ගෑනු ලමයි හිතේ හංගන හොර

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ගෑනු ලමයි හිතේ හංගන හොර

    අපි සමහර වෙලාවට කරන දේවල් තියෙනවා, අපි මළත් එහෙම කරනවා කියලා පිළිගන්නෙ නැති. හැබැයි ඉතින් අපි හොරාට කරන සමහර දේවල් කරනවයි කියලා පිළිගන්නවට වඩා හොඳයි ඕයි ග්‍රැමොක්සෝන් එකක් ගහනවා. ඒ තරං ලෝක ලැජ්ජාවට පත්වෙන දේවල්නේ සමහර වෙලාවට අපි අතින් සිද්ධ වෙන්නේ. දැන් එහෙම කියනකොට ගෑල්ලමයි හිකිස් බිකිස් ගාලා “අනේ අපි දන්නෙ නැද්ද ඔයාලගෙ හැටි” කියලා කියන්න ලැහැස්ති වෙන්න එපා ඕං. මේ කියන්න ආවේ ගෑල්ලමයි කරන දේවල් ටිකක් ගැන තමා. හැබැයි ගෑල්ලමයි තමන් එහෙම ඒවා කරනවා කියලා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් පිළිගන්නෙ නං නෑ!



    1. අනේ මම ඒ කොල්ලව දැක්කෙවත් නෑනේ!

    PurxPjl.gif


    දැන් කොල්ලො අපි ලස්සන කෙල්ලෙක්ව දැක්කහම පොඩ්ඩක් හිත ඇතුළෙන් හරි සලිත වෙලා යනවා කියන එක පිළිගන්න අපි බය නැහැනේ සිස්ටර්. ආන්න ඒ නිසා ඔයාලත් පිළිගන්න තියෙන්නේ ඇත්තටම කියුට් කොල්ලෙක් දැක්කහම ෂේප් එකේ බලනවා කියලා. පොඩ්ඩක් පුලුවන් නම් විස්තරත් හොයනවා කියලා. ඊට පස්සේ කොල්ලව නොදැක්ක ගාණට හිටියට ඌ ඔයාලා දිහා බලයි, පොඩි හිනාවක් දායි කියලා බලාපොරොත්තුවෙන් ඇහැ කොණෙන් කන්ටැක්ට්ස් තියාගෙන ඉන්නවා කියලා. ඒකනේ ඇත්ත, හා නැද්ද?

    ඕකෙම තව සීන් එකක්නේ සිස්ටර් “අර කියුට් කොල්ලා මගෙ පස්සෙන්ම එනව අනී” කියලා කියන එක. ඌ පස්සෙන් එනකන් නෙවෙයිද බලාගෙන හිටියේ හරි කියමු බලන්න!



    2. පරණ කොල්ලාගෙ හොර ඇල්ලීම


    CrlxHAV.gif

    දැන් සිස්ටර් දවස පටන් ගන්නෙ නෙස්ටමෝල්ට් කෝප්පයක් බීලද? එහෙම නැත්තං ෆේස්බුක් ලොග් වෙලා පරණ කොල්ලාගේ ප්‍රොෆයිල් එකට ගිහින් ඒකේ අප්ඩේට්ස් බලලා, ඌගේ ප්‍රොෆයිල් පික්චර් එකට ‘අනා ස්වීට්’ කියලා කමෙන්ට් එකක් දාලා තියෙන තේ උඩිච්චි කවුද කියලා බලන්න ඒ කෙල්ලගේ ප්‍රොෆයිල් එකටත් ගිහින්, ඒ කෙල්ලගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න එවුන්ගේ ප්‍රොෆයිල් වලටත් ගිහින් ෆුල් සී. අයි. ඩී පාරක් දාලා නෙවෙයිද හා? ඕකේ ආතල් එක මෙහෙමයි ඉතින්. පරණ කොල්ලා යාලුවෝ එක්ක ඉන්න ෆොටෝ එකක් වැ‍ටුණහම, ඒකේ ඌ ඉන්නේ සිංහාසනේ දන්දුන්න යසලාලකතිස්ස රජ්ජුරුවෝ වගේ නං හෙන හැපි එකක් එන්නෙ නැද්ද? මම නැතිවුනාට පස්සේ ඌට කෙලවෙලා කියලා හිතෙන්නේ නැද්ද? අනික් පැත්තට ඌ ෆුල් හිනා කටක් දාගෙන කෙල්ලෙක්ගේ කරටත් අතදාගෙන ඉන්නවා නං උගේ කේන්දර කොපියත් අරගෙන සුමනෙව හම්බුවෙන්න යන්නෙ නැද්ද, ඌට ඔයාගෙ අගේ තේරෙන්න අන්දොස් කාලයක් එන්නේ කවද්ද කියලා බලන්න? ආන්න ඒකයි. ඔයාලා නොකියා හිටියට ඔය සූටි හිත වැඩ කරන හැටි අපි දන්නවා සිස්.



    3. අම්බෝ කළුවරට බයයි!

    FImphFS.jpg

    හරි දැන් රෑට මලක් කඩාගෙන ඉන්නකොට ඇ‍ඳෙන් බැහැලා ගිහින් ලයිට් ස්විච් එක ඕෆ් කරනකල් කොල්ලට හුරතල් වෙවී තව පොඩ්ඩක් ඉන්න කියලා, ඇඳට පැන්නට පස්සේ ‘හරි මට දැන් නිදිමතයි, හෙට කතාකරමු’ කියනවනේ. ඉතින් ඇත්ත කතන්දරේ ඔයා ලයිට් එක ඕෆ් කරලා කරුවලේ ඇඳට එන්න බයයිනේ සුදූ. ඒකනේ ඇත්ත.

    ඔය කරුවලට බය සීන් එකනං ඔයාලා සමහර වෙලාවට පොඩ්ඩක් හුරතල් වෙන්නත් එක්ක පිළිගන්නවනේ. එතකොට අපිත් තව පොඩ්ඩක් හුරතලේට ඒක ඔයා හරි චූටි කෙල්ලෙක්ය, ඒක හරි කියුට්ය කියලා හිතාගන්න පොයින්ට් එකක් විදියට ගන්නවනේ. සමහර ගෑල්ලමයි එහෙම හුරතල් වෙන්නම බොරුවට කරුවලට බයයි කියලත් කියනවනේ. ඉතින් ඒකත් අපි දන්නවනේ!



    4. මේවා ඩෙනිම් වගේ තමා!

    UWn9KML.jpg

    දැන් කොල්ලෝ සමහර වෙලාවට සිවිල් පිට එහෙ මෙහෙ ගියත්, ගෑල්ලමයි උඩට බ්‍රා එකක් අඳින්නෙ නැතුව එළියට බහින්නෙ නැහැනේ. එතකොට ගෑල්ලමයින්ට බ්‍රාස් සෑහෙන්න තියෙනවනේ. හැබැයි කීයක් තිබුණත් අඳින්නේ ෆේවරිට් කීපයක් විතරයිනේ. ඔය ඔක්කොම හරි. හැබැයි ලේසියෙන් මළාට බ්‍රා එකක් හෝදන්නෙ නැහැනේ! අපි ඕක ඉඹලා බලන්නෙ නැති වුනාට අපි දන්නවා සිස් හොරේ. ඔයාලා බ්‍රා ගැන හිතාගෙන ඉන්නේ අපි ඩෙනිම් ගැන හිතාගෙන ඉන්න විදියමයි කියලා. හැබැයි ඩෙනිම් කලිසම් නං හැමදාම හෝදන්න හොඳ නෑ. අපි දන්නෙ නෑ බ්‍රා එහෙමත් හැමදාම හෝදන්න හොඳ නැති සීන් එකක් තියෙනවද කියලා. හැබැයි වැඩේ ඇත්තනේ!



    5. ෂේව් කරන්න බෑ අය්යෝ!

    H6Cpi8H.jpg

    දැන් සමහර කොල්ලෝ හැන්ඩි වෙන්න, සීරියස් සිරා ලුක් එකක් එන්න ‍රැවුල වවනවා. හැබැයි සමහරුන්ට ‍රැවුල වැව්වහම කෙලින්ම වානර වික්‍රම වගේ. ඒත් වවනවා. ඇයි? කපන්න තියෙන කම්මැලි කමට. ‍රැවුල කපන එක හෙනම වාත වැඩක්නේ. ඔව් ඉතින් ඔය කකුල්, කිහිලි යට ෂේව් කරන එකත් ඒ වගේම වාත වැඩක් කියලා අපි දන්නවා. හැබැයි ඔයාලා කිහිලි යට ෂේව් කරන්න කම්මැලි වෙච්ච දවසට අත් දිගට අඳිනවා කියලත් අපි දන්නවා. එතකොට කකුල් ෂේව් කරපු නැති දවසට ජීන්ස් අඳිනවා කියලත් අපි දන්නවා. දැන් අත්දිග බ්ලවුස් හරි ජීන්ස් හරි අඳින හැම දවසම ඔහොම දවස් නෙවෙයි කියලත් අපි දන්නවා. හැබැයි ඇයි ‍රැවුල කපන්න කම්මැලි කියලා අහලා අපිට ලොකු සීන් දුන්නට ඔයාලත් ෂේව් කරන්න කම්මැලි කමට ඔය වගේ වැඩ කරනවා කියලා අපි දන්නවා කියලා පෙන්නන්න මේක ලියනවා.

    එක අතකට ඔයාලා වාසනාවන්තයි අපිට වඩා සිස්. මොකද ‍රැවුල කපන්න කම්මැලි දවසට අපි බිල්ලෙක් වගේ වෙසක් වෙස්මූණක් දාගෙන එන්නද, බැහැනේ!



    6. ෂෝක් පෝනි ටේල් එක!

    0JHNpjH.gif

    දැන් ගෑල්ලමයි පෝනිටේල් දාන හේතු දෙකක් තියෙනවා කියලා අපි දන්නවා සුදූ. එකක් කොණ්ඩේ පෝනි ටේල් එකක් දැම්මහම ලස්සන නිසා. ඒක ඉතින් ඔය ඩ්‍රෙස් එකකට මැච් වෙන්න, ඔකේෂන් එකකට මැච් වෙන්න දාන්න පුලුවන් නේ. හැබැයි ඒ වගේම නාලා නැති දවසට කොණ්ඩේ තෙල් වගේ නිසාත් අනං මනං හෙයාර් ස්ටයිල් දාන්න බැරි නිසා කොණ්ඩේ පෝනි ටේල් දාගෙන ඔයාලා එනවා කියලත් අපි දන්නවා සිස්. බොරු නෙවෙයිනේ. අවුලක් නෑ ඉතින්. සෙන්ට් සුවඳ නිසා ඕක නාලද නැද්ද කියලා හොයාගන්න බැහැනේ. ඒ හින්දා අපි හැමදාම පෝනි ටේල් එක ස්ටයිල් එකට දාන්නේ කියලා විතරමයි හිතාගන්නේ. අම්මපා!



    7. පූං! පෑං!

    X2shI2T.jpg

    මේක තමයි සිරාම සීන් එක. හැබැයි දැන් ලියපු එකාව බාබකියු දාන්න ඕන කියලා ඌව හොයාගෙන එන්න ඔට්‍ටු නෑ හරිද! දැන් මෙහෙමනේ. කොල්ලොන්ටත් පූං යනවනේ. උනුත් ඕක පිළිගන්න ලැජ්ජයිනේ. හැබැයි උන් ඕක නැහැයි කියන්නෙ නැහැනේ. හැබැයි කෙල්ලොන්ටත් පූං යනවනේ. ඒවා අර වේරම්භ වාතේ වගේ දරුණු ඝර්ජනා ඇති කරන ඒවා නොවුනත් අර නිස්සබ්දයි එහෙත් මාරාන්තිකයි ටයිප් ඒවා වෙන්නත් පුලුවන්නේ. ඒ කොහොම වුනත් කෙල්ලෝ නිකං හැසිරෙන්නේ හරියට මේ ලෝකේ පූං කියලා ජාතියක් යන්නේ කොල්ලෝ සංහතියට විතරයි, කෙල්ලෝ කියන්නේ ඔය පූං සංසිද්ධි නැති බාබි ඩෝල්ස් ලාය වගේ ලෙවල් එකකටනේ. හැබැයි ඉතින් ගෑල්ලමයිනුත් සමහර වෙලාවට ලාවට පස්ස උස්සනකොට, පස්ස පොඩ්ඩක් අකුලෝගන්නකොට අපි සීන් එක දන්නවනේ. ඒක ඔයාලා පිලිගත්තත් නැතත් ඕවා සොබාවික සංසිද්ධි කියන එකත් අපි දන්නවනේ!



    8. ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් දවසට සීයයි!

    Skc863S.jpg

    දැන් ෆේස්බුක් එකවුන්ට් එකක් හිමි ඕනම ගෑල්ලමයෙක්ගෙන් අහලා බලන්න ඔයාට ෆේස්බුක් කරදරයිද කියලා. නැත්තං ෆේස්බුක් එකේ කොල්ලන්ගෙන් කරදරයිද කියලා. කෙලින්ම පටන් ගන්නේ “අනී කියල වැඩක් නෑ අනී. හැමදාම ප්‍රොෆයිල් පික්චර් එකට මේ මේක්-අප් නැති ෆොටෝ එකක් දැම්මත් දවසකට ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් සීයකට වඩා එනවා. ඉන්බොක්ස් මැසේජස් දෙසිය විසි එකකට වඩා එනවා. මට නං දැන් ඇතී වෙලා” කියලනේ. හැබැයි ඉතින් අපි දන්නවනේ සිස්ටර් ඇටෙන්ෂන් එකට ගෑල්ලමයි හරී කැමතියි කියලා. ඒක වැ‍රැද්දක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ හින්දම අපි දන්නවා ඔයාට ගොඩාරියක් ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් එනවට, කොල්ලෝ පන්සීයකගෙන් විතර ඉන්බොක්ස් මැසේජ් ඇවිත් තියෙනවටත් ඔයාලා කැමතියි කියලා. අපි කියන්නේ ඔය වාත වෙන, වද දෙන මැසේජස් ගැන නෙවෙයි. හැබැයි සමස්තයක් විදියට ඔයාලා ඕකට ආසයිනේ. බොරුවටනේ නැහැයි කියන්නේ. අපි දන්නවනේ හොරේ!



    9. හායි වස්තුවේ (මූසල මැට්ටි!)

    coGqKhT.jpg

    දැන් ඔයාලා කැමති ස්වීට් හාට් ගෑල්ලමයි යාලුවෝ වගේම ඔයාලට දෑහැට පෙන්නන්න බැරි මූකලන් බස්සියෝ වගේ ගෑල්ලමයි එහෙමත් ඉන්නවනේ. දැන් කොල්ලෙක් ගත්තත් අපේ ‍ෆිට් පොරවල්, අවුලක් නෑ පොරවල් සහ ඇස් දෙකට පෙන්නන්න බැරි කැ* (කැත) ඩයල් ඉන්නවා. හැබැයි ඉතින් එහෙම මූණ සමතලා වෙන්න දෙන්න හිතෙන එකක් මුණගැහුනහම අපි උන්ව බදාගෙන ඉඹින්නෙ නෑ. මූණ කෝච්චියට අහුවුණු සතපහ වගේ හදාගෙන ඌව ගණන් නොගෙන ඉන්නවා. ඒත් සුදූ ඔයාලා අර පෙන්නන්න බැරි කෙල්ලෙක්ව මුණගැහුනහමත් එයාව බදාගෙන මේක්-අප් දිවේ ගෑවෙනකල් ඉඹලා “අනී ඔයාට කොහොමද වස්තුවේ, ඔයා තව ලස්සන වෙලා, ෂෝයි ඩ්‍රෙස් එක” වගේ ටෝක්ස්නේ දෙන්නේ. ඊට පස්සේ එයා ගියාට පස්සේ ඔයා අනික් යාලුවෝ එක්ක කියන්නේ, කවුරුත් ලඟ නැත්තං අඩුම ගානේ හිතන්නෙත් “නොදකින් මූකලං බස්සි, ආවනේ අදම දෑහැට මුලිච්චි වෙන්න. ඒකි මහත් වෙන විදියට තව ටික දවසකින් යවන්න පුලුවන් සුමෝ ගහගන්න, හැටි විතරක්, අර ගවුමත් මේස රෙද්දකින්ද කොහෙද මහලා තියෙන්නේ, පොල්බෑමූණි” කියලනේ. අවුලක් නෑ සිස්ටර්, කෙල්ලොනේ!



    10. යන්න අනේ!

    ZqQrs90.jpg

    අන්තිමට කොහොමත් මෙහෙම ලිස්ට් එකක් තියෙනවා කියලා ඔයාලා පිළිගන්නෙ නෑනේ. කමක් නෑ සිස්. මේවා මොනා වුනත් වී ලව් යූ ඕල් නෙහ්!



    අවවාදයයි: මෙය හුදෙක් විනෝදයට ලියන ලද්දක් වන අතර, සීරියස් ගෙන පිරිමින්ට විරුද්ධව ස්ත්‍රී විමුක්ති සංවිධාන සෑදීමෙන් වළකින්න. මෙය ලියූ අහිංසක කොලුවා සොයා අනිවා පීරීමෙන්ද වළකින්න. මෙය ලියූ අහිංසකයාට හෙණ ඉල්ලීමෙන්, ගම්මිරිස් ඇඹරීමෙන් සහ පොල් ගැසීමෙන්ද වලකින්න. මෙය ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේෂන් වගේ බරපතළ සීන් එකක් නොවන බවද සිතට ගන්න. ආදරෙයි නංකිලා ආදරෙයි!


    උපුටා ගැනීම http://www.aniwa.lk/2017/06/30/1706302-our-girls-will-never-admit-these/

    සිරා කතාවනම් මටත් සලකන්න අනේ තාම කෑම කෑවෙත් නෑ කිබුලා බනිසක් ගන්න රෙපක් දෙන්න ‍
     
    Last edited: