ගිය වසර වඩාත් අවධානයට ලක්වූ කාන්තාවන්.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගිය වසර වඩාත් අවධානයට ලක්වූ කාන්තාවන් 12.

    වසරක අවසානය කැලැන්ඩරයේ අවසන් කොළය කැඩී  යාමත් සමග සටහන් වන්නක්.ගෙවී ගිය වසර පුරා විවිධාකාරයේ සැමරුම් දින තිබිය හැකියි.2011 වසර ගෙවී ගියේ ද එවැනි සමරු සටහන් සහ ඵෙතිහාසික සිදුවීම් රැසක් ද සටහන් කිරීමෙන් පසුවයි.එම වසරේ මාස 12 තුළ වඩාත් අවධානයට ලක්වූ කාන්තාවන් දොළොස්දෙනෙකු සිටියා.ලෝක ජනමාධ්‍ය වාර්තා කළ ඔවුන්ගේ පුවත්වල සංක්ෂිප්තයක් මේ.

    ජනවාරි

    2011 වසරේ ජනවාරි මාසයේ ඇමරිකානු ක්‍රොන්ග්‍රස් සාමාජිකා ගාබ්‍රියෙල් ගිෆෝර්ඩ්ස් ගේ හිස පසාරුකරගෙන යන්නට තුවක්කුකරුවෙකු විසින් මරණීය ප්‍රහාර එල්ල කළා.මොළය ඉතා අසීරු ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව ඇය අගෝස්තු මාසය වනවිට සම්පූර්ණ සුවය ලැබුවා.ඇය ඇමරිකානු ණය සීමා සම්බන්ධ විවාදයකට එක්වෙමින් අත්පොළසන් මධ්‍යයේ පවසා තිබුණේ තමන්ට සුවය ලැබීම ලෙහෙසි නොවූ බවයි.

    january.jpg
    january_02.jpg
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පෙබරවාරි

    Some one Like You  සහ Twenty one ගීත ඇල්බමය සමග ඇඩිලේ  වසරේ වඩාත්ම කතාබහට ලක්වූ ගායිකාව වන්නට සමත් වුණා. එපමණක් නොව Some one Like You  ගීතය රටවල් 18 ක  Top Chart වල අංක එක ස්ථානයේ රඳවන්නටත් Twenty one ගීත ඇල්බම අතරින් ඉහළ ස්ථානයක රඳවන්නටත් ඇයට හැකි වුණා.ඒවා ආදායම් අතින් වඩාත් සාර්ථක වූවා.2011 ග්‍රැමී සම්මාන 6 ක් සඳහා ඇය යෝජනා වීම විශේෂත්වයක්.

    febrary_02.jpg
    February.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මාර්තු

    මාර්තු මාසයේ වැඩි අවධානයක් ගත් කාන්තාව වූයේ ලිබියනානු ජාතික විසි නව හැවිරිදි එමාන් අල් ඔබෙයිදි නම් තරුණියයි.ඒ මුවම්මර් අල් ගඩාෆි මහතාගේ කණ්ඩාමක් විසින් තමාට පහරදී අතවර කළ බව ඇය විදේශීය මාධ්‍ය හමුවේ කියා සිටීමත් සමගයි. සිය සිරුරේ තුවාල සහ කැළැල් මාධ්‍යට දක්වමින් සිටි ඇයව ලිබියානු නිලධාරීන් ඉවතට රැගෙන ගියේ මාධ්‍යවේදීන්ට ද පහර එල්ල කරමින්.ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන ගියත් පසුව එමාන්ව මුදාහැරුණා.මෙම සිද්ධියත් සමග ලොවපුරා අවධානය ලබා ගන්නට ඇයට හැකිවුණා.මේ වනවිට එමාන් අල් ඔබෙයිදි  ඇමරිකානු රැදවුම් කඳවුරක ජිවත්වෙනවා.

    march01.jpg
    march02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අප්‍රියෙල්

    පසුගිය වසරේ දී පිප්පා මිඩ්ල්ටන්  ජාත්‍යන්තර මට්ටමේ අවධානයකට ලක්වුණා.ඒ ඇයගේ සොහොයුරියගේ විවාහ මංගල්‍ය උත්සවයේදී ඇය දෙසට කැමරා ඇස යොමු වීමත් සමගයි.ඇය බ්‍රිතාන්‍ය රජපවුලට එක්වූ අලුත්ම කුමරිය වන කේට් මිඩ්ල්ටන්ගේ සොහොයුරියයි.මෙම රාජකීය මංගල්‍යයේ දී පිප්පා කුමරියගේ සුන්දර රූපකාය ඡයාරූපයට නැගීමට මාධ්‍යවේදීන් අමතක නොකළ අතර ඇතැම් වෙබ් අඩවිවල මුල් පිටුව ඇගේ රුවින් සැරසී තිබුණා.කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පුවත්පත් දෙකක් එසේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් ඇගෙන් සමාව ඉල්ලා සිටියා.

    ladies__10.jpeg


    April02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මැයි.

    අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ මුල්පුටුව හිමිව තිබුණේ ඩොමිනික් ස්ට්‍රව්ස් ඛාන් ට. එය අහිමි වුණේ කාන්තාවක් නිසා.38 හැවිරිදි ගිනියා ජාතික කාන්තාවක් වන ඇය නමින් නැෆිස්සටෝ ඩියර්ලෝ.ස්ට්‍රව්ස් ඛාන්ගේ කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ තමාට ලිංගික අතවර කරන්නට උත්සහ කළ බව පවසමින් ඇය ඔහුට චෝදනා එල්ල කළා.එම චෝදනාව ප්‍රතික්ෂ්ප කරමින් හෙතෙම සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.නැෆිස්සටෝ ඩියලෝ සතුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්  එම චෝදනාව අධිකරණය  විසින් ඉවත දැමුණා.

    may_01.jpg


    nafis.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ජුනි.

    පසුගිය වසරේ ජුනි මාසයේදී ලෝකයේ අවධානය දිනා ගත්ත කාන්තා මුහුණ ක්‍රීඩිකාවකගේ.ලී නා නමැති ඇය 2011 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය දීනා ගත් ප්‍රථම චීන ජාතිකයා වෙමින් ඉතිහාසයට එක් වුණා.මෙම ජයග්‍රහණය ඇය ලබා ගත්තේ  2010 වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව හිමිකරගත්ෆ්‍රැන්සෙස්කා ස්කියැවෝන් පරාජය කරමින්.එමෙන්ම  පසුගිය වසරේ මුල් භාගයේ ලී නා ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගය ජයග්‍රහණය කිරීමත් ඇගේ ජනප්‍රියත්වය ඉහළ දැමුවා.

    june_01.jpg


    june_02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ජූලි.

    රාජකීය පවුලකට සම්බන්ධ වුණු ඔලිම්පික් ක්‍රීඩිකාවක් පසුගිය වසරේ ජූලි මාසයේ දි කතා බහට ලක්වුණා. ඇය කාලින් විට්ස්ටොක්.ඇය යුරෝපයේ රාජකීයන්ගේ වයසින් වැඩිම සාමාජිකයා වන මොනාකෝ රාජ්‍යයේ ඇල්බට් කමරු හා වුණා.ඇල්බට් කුමරු‍ගේ අතීතය පිළිබඳ කරුණු සැලවීමෙන් පසු ඇය විවාහය බිඳදමා ආපසු සිය රටට යෑමට
    සූදානම් වන බවට අදහස් පළ වුණා.එහෙත් රාජකීය පවුලේ සාමාජිකයින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඇය ජාත්‍යන්තර තලයේ පිහිනුම් ශූරියක්.


    july_01.jpg


    july_02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අගෝස්තු.

    ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකා මිචෙලි බාච්මාන් ඇගේ උපන් බිම වන අයෝවාහි පැවති පූර්ණ මැතිවරණ මත විමසුමකදි වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළා. ඍජු අදහස් ප්‍රකාශ කිරීමට දක්ෂ ඇය තේ පැන් සංග්‍රහවලදි ජනප්‍රිය චරිතයක්.ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතාගේ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව විවේචනය කරන ඇය එළඹෙන මැතිවරණයේ දී ඔහුට අභියෝගයක් එල්ල කළ හැකි එකම කාන්තාව ලෙසද ඉදිරියට පැමිණ තිබෙනවා.

    august.jpg


    august_02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සැප්තැම්බර්.

    එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා සම්මේලනය ඇමතීමේ අවස්ථාව  බ්‍රසීල ජාතික කාන්තාවකට හිමිවුණා.ඇය නමින් දිල්මා රොවුසෙෆ්.එමෙන්ම ඇය තවත් අයුරකින් වාසනාවන්තියක්.ඒ බ්‍රසිලයේ රාජ්‍යපාලනය හිමි වූ ප්‍රථම කාන්තාව බවට පත්වෙමින්.ඇය එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් පවසා තිබුණේ 21 වන සියවස කාන්තාවන්ගේ සියවස බවයි.බ්‍රසීලයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් ද ඇය ජනදරයට පත්වූවා.

    september.jpg
    september02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔක්තෝබර්.

    ස්පාඤඤයේ ඇල්බාහි ආදිපාදවරිය වයස 85 දී යළි විවාහ වුණා.මනාලයා ඇයට වඩා  අවුරුදු 24 ක් වයසින් බාලයි.ඔහු අල්ෆොන්සෝ ඩියස් කැරබන්ටස් නමැති සිවිල් නිලධාරියෙක්.මංගල්‍යය පැවැත්වුණේ මාළිගාවක.ඇගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 4ක්. දේපළ සිය සැමියා විසින් දරුවන් සහ මුණුපුරු මිණිපිරියන් අතර බෙදා දෙනු ඇති බවට ඇය විශ්වාස කරනවා.කෙසේ වෙතත් ආදිපාදවරිගේ නව සහකරු පවසන්නේ ඇගේ වාසනාව ඔහුට අනවශ්‍ය බවයි.

    october_01.jpg


    october_02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    නොවැම්බර්.

    වර්ජනියා ප්‍රාන්තයේ වෙසෙන ඇමරිකානු නාවික නිලධාරිනියක වන කෝප්‍රල් කෙල්සි ද සැන්ටිස්ගේ සිහිනයක් පසුගිය නොවැම්බරයේදි සැබෑ වුණා.ඒ ජනප්‍රිය නළුවෙකු  සහ ගායකයෙකු වන ජස්ටින් ටිම්බර්ලේක් ඇගේ ඉල්ලීමක් ඉටු කරමින් ඇයත් සමග වාර්ෂික නැටුම් උත්සවයකට සහභාගි වීමත් සමගයි.එවන් සුපිරි තරුවක් සමග සැන්දෑවක් ගත කිරීමට ලැබීම සුන්දර අත්දැකීමක් වූ බවත් ඇය මාධ්‍ය හමුවේ පැවසුවා.එය තමන්ට කිසිදා අමතක නොවන බව පවසන්නටත් ඇය අමතක කළේ නැහැ.

    November_01.jpg


    November_02.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දෙසැම්බර්..

    2011 වසරේ වැඩි අවධානයක් දිනාගත් කාන්තා මුහුණු අතර අවසන් කෙනා පැන්ඩා ගැහැණු සතෙක්.ඇගේ නම ස්වීටි.චීනයේ චෙන්ගුඩු ප්‍රාන්තයේ සිට පැය 11 ක ගමනක් නිමා කරමින් පැමිණි ඇයව එඩින්බරෝ ගුවන් තොටුපළේ දී උණුසුම් ලෙස පිළිගැණුනා.ස්කොට්ලන්ත සහ බ්‍රිතාන්‍ය සත්විද්‍යා සමාජය විසින් ගෙන්වූ ඇය වසර 5  රැඳි සිටීමට නියමිතයි.එම කාලය තුළ ස්වීටි ඔවුන්ට පැටවුන් ලබාදෙනු  ඇතැයි සත්වෝද්‍යාන පාලකයින් විශ්වාස කරනවා.

    december_01.jpg


    december_2.jpg
     
    • Like
    Reactions: crazyhorse