ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චගු;16208644 said:
    බොහොම වැදගත් සුන්දර ත්‍රෙඩ් එකක්.. මේ ලියපු හැම කෙනාම ඉතාම ඉක්මනින් සතර අපායෙන් මිදී උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වන්නට මේ පින් සිතු වේවා.. මේ භවයෙහි පිරිනිවන් පාන්නට නොහැකි වුවොත්, ඔබේ අවසාන මොහොතේදී මේ කරන ලද උතුම් පින් කම් සිහිවේවා.. නිවන් දකිනා ජාති දක්වා සතර අපායෙන් මිදී කෙටිම පහසුම මඟින් නිර්වාණාවබෝධය වේවා.
    තෙරුවන් සරණයි

    ගොඩාක් පින් සහෝ.. මම බෙහෙත් පූජාව කරන්න බෙහෙත් ද්‍රව්‍ය ලැයිස්තුව හොය හොයා හිටියෙ. ගොඩාක් පින්.. නියමයි මචන් මේ පින්කම නම්.. හරිම ලස්සනයි.. සාදු සාදු සාදු

    මමත් වෙසක් මාසෙදි නිතර උවමනා වෙන ඉංග්‍රීසි බෙහෙත් වර්ග අරගෙන බෙදලා දෙන්න හිතාගෙන ඉන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද වැඩක් මචන්. මේක කියෙව්වාම මතක් උනේ. දවසක් පාන්දර කැළණියෙ ගියවෙලාවක අම්ම කනෙක් අවිත් වදිනව. අපි වැදල ඉවරයි එතකොට. එන්න ලැස්තිවෙනවා. අපි ගාවට ඇවිත් පුතාල ගාව ගෙනාපු තේ තියෙනවද කියල ඇහුවා. අපි ගෙදරින් එන්නෙ මහ පාන්දර නිසා මොකුත් ගේන්නෙ නෑනෙ. ඉතින් නෑ කියන්නත් ලෝබයි හරි අසරණ විදියට ඇහුවෙ. ඉතින් මම ඇහුව උදේට කාලද කියල. නෑ කිව්වා. එයාගේ ප්‍රශ්න ගැනත් කිව්වා. අතේ කීයක් වත් නැතුව කිව්වා කැළණි ආවේ දුක කියන්න. ඉතින් දුවල ගියා පල්ලෙහාට කඩ ඇරලද බලන්න. ඒ වෙනකොටත් ලාවට කරුවලයි. එකම එක කඩයක් ඇර තිබුනා. එවෙල දාපු මාලුපාන් එකයි රෝල් එකකුයි ටී එකකුයි අගෙන පංසලටම ගෙනත් දුන්නා. අතේ තිබුනේ පොඩි ගානක්. එකත් දුන්නා. අනේ මගෙ ඇස්වලට කදුලු ආවා ඒක ගත්තු ඒ අම්ම මට පන්සලේ වැන්දා. මට මාර අප්සෙට්. ටක්ගාල මම අත්දෙකෙන් අල්ලගෙන අන් මට පව්සිද්දවෙයි කියල අතින් අල්ලගෙන වාඩි කෙරෙව්වා. එතන ඉන්න මට හිත දුන්නෑ. මම යන්නම් කියල ඉක්මටන ආව. මගෙ යාලුවන්ට මම කිව්වා අතන අම්මකෙනෙක් ඉන්නවා පුලුවන්නම් ගිහින් කීයක් හරි දෙන්න කියල. මාත් එක් අපු දෙන්නෙක් ඒ අම්මට මුදල් දුන්නා.

    තව දවසක් මම වැඩ ඇරිල එනගමන්. 5.15 ට විතර ඔෆිස් එකෙන් ආවෙ. ටික්ක පරක්කුයි. හංවැල්ලට ඇවිත් 143 කොළඹ රජයේ බස් එකක් (CTB) එකක නැග්ග ඉක්මනට එන්න ඕනෙ නිසා. සෙනග හිටයෙත් නෑ සීට් තිබුනා. මමත් ජනේලයක් ලගින් වාඩිවෙලා ආවා. නවගමුවෙ දේවාලෙ ගාව බස්එක ටික වෙලාවක් නවත්තගෙන හිටිය. ඉස්සරහ දොරෙන් අම්ම කෙනෙක් නැගල ඩයිවර්ට මොනවද කියනව දැක්ක. මම වෙන කල්පනාවක හිටයෙ. ඩයිවර් ටිකක් හයියෙන් මොනවද කියනව ඇහුන. මේවා රජයේ වාහන කයලත් කිව්වා. අර අම්ම බැහැල ගියා. මගේ පිටිපස්සෙ හිටපු අක්ක කෙනෙක් ජනේලෙන් අත දාල අර අම්මට කතාකරල සල්ලි වගෙයක් දුන්න. ඊට පස්සෙ අර අම්ම පස්සෙ දොරෙන් මම හිටපු බස්එකටම නැගග. මම ඇහුවා ඒ අක්කගෙන් ඇයි කියල. එතකොට තමයි කිව්වේ ඩයිවර් බැන්නලු නිකන් බස්වල එක්කගෙන යන්නෙ නෑ. ආඩුවෙ වාහනවල වෙන එකක එන්න කියල. මට මාර දුකයි මට ඒ වචන ටික ඇහුනෙ නැති එකට. ඉවසගෙන ඉදල කඩුවෙල කිට්ටුවට ආවම මම ගියා අම්ම ගාවට. ගිහින් ඇහුවා කොහෙන්න බහින්නෙ කියල. ඔරුගොඩවත්තෙන් කිව්වා. තොරණ හංදිය පැත්තෙ ඉන්නව කිව්වෙ. අතේ සල්ලි තියෙනවද ඇහුවා අර නෝනා දුන්න කියල අර අක්කව පෙන්නුවා. මමත් පොඩි මුදලක් දුන්න මේක තියාගන්න බස් වියදමට කියල. ගත්තෙ නෑ මේ ඇති කිව්වා ගෙදර යන්න. කමක්නෑ මේක තියාගන්න කියල මම දීල කඩුවෙලින් බැහැල ගිය.

    සල්ලි තියන කොල්ලෝ කෙල්ලෝ දවසකට කීයක් නම් නිකන් නාස්ති කරනවද. අපේ අතිනුත් අනවශය වැඩ වලට කොච්චර සල්ලි නාස්ති වෙනවද? මම කිව්වේ ආසාවට පිට්සා එකක් කෑවැත් කොච්චර ගානක් වැය වෙනවද. ඒකෙන් දුප්පත් කෙනෙකුගේ වේල් කීයක් බඩ පුරවන්න පුලුවන්ද. අපි අතින් අවෙන අනවශ්‍ය වියදම් වලට යන සල්ලි ටිකක් හරි වෙන් කරානම් මාසෙකට සැරයක් හරි කන්න නැති කෙනෙක්ගේ බඩක් පුරවන්න පුලුවන් නේද
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයාගේ රැකියාව නම් කොහොමත් පිං ලැබෙන රැකියාවක්නෙ සහෝ. මගේ රැකියාවෙනුති ටිකක් පිං ලබාගන්න පුලුවන් ඒ ලමයින්ට උපරිම කැපවීමෙන් උගන්වලා. මම ඒක කරනවා. තව දුප්පත් ලමයින්ට නොමිලේ උගන්වලා තියනවා.

    pin labenne itin salli ganne natuwa mokut balaporottuwen natuwa karot witarai. salli aran behet dunnata pin labenne naha. mokada taman dena deeta return ekakut taman wisinma ganna nisa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සෑහෙන්න කලා......

    දරුවො ඉන්න ළමා නිවාසයකට දෙපාරක් දානය දුන්න. පන්සලේ දහම් පාසැලේ දරුවන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දුන්න ලොකු පුතාගේ උපන් දිනයට. පන්සලේ සිල් ගත්ත අයට ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කලා. තව ගිය අවුරුද්දේ දළ වශයෙන් 100කට ළග රෝගීන් පිරිසකට ප්‍රතිකාර නොමිලයේ කරල දුන්නා. මගේ ඉස්කෝලේ මල්ලිලා ගේ හෙල්ත් ස්ක්‍රීනින් කෑම්ප් එක කලා. ගමේ පන්සලේ හෙල්ත් කෑම්ප් එකේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කලා දවසක් (එදා දත් ම ගලවලා තියනවා 62ක්:P) උයන්න එතරම් නොදන්න මගේ මිත්‍රයො දෙපලක ගේ බිරින්දෑ වරුන්ට උයන්න ඉගැන්නුවා - ඒක තමා කරපු ලොකුම පිං කම මම හිතන්නේ.

    ela ela :D
     
    May 19, 2013
    1,864
    81
    0
    පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක වැරදියි කියලා සමහර හාමුදුරුවරු කියනවා
    මං අහලා තියෙනවා. ඒත් සමහර තැන් වල මං කියවලා තියෙනවා සමහරු පිං කරලා කරපු
    ප්‍රාර්ථනා නිසා ඒ අයට මේ මේ දේවල් ලැබුනා කියලා. පිනක් කරාම මොකක් හරි ලැබෙන්න
    කියලා ප්‍රාර්ථනා කරන එක ගැන බුද්ද ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද කියලා කවුරු හරි
    හරියටම දන්නවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමෝට ම කරන්න පුළුවන් පිං කමක් තියනව. මම මේක සාමාන්‍යෙයන් අවුරුද්දකට සැරයක් විතර කරනවා. මචං ලා රජයේ රෝහල් වල තියනව “ලයිෆ් සේවින්ග් ඩ්‍රග්ස්“ කියල කොටසක්. මේව හරි හිගයි. රජයේ රෝහලකට යන්නේ ඇත්තටම අන්තිම ක්‍රිටිකල් හෝ ඇත්තටම සල්ලි ගෙවල ප්‍රතිකාරයක් කර ගන්න බැරි අපේම අම්මල, තාත්තලා. අපේම සහෝදර සහෝදරියො. විශේෂයෙන් ළමා වාට්ටුවල තියන මේ බෙහෙත් හරි දරුණු ඉෂූ එකක්.

    පුළුවන් නම් ළග ම තියන රජයේ රෝහලට ගිහින් රෝහල් අධ්‍යක්ෂ හෝ ළමා වාට්ටුවේ වෛද්‍යවරයා/මේට්‍රන්/සිස්ටර් හම්බ වෙලා ඔය කියන බෙහෙත් වලින් නැති බෙහෙත් මොනවද කියල අහගෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරං ඇවිත් පුළුවන් තරමක් ඔය බෙහෙත් ලබා දෙන්න.

    හැම දෙනා ම දන්නවා දරුවො හම්බ වෙන්න ඉන්න අම්මලාට මුල් සති 12 අතර රුධිර වහනයක් වනව කියන්නේ අන්තිම දරුණු තත්ත්වයක්. මේකට දෙන නික්ෂේපනයක් (ඉන්ජෙක්ෂන් එකක්) තියනව “ප්‍රොලූටන් ඩිපෝ“ (PROLUTON DEPOT) කියල. මචං ලා මේක නූපන්න දරුවෙකුට මේ ලෝකෙ එළිය දෙන්න පුළුවන් වන ඖෂධයක්. දැනට 650/- විතර වෙනව එකක්. පුළුවන් නම් මේක අරං දෙන්න ගැබිණි වාටුටුවට, නැත්තං හදිසි ප්‍රතිකාර/ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයට (Emergency care unit- ECU or Primary care unit- PCU)

    මම වරක් හෝමගම රෝහලේ ගැබිණි වාට්ටුවට මෙයින් 10ක් අරං දුන්නා. පස්සෙ දවසක ගියාම සිස්ටර් කිව්වා ඒ වියාල් 10න් ජීවිත 8ක් බේරුව කියල. කියන්න ලැජ්ජ නැහැ මචං ලා මට ඒ වෙලාවෙ ඇඩුණා.
     
    • Like
    Reactions: rudr@ and windows7

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    උඹට පින් සහෝ..
    මම මේක කියවද්දිම හිතුවා අපේ ගෙවල් ලඟ තියෙන මොරටුව ලුනාව ඉස්පිරිතාලෙන් මේ බෙහෙත් වල අවශ්‍යතාවය අහගෙන. Prescription එකක් ඉල්ලගෙන මේවා අරන් දෙන්නම් කියල.
    පින් මචන් උඹට
     
    • Like
    Reactions: Mr.Tom

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චගු;16209016 said:
    උඹට පින් සහෝ..
    මම මේක කියවද්දිම හිතුවා අපේ ගෙවල් ලඟ තියෙන මොරටුව ලුනාව ඉස්පිරිතාලෙන් මේ බෙහෙත් වල අවශ්‍යතාවය අහගෙන. Prescription එකක් ඉල්ලගෙන මේවා අරන් දෙන්නම් කියල.
    පින් මචන් උඹට
    සමහර වෙලාවට රජයේ රෝහල වල බෙහෙත් නෑ මචං. ඒ වෙලාවට අසරණ මිනිස්සු මොනව කරන්නද? උඹට කිව්වට විශ්වාස කරන එකක් නෑ හෝමගම මූලික රෝහලක් වෙලත් සමහර වෙලාවට පොඩි දරුවන්ට උණ බහින්න දෙන ඩොම්පෙරිඩොන් ඉන්ජෙකෂන් එක (බ්‍රෑන්ඩ් එක නම් ගනන් එකක් - මොටුලිනම්) නෑ. වලිප්පුව හැදෙන මට්ටමට උණ අරං ආපු දරුවෙක් ගේ ජීවිතේ බේර ගන්න පූලූවන් ඔය ඉන්ජෙක්ෂන් එකෙන්. සමහර වෙලාවට නෙබුලයිස් කරන්න ගන්න සැල්බියුටමෝල ලික්විඩ් එක නෑ....ඔක්කොම පැත්තක තියපං, දරුවන්ට දෙන පැරසිටමෝල් සිරප් එක නැහැ කිව්වම එක සැරයක් බලද්දී............

    රෝහලකට බෙහෙත් ටිකක් අරං දෙනව කියන්නෙ නම් මචං නිවන් අත්වෙන පිංකමක් මම හිතන්නේ. අනික ඒ තැන් වලට යන්නේ අපේ අම්මලා, තාත්තලා. අපේ ම සහෝදර සහෝදරියෝ.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    පිනක් කලොත් ප්‍රාර්ථනාවක් කල යුතුමය.අසූ මහා ශාර්වකයාණන් වහන්සේලා තමන්ගේ නිවනට අමතරව විශේෂ ස්ථාන ප්‍රර්ථනා කරලා තියෙනවා. .
    පිනක් කලොත් ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ කියල තිරිපිටක අට්ටකථා වල සදහන් වෙනවා .

    * ප්‍රාර්ථනාව පමණක් තිබිලා වැඩක් නැහැ . පිනත් ඕනේ.දණ්ඩක් අහසට විසි කලාම මුලින් වැටෙනවද අගින් වැටෙනවද කියලා කියන්න බැහැ . ඒ වගේම පිනක් කරලා හරියට ප්‍රාර්ථනාවක් කලේ නැත්තම් පල දෙන විදිය ගැටලුවන් වෙන්න පුළුවන්. නිශ්චයක් නැහැ.ප්‍රර්ථනාවෙන් පින හරි දිශාවකට යොමු වෙනවා.

    මේ පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගන්න මේ සාකච්චාවට සවන් දෙන්න.

    http://www.aathaapi.org/dwncounter.php?number=101

    උපුටාගැනීම http://www.aathaapi.org/
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    depression හැදිච්ච කෙල්ලක් ව හොදට බලාගෙන, hospital වලට ගිහින් කට්ට කාලා, ඒකිට පන වගේ ආදරය කරලා, ඒකිගේ හිත සනසුවට පස්සේ එකී මාව දාලා වෙන කොල්ලක් ගාවට ගියා,

    මම හිත හදා ගත්තා බන් එකී ලෙඩ වෙලා ඉන්න වෙලාවේ ලගින් හිටියා කියලා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රජ්ජුරුවෝ;16208978 said:
    පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක වැරදියි කියලා සමහර හාමුදුරුවරු කියනවා
    මං අහලා තියෙනවා. ඒත් සමහර තැන් වල මං කියවලා තියෙනවා සමහරු පිං කරලා කරපු
    ප්‍රාර්ථනා නිසා ඒ අයට මේ මේ දේවල් ලැබුනා කියලා. පිනක් කරාම මොකක් හරි ලැබෙන්න
    කියලා ප්‍රාර්ථනා කරන එක ගැන බුද්ද ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද කියලා කවුරු හරි
    හරියටම දන්නවද?

    මචන් අපි හොඳ වැඩක් හරියට කරාම පිනක් සහ කුසල කර්මයක් කියන දෙකම සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස අපිට මෛත්‍රී සිතක් පහල වෙලා දානයක් දුන්නා කියල හිතමු. මෙතැනදී අපිට පහල වූ මෛත්‍රී සිත හෙවත් ලෝභයෙන් තොර සිත තමයි කුසල කර්මය. අපිට ඒක මතක් වෙනකොට අපහු අලෝභ මෛත්‍රී සිතක් පහල වෙනවා. මේක තමයි කුසල කර්මය. මේ වගේ දන් දීල අලෝභ මෛත්‍රී සිත ආත්ම ගානක් දියුණු කරාම තමයි අවසානයේ අලෝභ අද්වේශ අමෝහ කියන තුනෙන් අලෝභ කියන සිත සදාකාලිකවම ඇති කරගෙන මාර්ගඵල ලබා ගන්න පුළුවන්. අද්වේශ අමෝහ කියන දෙකටත් මේ වගේ සිත පුරුදු කරන්න ඕනේ.

    පින් කියන්නේ ලෞකික දේවල්. ඒ කියන්නේ අපි අකමැත්තෙන් දානයක් දුන්නත් පිනක් ලැබෙනවා. හැබැයි කුසල කර්මයක් නෑ. මාර්ගඵල ලබාගන්න කුසල කර්ම විතරක් මදි. කුසල් දියුණු කරගන්න හොඳ තැනක උපදින්න ඕනේ, හොඳ වටපිටාවක් තියෙන්න ඕනේ. හොඳ තැනක උපදින්න සහ කුසල් කිරීමට සුදුසු වටපිටාවක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ.

    මාර්ගඵල ලබාගන්නවා කියන්නේ හරියට ගින්නක් හටගන්නවා වගේ.
    අපේ සිත හරියට room එකක් වගේ,. කුසල් කරනවා කියන්නේ ගින්නක් පත්තු කරන්න වායු ගෝලයෙන් hydrogen එකතු කරනවා වගේ වැඩක්. අපේ room එකේ තියෙන අනිත් වායු හෙමින් අයින් කරන ගමන් hydrogen පුරවගන්නවා. කාලයත් සමග කුසල් සිත් දියුණු කරලා, ඒ කියන්නේ හරියට අපේ room එක hydrogen වලින් පුරවගත්තත් එක පාරට මාර්ගඵල ලබා ගන්න බෑ. එකට spark එකක් තියෙන්න ඕනේ. hydrogen ගිනිගන්න spark එකක්. එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. පොඩි spark එකකින් සිත දියුණු කරලා තියෙන පුද්ගලයෙක්ට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. හරියට spark එකෙන් room එකේ hydrogen ගිනි අරගන්නවා වගේ. ඊට පස්සේ ගින්න නීවී යනවා.
     
    • Like
    Reactions: Mr.Tom
    May 19, 2013
    1,864
    81
    0
    පිනක් කලොත් ප්‍රාර්ථනාවක් කල යුතුමය.අසූ මහා ශාර්වකයාණන් වහන්සේලා තමන්ගේ නිවනට අමතරව විශේෂ ස්ථාන ප්‍රර්ථනා කරලා තියෙනවා. .
    පිනක් කලොත් ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ කියල තිරිපිටක අට්ටකථා වල සදහන් වෙනවා .

    * ප්‍රාර්ථනාව පමණක් තිබිලා වැඩක් නැහැ . පිනත් ඕනේ.දණ්ඩක් අහසට විසි කලාම මුලින් වැටෙනවද අගින් වැටෙනවද කියලා කියන්න බැහැ . ඒ වගේම පිනක් කරලා හරියට ප්‍රාර්ථනාවක් කලේ නැත්තම් පල දෙන විදිය ගැටලුවන් වෙන්න පුළුවන්. නිශ්චයක් නැහැ.ප්‍රර්ථනාවෙන් පින හරි දිශාවකට යොමු වෙනවා.

    මේ පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගන්න මේ සාකච්චාවට සවන් දෙන්න.

    http://www.aathaapi.org/dwncounter.php?number=101

    උපුටාගැනීම http://www.aathaapi.org/

    Thanks a lot!!! :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර වෙලාවට රජයේ රෝහල වල බෙහෙත් නෑ මචං. ඒ වෙලාවට අසරණ මිනිස්සු මොනව කරන්නද? උඹට කිව්වට විශ්වාස කරන එකක් නෑ හෝමගම මූලික රෝහලක් වෙලත් සමහර වෙලාවට පොඩි දරුවන්ට උණ බහින්න දෙන ඩොම්පෙරිඩොන් ඉන්ජෙකෂන් එක (බ්‍රෑන්ඩ් එක නම් ගනන් එකක් - මොටුලිනම්) නෑ. වලිප්පුව හැදෙන මට්ටමට උණ අරං ආපු දරුවෙක් ගේ ජීවිතේ බේර ගන්න පූලූවන් ඔය ඉන්ජෙක්ෂන් එකෙන්. සමහර වෙලාවට නෙබුලයිස් කරන්න ගන්න සැල්බියුටමෝල ලික්විඩ් එක නෑ....ඔක්කොම පැත්තක තියපං, දරුවන්ට දෙන පැරසිටමෝල් සිරප් එක නැහැ කිව්වම එක සැරයක් බලද්දී............

    රෝහලකට බෙහෙත් ටිකක් අරං දෙනව කියන්නෙ නම් මචං නිවන් අත්වෙන පිංකමක් මම හිතන්නේ. අනික ඒ තැන් වලට යන්නේ අපේ අම්මලා, තාත්තලා. අපේ ම සහෝදර සහෝදරියෝ.

    ඒක නම් ලොකු පිනක් තමයි සහෝ. ඔය වැඩේ කරන්න බලන්න ඕනේ. ඒක නම් ලොකු පිණක්. මේ පිංකම මතක් කරපු හැමෝටම ගොඩක් පිං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමෝට ම කරන්න පුළුවන් පිං කමක් තියනව. මම මේක සාමාන්‍යෙයන් අවුරුද්දකට සැරයක් විතර කරනවා. මචං ලා රජයේ රෝහල් වල තියනව “ලයිෆ් සේවින්ග් ඩ්‍රග්ස්“ කියල කොටසක්. මේව හරි හිගයි. රජයේ රෝහලකට යන්නේ ඇත්තටම අන්තිම ක්‍රිටිකල් හෝ ඇත්තටම සල්ලි ගෙවල ප්‍රතිකාරයක් කර ගන්න බැරි අපේම අම්මල, තාත්තලා. අපේම සහෝදර සහෝදරියො. විශේෂයෙන් ළමා වාට්ටුවල තියන මේ බෙහෙත් හරි දරුණු ඉෂූ එකක්.

    පුළුවන් නම් ළග ම තියන රජයේ රෝහලට ගිහින් රෝහල් අධ්‍යක්ෂ හෝ ළමා වාට්ටුවේ වෛද්‍යවරයා/මේට්‍රන්/සිස්ටර් හම්බ වෙලා ඔය කියන බෙහෙත් වලින් නැති බෙහෙත් මොනවද කියල අහගෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරං ඇවිත් පුළුවන් තරමක් ඔය බෙහෙත් ලබා දෙන්න.

    හැම දෙනා ම දන්නවා දරුවො හම්බ වෙන්න ඉන්න අම්මලාට මුල් සති 12 අතර රුධිර වහනයක් වනව කියන්නේ අන්තිම දරුණු තත්ත්වයක්. මේකට දෙන නික්ෂේපනයක් (ඉන්ජෙක්ෂන් එකක්) තියනව “ප්‍රොලූටන් ඩිපෝ“ (PROLUTON DEPOT) කියල. මචං ලා මේක නූපන්න දරුවෙකුට මේ ලෝකෙ එළිය දෙන්න පුළුවන් වන ඖෂධයක්. දැනට 650/- විතර වෙනව එකක්. පුළුවන් නම් මේක අරං දෙන්න ගැබිණි වාටුටුවට, නැත්තං හදිසි ප්‍රතිකාර/ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයට (Emergency care unit- ECU or Primary care unit- PCU)

    මම වරක් හෝමගම රෝහලේ ගැබිණි වාට්ටුවට මෙයින් 10ක් අරං දුන්නා. පස්සෙ දවසක ගියාම සිස්ටර් කිව්වා ඒ වියාල් 10න් ජීවිත 8ක් බේරුව කියල. කියන්න ලැජ්ජ නැහැ මචං ලා මට ඒ වෙලාවෙ ඇඩුණා.
    ගොඩක් පිං සහෝ. මාත් ඔය වගේ පිංකමක් කරනවා. ඒකෙ පිණ ඔයාටත් ලැබේවි. මේ පිංකම මතක් කරාට ඔබට පිං
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    අද කනා පොරේ වැඩක් සෙට් වුනා. උදේ පාන්දරම කටුණායක යන්න කියලා ගියා ස්ටෑන්ඩ් එකට. ටිකකින් මනුස්සයෙක් ඇවිත් සල්ලි ඉල්ලුවා කන්න දෙයක් ගන්න කියලා :sorry::sorry: පොර ගොලු ඩයල් එකක්. මුන්ට සල්ලි දෙන්නත් බෑ ශුවර් නෑ කීයක් හරි එකතු වෙච්ච ගමන් කියන්න ඕනේ නෑනේ ශොට් එකක් දානවා:angry::angry: ඒත් පොර දැක්කම මට සිරාවටම දුක හිතුනා. ඒ පාර කඩේකට එක්ක ගිහින් කන්න අරන් දුන්නා. කැමැති දෙයක් ගන්න කිව්වාම ලැවරියාද මොනවාද වගයක් ගත්තා. බොන්න මොකුත් ඇහුවාම එපා කිව්වා. පස්සේ මම සල්ලි ගෙවලා ආවා එන්න. අවිශ්වාසෙන් සල්ලි දෙනවාට වඩා ඒ වගේ දෙයක් කරාම හිතටත් නිදහස් :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොද වැඩක් මචන්. මේක කියෙව්වාම මතක් උනේ. දවසක් පාන්දර කැළණියෙ ගියවෙලාවක අම්ම කනෙක් අවිත් වදිනව. අපි වැදල ඉවරයි එතකොට. එන්න ලැස්තිවෙනවා. අපි ගාවට ඇවිත් පුතාල ගාව ගෙනාපු තේ තියෙනවද කියල ඇහුවා. අපි ගෙදරින් එන්නෙ මහ පාන්දර නිසා මොකුත් ගේන්නෙ නෑනෙ. ඉතින් නෑ කියන්නත් ලෝබයි හරි අසරණ විදියට ඇහුවෙ. ඉතින් මම ඇහුව උදේට කාලද කියල. නෑ කිව්වා. එයාගේ ප්‍රශ්න ගැනත් කිව්වා. අතේ කීයක් වත් නැතුව කිව්වා කැළණි ආවේ දුක කියන්න. ඉතින් දුවල ගියා පල්ලෙහාට කඩ ඇරලද බලන්න. ඒ වෙනකොටත් ලාවට කරුවලයි. එකම එක කඩයක් ඇර තිබුනා. එවෙල දාපු මාලුපාන් එකයි රෝල් එකකුයි ටී එකකුයි අගෙන පංසලටම ගෙනත් දුන්නා. අතේ තිබුනේ පොඩි ගානක්. එකත් දුන්නා. අනේ මගෙ ඇස්වලට කදුලු ආවා ඒක ගත්තු ඒ අම්ම මට පන්සලේ වැන්දා. මට මාර අප්සෙට්. ටක්ගාල මම අත්දෙකෙන් අල්ලගෙන අන් මට පව්සිද්දවෙයි කියල අතින් අල්ලගෙන වාඩි කෙරෙව්වා. එතන ඉන්න මට හිත දුන්නෑ. මම යන්නම් කියල ඉක්මටන ආව. මගෙ යාලුවන්ට මම කිව්වා අතන අම්මකෙනෙක් ඉන්නවා පුලුවන්නම් ගිහින් කීයක් හරි දෙන්න කියල. මාත් එක් අපු දෙන්නෙක් ඒ අම්මට මුදල් දුන්නා.

    තව දවසක් මම වැඩ ඇරිල එනගමන්. 5.15 ට විතර ඔෆිස් එකෙන් ආවෙ. ටික්ක පරක්කුයි. හංවැල්ලට ඇවිත් 143 කොළඹ රජයේ බස් එකක් (CTB) එකක නැග්ග ඉක්මනට එන්න ඕනෙ නිසා. සෙනග හිටයෙත් නෑ සීට් තිබුනා. මමත් ජනේලයක් ලගින් වාඩිවෙලා ආවා. නවගමුවෙ දේවාලෙ ගාව බස්එක ටික වෙලාවක් නවත්තගෙන හිටිය. ඉස්සරහ දොරෙන් අම්ම කෙනෙක් නැගල ඩයිවර්ට මොනවද කියනව දැක්ක. මම වෙන කල්පනාවක හිටයෙ. ඩයිවර් ටිකක් හයියෙන් මොනවද කියනව ඇහුන. මේවා රජයේ වාහන කයලත් කිව්වා. අර අම්ම බැහැල ගියා. මගේ පිටිපස්සෙ හිටපු අක්ක කෙනෙක් ජනේලෙන් අත දාල අර අම්මට කතාකරල සල්ලි වගෙයක් දුන්න. ඊට පස්සෙ අර අම්ම පස්සෙ දොරෙන් මම හිටපු බස්එකටම නැගග. මම ඇහුවා ඒ අක්කගෙන් ඇයි කියල. එතකොට තමයි කිව්වේ ඩයිවර් බැන්නලු නිකන් බස්වල එක්කගෙන යන්නෙ නෑ. ආඩුවෙ වාහනවල වෙන එකක එන්න කියල. මට මාර දුකයි මට ඒ වචන ටික ඇහුනෙ නැති එකට. ඉවසගෙන ඉදල කඩුවෙල කිට්ටුවට ආවම මම ගියා අම්ම ගාවට. ගිහින් ඇහුවා කොහෙන්න බහින්නෙ කියල. ඔරුගොඩවත්තෙන් කිව්වා. තොරණ හංදිය පැත්තෙ ඉන්නව කිව්වෙ. අතේ සල්ලි තියෙනවද ඇහුවා අර නෝනා දුන්න කියල අර අක්කව පෙන්නුවා. මමත් පොඩි මුදලක් දුන්න මේක තියාගන්න බස් වියදමට කියල. ගත්තෙ නෑ මේ ඇති කිව්වා ගෙදර යන්න. කමක්නෑ මේක තියාගන්න කියල මම දීල කඩුවෙලින් බැහැල ගිය.

    උඹ ගැන ආඩම්බරයි මචං. අද නොවුනත් දවසක අනිවා උඹට ඕකේ ප්‍රතිඵල ලැබෙයි. :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද කනා පොරේ වැඩක් සෙට් වුනා. උදේ පාන්දරම කටුණායක යන්න කියලා ගියා ස්ටෑන්ඩ් එකට. ටිකකින් මනුස්සයෙක් ඇවිත් සල්ලි ඉල්ලුවා කන්න දෙයක් ගන්න කියලා :sorry::sorry: පොර ගොලු ඩයල් එකක්. මුන්ට සල්ලි දෙන්නත් බෑ ශුවර් නෑ කීයක් හරි එකතු වෙච්ච ගමන් කියන්න ඕනේ නෑනේ ශොට් එකක් දානවා:angry::angry: ඒත් පොර දැක්කම මට සිරාවටම දුක හිතුනා. ඒ පාර කඩේකට එක්ක ගිහින් කන්න අරන් දුන්නා. කැමැති දෙයක් ගන්න කිව්වාම ලැවරියාද මොනවාද වගයක් ගත්තා. බොන්න මොකුත් ඇහුවාම එපා කිව්වා. පස්සේ මම සල්ලි ගෙවලා ආවා එන්න. අවිශ්වාසෙන් සල්ලි දෙනවාට වඩා ඒ වගේ දෙයක් කරාම හිතටත් නිදහස් :D:D

    ඒක නම් ඇත්ත මචං. ඒකෙන් ඇත්තටම මනුස්සයෙක්ගේ බඩ පුරවපු එකේ පින ලැබේවි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සල්ලි තියන කොල්ලෝ කෙල්ලෝ දවසකට කීයක් නම් නිකන් නාස්ති කරනවද. අපේ අතිනුත් අනවශය වැඩ වලට කොච්චර සල්ලි නාස්ති වෙනවද? මම කිව්වේ ආසාවට පිට්සා එකක් කෑවැත් කොච්චර ගානක් වැය වෙනවද. ඒකෙන් දුප්පත් කෙනෙකුගේ වේල් කීයක් බඩ පුරවන්න පුලුවන්ද. අපි අතින් අවෙන අනවශ්‍ය වියදම් වලට යන සල්ලි ටිකක් හරි වෙන් කරානම් මාසෙකට සැරයක් හරි කන්න නැති කෙනෙක්ගේ බඩක් පුරවන්න පුලුවන් නේද

    අනිවා. මටත් ඔය පිට්සා එකක් කාලා එලියට බැහලා ටිකක් දුර යද්දි ඕක හිතෙනවා බං. මම කවදාවත් බස් එකක, කෝච්චියක ගමනක් යනවනම් මලාට මොකුත් කන්නේ නෑ බං. මේ රටේ බඩගින්නේ මැරෙන මිනිස්සු ඉද්දි. කනවනම් කන්නේ ගෙදරට ගිහින්.
     
    බොහෝම පිං