මහානුභාව පුණ්‍යකර්මයක් මචං......තොත්ත බබා;20520057 said:මම මයිත්‍රී ට චන්දෙ දුන්නා
පිං කරන්න සල්ලි ඕනෙ නෑ බං.
කරන්න පුලුවන් ලොකුම පින තමයි භාවනාව.
අනිත් දේ පංචශීලය රැකීම. පුලුවන් නම් උදෙන්ම පංසිල් සමාදම් වෙලා ඒ පංචශීලය හරියට රැකපං. එහෙම රකිද්දි බැරිවෙලාවත් පංසිල් කැඩුනොත් ආයිත් පංසිල් සමාදම් වෙලා පංසිල් රැකපං.
මේ පිංකම් දෙකටම බෟද්ධයෝ වෙන්න ඕනෙම නැ. පන්සිල් සමාදම් වෙන්නේ නැතුව උනත් හිතාගෙන පංසිල් රකින්න පුලුවන්.
දානමය පුණ්‍යකර්ම වලට තමයි සල්ලි ඕනේ කියලා මිනිස්සු හිතන්නේ. ඒත් බං සල්ලි නැතත් සතෙකුට හරි කෑම ටිකක් දාන්න බැරිද? මනුස්සයෙකුට උදව්වක් කරන්න බැරිද? බැරි නෑ බං පුළුවන්. හිත තමයි තියෙන්න ඕනේ.
සෑහෙන්න කලා......
දරුවො ඉන්න ළමා නිවාසයකට දෙපාරක් දානය දුන්න. පන්සලේ දහම් පාසැලේ දරුවන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දුන්න ලොකු පුතාගේ උපන් දිනයට. පන්සලේ සිල් ගත්ත අයට ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කලා. තව ගිය අවුරුද්දේ දළ වශයෙන් 100කට ළග රෝගීන් පිරිසකට ප්‍රතිකාර නොමිලයේ කරල දුන්නා. මගේ ඉස්කෝලේ මල්ලිලා ගේ හෙල්ත් ස්ක්‍රීනින් කෑම්ප් එක කලා. ගමේ පන්සලේ හෙල්ත් කෑම්ප් එකේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කලා දවසක් (එදා දත් ම ගලවලා තියනවා 62ක්) උයන්න එතරම් නොදන්න මගේ මිත්‍රයො දෙපලක ගේ බිරින්දෑ වරුන්ට උයන්න ඉගැන්නුවා - ඒක තමා කරපු ලොකුම පිං කම මම හිතන්නේ.


Tattayek ketuwama pina wedi neda dath ponnayo?මහානුභාව පුණ්‍යකර්මයක් මචං......
මචං පිං කරනවානම් එක කියා කියා කරන්න ඕනේ නැහැ නේද?
ඉස්සර වගේ ආගම දහමට බර වෙන්න දැන් වෙලාවක් නෑ බං. ජීවිතේ සංකීර්ණ වෙලා. ඒත් දැන් හැමදාම වගේ පින් අත වැඩ තමයි. ලඟදි දවසක අවුරුදු 28 ඩයල් එකක් මරණයෙන් ඇදලා ආයේ ගත්තා හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා arrest වෙලා විනාඩි 45 ක් විතර මහන්සි වෙලා( වයස 28 ක් නිසා අත ඇරියේ නෑ එයා දවසට සිගරට් 30 විතර බිව්ව උනත්) . ඒ විනාඩි 45 න් පැය භාගෙකට වඩා CPR දුන්නේ මම සැරෙන් සැරේ. දවස් 3 - 4 යනකන් මට කැස්සක් ආවත් කිමුහුමක් ගියත් සැරෙන් සැරේ බඩ කොර උනා එදා දරපු අදික මහන්සිය නිසා බඩේ මසල්ස් ඇදිලා. ඊයේ ඒ මනුස්සයා මට වඩා අවුරුදු 2 ක් වැඩිමල් කෙනෙක් උනත් ගෙදර යද්දි මගේ කකුල් දෙක අල්ලලා දණ ගහලා වැඳලා කඳුලු පෙරාගෙන ගියේ. ජීවිතේ මම වැඩිය සතුට ලබන කෙනෙක් නොවුනත් ඊයේ ඇත්තටම පොර යද්දි ලොකු සතුටක් හිතට දැනුනා.
Loku pinak. account eka full wei

හොඳම දේ තමයි මිනිහා ඔය කිසිම දෙයක් දැක්කේ නෑ බං සිහිය නොතිබුනු නිසා. එයා වාට්‍ටුවට අරන් ආව වෙලේ ඉඳන් ගොඩ දාලා ICU එකට දානකන්ම එයාගේ මල්ලි සහ එයාගේ නෝනා සිද්දිය බලාගෙන හිටියේ. ඒ දෙන්න කිව්ව දේවල් අහලයි යද්දි වැඳලා ගියේ.ඉස්සර වගේ ආගම දහමට බර වෙන්න දැන් වෙලාවක් නෑ බං. ජීවිතේ සංකීර්ණ වෙලා. ඒත් දැන් හැමදාම වගේ පින් අත වැඩ තමයි. ලඟදි දවසක අවුරුදු 28 ඩයල් එකක් මරණයෙන් ඇදලා ආයේ ගත්තා හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා arrest වෙලා විනාඩි 45 ක් විතර මහන්සි වෙලා( වයස 28 ක් නිසා අත ඇරියේ නෑ එයා දවසට සිගරට් 30 විතර බිව්ව උනත්) . ඒ විනාඩි 45 න් පැය භාගෙකට වඩා CPR දුන්නේ මම සැරෙන් සැරේ. දවස් 3 - 4 යනකන් මට කැස්සක් ආවත් කිමුහුමක් ගියත් සැරෙන් සැරේ බඩ කොර උනා එදා දරපු අදික මහන්සිය නිසා බඩේ මසල්ස් ඇදිලා. ඊයේ ඒ මනුස්සයා මට වඩා අවුරුදු 2 ක් වැඩිමල් කෙනෙක් උනත් ගෙදර යද්දි මගේ කකුල් දෙක අල්ලලා දණ ගහලා වැඳලා කඳුලු පෙරාගෙන ගියේ. ජීවිතේ මම වැඩිය සතුට ලබන කෙනෙක් නොවුනත් ඊයේ ඇත්තටම පොර යද්දි ලොකු සතුටක් හිතට දැනුනා.