ගුරු වැටුප් ප්‍රශ්නය...

shenat

Well-known member
  • May 13, 2007
    29,971
    31,570
    113
    ආශ්චර්යමත් රටක
    උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..

    echchara?
    yuddekuth nathi welaawe.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    15,844
    8,706
    113
    ඉස්කෝල private කළා නං ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

    * රටට බරක් නෑ. ගෙවලා ඉගන ගන්නේ. හැමෝගෙම බදු අඩු වෙයි.
    * ගෙවලා ඉගන ගන්නේ, ඒ නිසා quality එක maintain කරනවා.
    * ice ගහන, ළමයින්ට හිරිහැර කරන ගුරුවරුන්ට ඉන්න බෑ අයින් කරනවා.
    * අනිත් ළමයින්ට හිරිහැර වෙන, ගුරුවරුන්ට උගන්නන්න දෙන්නේ නැති ළමයින්ට ඉන්න බෑ අයින් කරනවා.
    * ගුරුවරුන්ට හොඳ පඩියක් ගන්න පුළුවන් පාරේ රස්තියාදු වෙන්න ඕන නෑ.
    * හොඳට උගන්නලා ළමයි වැඩි වෙලා, ඉස්කෝලෙට business වැඩි කරන ගුරුවරුන්ට වැඩි පඩියක් ඉල්ලා ගන්න පුළුවන්.
    * ගුරුවරුන්ට rating system එකක් දාලා rating වැඩි අයට පඩි/බෝනස් වැඩි කරන්න පුළුවන්.
    * වැඩේ හරියට යනවා නං ටියුෂන් යන්න අතවශ්‍ය වෙන එකක් නෑ ගොඩක් අයට. ඒ සල්ලි ඉතුරුයි.
    * business එකක් නිසා වැඩිම ළමයි ගෙන්න ගන්න ඒ ඒ ඉස්කෝල quality/reputation එක maintain කරයි.
    * දුෂ්කර පාසල් කියලා එකක් නැති වෙයි. හැමෝම ගෙවලා නේ ඉගන ගන්නේ?
    * දුෂ්කර බම්බුවක් නැති නිසා හෙමොටම එකම ලකුණු මට්ටමක් ලැබෙයි.
    ... ... ... etc

    හැබැයි,
    * පොලි සහිත/රහිත ශිෂ්‍ය ණයක් අතවශ්‍යයි.

    --- පුද්ගලික මතයක්/යෝජනාවක් පමණි ---
    Duppath lamai? Nikan ugannana iskoleta kama genda beri lamai innewane
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,753
    2,056
    113
    ඉස්කෝල private කළා නං ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

    * රටට බරක් නෑ. ගෙවලා ඉගන ගන්නේ. හැමෝගෙම බදු අඩු වෙයි.
    * ගෙවලා ඉගන ගන්නේ, ඒ නිසා quality එක maintain කරනවා.
    * ice ගහන, ළමයින්ට හිරිහැර කරන ගුරුවරුන්ට ඉන්න බෑ අයින් කරනවා.
    * අනිත් ළමයින්ට හිරිහැර වෙන, ගුරුවරුන්ට උගන්නන්න දෙන්නේ නැති ළමයින්ට ඉන්න බෑ අයින් කරනවා.
    * ගුරුවරුන්ට හොඳ පඩියක් ගන්න පුළුවන් පාරේ රස්තියාදු වෙන්න ඕන නෑ.
    * හොඳට උගන්නලා ළමයි වැඩි වෙලා, ඉස්කෝලෙට business වැඩි කරන ගුරුවරුන්ට වැඩි පඩියක් ඉල්ලා ගන්න පුළුවන්.
    * ගුරුවරුන්ට rating system එකක් දාලා rating වැඩි අයට පඩි/බෝනස් වැඩි කරන්න පුළුවන්.
    * වැඩේ හරියට යනවා නං ටියුෂන් යන්න අතවශ්‍ය වෙන එකක් නෑ ගොඩක් අයට. ඒ සල්ලි ඉතුරුයි.
    * business එකක් නිසා වැඩිම ළමයි ගෙන්න ගන්න ඒ ඒ ඉස්කෝල quality/reputation එක maintain කරයි.
    * දුෂ්කර පාසල් කියලා එකක් නැති වෙයි. හැමෝම ගෙවලා නේ ඉගන ගන්නේ?
    * දුෂ්කර බම්බුවක් නැති නිසා හෙමොටම එකම ලකුණු මට්ටමක් ලැබෙයි.
    ... ... ... etc

    හැබැයි,
    * පොලි සහිත/රහිත ශිෂ්‍ය ණයක් අතවශ්‍යයි.

    --- පුද්ගලික මතයක්/යෝජනාවක් පමණි ---
    ඕක මෙහෙම කරොත් මොකද ?

    1. නොමිලේ උගන්නනවා පොදු පාසල් වල. හැබැයි හැම කෙනාම රස්සාවක් කරලා රුපියල් 50000-60000 ක් වගේ ගාණක් හොයන කාලෙට මාසෙට රුපියල් 500-1000 වගේ ගාණක් ආණ්ඩුවට ආපහු ගෙවන්න ඕනේ. ළමයෙක්ට කීයක් යනවද උගන්නන්න කියන එක ආණ්ඩුව දන්නවනේ. එතකොට දුප්පත් ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නෑ. පොඩි කාලේ ඉදන් ළමයින්ගේ ඔළුවට මේ ක්‍රමය දාන්න ඕනේ එතකොට ලොකු වෙනකොට උන්ගේ ඔලු නිකන්ම හැදිලා.

    2. විශ්ව විද්‍යාලයට යන අයටත් මීට වඩා ගාණ පොඩ්ඩක් වැඩි කරලා ගෙවන්න කියනවා රස්සාවල් හම්බ උනාම. එතකොට ඔය උද්ගෝෂණ කරලා බඩ වඩා ගන්න අනික් එවුන්ගේ ඔලු හෝදන එවුනුත් නැති වෙනවා.

    3. උදාහරණයක් විදියට දොස්තරලා, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී වගේ රස්සා කරන අයට ඕක ගේමක් නෑ. ආණ්ඩුවටත් සල්ලි හම්බවෙලා, පාසල් දියුණු කරන්න ගුරුවරුන්ට වැඩි වැටුප් ගෙවන්න. අවුරුදු 10 වගේ යනකොට සැලකිය යුතු ගාණක් එකතු වෙනවා. එතකොට කවුරුත් රටට ණයත් නෑ. ළමයි ඉස්කෝලෙන් අයින් වෙනකොට පොඩි සර්වේ එකක් තියන්න පුළුවන් ගුරුවරු ගැන. ඒ අනුව ඉහළ ඉන්න අය ,ගුරුවරුන්ගේ තත්වේ දැනගන්නවා.

    4.ශිෂ්‍යත්වය අනිවාර්ය නැති කරන්න ඕනේ. නැත්තම් කවදාවත් ලඟම පාසල හොඳම පාසලක් වෙන්නේ නෑ.මේකෙන් ළමයින්ගේ ළමා කාලය ඉතුරු වෙනවා.මනස නිදහස් වෙනවා. ඒකෙන් ඔය බොරුවට හදලා තියෙන පළාත අනුව ලකුණු දෙන ක්‍රමය වෙනස් වෙයි.

    5. 9 වසරේදී වගේ හැම ළමයටම තෝරගන්න දෙන්න ඕනේ තමුන් කැමති විෂය මාලාව. උදාහරණයක් විදියට කවුරුහරි කැමති නම් පෙදරේරුවෙක් වෙන්න ඒ කෙනා ත්‍රිකෝණ අංග සාම්‍ය, සයින්.කොස්, ටෑන් ඉගෙනගෙන වැඩක් නෑනේ. ඒවා ගෘහ නිර්මාණ ශිල්පය වගේ ඉගෙන ගන්න අයට දෙන්න ඕනේ. මෝටර් රථ කාර්මික ශිල්පය වගේ ඉගෙනගන්න අයට වෙනම විභාග තියන්න ඕනේ. එතකොට ඒ ඒ කාර්මික පාසල්වලට යන්න පුළුවන්.බස් ඩිපෝ වගේ රජයේ ආයතනවල ප්ලේස්මන්ට් දෙන්න ඕනේ අත්දැකීම් ගන්න. අවුරුදු 22-23 වෙනකොට ඒ අයට රස්සාවක් පටන් ගන්න පුළුවන්. 25 විතර වෙනකොට ආණ්ඩුවට සල්ලි එන්නත් පටන් ගන්නවා.

    නැත්තම් වෙන්නේ විශ්වවිද්‍යාලෙ ගියත් වැඩක් නෑ රස්සාවක් හම්බෙනකන් වීල් දුවනවා. ඊට පස්සේ ඒකෙන් එන සල්ලි හොඳයි, වෙන වෙන සෙල්ලම් සෙට් වෙලා ජීවිත කාලෙම ඒක කරනවා.
    රටේ පුහුණුව තියෙන මිනිස්සු නැති උනාම පිටරටවලින් මිනිස්සු ඇවිල්ලා වැඩ කරන්න ගනියි අඩු පඩියට. දැනටත් මේක වෙනවා.

    5. සාමාන්‍ය පෙළ,උසස් පෙළ විෂය මාලාව සහ කරුණු වෙනස් වෙන්න ඕනේ. උදාහරණයක් විදියට බයලොජි වලට අඩුම ගානේ රුධිර වාර්තාවක් කියවගන්න විදියවත් උගන්නන්නේ නෑ. ඒ වෙනුවට ලොවෙත් නැති ගස් ටිකක ප්‍රජනනයක් තියෙනවා. අර වගේ වැදගත් දේවල් ටිකක් දැම්මොත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි උනත් අඩුම ගානේ ඒක ජීවිතේ කවදාහරි ප්‍රයෝජනයක් වෙනවා.
    සිලබස් හදල ඇත්තටම ළමයින්ට දෙයක් උගන්නන්න නෙවෙයි ළමයි ෆේල් කරන්න. ඒකෙන් සමස්ත රටටම වෙන හානිය , උඩ ඉන්න කිසිම කෙනෙක් හිතලත් නෑ හිතන්නෙත් නෑ.

    6. හැම ළමයටම සමාජ අධ්‍යනය, ප්‍රජාචාරය වගේ විෂයක් තියෙන්න ඕනේ. ඒකෙදි ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම, රටේ තමුන්ට තියෙන අයිතීන් උගන්නන්න ඕනේ. ලකුණු , විභාග නැතුව මේ වගේ විෂයක් ඉගැන්නුවත් අවුලක් නෑ. මේ ක්‍රමයෙන් කොන්ද පණ නැති , දේශපාලු හොරුන්ට නිර්ලජ්ජිතව කඩේ යන වන්දි බට්ටයෝ බිහි වෙන එක අඩු වෙනවා.

    7. දැන් අපි පස්සට කල්පනා කරලා බැලුවොත් ඉස්කෝලේ අවුරුදු 13 තිස්සේ උගන්නපු දේවල්වලින් කොච්චර පොඩි දෙයක්ද භාවිතා කරන්නේ ? මීට වඩා ජීවිතේට ප්‍රයෝජනවත් උගන්නන්න ඕනේ. ගුරුවරුත් ඒ වගේ හැඩ ගැහෙන්න ඕනේ.

    ලංකාවේ ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් සෑහෙන්න ගාණක් වියදම් කරනවා තමයි හැබැයි ඒ ක්‍රමය තුල ඒ මුදල් ආපහු හොයාගන්නේ කොහොමද කියලා නෑ. ෆේල් කරාම මැට්ටෝ ටිකක් බිහි කරාම ලේසියි කියලා හිතලා තියෙන්නේ.