ගුරුවරියකගේ කදුලු කතාව
ගුරුවරියක් දිනක් රාත්‍රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා.
ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා.
සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා.
"ඇයි ඔයා අඩන්නෙ"
පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා.
කදුලු අතරින් ඇය මෙසේ කීවා.
" ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න"
"මගේ බලාපොරොත්තුව "
"කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න."
"හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ"
දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා .
"අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව"
"ඒ ඇයි"
ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා.
"ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්,
ඉන්න"
ඇය කදුලු පිසදමමින් පැවසුවා.
"මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති.
ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති.
ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි.
මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත.
මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි.
නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්‍යබහුල වෙති.
මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති.
මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති.
ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද,
මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති.
ඉතින් මගේ බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි."
එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා.
"කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ"
බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා.
මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා.
"අපේ පුතා"
........................................................................
මොහොතක් සිතන්න.
මෙය ඔබගේ කතාව විය හැකිය.
කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න.
ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි.
එයට ඔබව පාලනය කිරීමට,
ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න.
ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය.
එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත.
මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න.
ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න.
උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට.
හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් .
මන්ද,
ඔබ කරන්නේ කුමක්ද
ඔවුන් එය අනුගමනය කරන නිසා.
ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත.
නමුත්,
ඔබගේ ජංගම දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත.
(@Sumith Edirisinghe ගේ සටහනකි )