ගෑස් තොග අවසන්..- ලිත්‍රො නිවේදනය කරයි.. #GoHomeGota

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අප්‍රේල් මස 25 වන දින දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකි බවද ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

    තොග අවසන්වීම හේතුවෙන් එම සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයීම පසුගිය 12 වනදා සිට නතර කර ඇත. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකෙන කර්මාන්තශාලා, රෝහල්, ආදාහනාගාරසදහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බවද සමාගම සඳහන් කරයි.

    ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් බැගින් වූ නෞකා දෙකක් අප්‍රේල් 25 සහ 26 දිනවල මෙරට පැමිණෙනු ඇති බවත් පවසන සමාගම එම එක නැවක් සඳහා ඩොලර් මිලියන හතරක මුදලක් ගෙවිය යුතු ඇති බවද කියා සිටී.
     
    • Sad
    Reactions: Rankira

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ ගෑස් එක දැන් මාස 5ක් පාවිච්චි කරනවා
    හදිස්සිම වෙලාවට විතරයි, අනිත් වෙලාවට දර ලිප
    ඒකේ වතුර උණු කරාම රහයි බන්:P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    අපේ ගෑස් එක දැන් මාස 5ක් පාවිච්චි කරනවා
    හදිස්සිම වෙලාවට විතරයි, අනිත් වෙලාවට දර ලිප
    ඒකේ වතුර උණු කරාම රහයි බන්:P
    දර වල අලු රහ එන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලපකොටා බලේ ගත්තම ගෑස් නැවු පෝලිමට ගෙන්නල රටේ දුප්පත් මහ ජනතාවට ගැස් සිලින්ඩරයක් රුපියල් 100 ගානෙ ලබාදෙනවලු..
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම නම් ඉන්ඩක්ශන් එකක් ගත්තා, අම්මලාට එකෙ උයන්න තෙරෙන්නෙ නෑ,, පුලුවන් වෙලාවට මම එකෙ උයනවා,,

    ස්ටෙන්ල්ස් ස්ටීල් හට්ටි ටිකක් ගත්ත, උයන්න, බඩු ටිකට ඔක්කොම 60ක් වගෙ ගියා, වයරින් එකටත් එක්කම..ඊයෙ කාස්ට් අයර්න් ස්කෙලට එකක් ගත්ත තෙල් වැඩ කරන්න,, 9700යි, අගල් 12,,


    බැලුවෙ කිලො 3 රයිස් කුකර් එකක් ගන්න,,,
     
    • Like
    Reactions: Rankira

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම දන්න වයසක බයි ගෑණු කෙනෙක් කියනව දැන් ඉන්න ගෑණුන්ගෙ විච්චූර්ණ ලු.ඵයා නම් දර ලිපේලු උයන්නේ..අැඟිලි කැත වෙයි කියල දැන් ඉන්න ගෑණු ඵහෙම කරන්න කම්මැලියිලු..රටක් දියුණු වෙන්න දුක් විඳින්න ඕනලු.මහින්දයට මහින්ද මහත්තයා කියල කථා කරන්නේ.මම මාරම ඉවසිල්ලෙන් හිටියේ හිත යටින් බැණ බැණ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපේ ගෑස් එක දැන් මාස 5ක් පාවිච්චි කරනවා
    හදිස්සිම වෙලාවට විතරයි, අනිත් වෙලාවට දර ලිප
    ඒකේ වතුර උණු කරාම රහයි බන්:P
    පොල්කටු ලිප + ඉන්ඩක්ශන් යන්නෙ දැන්. පොල්කටු ලිපේ කරි හැදුවම ආතල් එකක් තියෙනවා. රෑට පොඩි බඩගිනි වලට ගේ ඇතුලෙ ඒවට ඉන්ඩක්ශන් එක ගත්තා.

    ගෑස් ලිප හදිසියට හරි පත්තු කරයි කියල ඒක උඩින් ලෑල්ලක් දාල ඉන්ඩක්ශන් එක තියල තියෙන්නෙ, ටැන්කියට මාස දෙකයි. පාවිච්චියක් නෑ දැන් කොහොමත්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපේ ගෙවල් මන්නාරම.
    දවසක් හුබහක් ගාවින් යද්දී ගෑස් ගදක් ආවා.
    බලද්දී ගෑස් නිදියක්.
    අපි දැන් බට දාලා ගෑස් ගන්නවා හුබහින්.
    දැන් මාසා ගානක් තිස්සේ නොමිලේ ගෑස් අපිට.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ ගෑස් එක දැන් මාස 5ක් පාවිච්චි කරනවා
    හදිස්සිම වෙලාවට විතරයි, අනිත් වෙලාවට දර ලිප
    ඒකේ වතුර උණු කරාම රහයි බන්:P
    1650531941207.jpeg