ගිනි ගන්නවා යකෝ...
මචන්ලා, මම ඊයේ උදේ ජීවිතයත් මරනයත් අතර සිද්දියකට මුහුන දුන්නා. මේක බෙදාගන්න හිතුනේ, ඒ සිද්දියේදි අවට හිටපු අය හැසිරිච්ච විදිහ දැක්කහම.
ඊයේ උදේ ඔෆීස් එකෙන් කලින් පැනලා ගෙදර ගියේ මිදුලේ තණකොල ටික කපලා දාන්න හිතාගෙන. ඒත් වෙලාව කියන්නේ වෙනදා කුලියට ගන්න ඉලෙක්ට්‍රික් තණකොල කපන මැෂින් තිබුනේ නෑ. මට ගන්න උනේ අර පෙට්‍රොල් වලින් වැඩකරන පිටේ බැදන් ඉන්න මැෂිමක්. ඒ මදිවට ඒකට පෙට්‍රොල් එක්ක 2ටී දාන්නත් ඕනේ. ඉතින් පෙට්‍රොල් එක්ක 2ටී ගන්න මම ගියා මාලාබේ ශෙඩ් එකට.
මම කෑන් එකකුත් අරන් 3වීල් පෝලිමේ ඉන්නකොට පෙට්‍රොල් ගහල ඉවර වුන මොටර් බයිසිකලයක් ඉස්ටාර්ට් කරන්න කික් කලා විතරයි එක පාරට ගිනිගත්තා.
දැන් තමයි හොදම හරිය.
පෙට්‍රොල් පොම්පේ ගාව හිටපු කොල්ලා කෑ ගහනවා "ඕක ගන්නවා ඕයි පුපුරයි" කියලා... ඇවිත් තිබ්බ වාහන දඩ බඩ ගාලා යන්න හදනවා, එකකට වත් යන්න බෑ..
මොටර් බයිසිකලයේ අයිතිකාරයා හෝ ගාලා ගිනි ගන්න බයිසිකලේ කොහොම හරි පොඩ්ඩක් තල්ලු කලා..ඒක අන්තිමට නැවතුනේ පෙට්‍රොල් සන්චිතයේ කට ගාව.
දැන් බයිසිකලේ අම්බානෙක ගිනි ගන්නවා..
මමත් අම්බානෙක බය වෙලා..
ශෙඩ් එකේ වැඩ කරන අය කලබල වෙලා..ගිනි නිවන උපකරණ 3ක් ලගම බිත්තියක එල්ලලා තිබුනා, ඒක දැක දැක ශෙඩ් එකේ වැඩ කරන අය බයිසිකලේට වතුර ගැහුවා..
මට චූ ගියේ නැති එක ගැන මටම පුදුමයි..
මම ඉක්මනට ගිනි නිවන උපකරණයක් අරන් පින් එක ගලවලා ඔන් කලා..ඒක වැඩ නෑ...මම දෙවෙනි එකත් ගත්තා...ඒකෙන් හුජ්ජ කරනවා වගේ ලික්විඩ් එකක් එනවා..
තුන්වෙනි එකත් ගත්තා..ඒකේ පින් එක මලකඩ කාලා හිර වෙලා.. මම ඒක අනික් පැත්ත හරවලා ගැහුවා පොලවේ..
දෙයියනේ කියලා ඒක වැඩ, මොනවද සුදු පාට කුඩු ජාතියක් එනවා..යන්තම් ඒක අල්ලලා ගිනි ගන්න එක නැවතුනා.. මම මේ ඔක්කොම කරන අතර තුරේ ශෙඩ් එකේ වැඩ කරන අය දිගටම බයිසිකලේට වතුර ගැහුවා .
මට කියන්න තියෙන්නේ..ඔබ වැඩකරන තැනත් ගිනි නිවන උපකරණ හරියට වැඩකරණවද කියල බලන්න..තිබුනට වැඩක් නෑ ඕනේ වෙලා වට වැඩ කරන්නේ නැත්නම්..
අනික, ඔයාලා මේවා ක්‍රියාත්මක කරන විදිහ ගැන ඉගෙනගන්න,වැඩකරන තැන අනිත් අයටත් කියාදෙන්න..ඒක හරිම වැදගත්..
ප.ලි.: මෙය රෙප් සදහා ලියූ බොරුවක් නොවේ..
මේක කොහෙන් වත් කොපි කලේවත් වෙන මරාලයක් වත් නෙවෙයි..
බොරුයි කියල හිතෙනවා නම් මාලාබේ ශෙඩ් එකේ කාගෙන් හරි අහලා බලන්න..
සිදිද්‍ය උනේ 2011-11-15 උදේ 9.45-10.00 අතර.