ගැහුවොත් ගැහුවම තමා...

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ගැහුවොත් ගැහුවම තමා...

    ඔන්න යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ රජ කරලා බොහෝම කාලෙකට
    පස්සෙ අපේ සිරි ලන්කාවෙ ඉපදුනාලු ගාමිණී කියල බුවෙක්... :Dපොර ඉතින් හොඳට
    ඉගෙනගෙන එහෙම තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න තීරණය කරා..මොකක්ද
    දන්නවද පොර හිතුවෙ? :oo: පොරට ඕන වුනා ඇණ ෆැක්ටරියක් පටන් ගන්න.. :eek:
    ඇණ කිව්වෙ වචනයේ පරිසමාප්තයෙන්ම ඇණ.. :yes: නැතුව වෙන ඇනිල්ලක් එහෙම
    නෙමේ.. :frown: ඔන්න දැන් අපේ ගාමිණී අයියා සුභ මොහොතින් ෆැක්ටරිය විවෘත
    කරලා අපේ ආඩම්බරකාර තාත්තාගේ ෆොටෝ එකක් එහෙම පොරගෙ කැබින් එකේ ගහගෙන
    දෙයියනේ කියලා බිස්නස් එක පටන් ගත්තලු.. :D
    මුල් දවස් වල ඕඩර් පොඩ්ඩ පොඩ්ඩ ආවත් ටික කාලයක් යද්දි කිසිම ඕඩර් එකක්
    එන්නෙ නැතුව ගියාලු.. :baffled: පොර බැලුව මේක හරියන්නෙ නෑ බිස්නස් එක
    කොහොමහරි ප්‍රොමෝට් කරගන්න ඕනේ කියලා.. :yes: පොර කෝල් කරා පොරගෙ පොඩි
    කාලෙ ෆිට් එක්කට..මෑන්ස් Advertising Company එකක හෙන ලොක්කෙක්..පොර
    ගාමිණී අයියාගෙ සීන් එක අහගෙන ඉඳලා කිව්වා.. "බයවෙන්න එපා ගාමිණී අයියා
    මන් හෙට පත්තරේට දාන්නම් ලොවෙත් නැතිවෙන්න ඇඩ් එකක්" ගාමිණී අයියත් හෙන
    හැපියෙන් තෑන්ක්ස් මචන් කියලා කිව්වා.. :D
    ඔන්න ඉතින් ඊළඟ දවසෙ වෙනදට වඩා කිට මරලා පොර ඒ කියන්නෙ ගාමිණී අයියා
    ගියාලු ෆැක්ටරි එකට...යනකොට ෆැක්ටරි එක මිනිස්සු වට කරලලු..පැත්තක් කුඩු
    කරලා දාලලු..ඩයල් එක ගුටි නොකා ශේප් එකේ රින්ගුවා ඔෆිස් එකට.. ;) ගිහින්
    මේ මොන ******ක්ද යකෝ :angry: :angry: කියලා කල්පනා කරද්දි පොරගෙ ඇහැ ගියාලු උදේ
    පත්තරේට.. :eek:
    පත්තරේ ඇඩ් තියෙන කොටසෙ ලොකුවට ජේසුව කුරුසෙට තියල ඇණ ගහපු ෆොටො එකක්
    තියෙනවලු...ෆොටෝ එකට යටින් තියෙනවලු...


    |ගාමිණී ඇණ|
    ගැහුවොත් ගැහුවම තමා


    :shocked:
    පොර පටගාල බැල්කනියට දුවලා ගිහින් මිනිස්සු ටිකට කතා කරලා සමාව ඉල්ලලා
    බොහොම අමාරුවෙන් වැඩේ ශේප් කරගත්තලු... :dull:
    මිනිස්සු ටික ගිය ගමන් තමන්ගෙ අතිජාත මිත්‍රයාට කෝල් එකක් අරන්
    ඇහුවා.."මොකක්ද බොල ඒ ඇඩ් එක මන් බොහොම අමාරුවෙන් ගුටි නොකා බේරුණේ"
    කියලා :frown:
    Advertising බුවා කිව්වලු "අනේ සොරි මචන් මන් හිතුවෙ නෑ එහෙම එකක් මන් හෙට දාන්නම් එළකිරි වගේ ඇඩ් එකක් ඕවට හරියන්න :D " කියලා..
    ඔන්න ඊළඟ දවසත් ආවලු...ගාමිණී අයියා මේ පාර වැඩිය කිට් බිට් ගහන්නෙ නැතුව උදේම ගියාලු ෆැක්ටරි එකට.. :rolleyes:
    යද්දී ෆැක්ටරි එක පැත්තෙන් දුමක් එනවලු...මොකද කියල බලද්දී මිනිස්සු ෆැක්ටරියට ගිනි තියලලු.. :shocked: පොර ගිනි නිවන හමුදාවට කෝල් එකක් දීලා පට ගාල ඔෆිස් එකට ගිහින් පත්තරේ බලද්දී..මෙන්න තියෙනවලු ඇඩ් එකක්..ලොකු කුරුසයක් විතරක් තියෙනවලු පින්තූරෙට.. :oo: යටින් තියෙනවලු...


    "ගාමිණි ඇණ ගැහුවනම් ඔහොම වෙන්නේ නෑනේ"

    :dull::dull::dull:
    ගාමිණි අයියා සුපුරුදු පරිදි බැල්කනියට ගිහින් මිනිස්සුන්ගෙන්, ආයේ මෙහෙම වෙන්නේ නෑ කියල සමාව ගත්තලු.. :yes:
    ඊට පස්සේ ඔෆිස් එකට ඇවිත් අර මෑන්ස් ට කෝල් එකක් අරන් හොඳවයින් කියාගෙන කියාගෙන ගියාලු :angry::angry::angry: .. :confused: පොර ගාමිණි අයියගෙන් සමාව ඉල්ලලා කිව්වලු..මට අන්තිම සැරේට චාන්ස් එකක් දියන් මචන් කියලා.. :dull::dull: තමන්ගේ අතීසාර මිත්‍රයාට බෑ කියන්න බැරි නිසා ගාමණි අයියා පොරට සමාව දුන්නා.. :no::no:
    ඔන්න තුන්වෙනි දවසත් ආවලු..අපේ ගාමිණි අයියට ගණ දෙවි නුවණ පහල වෙලා එදා පත්තරේ ගෙදරටම ගෙන්න ගත්තලු.. :yes: :baffled: කෙලින්ම පෙරලුවේ ඇඩ් තියෙන පිටුව.. :oo::oo:
    එකේ තිබ්බේ මෙහෙමලු..
    ඔන්න ජේසු දුවනවලු...පිටිපස්සෙන් තවත් මිනිහෙක් දුවගෙන එනවලු මිටියකුයි ඇණ ටිකකුයි අරගෙන...යටින් තියෙනවා...


    "ඒ ඔන්න ඔය මනුස්සයව අල්ලගනින්..ගාමණි ඇණ හොයාගත්තා"
    (ජේසු තුමාට විහිලුවටවත් ඕකා කියන්න දිව නැමෙන්නේ නෑ මගේ :no: එනිසා ඔය මනුස්සයා කිව්වේ.. :yes: )
    එදායින් පස්සේ ගාමණි අයියා තමන්ගේ ඇණ ෆැක්ටරිය පැත්ත පලාතේ ගියේ නෑලු... :rolleyes::rolleyes::D:D:D

    යාලුවනේ මට ක්‍රිස්තියානි ආගමට අපහාස කිරීමේ කිසිම උවමනාවක් නෑ..හුදෙක් විහිලුවක්ම පමණයි මෙය.. :yes: :)

    බොහොම අමාරුවෙන් ෆෝන් එකෙන් ටයිප් කරලා කරලා...ඒක හිරවෙන්න ගත්ත පාර සේරම ටික මැෂින් එකට දාගෙන ඉතුරු ටික ටයිප් කරේ.. :confused: :confused: :yes:
    එහෙනම් මගේ ප්‍රථම සිනා කතා ත්‍රෙඩ් එක මෙසේ අවසාන කරමි... :)

    ඔබ සැමට ජය!! :) :) :)
     
    Last edited: