ගුණාත්මක_ඡායාරූපකරණය
ගුණාත්මක ඡායාරූපකරණය . . .
තාක්ෂණය ඉතා දියුණු අද කැමරාවක් නොමැති ගෙයක් හොයා ගන්නත් අමාරුයි. අද වන විට ජංගම දුරකථන නිෂ්පාදකයන් පවා ඡායාරූප ලබාගැනිමේ පහසුකම් සහිත දුරකථන වෙළඳ පොළට හදුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. ඈත අතීතයේ කැමරාවක් ඉතා මිල අධික අතර ඒ පිලිබඳ මනා දැනුමක් සහ පුහුණුවක් ලැබූ යම් කිසි සීමිත පිරිසක් විසින් තමයි මේ ඡායාරූප ගැනීම සිදුකලේ. එහෙත් අද වන විට ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් ඡායාරූම ලබා ගැනීමට හැකි වන පරිදි නිපදවූ කැමරා වෙළඳ පොලේ දක්නට ලැබෙන අතර එහි මිල ඉතා අඩු මට්ටමක පවතී.
අද වන විට ඡායාරූප ගැනීමේදී භාවිතා කල හැකි විවිධ කැමරා වර්ඟ වෙළඳ පොලේ දක්නට ලැබෙනවා, තමන්ගේ ඡායාරූපකරණය පිලිබඳ ඇති දැනුම අනුව අපට කැමරා තෝරා ගැනීමට හැකියාව පවතිනවා. කැමරාවක් තොරා ගැනීමට හැකි ක්‍රම ගනනාවක් තිබෙන අතර වඩාත්ම ජනප්‍රිය ක්‍රමය වන්නේ DSLR, Prosumer සහ Point & Shoot කියන ක්‍රමයි. වෙළඳ පොලේ ඇති කුඩා ප්‍රමානයේ සංයුක්ත කැමරා හෙවත් ඩිජිටල් කැමරා අයත් වන්නේ Point & Shoot කියන වර්ඟයටයි. එහි මිල ඉතා අඩු මට්ටමක පවතින අතර එම කැමරා භාවිතයෙන් ඕනෑම ආධුනික පුද්ගලයෙකුට ඡායාරූප ගතකීරිම සිදුකල හැකිය, ඊට අමතරව ඡායාරූපකරණය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති අය සඳහා නිෂ්පාදිත Prosumer කැමරාද, ඡායාරූපකරණය පිලිබඳ මනා දැනුමක් ඇති වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පීන් සඳහා නිෂ්පාදිත කැමරා DSLR වර්ඟයට අයත් වවන අතර එම කැමරා වල මිල ගනන්ද ඉතා අධික මට්ටමක පවතී.
Point & Shoot වර්ඟයේ කැමරා . . .
Prosumer වර්ඟයේ කැමරා . . .
DSLR වර්ඟයේ කැමරා . . .
මම කියපු දේවල් ටික තෙරුනේ නැහැ වගේ නම් ඔය මුකුත් ඕනේ නැහැ, ඔබට ඡායාරූපකරණය පිලිබඳ දැනුම අඩුයි නම් ඒ වගේම තමන්ට ඕනෑම වෙලාවක ෆොටෝ එකක් ගන්න විතරයි නම් කැමරාවක් ඕනේ කරන්නේ ඔබට වඩාත් ගැලපෙන්නේ Point & Shoot වර්ඟයේ කැමරාවක්.
එත් ඔබට ඡායාරූපාකරණය පිලිබඳව යම්තාක් දුරට දැනුමක් තියෙනවනම්, ඒ දැනුම තව ටිකක් වැඩි දියුණු කරගන්න ඕනේ නම් ඔබට වඩාත් සුදුසු වන්නේ Prosumer වර්ඟයේ කැමරාවක්
ඔබට ඡායාරූපකරණය පිලිබඳ මනා දැනුමක් තිබේ නම්, ඔබට වෘත්තීය මට්ටමෙන් මෙම අංශයෙන් ඉහලට යන්න ඔනේ නම් ඔබ අනිවාර්යෙන්ම DSLR වර්ඟයේ කැමරාවක් ගත යුතුමයි.
ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී මතකයේ තබා ගතයුතු කරුණු . . .
ඩිජිටල් කැමරා කියූ සැනින් අපගේ සිහියට නැගෙන පළමු දෙය වන්නේ එහි ඇති මෙගා පික්සල් (Mega Pixel - MP) ප්‍රමාණයයි. එහෙත් ඔබ ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී එහි ඇති මෙගා පික්සල් අගය මත එම කැමරාවේ ගුණාත්මක භාවය ගැන තීරණය නොකරන්නට වග බලා ගන්න. ඉතා ඉහල මෙගා පික්සල් අගයක් සහිත කැමරාවකින් ලබා ගන්නා ඡායාරූප සමහර විට ගුණාත්මක බවින් ඉතා අඩු විය හැකිය. එබැවින් ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේදී එහි ඇති මෙගා පික්සල් පිලිබඳව පලමුවෙන්ම අවදානය යොමු නොකරන්න. කැමරාවේ සංවේදකය (Camera Sensor), කැමරාවේ ඉමේජ් ප්‍රොසෙසරය (Image Processor) සහ එහි ඇති කාච පද්ධතියේ ගුණාත්මක භාවය යන සියල්ලන්ගෙම එකතුව ඉතා හොද ගුණාත්මක බවකින් යුක්ත ඡායාරූපයකට එක හා සමානවම බලපායි.
ඩිජිටල් ඡායාරූපයක් තැනී ඇති ඉතා කුඩාම තිත එහෙමත් නැතිනම් නැතිනම් කුඩාම ආලෝක ඒකකය අපි පික්සලයක් ලෙස හඳුන්වනු ලැබේ, පික්සල් 1,000,000 ක් මෙගා පික්සල් 1 ක් ලෙස සලකණු ලැබේ. ඡායාරූපයක ඇති පික්සල් වල පළල සහ පික්සල දිග අපි Resolution එක ලෙස හඳුන්වනු ලැබේ. මෙගා පික්සල ප්‍රමාණය වැඩි වූ විට කැමරාවෙන් නිපදවෙන ඡායාරූපයේ Resolution එකද වැඩිවේ.
මීලඟට ඔබ සලකා බැලිය යුත්තේ කැමරාවේ Zoom කිරීමට ඇති පහසුකම පිළිබඳවයි. මෙහිදී Optical Zoom හා Digital Zoom වශයෙන් කොටස් දෙකක් ඇත. එහෙත් ඡායාරූපයේ ගුණාත්මක භාවයට ඉතාමත් වැදගත් වන්නේ Optical Zoom පහසුකමයි.
Optical Zoom පහසුකම මගින් සිදුකරනු ලබන්නේ කැමරාවේ කාච පද්ධතිය සීරු මාරු කිරීමෙන් නාභිදුර සකසා, එමගින් ඡායාරූපයේ විශාලනය අඩු වැඩි කිරීමයි. මෙහිදී විශාලනය නිසා ඡායාරූපයේ ගුණාත්මක භාවයට කිසිදු බලපෑමක් නොවන අතර කාච පද්ධතියේ ගුණාත්මක භාවය හා Optical Zoom අගය මත හොඳ ඡායාරූපයක් ලබා ගත හැකිය.
එහෙත් Digital Zoom හිදී සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. එහිදී සිදුවන්නේ අප ග්‍රහණය කරගන්නා ඡායාරූපයේ ඇති පික්සල වලට ගැලපෙන පරිදි කැමරාවේ ඇති ඉමේජ් ප්‍රොසෙසරය මගින් අළුතෙන් පික්සල නිපදවීම මඟින් ඡායාරූපයක් තැනීමයි. එහිදී කැමරාවේ ඉමේජ් ප්‍රොසෙසරය විසින් නිපදවූ පික්සල් සහ එම ජයාරූපය Digital Zoom කිරීමට පෙර තිබූ පික්සල හා 100% ක් එකිනෙක නොගැලපෙන බැවින් Digital Zoom මගින් ලැඛෙන ඡායාරූපයේ බොඳවුනු ස්වාභාවයක් දක්නට ලැබේ. එබැවින් අප Digital Zoom අගය වැඩිකරන විට ඒ සමඟම ඡායාරූපයේ ගුණාත්මක භාවය ද පහළ වැටේ.
සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඇති ඩිජිටල් කැමරා වල අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත. එයින් කියවෙන්නේ තුන් ගුණයක Zoom හැකියාවක් ඇති බවයි. මේ අගය සාමාන්‍ය භාවිතය සඳහා හොඳින් සෑහේ. ඔබත් ඩිජිටල් කැමරාවක් මිළදී ගන්නේ නම් අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත්දැයි විමසා බලන්න.
කැමරාවක් මිලඳී ගැනීමේදී බැලිය යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ කැමරාවේ Flash ආලෝකයයි. Flash ආලෝකයේ ඡායාරූපයක ගුණාත්මක භාවයට බෙහෙවින් බලපනු ලැබේ. අප තනි වස්තුවක් හෝ පුද්ගලයෙකු කෙටි දුරක සිට ඡායාරූපයකට ග්‍රහණය කර ගැනු ලබන අතර වස්තූන් කිහිපයක් හෝ පුද්ගල කණ්ඩායමක් ඡායාරූපයකට ග්‍රහණය කිරීමේදී වැඩි දුරක සිට ඡායාරූපය ගැනීමට සිදුවේ. එහිදී Flash ආලෝකය විහිදෙන දුර ප්‍රමාණවත් නොමැති නම් ඡායාරූපය අඳුරු විය හැකියි. එය මඟ හරවා ගැනීම සඳහා ඔබට බාහිර Flash ආලෝකයක් සහය ලබාගැනීමට සිදුවේ. කෙසේ වුවත් සාමාන්‍ය කැමරාවක ඇති Flash ආලෝකය අඩි 15 ක පමණ දුරකට විහිදේ.
කැමරාවක් තිබුණත් ගුණාත්මක චායාරූපයක් ගන්න ඔබටත් පුළුවන්ද ?
කැමරාවක් තුලින් අප යම් කිසි වස්තුවක් හෝ පුද්ගලයෙකු හෝ එවායින් කිහිපයක් ඡයාරූපයකට ග්‍රහණය කර ගැනීමේදී එය කුමණ ආකාරයට කල යුතු දැයි අප මනා අවබෝදයකින් සිටිය යුතුය. අප කැමරාවට ග්‍රහණය කර ගන්නා දෙය ඡායාරූපය මත සටහන් වන්නේ අප කැමරාව ස්ථානගත කරන ආකාරය අනුවයි. අප ගුණාත්මක බවින් ඉහල ඡායාරූපයක් ලබා ගැනීමට නම් නිවැරදි කැමරා කොණයක් අප තෝරාගත යුතුමය. ඒ වගේම ඡායාරූපයේ තිරස් සහ සිරස් ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගැනීම කල යුතුය, ඡායාරූපයේ සීමාව පිලිබඳව සලකිලිමත් විය යුතුය, ඡායාරූපයේ ප්‍රකාශණාත්මක අරමුණට අදාලව පමණක් ඡායාරූපය ග්‍රහණය කරගත යුතුය, අරමුණ සම්බන්ධ වස්තූන් පිලිබඳව සැලකිලිමත් විය යුතුය, ඔබගේ අරමුණට හා ඡායාරූපයේ ප්රකාශනාර්ථයට බධා පමුණුවන වස්තූන් වලක්වා ගත යුතුය, ඕනෑම අවස්ථාවකට උච්චතම අවස්ථාවක් ඇත, ඒ උච්චතම අවස්ථාව දැනෙන සුළු බවින් යුක්තවේ, එබැවින් ගුණාත්මක ඡායාරූපයක් ලබා ගැනීමට නම් අප අනිවාර්යෙන්ම ඒ උච්චතම අවස්ථාව ග්‍රහණය කර ගැනීමට සැලකිලිමත් විය යුතුය.
එමෙන්ම චිත්‍ර කලාවේදී අප ඉගෙන ගන්නා වර්ණ පිලිබඳ අර්ථ, රේඛා පිලිබඳ අර්ථ, ආලෝකය පිලිබඳ අර්ථ, අඳුර පිලිබඳ අර්ථ, හැඩතල පිලිබඳ අර්ථ ගැන අවබොධයෙන් ක්‍රියා කිරීම මෙහිදී වැදගත් වේ.
ඡායාරූපයක් හොදින් නඩත්තු කිරීම සහ හොඳින් සකස් කිරීම මඟින් එහි හිමිකරුවාට මෙන්ම අනෙකුත් පුද්ගලයන්ටත්, ඇතැම් විට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේන් වටිනාකමක් ලැබිය හැකිය. ඒ නිසා අප ගන්නා සෑම ඡායාරූපයක්ම ප්‍රමාණාත්මක මට්ටමේ තාක්ෂණික ගුණයකින් සහ ප්රකාශනාත්මක ගුණයකින් යුතුව ග්‍රහණය කර ගැනීම ඉතා වැදගත් වේ.
මේ සියල්ල පිලිබඳව අවබෝධයෙන් සහ කරන දේ පිලිබඳව විමසිල්ලෙන් යුතුව නිර්මාණාත්මක ගුණයෙණ යුතු ඡායාරූපයක් ලබා ගැනීමට සැලකිලිමත් වීම ඉතා වැදගත්.
යම් යම් තොරතුරු සොයා ගත්තේ අන්තර්ජාලය සහ පුවත්පත් ඇසුරෙනි . . .

Last edited: