම එකක් උඩින් එකක් මොනවමහරි සිතුවිල්ලක් වැඩ කරනව.. වැඩ කර කර ඉන්න වෙලාවට ගෙදර දේවල් වගේ.. ඔෆිස් ගියාට පස්සෙ ළමයි ක්ලාස් එකෙන් ගන්න ඕන කියල අම්මට මතක් වෙන්නෙත් තාත්තට මතක් නොවෙන්නෙත් ඕකයි.. ප්‍රධානම දේ තමයි ගැහැණු මොළය වැඩ කරන energy source එක එහෙම නැත්තම් බලශක්ති මූලය වෙන්නෙ emotions ඒ කියන්නෙ හැඟීම්.. 
ආන්න ඒකයි ගැහැණු අයට හැමදේම මතක හිටින්නෙ..
කතාවනම් දිගයි තමා.. හැබැයි අවබෝධයෙන් තේරුම් ගත්තොත් වටිනවා.. අදාළ වීඩියෝ එකත් බලල අදහසක් ගන්න.. මනෝවිද්‍යාව ගැන වැඩිදුර හදාරපු අයට පුළුවන් වෙයි වැරදි අඩුපාඩු සකස් කරල තව කරුණු එකතු කරන්න..

ආන්න ඒකයි ගැහැණු අයට හැමදේම මතක හිටින්නෙ.. කතාවනම් දිගයි තමා.. හැබැයි අවබෝධයෙන් තේරුම් ගත්තොත් වටිනවා.. අදාළ වීඩියෝ එකත් බලල අදහසක් ගන්න.. මනෝවිද්‍යාව ගැන වැඩිදුර හදාරපු අයට පුළුවන් වෙයි වැරදි අඩුපාඩු සකස් කරල තව කරුණු එකතු කරන්න..
Last edited: