ගිලුණු_නැවේ_තෙල්_දෙහිවල,_රත්මලාන_වෙරළට_ගසş
ගිලුණු නැවේ තෙල් දෙහිවල, රත්මලාන වෙරළට ගසයි . . .
පානදුර වෙරලේ අවුරුදු 03ක් පමණ නැංගුරම් දා තිබූ "තර්මෝපිලී සියෙරා" නෞකාව පෙරේදා ගිලී යන අවස්ථාවෙ එහි තෙල් ටොන් 70ක් පමණ ඉතිරිව තිබුණා.
තෙල් පැතිරීම වැලැක්වීමට දිය මත පාවෙන සමුද්‍රීය ආරක්ෂක වැටවල් නැව වටා සවිකරන බව වාර්තා වුවද, ගිලුණු නැවේ තෙල් මේ වනවිට මීගමුව දක්වා පැතිරෙමින් පවතින අතර අද උදෑසන වනවිට දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට ගොඩ ගසා තිබෙනු දක්නට ලැබින.
ඊයේ දහවල් වනවිට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කළේ ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම් සහිත බවයි.
මෙම විනාශයේ වගකීම බාරගැනීමට කිසිවෙක් නැති අතර තෙල් හම්බන්තොට දක්වාද පැතිරීමට තිබෙන බව නිවේදනය කර ඇත. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80%ක් පමණ පිරිසක් නවාතැන් ගැනීමට වෙරළ තීරය තෝරාගන්නා නිසා එය සංචාරක කර්මාන්තයටද බලවත් පහරකි.
තෙල් කාන්දුව ගැඹුරු මුහුද දෙසට පැතිර යන බව වාර්තා වුවද මේ වනවිට වෙරළ තීරයටද පැමිණෙමින් තිබෙන නිසා දැඩි පාරිසරික හානියක් සිදුවිය හැකිය. ඉන් සිදුවන ස්වභාවික විනාශට සුළු පටු නොවන අතර එමඟින් බොහෝ මුහුදු ජීවීන් හා මුහුදු ශාකද මියයාම සිදුවිය හැක.
නෞකාවෙන් වෙන් වූ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට පාවී පැමිණ තිබෙන අතර ඒවා දැක ගැනීමට පිරිස්ද රොක් වී සිටියා.
තවද විශාල ප්‍රමාණයේ යකඩ බට කිහිපයක් අද (25) හලාවත අඹකදවිල සහ කරුකුපනේ මුහුදු තීරයට ගොඩ ගසා ඇත. ඒවායේ ආරක්ෂාවට නාවික හමුදාව සහ පොලීසිය යොදවා ඇත.
වසර ගනනාවක් මුහුදේ නැම්වුරම් ලා තිබූ නැවේ ඇතුලත දිරාපත්වෙමින් පැවතුන යකඩ කොටස් කිහිපයක් පහතින්. නැව මුහුදු බත් වූයේ මෙම යකඩද සමඟය . . .
වෙරළට පැමිණි තෙල් ඉවත් කිරීමේ කටයුතු තව දුරටත් සිදුකරන අතර නැවේ සිදුවූ තෙල් කාන්දුව මේ වන විට නැවතී ඇත. එහෙත් සාගර පතුලේ සිදුවන දිය වැල වල චලනයන්ට අනුව යළි එය ආරම්භ විය හැකිය.
ගල්කිස්සේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ පාවෙන තෙල් තට්ටු පවතින්නේ නම් ඒ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ 0718 407 395 යන දුරකථන අංකයට දැනුම්දිය හැකිය. පානදුර මුහුදු තීරයේදී ගිලූණු නෞකාවෙන් නික්මුණු තෙල් තට්ටු මේ වන විට වයඹ දිග මුහුදු තීරයේද පැතිරෙමින් පවතී . . .

Last edited:

Lankaaawe Court case ekak kochchara wihiluwakda kiyala hithaganna puluwanne 