ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    බෝ මළුවක් ඇමදීම කියන්නේ, මහත් ඵල, මහානිසන්ස ලැබෙන පිනක්.හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන් නැහැ.විමාන වත්තු කථා වල තියෙනවා ඒකේ අගය.පුලුවන් නම් කවුරු හරි ඒවා ටික දාන්නකෝ.උබට මචන් වැඩි වැඩියෙන් මේ වගේ පිං කම් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා පතනවා. :yes::yes:

    මම රිදිලා™ ට කිව්වා පේථ වත්ථු විමාන වත්ථු ගැන ලිපියක් දාන්න කියලා. මොකද පොර තමා මේකේ ඉන්න එකම එකා ඕක ගැන දාන්න ඉන්න. මගේ ගාව තිබ්බ පොත කවුදෝ ගෙනිහින් ආයේ ගෙනත් දුන්නේ නෑ :sorry::sorry:
     
    blue_in_rio

    Well-known member
  • මම රිදිලා™ ට කිව්වා පේථ වත්ථු විමාන වත්ථු ගැන ලිපියක් දාන්න කියලා. මොකද පොර තමා මේකේ ඉන්න එකම එකා ඕක ගැන දාන්න ඉන්න. මගේ ගාව තිබ්බ පොත කවුදෝ ගෙනිහින් ආයේ ගෙනත් දුන්නේ නෑ :sorry::sorry:

    කථං - පුස්ථකං
    පරහස්ථං - ගතෝ ගතං
    :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම රිදිලා™ ට කිව්වා පේථ වත්ථු විමාන වත්ථු ගැන ලිපියක් දාන්න කියලා. මොකද පොර තමා මේකේ ඉන්න එකම එකා ඕක ගැන දාන්න ඉන්න. මගේ ගාව තිබ්බ පොත කවුදෝ ගෙනිහින් ආයේ ගෙනත් දුන්නේ නෑ :sorry::sorry:
    මාළඹේ සාවියෙ නම් ඉන්නේ වරෙන් පොතක් දෙංඥ්ඥං. අමාවතුර අසපුවේ ස්වාමි්වහන්සෙලා වඩින්නේ මා ළගට ප්‍රතිකාර වලට. මම පින් කතා කරන අනික් දේ ඒක. අන්වහන්සේලා ගෙනත් දීපු පොත තියනවා. ඇන්න පලයන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කථං - පුස්ථකං
    පරහස්ථං - ගතෝ ගතං
    :baffled::baffled:
    :no::no::no::no:
    ස්ත්‍රී රත්නං - පුස්ථඛං
    පර හත්තෝ - ගතෝ ගථ:
    අර්ථය - ස්ත්‍රිය ද පුස්තකය ද යන මේ ද්වය අන්්‍ය හස්තප්‍රාප්ත ගත වූ කල්හි ඉන් ගතයුත්තෙක් නැති යැ.
     
    blue_in_rio

    Well-known member
  • :no::no::no::no:
    ස්ත්‍රී රත්නං - පුස්ථඛං
    පර හත්තෝ - ගතෝ ගථ:
    අර්ථය - ස්ත්‍රිය ද පුස්තකය ද යන මේ ද්වය අන්්‍ය හස්තප්‍රාප්ත ගත වූ කල්හි ඉන් ගතයුත්තෙක් නැති යැ.

    ඔහේ පලයං !! ඒකත් එහෙමද අයියේ....... :eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මාළඹේ සාවියෙ නම් ඉන්නේ වරෙන් පොතක් දෙංඥ්ඥං. අමාවතුර අසපුවේ ස්වාමි්වහන්සෙලා වඩින්නේ මා ළගට ප්‍රතිකාර වලට. මම පින් කතා කරන අනික් දේ ඒක. අන්වහන්සේලා ගෙනත් දීපු පොත තියනවා. ඇන්න පලයන්.

    අපේ අප්පේ මම කුරුනෑගල යකෝව්. ගිය සතියේ වගේ නම් ආව මාළඹේ :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    :no::no::no::no:
    ස්ත්‍රී රත්නං - පුස්ථඛං
    පර හත්තෝ - ගතෝ ගථ:
    අර්ථය - ස්ත්‍රිය ද පුස්තකය ද යන මේ ද්වය අන්්‍ය හස්තප්‍රාප්ත ගත වූ කල්හි ඉන් ගතයුත්තෙක් නැති යැ.

    :yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලොකුවට පිං කරන්නේ න බන් එත් පව් නොකර ඉන්නවා පුළුවන් තරම්.
    ලගදිනම් පිනක් කරගත්ත දෙතුන් දෙනෙක්ට බොන්න අරන් දිල
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඔන්න පින් අතේ වැඩ කරපු ඈයෝ 10 දෙනෙක්ට 6+ ගානේ දමලා ගැහුවා :P:P තව තව පින් වැඩ කරන්න හිතේවා කියලා ;)
     
    • Like
    Reactions: CuteBaby

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොකුවට පිං කරන්නේ න බන් එත් පව් නොකර ඉන්නවා පුළුවන් තරම්.
    ලගදිනම් පිනක් කරගත්ත දෙතුන් දෙනෙක්ට බොන්න අරන් දිල

    බොන්න අරං දුන්න එක නම් පිනක් නෙවෙයි මචෝ පවකට අනුබල දිමක්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ලොකුවට පිං කරන්නේ න බන් එත් පව් නොකර ඉන්නවා පුළුවන් තරම්.
    ලගදිනම් පිනක් කරගත්ත දෙතුන් දෙනෙක්ට බොන්න අරන් දිල

    පින් කරන්න සල්ලි ගොඩක් ඕනේ නෑ මචං :D හොඳ චේතනාවකින් කරන ඕන පොඩි දේක මහත් වූ ආනිසංස තියෙනවා. වෙන්න ඕනේ හිත පහදවාගෙන ඒ දේ කරන එකෙයි. එක දේශනයක සඳහන් වෙනවා කාන්තාවක් බුදුන් ගැන පැහැදිලා වැටකොලු මල් තුනක් නෙලාගෙන පූජා කරන්න එනකොට කුලප්පු වෙච්ච හරකෙක් ඇනලා මැරෙනවා. මරණෙන් මත්තේ ඒ ගෑණු කෙනා උපදින්නේ දෙව්ලොව. හේතුව තමා බුදුන් ගැන සිත පහදවාගෙන ඒ දේ කිරිම. තව දෙයක් තමා. අනේ පිඬුසිටුතුමා දන් දෙනවා දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා බය වුනා පට්ටම අනේපිඬු සිටුතුමාට හම්බවෙයි කියලා දෙව්ලොව ආවම. ඒ පාර ශක්‍ර දේවේන්ද්‍රයා අනේපිඬු සිටුතුමාගේ දේපකල, වත්කම් නැති කරා. ඒ වෙලාත් අනේ පිඬු සිටුතුමා ලුණු කැඳ දන් දීලා පින් රැස් කරා. අන්තිමේදි කිසි දෙයක් කරලා වත් ශක්‍ර දේවේන්ද්‍රයාව නවත්තන්න බැරි වුනා. ඒ පාර නැවතත් ඒ ගත්ත ඒවා ටික දුන්නා. මට මතක තිබ්බ විදියට තමා දැම්මේ :sorry::sorry: ගොඩක් කල් ඔය කතාව අහලා :rolleyes:

    බොන්න අරන් දෙන එක නම් පිනක් නෙමෙයි කොල්ලෝ. ඒක ලොකු පවක් :yes::yes:
     
    • Like
    Reactions: blue_in_rio

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

    ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

    ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

    දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.

    මෙම ක්‍රියාවන්හි ප්‍රතිපල ඔබට මේ ආත්මයේදිම ඒකාන්තයෙන්ම ලැබෙනවා.:yes:
    තෙරුවන් සරණයි..!
    රෙප්+19
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා වෙලාවට මුකුත් වුනේ නෑ.

    මම හිතං හිටියෙ මදුරුවෙක් වත් මරන්නෙ නැති එකෙක් ට ඉන්නෙ මම විතරයි කියල..

    4608381.gif

    කරන තරමක් කරන්නෙ ඉතිං ඒව තමයි බන්.. මේ ලගදි.. පාරෙ යන බැල්ලියෙක් පැටව් ගහල ඉස්සරහ ගෙදර කානුවෙ.. එකෙක් නෙවේ පැටව් පස්දෙනෙක්..
    උන්ගේම කරුමෙ කියන්නෙ කවදාවත් නැති විදියට වැස්ස බන් එදා.. අකුණු ගගහ.. හෝ ගාල වතුර පාර ගහගෙන යනව කානුවෙන්.. එක පැටියෙක් ව බැල්ලි අරන් ගියා ආයෙ ආවෙ නැහැ.. එතකොට තමයි අපිටත් මීටර් උනේ වැස්සේම දිව්ව කුඩේකුත් තිබ්බෙ නැහැ.. පැටව් තුන්දෙනෙක් වතුරෙ පාවෙනව.. එක පැටියෙක් එලියට ඇවිත් පාරෙ වතුර පාරට ගහගෙන යනව.. කාර් එකක් ගියා ඒ වෙලේම පාරෙ.. මම හිතුවෙ ඉවරයි තමයි කියල.. ඌ කාර් එක මැද්දෙන් ගියාද අයිනෙන් ගියාද දැක්කෙ නම් නැහැ ඒත් ඌට මුකුත් වෙලා නැහැ.. පෙට්ටියක් මේව කරල ක්ෂණික දැම්ම පෙට්ටියට.. ඊට පස්සෙ අර හෑන්ඩ් ලයිට් එකක් දාල තිබ්බ රෙද්දකුත් දාල රස්නෙ එන්න.. දවසක් වත් නැති පැටව් ඉතින් හිතා ගනින් කො..

    ඔය සීන් එක කරාට එච්චර වත් ෆීලින්ග් එකක් ආවෙ නැහැ.. ඊට පස්සෙ මුන් කෑගහනවා ගහනව එකදිගටම.. වතුරත් පෙවිල.. නහයෙනුත් වතුර එනව.. මුන්ට බඩගිනි වෙලා කෑගහන්නෙ.. කොහොමද බං ඉතින් පොවන්නෙ පීරිසියකට දාල දෙන්න ඈ.. ගේනව රුපියල් 40 සූප්පුවක් ගිහින් පොඩි බෝතලයක් අරන් ගැහුව අම්ම කිරි හදල ළමයෙක් වගේ අරගෙන සූපපුව තිබ්බ කටින්.. අම්බෝ බන් මුන් කිරි බොන්න ගත්ත පපුව මොකද්ද උනා බන්.. ඒ ෆීලින්ග් එක වෙන කොහොම වත් ඇවිත් නැහැ සුපිරි බන්.. ඒ පිනම ඇති මට.. කිරි බෝතලේ ඇත් දෙකෙන් තද කර කර බිව්ව බන්.. මට වීඩියෝ කරන්න බැරි උනා උබලට කිරි බොන සීන් එක පෙන්නන්න.. අපරාදෙ.. එක දවසෙ පැටව් බන් බැල්ලිගෙන් එකපාරක් වත් කිරි බීල නැහැ..
    අපි හිතුවෙම බොන එකක් නෑ කියල බන්.. ඇයි බොන්න දන්නෙ නැහැනෙ

    උන්ටිකව සති ගානක් තියන් ඉදල ටිකක් ලොකු උනහම බැල්ලිවත් එක්කම අපේ නැද්දලගෙ ගෙයක් තියනව බාගෙට හදාගෙන යන.. එකෙන් ගිහින් තිබ්බ දැන් උන් ඒකෙ ඉන්නව.. කෑම කන්න අපේ ගෙදරට එනව බැල්ලි කාල යනව කිරි දෙන්න..

    මේ ඉන්නෙ පැටව් ටික..

    9Y7qmQ3.png
     
    Last edited:
    • Like
    Reactions: චගු

    ඒ ජීවිත බේරගත්තු එක ගැන හරි සතුටුයි. පාරේ බලු පැටව් විස් කරලා දාලා යන මිනිස්සු ගොඩක් ඉන්නවා ඒ මිනිස්සු හිතන්නෙ නෑ තිරිසන් සත්තු පාරේ කොහොම ජීවත් වෙන්නද කියලා.
     
    blue_in_rio

    Well-known member
  • ලොකුවට පිං කරන්නේ න බන් එත් පව් නොකර ඉන්නවා පුළුවන් තරම්.
    ලගදිනම් පිනක් කරගත්ත දෙතුන් දෙනෙක්ට බොන්න අරන් දිල

    පව් නොකර ඉදීම නම් හොදයි තමයි මචන්.ඒත් පිනක් නොකර නිකන්ම හිටියටත් වැඩක් නැහැ.අපි කරන්න ඕනා, උපන් අකුසල් දුරු කිරීමත්, නූපන් අකුසල් නූපදීමත්, උපන් කුසල් දියුණු කිරීමත්, නූපන් කුසල් උපදවා ගැනීමත් යන හතරම.අනික ගොඩ දෙනෙක් හිතනවා, වැරදි වැඩක් උනත් ඒකට උදව් කරලා අනික් පුද්ගලයගේ හිත සතුටු කරන එක පිනක් කියලා.ඔක්කොටම කලින් අන්න ඒ මිත්‍යා විශ්වාසෙන් අයින් වෙයන්.බොන්න අරන් දෙන එක පාප මිත්‍රයකුගේ ලක්ශණයක්.
     
    blue_in_rio

    Well-known member

  • මම හිතං හිටියෙ මදුරුවෙක් වත් මරන්නෙ නැති එකෙක් ට ඉන්නෙ මම විතරයි කියල..

    4608381.gif

    9Y7qmQ3.png

    අප්පට සිරි සචියා !! අවංකවම මම හිතන් හිටියේ උබ පව් පිං ගැන එතරම් තැකීමක් නැති, කම්පියුටරයක් බදාගෙන ඉන්න ඩයල් එකක් කියලා...සමා වෙයන් මචන් මගේ වැරදි වැටහීමට...... :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පට සිරි සචියා !! අවංකවම මම හිතන් හිටියේ උබ පව් පිං ගැන එතරම් තැකීමක් නැති, කම්පියුටරයක් බදාගෙන ඉන්න ඩයල් එකක් කියලා...සමා වෙයන් මචන් මගේ වැරදි වැටහීමට...... :sorry::sorry:

    මාත් එහෙම තමයි හිතාගෙන හිටියේ බලනකොට සචියාත් හිත උණුවෙන හොද කෙනෙක්නේ :)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බෝ මළුවක් ඇමදීම කියන්නේ, මහත් ඵල, මහානිසන්ස ලැබෙන පිනක්.හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන් නැහැ.විමාන වත්තු කථා වල තියෙනවා ඒකේ අගය.පුලුවන් නම් කවුරු හරි ඒවා ටික දාන්නකෝ.උබට මචන් වැඩි වැඩියෙන් මේ වගේ පිං කම් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා පතනවා. :yes::yes:

    ස්තුතියි යාලුවා. පුලු පුලුවන් විදියට කරන්න පුලුවන් හැම වෙලාවකම හොද දේවල් කරන්න. ඒක හිතට පුදුම සහනයක් ගෙනත් දෙයි. අනිසන්සත් ඒ වගේම ලැබෙනවා.