ඕවා මානසික ලෙඩ. බලන්න මර්වින් සිල්වා මිනිහටත් තියන්නේ මානසික ලෙඩක්. ඔය වගේ අයට ස්ථානමාරු දීලා නිකන් ඉදීම නෙවෙයි කළ යුත්තේ. මානසික වෛද්‍යවරු ලවා ප්‍රතිකාර කිරීම. ළමයෙකුගේ වැරැද්දකට දඩුවමක් කරන්න ඕනෙ තමයි. හැබැයි ඒ දඩුවම මානුශීය විය යුතුයි. ඒ දෙන දඩුවමේ අරමුන වෙන්න ඕනේ ළමයව නිසි මගට ගැනීම. සමහර ගුරුවරු තමන්ගේ හිතේ තියන පීඩනය පිට කරන්නේ ළමයින්ගෙන් ඒවගේ අය ඉතිං ගුරු වෘතියටත් නිගාවක්.
අනිත් කාරණය හැමෝම ගුරුවරු වෙලා තියන්නේ ඒ අයගේ තියන ඉගැන්වීමේ හැකියාවටවත් ඒ වෘතියට තියන ආසාවටවත් නෙවෙයි. ලැබුනු රජයේ රස්සාව ඕක නිසා. වෙන රස්සා වගේ නෙවෙයි ගුරු වෘතිය ඒකට ආසනැති කෙනෙක්ගෙ අතට පත්උනොත් තවත් ලොකු පිරිසක් පීඩා විදිනවා.