ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්

csharp

Well-known member
  • Nov 19, 2016
    1,242
    759
    113
    Melbourne
    www.jayasekara.blog
    අඩෝ තව එකක් හම්බුනා

    7. විසිරුණු මල් පෙති



    විසිරුණු මල් පෙති දෝතට ගත් තුණු වී - ඒ පෙති එක් කර මලක් සොයන බොළදී

    සරදම් නොකරමි ආදරයෙන් කියමී - විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගනී


    ලාබාල වයසේ ඉන්න නංගි කෙනෙකුත් එක්ක, අයියා කෙනෙක් නීතිඥ කාර්යාලයකට ගොඩවෙන්නේ සල්ලාලයකුට රැවටිලා එයින් කෙලෙසුණු තමන්ගේ නංගිට නීතියේ පිහිට ලබා ගන්න. එයාලා ගොඩින් මඩින් අක්කර ගණන් තියෙන පොහොසත්තු නෙවෙයි. ඒත් ඒකයි කියලා තමන්ගේ නංගිට වුණු අසාධාරණය දිහා හිස් ඇස්වලින් බලාගෙන ඉන්න ඇගේ සහෝදරයා සූදානම් නැහැ. විත්තිකාර පාර්ශවයේ ඉන්න, ඒ තරුණියව මේ තත්වයට ඇදලා දැම්ම සල්ලාලයා සල්ලි, බලය දෙකම තියෙන පුද්ගලයෙක්. කොයි විදියට නඩුව කතා කරත්, ඒ බලය එක්ක, සල්ලි එක්ක හැප්පෙන්න මේ අයියාටත් නංගිටත් බැරි බව මේ නීතිඥවරයා වටහාගන්නවා.

    ඒ නීතිඥවරයාගේ අත්දැකීම පදනම් කරගෙන තමයි අතුල අධිකාරි ගායනා කරන මේ ගීතය ලියවිලා තියෙන්නේ. අයියා කෙනෙක් තමන්ගේ ආදරණීය සහෝදරියට අවවාද කරන විදිය දැක්වෙන ආකාරයට මේ ගීතය රචනා වෙන්න ඇත්තේ, මෙයින් මත්තට ඒ වගේ ඛේදනීය සිද්ධීන් නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම වෙන්න ඇති.
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,242
    759
    113
    Melbourne
    www.jayasekara.blog
    8. රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

    හුගක් අය බස් සින්දුවක් ගානට දාලා තිබුනට මේකෙ කතාවත් අහල බලන්නකෝ :yes:



    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා - නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා

    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා - යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා


    හයිලෙවල් පාරේ ගිය තරමක් සෙනඟ පිරුණු බස් එකකට ගොඩ වුණු උස මහත හැඩි දැඩි තරුණයෙක්, ඒ බස් එකේම මැද හරියේ ඉඳපු ගැහැණු ළමයෙක්ගේ ලඟින් හිටගත්තලු. බස් එක නම් තමන්ගේ පාඩුවේ ඉදිරියට ඇදෙනවලු. හැබැයි මේ ගැහැණු ළමයා නම් මොකක්දෝ හේතුවක් නිසා තමන්ගේ ළඟ හිටගෙන ඉන්න පිරිමි ළමයා දිහා රවලා බලනවලු. ටික වෙලාවකින් ඇය කටහඬ අවදි කරලා ඔහුට බණින විටදී තමයි බස් එකේ ඉන්න අයට ඒකට හේතුව තේරිලා තියෙන්නේ.

    "කෙල්ලෙක්ට බස් එකේ පාඩුවේ යන්න නැහැ, වනචරකමට කකුල පාගනවා. තමුසෙට ලැජ්ජා නැද්ද?"

    මුළු බස් එකේම අය ඔහු දිහා බැලුවේ පිළිකුලෙන්. ඒත් ඔහුගේ මුහුණෙන් පෙනුනේ ලැජ්ජා සහගත බවක් නෙවෙයි, දුක්බර බවක්. ඔහු ඇයගෙන් සමාව ඉල්ලුවේ තමන්ගේ කතාවත් කියන ගමන්.

    සොල්දාදුවෙක් වුණු ඔහුට ඔහුගේ කකුල නැතිවෙලා තියෙන්නේ පුදුකුඩුඉරිප්පු සටනින්. ඒ වෙනුවට කෘත්‍රිම කකුලක් පැළඳගෙන ඉඳපු ඔහුට අර තරුණියගේ කකුල පෑගෙනවා දැනිලා නැහැ. ඒ කතාව අහපු බස් එකේ හැමදෙනාම පත් වුණේ පුදුම අපහසුතාවයකට. පිටත පෙනුමෙන් කෙනෙක්ව මනින්න පුරුදුවෙලා ඉන්න අද කාලේ, මේ වගේ දේවල් අපට හොඳ පාඩම්. ලක්ෂ්මන් හිල්මි ගායනා කරන ඉහත ගීතයට පදනම් වෙලා තියෙන්නේ මේ සඳහන් කරපු කතාවයි.