ගෑනු ළමයෙක් නිර්භීත වෙන්න ඕන..ඒත් ඊට වඩා පර&#3

isurulk

Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    ගෑනු ළමයෙක් නිර්භීත වෙන්න ඕන..!

    අද තරම් කට්ටක් ලඟකදී කෑ කාලයක් මතක නැත.

    නංගිගේ උපන් දිනය සඳහා මගේ සිතේ හොරෙන්ම ප්ලෑනක් ක්‍රියාත්මක විය.
    මගේ පුංචි පාටිය තිබෙන්නට නියමිත වූවේ අපේ ගෙදරින් පිට පැය 3ක දුර ස්ථානයකය.
    ඒ ඇය ටික දවසක සිට රැඳී උන් තැන නිසා බියකින් තොරව රාජලිලාවෙන් ඇය හමුවීමට ගියෙමි.
    ඒ අවුරුද්දක් පාසා මා විසින් කරනු ලබන යුතුකම ඉෂ්ට කිරීම සඳහාය.
    මම ගියේ ඇය පුදුම කරන්නටය.
    නමුත් පුදුම උනේ මාය..
    මා ඇය හමුවට යනවග කිසිවෙක් දැනගෙන නොසිටින.
    හවස හතරහමාරට මට එහි යා හැකි වූ නමුත් ඈ එහි නොවිණි.දෙයියනේ..මට කියවින.
    මා ඇය වෙනුවෙන් ගෙන ආ කේක් එක,උපන් දින තෑගි ඇතුළු සියලුම දේ දෑතින් බිමට වැටෙන්නා සේ දැනුනි..
    ඈ ඉගෙනගන්නා තැනට ගිහින්ය.ඔව්.ඈ හොස්ටල් ගිහින්ය.
    හිරු..ඇතිද දැන් උඹට?
    ආව නේද මවාගෙන හීන?
    හිනාවෙනවා ද මං ගැනම දුක් වනවාද නොදනිමි මගේ යටිහිත.
    ඇය මගේ නංගි වූවාට ඇය මාගේ දරුවාය.මගේ එකෙකු ඉපදෙන තුරු ඌ මාගේ දරුවාය..
    මගේ යුතුකම මා ඉටු කල යුතුය.
    නැතිනම් අක්කාට දැන් ඇයව ගානක් නැතැයි සිතනු ඇත.
    ඇගේ හොස්ටල් එකට තවත් පැය 3 ක් මෙහි සිට ඇත.
    දැන් සවස හතරයි තිහයි..
    කමක් නැහැ.
    හිරුහිමා කියන්නේ නිකන්ද..
    තියන ශක්තිය අවශ්‍ය වෙලාවට නැතිනම් මොටද..
    ඒ පැය තුනද ආවෙමි.
    අද දවසටම දෙයක් කන්නට මට නිකමටවත් මතක් වූයේද නැත.
    මට ඊට වඩා ඕනා කලේ මම ගේන දේ දකින ඇයගේ ඇස්වල තිබෙන සතුට දැකීමටය..
    ඔව්..ආවෙමි..
    ඒ පැය තුනද බස් එකේ ඉඳ හිට නින්ද ගියේය..
    මම මේ ටයිප් කරන්නේ ඇගේ හොස්ටල් එක තුලදී..
    මම හිරු ගැන අවිහින්සකව ආඩම්බර වෙමි.
    ඔව්.
    අම්මා නැති ඒ පුංචි එකී දැන් කේක් එකත් කපලා මෙතන උකුළු මුකුළු කරමින් හිදී..
    Photo0325.jpg

    (මේ තියෙන්නේ එයාට මම දුන්න පුංචි පාටිය..:))

    නමුත් මේ මාගේ අවාසනාවය
    මේ හොස්ටල් එකේ පිට කෙනෙකු දිනකට නැවතීමත් රූල්ස් කඩවිමක්ලු..
    හ්ම්ම්,,
    මම තවම එතැනමය..
    නමුත් මාගේ සතුට ඉහ වහා ගොස් ඇත.
    තව ටිකකින් නැවත මා යා යුතුය.
    තනිව........
    හ්ම්ම්..
    මහා පාළුවක් සමග සතුටක් ..
    අද මම ගෙදර යන විට රාත්‍රී එක පසුවනු ඇත.

    නමුත්.........මම අද සතුටින්......:)

    අද මෙතැන් සිට..
    __________________________________________________________________________________



    හරියටම නවයහමාරයි වෙලාව ..මම නංගගේ හොස්ටල් එක පාස් කරලා ආවේ එයාගේ ඇස්වලින් කඳුළු කැට එක දෙක වැටෙද්දී..
    එයා මට පෙනෙන්ට කලින් ඒවා පිහින්ට ගියාට වැඩක් උනේ නැහැ..
    අර සෙනගක් ඉස්සරහ 'පරිස්සමෙන් ගිහින් එන්න අක්කේ' කියල එයා දණගහල මට වඳිනකොටම ඒ කඳුළු හොඳහැටි මම බලාගත්තා..
    පටු මාවත් එක දෙක පහු කරගෙන යන්තමට වගේ හරි දැකල හුරු පුරුදු තැනකට ගොඩබැස්සා.
    හ්ම්ම්..මම කවමදාවත් මේ සුන්දරත්වය සජීවීව දැක තිබුනේ නැහැ.
    ඝන අන්දකාරය මැදින් දළදා මාලිගය එලිය කරන බල්බ්වල සේවාව හරියකට මම අඳුරගත්තේ එදා..
    අපූරුවට ඒ එලිය මිහිමත සඳකින් දිස්නයක් දෙන්නා සේ වැව් දිය සිපගනිමින් තිබුනා..
    අනේ මේ ලස්සන දකින්න මහ දවාලක ආවොත් පුලුවන්ද?? බැහැනේ.. හිරු ඔයා වාසනාවන්තයි ..මගේ හිත කියනවා..

    හිරු ඔයාට බයද?
    මහ රෑක තට්ට තනියම,නොදන්න නගරයක බෑග් එකත් කරේ දමාගෙන ඇවිදන් යද්දී??


    මගේ දයාබර හිත..
    ඇයි ඔයාට දැනෙන්නේ නැද්ද??
    මගේ ලබ් ඩබ් ශබ්දය සිය ගුණයකටත් වඩා වැඩි ඇති..
    ඒත් දන්නවද මගේ හිත..
    මට මොනාහරි උනත් මම බය නැහැ.
    මොකද මම යන්නේ යුතුකමක් ඉටු කරලා..
    මේ බයත් එක්කම ඇතුලෙන් එලියට පැනගෙන එන රශ්මිය දැනෙන්නේ නැද්ද ඔයාට?
    ඒ සෙනෙහසේ රශ්මිය..
    හ්ම්ම්..ත්‍රි වීල් එකක් නම් එනවා..
    කරන්න දෙයක් නැහැ හිරු ඔයාට මේකෙ යන්නම වෙනවා..
    ඔයා හොඳ වැඩකට ආ නිසා ඔයාට කරදරයක් නොවේවි..
    ඔව් මට ඒක ඉරහඳ වගේ විස්වාසයි..

    'ළමයෝ මම කියන දේ අහල කොළඹ බස් එකක නැගල එන්න.අපි මගට හරි එන්නම් ගිහින් දාන්න.අනේ මන්ද ඔයත් කරන දේවල්..'
    කෙලින්ම ගෙදරම යන්න කියල වැඩි හොඳට මට උපදෙස් දුන්නේ සහිඳුගේ අම්මා..

    'කමක් නැහැ ආන්ටි.මම රූ ලගේ ගෙදර යනවා.වෙලාවේ හැටියට එහෙම හොඳයි කියලයි මට හිතෙන්නේ..' වැඩි පණ්ඩිත කමත්,හිත හොඳයි කියන දේ හැමදාමත් කරන්න පෙළඹෙන නිසාත් මම එහෙම කියල ෆෝන් එක තිබ්බා.

    රුපියල් කීයක්දෝ දීලා මම ත්‍රි වීල් එකෙන් බැහැගත්තා.

    හපොයි දෙයියනේ මේක කොටුව ස්ටේෂන් එකවගේ වත් උනා නම්.......මට නොදැනීම හයියෙන් හුස්මක් ඇදහැලුනා..
    ඒ වෙලාවේ ගුඩ් ෂෙඩ් එකටම ඕනනම් මිනිස්සු තිස් දෙනෙක් විතර ඉන්න ඇති.
    මම ලොකු හුස්මක් එක්කම ලොකු ශක්තියක් මවාගත්තා..
    ඉක්මනට ඉක්මනට අදාළ බස් එක ලඟට ඇදුනා..

    හයියෝ..මේකෙ ලයිට් එක දාල නැහැනේ .. කමක් නැහැ මෙතන හොඳට එළියත් තියන එකේ මම බස් එක ස්ටාට් කරනකම් මෙතනම ඉන්නවා..


    එතන දහයකට දොළහකටත් වඩා විදුලි බුබුළු දැල් උනත් මුළු ගුඩ් ෂෙඩ් එකම එලිය කරන්න ඒ ආලෝකය මදි කියල මට හිතුනා..

    'හිරු දැන් උඹ ගුඩ් ෂෙඩ් එකේද?' ඒ රූවාය.
    ඌ හොඳටම බය වෙලා විය යුතුය.
    ඒ මදිවට මම ගිය ගමන්ම බනින්නට කරුණු රැස් කරගෙන හිඳිනවා වන්නටද පුළුවන.

    'ඔව් දැනට ශේප්.මම බස් එක ළඟ ඉන්නේ.ලයිට් එක දැම්ම ගමන් ගිහින් ඉඳගන්නම්..'
    කරේ තිබ්බ බෑග් එකේ බරට උරහිස රිදෙද්දී බෑග් එකේ පටි ලිහිල් කරන ගමන් මම කිව්වා.
    'මචන් මල්ලි වේටින්..ඉන්න මම ඇයිද කියල බලල ආය ගන්නම්..'
    එහෙම්මම මම හෝල්ඩ් බට්න් එක ක්ලික් කළා .

    'අක්කේ ප්‍රශ්නයක් නැහැ නේද?'
    නිතරම මං ගැන හොයන්න බැරි උනත් අවශ්‍ය වෙලාවට මල්ලි මට කතා කරපු එක මට ලොකු දෙයක්.

    කෝල් එක අතරවාරයේම කෙනෙක් මගේ දිහාට ඇදෙනවා මම දැක්කා.
    ඒ අවට නයිට් කඩ දෙක තුනකට වඩා ඇරල තිබුනෙත් නැහැ.





    'මෙහෙ එන්න' කියල ඌ මට කිව්වේ මොන ජරා කටකින්ද මන්ද..
    ශික්.මට ඒ මිනිහට කන පැලෙන්න ගහන්න හිතුනා.
    හිරු,ඔයා දවල්ට එක එකතැන දාපු පවර්ස් මෙතන දාන්න යන්න එපා.
    මේක ඔයාගේ ටවුන් එකත් නෙවෙයි.
    අනික මේ දවල් නෙවෙයි රෑ කියල මතක තියාගෙන වැඩ කරන්න..
    මගේ හිත මට තරයේ අවවාද කළා..

    මොනා උනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනේ..

    'මිනිස්සු කියන ජාතිය නම් කියල වැඩක් නැහැ.කෙල්ලෙක් දැක්කොත් ඉවරයි.මහ ජරා යක්කු..' කියල මම මුළු ගුඩ් ෂෙඩ් එකෙන් බාගෙකට විතර ඇහෙන්න හයියෙන් කිව්වා.

    'අක්කේ හිමින් කියන්න' එහෙම කිව්වේ තවමත් ෆෝන් එකේ රැඳිලා හිටිය මල්ලි.

    'මොකටද හිමින් කියන්නේ..වටේ ඉන්න ඔක්කොටම ඇහෙන්න තමා කිව්වේ.එතකොට පොඩ්ඩක් තත්වේ වෙනස් වෙන්න ඉඩ තියනවා.' මම ෆෝන් එකට කෙඳිරුවා..

    කොච්චර හිත හයිය උනත් බය කියන එක සෑහෙන කාලෙකට පස්සේ ලොකුවටම දැනුනා..

    ඉස්සරහ තිබුන නයිට් කඩේ විවිධ විදිහේ පිරිමි අය දහ දොළොස් දෙනෙක්ම හිටියා,,
    මට එකෙක දේවල් හිතෙන්න ගත්ත..
    ඔව්.උන් මා දිහා බලනවා..එකේකාට මුමුණ ගනිමින් මං දිහා බලනවා..
    පරස්පර විරෝධී ජාතියේ කෙල්ලෙක් කියල හිතනවා ඇති..
    හෙහ්.. කමක් නැහැ.මම දන්නවනේ මම කවුද කියල.
    බුකියේ ඉන්න මේ දවස්වල අපිට මඩගහන එවුන්ගේ කතාත් මට මේ වෙනකොට මතක් වෙනවා..
    හ්ම්ම්..මටනේ මුන් මෙහෙම කියන්නේ..
    මම පලි ගැහුවේ නැතත් ස්වභාව ධර්මය උන්ට පාඩම් කියාදෙයි.

    මම තවමත් ස්ටෑන්ඩ් එකේ බල්බ් එකක් යට.තව පැය භාගයක් තියනවා බස් එකට.
    කොහොම උනත් මම වටේ පිටේ ගැන හොඳ අවධානෙන් හිටියේ..
    එක පාරට මගේ වම් අත පැත්තෙන් හැඩිදැඩි මිනිස්සු පස් දෙනෙක් එනවා මට පෙනුනා..
    උන් මං ළඟටම එනවා..ඔව්..මාව වට කරන්නයි යන්නේ..
    හිරු..දැන්?? මොකද්ද කරන්නේ..ටක් ගාල කියන්න හිතන්න වෙලාවක් නැහැ.මගේ හිත අහනවා..
    එක තත්පරයක් තවත් බලා හිටියේ නැහැ මම.එතන ලයිට් දාපු එකම එක බස් එකයි තිබුනේ.මම කඩිමුඩියේ ගිහින් ඒකට නැග ගත්ත..
    ලබ් ඩබ් සද්දේ පන්ලක්ෂ කෝටි එක්කෝටි ගානකට වඩා ශබ්ද වෙන්න ඇති.
    අනේ දෙවියනේ මාව අපේ අම්මට නැතිවෙයිද..?
    මට ආයෙත් නංගිව බලන්න බැරි වෙයිද..?
    මගේ ඔලුවට එක එක දේවල් එනවා..



    නැගගත්ත බස් එක කොහෙ යන එකක්ද..
    හදිස්සියේ මේක ස්ටාට් කලොත්??
    අනේ දෙවියනේ මාව ආරක්ෂා කරන්න..
    කොන්දොස්තර ඇවිත් දැන් ටිකට් ගන්න කියයිද??

    මගෙ ඔලුව අවුල් වෙලා..
    ඔව්..මට පිස්සු වගේ..
    අර මිනිස්සු ටික වෙලාවක් එතන කැරකිලා යන්න ගියා..
    ඇති යන්තම්...එක හුස්මක් ඉහලට ගන්න උනේ නැහැ.ඒත් එක්කම අර මට කතා කරපු මනුස්සය ඇවිත් බස් එකේ මම ඉඳගෙන හිටපු තැනම හිටගත්තා..

    ටිකක් විතර බීලා මගෙ හිතේ..
    ඇවිදින්නේ හරි කෙලින්..
    සුදු ෂර්ට් එකක් ඇඳලයි හිටියේ..
    අවුලක් නැහැ.අර හතර පස් දෙනා එක්ක වගේ නෙවෙයි.මොකක් හරි උනොත් මට මූ එක්ක නම් හැප්පෙන්න පුළුවන්.
    මූන සම්බල් කරලා තමා නවත්තන්නේ..

    මට හිතෙනවා එහෙම..බයත්,හිතේ ෆිට් එකත් දරුනුවටම එක ලෙස දැනෙනවා..

    මම අර මනුස්සයව මග ඇරලා වෙන තැනක ඉඳ ගත්තා..
    හ්ම්ම්..ඒ පාර ඌ බැහැල ගියා.
    පේන විදිහට අර බස් එකේ ලයිට් එක දාලත් නැහැ.
    ඒ මදිවට කොන්දොස්තරත් ඇවිත් ටිකට් කඩනවා..
    කරන්නම දෙයක් නැති පාර මම ආයෙමත් බස් එකෙන් බැස්සා.
    කොන්දේ පොකුටු පොකුටු තියන කොල්ලෙක් මගෙ දිහා අනුකම්පාවෙන් වගේ බලන් ඉන්නවා මම දැක්කා.
    අනුකම්පාව භූමිකම්පාව වෙන්නත් පුළුවන්.. මම නළල රැලි කරලා අහක බලාගත්තා..

    ඔන්න අර කලින් බස් එකට ආව මනුස්සය ආයෙත් මං වටේ කැරකෙනවා..
    මේ කතාව අතර මැද රූ,සහිඳු,අපේ අයියා,මල්ලි වගේ හැමෝම දිගට හරහට මට කෝල්ස් දෙනවා.අම්මා නම් මේ වෙනකොට කතාව දන්නෙත් නැහැ.
    මේවා කියල එයාලව බය කරන්න මට ඕනත් නැහැ.

    'සහිඳු,අපේ බැච් එකේ මොකෙක්වත් නුවර නැද්ද බං??මම ඇහුවා..'

    'ගුල්ලා නුවර නේ බං?කෝල් කරලා බලන්නද?'

    'නැහැ එපා..වෙලාවක් නැහැ දැන්..බලමුකෝ මොකද්ද වෙන්නේ කියල..උන්ට කරදර කරන්න බෑනේ බං'

    අර මනුස්සයව ආයෙත් දැක්කම මගෙ තරහත් ඇවිස්සුනා..
    කෝකටත් කියල මම අර බස් එක ගාවමයි හිටියේ.මොකද වෙන එක බස් එකකවත් සෙනගත් නැහැ.ලයිට් දාලත් නැහැ.
    ශික්..පිහියක්වත් නැහැනේ..
    ඉස්සර නම් මම යන යන තැන බෑග් එකේ පොඩි පිහියක් දාගෙන යන පුරුද්දක් තිබුනා.
    කැම්පස් ආවම ඒ පුරුද්ද නිකම්ම නැති උනා..මොකද මන්ද..
    පොඩ්ඩක් බෑග් එක ඇරලා බැලුව තියන දේවල්..
    ම්ම්..නැහැ..කුඩයක්වත් නැහැ මොකෙක්හරි ආවොත් ගහන්නවත්..
    ආ චාජරේ..

    හිරු පිස්සුද හිරු චජරේකින් මොනා කරන්නද ..
    නැහැ.චාජරේ අතවටේ පොඩ්ඩක් කරකවල හයියෙන් ගැහුවොත් පොඩ්ඩක් හරි රිදෙන්න එන එකාට ගහන්න පුළුවන්..මූනට හරි..
    ඕක සාර්ථක නැහැ හිරු.දාගනින් බෑග් එකට මගෙ හිත ඔච්චමට කියනවා..
    කෝකටත් කියල සෑහෙන ලොකු වීර වරියක් වගේ ලොකුම ලොකු තරහක් මවාගෙන චාජරේ අතට අරන් කරකවා කරකවා හිටියා..
    නිකමට හිතුනා අර බස් එකේ කොන් දොස්තරගෙන් උපදෙසක් ගන්න

    'අයියේ ----- බස් එකේ ලයිට් එක දාන්නේ නැද්ද ..තවම මිනිස්සුත් නැහැ'
    'ආ නංගි අද ඒ බස් එක යන්නේ නැහැ.' මට තරු පෙනුනා..දෙවියනේ..




    'හැබැයි මේකෙ ගිහින් මගින් මොකක් හරි වාහනයක් අරන් යන්න පුළුවන්..'
    දැන් පොඩ්ඩක් හිතට ෆිට්.ඒත්..මගින් වාහන නැත්තම්??

    කමක් නැහැ.මම බස් එකේ වාඩි උනා..
    දෙයියෝ බැලුවා කියන්නේ ඒක ක්ෂණයෙන් ස්ටාට් කළා..
    මම ඇහුවේ නැත්තම් එහෙම ඉවරම ඉවරයි..

    දැන් නම් හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා..යේ.....මම කළා ඒ දේ..
    ඒත්..
    දැන් මේ බස් එක නවත්තන තැන ඉඳල යන්නේ කොහොමද ??

    'මචන් හිරු දැන්ම බස් එකෙන් බැහැල කොළඹ එකක නැගල එන්න' සහිඳු ආය කතා කරලා කියනවා.
    'බැහැ සහිඳු එතන කොළඹ ඒවා මම දැක්කේ නැහැ..බැස්සොත් ආය අර මිනිස්සුන්ට අහුවෙනවා..මම පස්සේ කෝල් කරන්නම්..'

    'අක්කි දැන් කොහෙද?මොකුත් අවුලක් නැහැ නේ?මං මගින් මගට කෝල් කරන්නම්..ආන්සර් කරන්න..ෆෝන් එක බලන්නේ නැතුව ඉන්න නම් එපා..' ඒ මල්ලි

    'උඹ මෙහෙම කරපන් දැන් ඔය බස් එක නවත්තන තැන ඉඳල ත්‍රි වීල් එකක් අරන් වරෙන්.වෙන ක්‍රමයක් නැහැ.' රූවා හොඳටම බයවෙලා..
    ඔහොම දිගින් දිගටම කෝල්ස් එනවා..
    පැයක් දෙකක් ඇතුලත බස් එකේ එන්න පුළුවන් උපරිම දුර ආවා..





    බැස්ස තැනත් නයිට් කඩයක්.
    කොල්ලෝ ගොඩාක්..
    පේන මානෙක කෙල්ලෙක් නැහැ.
    කමක් නැහැ.
    මම හිරු.
    මේ ටිකත් හොඳින්ම වෙයි..
    ඉක්මනටම ත්‍රි වීල් එකක් හොයන්න ඕන..
    ම්ම්....අර මා එක්කම බස් එකේ ආව මිනිස්සු දෙන්නෙක්..ත්‍රි වීල් එකක් පැත්තට යනවා..
    එයාලනම් පිරිමි අය.ඒ ත්‍රි වීල් එක ගියොත් මෙතන තව එකක්වත් නැහැ.
    මම කොහොමහරි ඒක එයාලට කලින් ගන්න ඕන..මම හිතුවා..
    ඉස්කෝලේ යන කාලේ මීටර් සීය එහෙම දුවල තිබුන නිසා වැඩේ අමාරු උනේ නැහැ.
    අර දෙන්නව පාස් කරගෙන ගිහින් මම ටක් ගාල ත්‍රි වීල් ඩ්‍රයිවර්ව කතාවට ඇදල ගත්තා.

    'අන්කල් හයර් එකක් යන්න පුලුවන්ද?' අන්කල් කෙනෙක් නොව ඔහු සෑහෙන තරුණ කොලු ගැටයෙකි.නමුත් වෙලාව පරිදි ඇමතුවෙමි.

    'ඔව් කොහෙටද??'

    '!@&^$#@^&* ට ' මම කිව්වා..


    හරි යමු.ඔහු ට්‍රි වීල් එක ස්ටාට් කරන ගමන් කිව්වා ..

    'පොඩ්ඩක් ඉන්න.'කියල මම රූට කෝල් එකක් ගත්තා..

    ට්‍රි වීල් ඩ්‍රයිවර්ට ඇහෙන්නම හයියෙන් 'මචන්,කොලපාට ට්‍රි වීල් එකක්..මෙන්න නම්බර් ප්ලේට් එකේ තියන ටික ලියාගනින් 637172' කියල එකේ තිබුන නම්බර්ස් ටිකයි අකුරුයි කියාගෙන ගියා..

    'හරි දැන් යන්' මම කිව්වා..
    යේ....දැන්නම් මරේ මාරු.මොකද මට හොඳටම ෂුවර් මේ මනුස්සය මාව පරිස්සමට ගිහින් දැයි කියල..නැත්තම් මොකක් හරි උනොත් ඒ මනුස්සයගේම ත්‍රි වීල් එකනේ අහුවෙන්නේ....:)

    හම්මේහ්... එතන ඉඳන් පැය භාගෙකින් වගේ මට රූලගේ ගෙදරට යන්න පුළුවන් උනා..
    බයවෙලා හිටපු ඌ මම එනකොටම හොඳ හුස්මක් පහත හෙලුවා...


    මම තවමත් එහෙ..
    ලියන්නෙත් එහෙ ඉඳන්..
    හිරු කියන්නේ ඕනවට වඩා ජීවිතේට රිස්ක් ගන්න කෙනෙක්..
    ආය කවමකවදාවත් හිරු රෑ ගමන් නොයාවි..
    කාව හරි පුදුම කරන්නත් කලින් තමන් අන්තිමට පුදුම වෙයිද කියල හිතල වැඩ කරාවි..
    ගෑනු ළමයෙක් නිර්භීත වෙන්න ඕන..ඒත් ඊට වඩා පරිස්සම් වෙන්න ඕන ..
    ඔහොම වෙලාවක මොනාහරි උනත් අන්තිමට මිනිස්සු වැරැද්ද දාන්නේ රෑ ගමන් ගිය කෙනාගේ පැත්තට.
    ඔයා ගැහැණු ළමයෙක් නම් ඔය පරිස්සම් කරගත්ත ජිවිතේ ඒ විදිහටම පරිස්සම් කරගන්න..හිරුත් අද ඉඳන් මීට වඩා එයා ගැන හිතයි..
    ඔයා පිරිමි ළමයෙක් නම් කවදාවත් තනිවුන ගැහැණු ළමයෙක්ට වරදක් කරන බලාපොරොත්තුවෙන් එයා දිහා බලන්න එපා..ඔයාට සාප වේවි..



    meka mama liyapu ekak nemei machanla..mage yaluwekta(kellekta) wechcha deyak..oyalath ekka beda ganna hithuna nisai mehema damme.....

    gaththe metanin -http://hiruhimawi.blogspot.com/2012/09/whataday.html
     
    Last edited:
    • Like
    Reactions: Mr.chachi and kajja