ගුරු වැටුප් ප්‍රශ්නය...

lilman

Well-known member
  • May 10, 2009
    40,978
    54,573
    113
    Colombo
    ගුරුවරුද මිනිස්සු. පොත් කාලා ජීවත් වෙන්න බෑනේ. කාලකන්නි අදහස් එක්ක ජිවත් වෙන්න එපා.

    අනිත් රැකියා කරන අය මිනිස්සු නෙවෙයිද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,596
    113
    xxx
    එක්ස්ප්ලේන් ප්ලීස්..
    උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..
     
    • Wow
    • Like
    Reactions: shenat and lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ගුරුවරු පීරියඩ් 8 උගන්නල අත්සන් කරල එතනින් ඉවර කරන්නෙත් නෑ නේ.
    පීරියඩ් ටික උගන්න එකට අමතරව තව ගොඩක් දේවල් කරන්න ඕනේ පාසලක. බාහිර දේවල් තමන්ගේ උගන්න එකට අමතරව. ඔය අනිත් රාජ්‍ය සේවකයෙක්ට එයාලට අදාළ නැති වැඩක් තමන්ගේ සේවාව ලබාගන්න එන කෙන්ක්ට කරන්න කිව්වොත් කොච්චර දේවල් කියයි ද ?
    බාහිර වැඩ වලට වෙනම ගානක් දෙන්නේ නෑ . අතින් වියදම් කරගෙන කරන වෙලාවලුත් තියනව.
    අනිත් එක ගුරුවරු update වෙන්න ඕනේ සිලබස් වෙනස් කරන කරන පාර..
    හරිනම් ගුරුවරු කියන වෘතියට ටිකක් විශේෂත්වයක් දීල සුදුසුකම් තව වැඩි කරල ටිකක් වැඩි පඩියක් දීල නිදහස කියන දේ දෙන්න ඕනේ.
    එහෙම කරාම තමයි තෘප්තිමත් සේවාවක් දීල ළමයින්ට හොද අධ්‍යාපනයක් ලැබෙන්නේ. දැන් ඉන්නේ ජිවන බරෙන් හෙම්බත් උන ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්න ගුරුවරු. හරියට උගන්නනේ නැති වෙන්න පුලුවන්. නිදහසක් නෑ දැන් මිනිස්සුන්ට. ප්‍රශ්න ප්‍රශ්න. බඩු කොච්චර ගනන් ද ?
    ඔය සොච්චම් පඩියක් අරගෙන ජිවත් වෙන්න බෑ .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,978
    54,573
    113
    Colombo
    උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..

    ඒ මචන් පඩියට එල්ලපු දීමනා ගොඩක් එක්ක.බඳවා ගත්තු ගමන් ඔය ගාන ලැබෙන්නෙ නෑනෙ බන්.

    මෙයාලට දෙනවනම් අනිත් සේවාවල අයටත් දෙන්න ඕනෙ කිඋඅල හිතෙන්නෙ නැද්ද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගුරුවරුන්ට විතරක් නෙවෙයි බන් වැටුප් විශමතා තියෙන්නෙ.

    රජයට දැනෙන්න දෙයක් කරන්න පුලුවන් දොස්තරල ටයි,ගුරුවරුන්ටයි,නර්ස් ලටයි.ඒකයි විශේශත්වය.

    මෙයාලට දුන්නොත් හෙට තව කොටසක් වර්ජනය පටන් ගන්නව.

    මොකක්ද විසදුම ? හැමෝම අඩු පඩියට වැඩකරගෙන ඉන්න ඕනේ කියන එකද ? තිස් දාහෙන් මොනවද කරන පුලුවන් දැන් ?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,978
    54,573
    113
    Colombo
    මොකක්ද විසදුම ? හැමෝම අඩු පඩියට වැඩකරගෙන ඉන්න ඕනේ කියන එකද ? තිස් දාහෙන් මොනවද කරන පුලුවන් දැන් ?

    හැමෝම අහන්නෙ ඕක තමයි බන්..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ මචන් පඩියට එල්ලපු දීමනා ගොඩක් එක්ක.බඳවා ගත්තු ගමන් ඔය ගාන ලැබෙන්නෙ නෑනෙ බන්.

    මෙයාලට දෙනවනම් අනිත් සේවාවල අයටත් දෙන්න ඕනෙ කිඋඅල හිතෙන්නෙ නැද්ද ?
    කව්ද අනිත් උන් කියල කියන ඒ ගාන හම්බෙන ?
     
    • Like
    Reactions: lilman

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,596
    113
    xxx
    ඒ මචන් පඩියට එල්ලපු දීමනා ගොඩක් එක්ක.බඳවා ගත්තු ගමන් ඔය ගාන ලැබෙන්නෙ නෑනෙ බන්.

    මෙයාලට දෙනවනම් අනිත් සේවාවල අයටත් දෙන්න ඕනෙ කිඋඅල හිතෙන්නෙ නැද්ද ?
    මමත් හිතුවේ එහෙමතමා .ඒ වුනාට පුහුණුව ඉවර වුන ගමන් ඒ ගාන ගෙවනවලු.. අතට එන ගාන හෑම රෑකියාවෙම බෑලුවොත්, පාසල් වල සහයක කාර්‍යමණ්ඩල ඉන්නවා බන් ගුරාලට වෑඩිය පඩි ගන්න.. දන්න හින්දා කියන්නේ..
     
    • Like
    Reactions: lilman

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනිවාර්යෙන් මචං.. අද මෙතන ඉන්නේ 1 වසරේ ඉඳන්ම උගන්නපු ගුරුවරු නිසා. අදටත් කටපුරා සර්, මැඩම් කියන්නේ. අරු මූ කියන්නේ නෑ.

    ගොඩාක් අය හිතන් ඉන්නේ 2ට ඕෆ් වෙලා යන්න පුලුවන් ආතල් ජොබ් එකක් කියල. විෂය සමගාමී දේවල් වලට සම්බන්ද ගුරුවරු කොච්චර මහන්සි වෙනවද. ඔන්ලයින් උගන්නන එකට උනත් ගුරුවරු කොච්චර මහන්සි වෙනවද කියල කවුරුත් කතා කරන්නේ නෑනේ.

    මෙතන වැඩි පඩියක් නෙවෙයි ඉල්ලන්නේ. වැටුප් විශමතාවන් ඉවත් කරල දෙන්න කියලා.
    බලාපොරොත්තු වුණේ නෑ බං උඹෙන් මේ වගේ කමෙන්ට් එකක් :love: :) (y)
    ගොඩක් අය හිතං ඉන්නේ ගුරුවරු කියන්නේ සතියේ දවස් වල දවල් 1:30 ට ඉවර වෙන රස්සාවක් කරන අය කියලා. ඒක ඇත්ත නෙමේ. ගුරුවරෙයෙක් උනා කියන්නේ ඒ කෙනාගේ මරණය වෙනකංම ඒක තමයි භූමිකාව.

    පාසැල ඉවර උනත් ගෙදර ගියත් නොසැහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඊලග දවසේ පාඩමට. ගොඩක් ගුරුවරු පාසලෙන් පස්සේ පාසලේ පන්ති කරන්නේ අතින් වියදම් කරන්.

    ගෙදර ගියා කියලත් කරන්න තියෙන්නේ ළමයිගේ වැඩ තමයි. විභාග කාලෙට කොයිතරම් ප්‍රශ්න පත්තර එකතු වෙනවද බලන්න.

    ඒ අය ඉල්ලන දේ සාධාරණයි. මගේ අදහස නං දැන් ලංකාවේ වෛද්‍යවරු වැටුප් අනුව තියලා තියෙන්නේ අමාත්‍යංශ ලේකම්වරු මට්ටමේ. අඩුම ගානේ ඊට සමාන මට්ටමක වත් ගුරුවරුන් තැබිය යුතුයි කියා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,978
    54,573
    113
    Colombo
    කව්ද අනිත් උන් කියල කියන ඒ ගාන හම්බෙන ?
    රජයේ තව කොච්චර සේවාවන් තියද ?
    මමත් හිතුවේ එහෙමතමා .ඒ වුනාට පුහුණුව ඉවර වුන ගමන් ඒ ගාන ගෙවනවලු.. අතට එන ගාන හෑම රෑකියාවෙම බෑලුවොත්, පාසල් වල සහයක කාර්‍යමණ්ඩල ඉන්නවා බන් ගුරාලට වෑඩිය පඩි ගන්න.. දන්න හින්දා කියන්නේ..

    ඔව්.ඒකනම් එහෙම තමයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රජයේ තව කොච්චර සේවාවන් තියද ?

    ඔව්.ඒකනම් එහෙම තමයි.
    එක තමා කියන්න බලන තියනව කියන ඒවා .. තියනව තියනව කීවට මොනවද ඉතින් ?
     
    • Like
    Reactions: lilman

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ටියුෂන් කරන්නේ ගුරුවරුන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක්.අනික දෙක වෙද්දි වැඩ ඉවර උනාට ඒ ගොල්ලො ජීවත් වෙන්නෙත් අනිත් අය ජීවත් වෙන ජීවිතේමයි.ඒ නිසා ඒ වියදම යනවා.ගුරුවරු ඉල්ලන්නේ පඩි වැඩි කරන්න නෙවෙයි.අවුරුදු ගානක් පරණ වැඩි වීමක් තියෙනවා එයාලට ලැබිය යුතු.අන්න ඒක ඉල්ලන්නේ.ගුරුවරු කියන්නෙත් මිනිස්සු.එයාලට කියලා විශේෂ වරප්‍රසාද නෑනේ.ඒ නිසා එයාල දෙන ගානකින් සෑහීමකට පත් වෙන්න ඕන කියල හිතන එක අසාධාරණයි
    ow eka hari bn :)
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,978
    54,573
    113
    Colombo
    එක තමා කියන්න බලන තියනව කියන ඒවා .. තියනව තියනව කීවට මොනවද ඉතින් ?
    කලමනාකරන සේවය,පුස්තකාල සේවය,etc

    pubad එකට ගිහින් පොඩ්ඩක් බලහන්කො.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පඩිය නම් වැඩි වෙන්න ඕනෙ. අනෙක් රාජ්‍ය සේවකයොත් එක්ක බලද්දි පඩි අඩුයි. හැබැයි වැඩි කලොත් රාජ්‍ය සේවකයො හැම එකාම උද්ඝෝෂණ වැඩ වර්ජන කියන එව්ව අවියක් කර ගනීවි.දැනටම ඒකනෙ වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: lilman

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කලමනාකරන සේවය,පුස්තකාල සේවය,etc

    pubad එකට ගිහින් පොඩ්ඩක් බලහන්කො.
    ඉතින් ඒවත් එක්ක ගත්තම ගුරුවරුන්ට ඊට වැඩිය හම්බෙන ඕනේ තමානේ
     
    • Like
    Reactions: lilman

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    අද කාලෙ ඔය වැටුප මොනවා කරන්නද බන්, පෙලක් මිනිස්සු හවස පන්ති ඉඳලා කරනවනෙ. මගෙ කෑල්ලත් ටීචින්. පට්ට දුර ඉස්කෝලෙක් උගන්නෙනෙ, ළමයි 150 ක්ද කොහෙද ඉන්නෙ, දුශ්කරයි ඉතින් , ගමනට බිමනට යනවා මාසෙට 14ක් විතර, මොකද ප්‍රධාන පාරෙ නෙමෙ ඉස්කෝලෙ තියෙන්නෙ, ඇතුලක, ගොඩක් වෙලාවට වීල් එකක යන්න වෙන්නෙ.

    1. එක ගමනට බස් එකට 128ක්වගේ මතක
    2. වීල් එකට එක පැත්තට 300

    මාරුවක් හදාගන්න අවු 5ක් ඉන්න ඕනිලු. ගුරුවරුන්ට එහෙම නීතිත් තියේ. මම හිතන්නෙ නෑ අනිත් රාජ්‍ය සේවකයින්ට එහෙම මාරුවක් හදාගන්න කට්ටක් කන්න ඕනි කියලා. උදේ පාන්දර 4ට ඇහැරලා උදේට උයලා කරලා බස් වල හිටගෙන ගිහින් ඒ මිනුස්සු කට්ටක් කනවා ඉතින්. උයාගන්න බැරි උන දාට උදේට කඩෙන් කන්නෙ. මේ ටිකේ අතින් ඩේටා වලට වියදම් කරන් ළමයින්ට උගන්නනෙ, අනිත් එක වීඩියෝ හදන්න කියලා තියේ එයාලට හැම පාඩමටම. ගෙදර ඉන්නවා කියලා නෑ වැඩ තියෙ :) මිනිස්සුන්ට එදා වේල කාලා බීලා විතරක් ජීවත් වෙන්නෙ ඒ ගාන ඇති වෙයි. ඒත් ගෙයක් දොරක් හදන් ගොඩ එන්න මදි. ගෑනි මිනිහයි දෙන්නම රජයෙ රස්සවල් කිය්න්නෙ මිනිස්සු අමු කට්ටක් කන්නෙ, හොඳ වෙලාවට මම ප්‍රයිවට්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,978
    54,573
    113
    Colombo
    ඉතින් ඒවත් එක්ක ගත්තම ගුරුවරුන්ට ඊට වැඩිය හම්බෙන ඕනේ තමානේ

    ඉතින් එහෙම අනිත් අයට වැඩිය හම්බ වෙන්න ඕනෙ කියන්නෙ කොහොමද උඹ ? පදනම මොකක්ද ??

    අද කාලෙ ඔය වැටුප මොනවා කරන්නද බන්, පෙලක් මිනිස්සු හවස පන්ති ඉඳලා කරනවනෙ. මගෙ කෑල්ලත් ටීචින්. පට්ට දුර ඉස්කෝලෙක් උගන්නෙනෙ, ළමයි 150 ක්ද කොහෙද ඉන්නෙ, දුශ්කරයි ඉතින් , ගමනට බිමනට යනවා මාසෙට 14ක් විතර, මොකද ප්‍රධාන පාරෙ නෙමෙ ඉස්කෝලෙ තියෙන්නෙ, ඇතුලක, ගොඩක් වෙලාවට වීල් එකක යන්න වෙන්නෙ.

    1. එක ගමනට බස් එකට 128ක්වගේ මතක
    2. වීල් එකට එක පැත්තට 300

    මාරුවක් හදාගන්න අවු 5ක් ඉන්න ඕනිලු. ගුරුවරුන්ට එහෙම නීතිත් තියේ. මම හිතන්නෙ නෑ අනිත් රාජ්‍ය සේවකයින්ට එහෙම මාරුවක් හදාගන්න කට්ටක් කන්න ඕනි කියලා. උදේ පාන්දර 4ට ඇහැරලා උදේට උයලා කරලා බස් වල හිටගෙන ගිහින් ඒ මිනුස්සු කට්ටක් කනවා ඉතින්. උයාගන්න බැරි උන දාට උදේට කඩෙන් කන්නෙ. මේ ටිකේ අතින් ඩේටා වලට වියදම් කරන් ළමයින්ට උගන්නනෙ, අනිත් එක වීඩියෝ හදන්න කියලා තියේ එයාලට හැම පාඩමටම. ගෙදර ඉන්නවා කියලා නෑ වැඩ තියෙ :) මිනිස්සුන්ට එදා වේල කාලා බීලා විතරක් ජීවත් වෙන්නෙ ඒ ගාන ඇති වෙයි. ඒත් ගෙයක් දොරක් හදන් ගොඩ එන්න මදි. ගෑනි මිනිහයි දෙන්නම රජයෙ රස්සවල් කිය්න්නෙ මිනිස්සු අමු කට්ටක් කන්නෙ, හොඳ වෙලාවට මම ප්‍රයිවට්

    මුලින්ම අවු 5 ක් ඉන්න ඕනෙ එක හැමෝටම පොදුයි
    ------ Post added on Jul 21, 2021 at 7:27 PM