ගුරුවරයෙක් කරන්නේ රස්සාවක්ම නෙමේ . ඒක සේවයක් .
ගුරු වෘත්තියත් තවත් එක් සේවා සපයන වෘත්තියක්, වෘත්තීන් භාණ්ඩ නිෂ්පාදනය කරන ඒවා සහ සේවා සපයන 2ක් තියන බව දන්නවා මේ කියන්නේ මොන විදියේ සේවයක්ද? ලංකාවේ විවිධ වර්ගයෛ් රාජ්‍ය සේවා තියෙනවා
- රාජ්‍ය පරිපාලන සේවය
- විද්‍යාත්මක සේවය
- කළමනා කරණ සහකාර සේවය
- වෛද්‍ය සේවය
- ගණකාධිකාරී සේවය
- ඉන්ජිනේරු සේවය
- ...
මේ කියන ඒවා වලට අමතරව තවත් සේවා රාජ්‍ය සේවය තුල තියෙනවා.
ගුරු වෘත්තිය කියන්නේ ස්වේච්ඡා සේවයක් / ගරු සේවයක් කියල හිතල වෙන්නැති මේ වගේ කතාවක් කියන්නේ. කොහොම මෙහෙම අදහසක් සමාජ ගත වෙලාද කියන්න මම දන්නේ නෑ, නමුත් ලංකාවේ ගුරු සේවය කියන්නේ ස්වේච්ඡා සේවයක් නම් නෙවෙයි.
අපි අද කාල ඇදල ඉන්නවනම් ඒකට අපිට උගන්වපු ගුරුවරුත් හවුල්. මගේ අම්මත් ගුරුවරියක්. එයාල අපිට ඉගැන්නුව නිසා තමා අපි අද හොදින් ඉන්නේ. පඩි අඩුයි .
ඒක ඇත්ත ගොඩක් මිනිස්සු මේක දන්නවා, අද ඉන්න තත්වයට ගුරුවරු ලොකු වැඩ කොටසක් කරා කියල හැබැයි පඩි වැඩි කරන්න කිව්වොත්, පිස්සු ද අපි ගුරුවරුන්ට වඳිනව නේ, ගෞරවය තියන් ඔ්නනේ, හිඟා කාල ජීවත් වෙන්න පුළුවන්නේ, හිඟන්නොනේ, කාලක්නිනේ කියන්න කලින් දෙපාරක් හිතන්නේ නෑ.
වැඳිල්ලෙනුයි පින් වලිනුයි විතරක් ජීවත් වෙන්න පූළුවන් නම් අනිත් රාජ්‍ය සේවා සපයන ආයතන වලටත් ඉතින් ගිහින් දන ගහල වැන්දනම් තමයි හොඳ, එතකොට අඩු පඩියකින් මහජන මුදල් ඉතිරි කර ගන්න පුළුවන් වෙයි සෑහෙන්න.
ඒකට ළමයි ගාව ගන්න හොද නෑ කියන එකයි මගේ අදහස. ළමයි ගෙවල් වල ඉදල එන්න එන්න මොට වෙලා යනවා දැනුම.
මේකත් ඇත්ත, හැබැයි අවුරුදු විසි ගණනක් කියල කියල අහපු නැති පාලනයන්, ජනතාව, තවත් ආදරයෙන් කියල ඔලුව අතගාල අනේ පඩිය වැඩි කරල දෙන්න බැරිද, ගුරුවරු රාජ්‍ය සේවය වෙනුවෙන් අතින් දරණ වියදම් (ගමන් වියදම්, අතිකාල, නිබන්ධන, දුරකථන ගාස්තු) ප්‍රතිපූර්ණය කරල දෙන්න බැරිද කියල ඇහුවොත් දැනෙනවවනම් මෙලහට විසි තිස් පාරක් කරන්න වෙලා. හැබැයි එහෙම කරන්නේ නෑ මොකද එතකොට මිනිස්සුන්ට දැනෙනේ නෑ,
ලංකාවේ මිනිස්සුන්ට මිනිස්සුන්ට තේරෙන විදිය තේරුම් ගන්න ගුරුවරු සෑහෙන්න ප්‍රමාදයි,
ළමයි වෙනුවෙන් ඔය කිසි චැනල් එකක් උගන්වන්න නිසි ක්‍රම වේදයක් නෑ. ඉගෙනීමේ වටිනාකම ඔය කිසි චැනල් එකකින් පෙන්වන් නෑ. Youtube ගියත් FB ගියත් ඉක්මනට සල්ලි හම්බකරන හැටි තාම තියෙන්නේ. ළමයින්ට වැදගත් දේවල් බොහොම අඩුයි. අපරාදේ නාස්ති වෙලා යන්නේ අපේ රටේ ඉදිරි පරම්පරාව.
ඉදිරි පරම්පරාව ගැන හිතනවනම් මේකෙ රිවස් එකට හිතන්න.
ඉදිරි පරම්පරාව දියුණු වෙන්න ඔ්න --> දැනුම දෙන්න ඔ්න -- > ගුරුවරු ඉන්න ඔ්න --> ගුරුවෘත්තිය රැකෙන්න ඔ්න.