ගිලුණු_නැවේ_තෙල්_දෙහිවල,_රත්මලාන_වෙරළට_ගස&#351

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගිලුණු_නැවේ_තෙල්_දෙහිවල,_රත්මලාන_වෙරළට_ගස&#351

    ගිලුණු නැවේ තෙල් දෙහිවල, රත්මලාන වෙරළට ගසයි . . .

    4211-1.jpg


    පානදුර වෙරලේ අවුරුදු 03ක් පමණ නැංගුරම් දා තිබූ "තර්මෝපිලී සියෙරා" නෞකාව පෙරේදා ගිලී යන අවස්ථාවෙ එහි තෙල් ටොන් 70ක් පමණ ඉතිරිව තිබුණා.

    42112-1.jpg


    42115-1.jpg


    තෙල් පැතිරීම වැලැක්වීමට දිය මත පාවෙන සමුද්‍රීය ආරක්ෂක වැටවල් නැව වටා සවිකරන බව වාර්තා වුවද, ගිලුණු නැවේ තෙල් මේ වනවිට මීගමුව දක්වා පැතිරෙමින් පවතින අතර අද උදෑසන වනවිට දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට ගොඩ ගසා තිබෙනු දක්නට ලැබින.

    23k3zw1.jpg


    925681ef2315a3d3a57467cc824b-grande.jpg


    55bce_o09_23315377.jpg


    ඊයේ දහවල් වනවිට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කළේ ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම් සහිත බවයි.

    මෙම විනාශයේ වගකීම බාරගැනීමට කිසිවෙක් නැති අතර තෙල් හම්බන්තොට දක්වාද පැතිරීමට තිබෙන බව නිවේදනය කර ඇත. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80%ක් පමණ පිරිසක් නවාතැන් ගැනීමට වෙරළ තීරය තෝරාගන්නා නිසා එය සංචාරක කර්මාන්තයටද බලවත් පහරකි.

    jjn1jb.jpg


    e0o0eq.jpg


    තෙල් කාන්දුව ගැඹුරු මුහුද දෙසට පැතිර යන බව වාර්තා වුවද මේ වනවිට වෙරළ තීරයටද පැමිණෙමින් තිබෙන නිසා දැඩි පාරිසරික හානියක්‌ සිදුවිය හැකිය. ඉන් සිදුවන ස්වභාවික විනාශට සුළු පටු නොවන අතර එමඟින් බොහෝ මුහුදු ජීවීන් හා මුහුදු ශාකද මියයාම සිදුවිය හැක.

    30x96cn.jpg


    w70v2g.jpg


    30mwr5c.jpg


    j77z1k.jpg


    fyz7yw.jpg


    නෞකාවෙන් වෙන් වූ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට පාවී පැමිණ තිබෙන අතර ඒවා දැක ගැනීමට පිරිස්ද රොක් වී සිටියා.

    තවද විශාල ප‍්‍රමාණයේ යකඩ බට කිහිපයක් අද (25) හලාවත අඹකදවිල සහ කරුකුපනේ මුහුදු තීරයට ගොඩ ගසා ඇත. ඒවායේ ආරක්ෂාවට නාවික හමුදාව සහ පොලීසිය යොදවා ඇත.

    Yakada-1.jpg


    වසර ගනනාවක් මුහුදේ නැම්වුරම් ලා තිබූ නැවේ ඇතුලත දිරාපත්වෙමින් පැවතුන යකඩ කොටස් කිහිපයක් පහතින්. නැව මුහුදු බත් වූයේ මෙම යකඩද සමඟය . . .

    18md87.jpg


    20ken83.jpg


    2pqukxs.jpg


    වෙරළට පැමිණි තෙල් ඉවත් කිරීමේ කටයුතු තව දුරටත් සිදුකරන අතර නැවේ සිදුවූ තෙල් කාන්දුව මේ වන විට නැවතී ඇත. එහෙත් සාගර පතුලේ සිදුවන දිය වැල වල චලනයන්ට අනුව යළි එය ආරම්භ විය හැකිය.

    ගල්කිස්සේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ පාවෙන තෙල් තට්ටු පවතින්නේ නම් ඒ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ 0718 407 395 යන දුරකථන අංකයට දැනුම්දිය හැකිය. පානදුර මුහුදු තීරයේදී ගිලූණු නෞකාවෙන් නික්මුණු තෙල් තට්ටු මේ වන විට වයඹ දිග මුහුදු තීරයේද පැතිරෙමින් පවතී . . .

     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    (යකඩ කොටස් කිහිපයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට පාවී පැමිණ තිබෙන අතර)
    යකඩ පාවෙනවද බන්
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේක මහා හෙන ගහන වැඩක් නේ බන්, අහිංසක සත්තු කොයි තරම් මැරෙනවා ඇත්ද මේ ගොන් වැඩ හින්දා,,අවුරුදු 3ක් මේ මගුල තියාගෙන මොන රෙද්දක් කලාද මන්ද
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    (යකඩ කොටස් කිහිපයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට පාවී පැමිණ තිබෙන අතර)
    යකඩ පාවෙනවද බන්

    මේ යකඩ ප්ලෙට් එකක් නෙමෙයි බන්, මේක යකඩ වලින් හදපු පැතලි බොක්ස් එකක් මැද්ද හිස් එකයි පාවෙන්නේ, අනික්වා යකඩ බට එවත් මැද්ද හිස් . . . එතකොට නැවක් පාවෙන්නේ කොහොමද බන් එකත් කොච්චර බරයිද ?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේ යකඩ ප්ලෙට් එකක් නෙමෙයි බන්, මේක යකඩ වලින් හදපු පැතලි බොක්ස් එකක් මැද්ද හිස් එකයි පාවෙන්නේ, අනික්වා යකඩ බට එවත් මැද්ද හිස් . . . එතකොට නැවක් පාවෙන්නේ කොහොමද බන් එකත් කොච්චර බරයිද ?

    :P
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මේකට අපේ බලධාරීන් උනන්දු වෙලා මොකක් හරි කරානම් මෙහෙම අපිට තැවෙන්න වෙන්නේ නෑ...අන්තිමේදී නැව ගිලෙන්න කිට්ටු වෙලා, නැව ඇදන් යන්න හැදුව, එකට තමා මේක ගිලුනේ.. ඔහොම යං ඔහොම යං...අපේ ගොන්නුන්ට තමා පරිසරය ගැන ගානක් නෑ. මේ රත්තරන් බිමත් කාන්තරක් වුනු දාටවත් තේරෙයි ද මන්දා. :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ayi ban oka awurudu thunak othana thiyala thiyenne? oya nawe ayithi samagaama kohe ekakda? ayi eken oya nawata mokuth nokale?

    e samagamata wiruddawa nadu daanna bayida me una deta?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Eeye Mt wala partyakata gihin aawa. ralla eka paarai paguwe gedara awith kakula pura kalu thel sudda kara :frown: Lankaaawe Court case ekak kochchara wihiluwakda kiyala hithaganna puluwanne :rolleyes: