ගිටාර් මූලික දැණුම 2 - ස්කේල්ස්

nerodroid

Well-known member
  • Jun 29, 2017
    104
    251
    63
    Scales

    බටහිර සංගීතය පදනම් වෙලා තියෙන්නෙ ස්වර 12කින් නෙ.

    .............. C , C# , D , D# , E , F , F# , G, G# ,A , A# , B ................

    මේ ස්වර 12න් ස්වර කීපයක් තෝරගෙන තමා අපි මෙලඩියක් , මියුසික් පාර් එකක් හදාගන්නෙ... ඒ තෝරගන්න ස්වර රැන්ඩම් නෙමෙයි.. ඒවා තෝරගන්න හේතුවක් , තියරියක් තියනවා... ඒ තියරිය තමා scales කියන්නෙ.

    මේ ස්වර 12 එක පේලියකට තියල එතනින් 0, 2 , 4 , 5 , 7 , 9 ,11 කියන ස්වර 7 උප කුලකෙකට දාගත්තොත් අපිට හම්බෙනවා ලෝකෙ වැඩියෙන්ම පාවිච්චි වෙන ස්කේල් එක, major scale එක..

    Guitar එකේ කම්බියක් දිගේ එහෙම play කරල බලන්න.

    0 , 2 , 3 , 5 , 7 , 8 , 10 කියන ටික ගත්තම එන්නෙ minor scale එක.

    ස්වර 12න් පස්සෙ ඊලගට ආයෙත් එන්නෙ පටන් ගත්ත ස්වරේ උච්ච ස්වරය (13 = උච්ච 1) නිසා මේක pattern එකක් විදියට ඉස්සරහට යනවා...

    අනිත් වැදගත්ම දේ scale එකකට පටන් ගන්න ස්වරය සාපේක්ශ දෙයක්. පටන් ගන්න ස්වරය x කියල හිතාගෙන scale එක ගොඩනගාගන්න පුලුවන්.

    Major scale notes of root X = x , x+2 , x+4 , x+5 , x+7 , x+9 , x+11

    Minor scale notes of root X = x , x+2 , x+3 , x+5 , x+7 , x+8 , x+10

    අපිට C major ඕනෙ නන් x = c කරල අනිත් ස්වර පිලිවෙලට ගොඩනගාගන්න පුලුවන්.
    D major ඕනෙ උනත් ක්‍රමය ඕකමයි.
    x = D කරල ඉතිරි ස්වර ටික හොයාගන්න.



    මේක තෙරෙනව මදිනන් video එකත් බලන්න... ලියන්න පොඩ්ඩක් අමාරුයි


    🙂🙂🙂
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,330
    6,948
    113
    සුපිරි.
    තව පොඩ්ඩක් පැහැදිලි කරන්න
    Root note E එකෙයි E key එකෙයි වෙනස. (සුවර් එකට ප්‍රශ්නේ ඇහුවත් වැරදි ඇති)
    උදා:
    C Major Scale එක C D E F G A B
    C Major Key එකේ Chords C Dm Em F G Am Bdim
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    104
    251
    63
    සුපිරි.
    තව පොඩ්ඩක් පැහැදිලි කරන්න
    Root note E එකෙයි E key එකෙයි වෙනස. (සුවර් එකට ප්‍රශ්නේ ඇහුවත් වැරදි ඇති)
    උදා:
    C Major Scale එක C D E F G A B
    C Major Key එකේ Chords C Dm Em F G Am Bdim
    Context. Root kiyana wachane pawichchi wenne scale/ chord ekak gena katha karaddi neh. C major nn root eka C. C minor nn eth root eka C.

    Sinduwak Key ekak kiuwama eken adahas wenne me sinduwa yanne C major key eke. Oya dapu chords tika wage kiyana eka. Key ekak gena api katha krnne sinduwak sampurne gaddi.

    Root - Starting note in the context of a single chord.

    Key - describe the tonality the song is centered around. "මේ සිංදුව යන්නෙ minor key එකක වගේ"
     
    Last edited: